෴රස්තියාදුකාරයගේ ආදරය෴

Sunday, July 31, 2011




මේ නුවර නෙක මං මාවත් වල
සැරි සැරුවෙමි මම
දු‍ටුවෙමි නේක විද කුසුමියන්
පහස වින්දෙමි අභිසරු ලියන්
නමුදු නුඹ...
නොපිපුන කැකුලියකි
මගේ රලු දෝතට,..
හිරු රශ්මිය නොදැනි මා ගත
නුඹෙ ඔය එක් බැල්මකින්
දියවී වැගිරෙන අන්දම,
දනී නම් නුඹ..
නුඹෙ ලගට ඇවිදින්
දුහුවිලි වැදුන දෙතොලින්,
සිපගන්නට ඇත්නම්
ඔය සියුමැලි දෙතොල,.
මීවිතෙක රස බැලු
රතු වූ දෙනෙත් වලින්,

නුඹෙ ඔය නීල නෙත් තුල
ගිලෙන්නට ඇත්නම්,.
ඒත් මම......

සුභ උපන් දිනයක් ..............

අද තමා මගේ ආදරණීය තාත්තගෙ උපන් දිනේ.ඉතින් කලබල අස්සෙ වුනත් තාත්තා වෙනුවෙන් මෙහෙම ලියන්න මම හුග කාලෙක ඉදන් හිතන් හිටියා.

තාත්තා තරම් දුවෙකුට අසීමිතව ආදරේ කරන්න මොනම පිරිමියෙකුටවත් බෑ.ඒ වගේම අපිත් තාත්තට ආදරේ කරන්න ඕන නේද?තාත්තා සමහර විට අපිට අම්ම තරම් සමීප නැති වෙන්න පුලුවන්.ඒත් අම්ම වගේම තාත්තත් අපිව උස් මහත් කරන්න කොච්චර නම් කැපවීම් කරල තියෙද?සමහර දුවලට පෙම්වතෙක් ලැබුනම තාත්තා අමතකයි.ඒත් ඒ කාටවත් බෑ තාත්ත ආදරේ කරනව තරම් ආදරේ කරන්න.

හැම දේකදිම මගේ ලඟින්ම ඉන්න මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන් දිනයක් ඒ වගේම තවත් හුගක් කල් නිදුක් නිරෝගීව ඉන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලත් තාත්තගේ චූටි දෝණී ප්‍රාර්තනා කරනවා.

කාටත් හොරෙන් මගේ අතින්ම හදපු උපන් දින සුභ පැතුම් පත  තමයි මේ  ( ලස්සනයිද? )















මම මගේ පෝස්ට් එකත් තාත්තට පෙන්නන්න ඉන්නෙ.තාත්තා හුගක් සතුටු වෙයි මේක දැකලා.

ඉතින් මගේ සයිබරයේ යාලුවනේ ඔයාලත් එන්න කේක් කෑල්ලක් කාලා යන්න.

මේක තාත්තට....දෝණිගෙන්


සීතල පිණි කැට සඳ එළියෙන් නහවා
නෙක නෙක පාට මල් පෙති සුවඳින් තවරා
අමාවක අහසට සඳක්ව අඳුර මකා
පෑයූ පුරා සඳ නුඹ මගෙ දිවිය පුරා...

දුටුවත් වරද නෑ තරවටු කලෙ කිසිදාක
උකුලේ හොවා ආදරයෙන් පෙන්වා සුමග
පැතුවේ මගේ ජයයි තුන්තිස් පැයේ නුඹ
ඉටු කර දෙන්න වෙහෙසෙමි මා උදේ හවා....

ගෙවිලා බොහෝ කල් ජිවිත ගමනෙ ගෙවූ
රැදුනා ළගම නෑ කිසිදා අප දුරස් වුනූ
පොඩි දූ මමයි  තුරුලේ හුරතල් උන්නු
පතනෙමි දිගාසිරි මේ සුභ උපන් දිනේ...

කාටත් වැදගත් වන CD.DVD රයිට් (Copy) කිරිම මුල සිට..............

අද මම කියන්න යන්නේ මට පුලුවන් ව්දිහට ඔගොල්ලන්ට  සිඩ් හා ඩ්ව්ඩ් කොහොමද රයිට් කර ගන්නේ කොහොමද කියන ට්කක් සරල වෙන්න ඇති තාක්ෂනය දැන ගත් අයට නමුත් මේ වැඩේ සුලුකොට තකන්න නරකයි ඒ හොගක් මේ සදහා බාව්තා කරන්නේ නිති විරොධ් සොෆ්ට්වේයාර් හා දැනගත්තත් කරන ආකාරය නොදත්කම නිසා තමා කාලය හා මුදල් අපතේ යවන පුද්ගලයින් හට මුල පටන්ම දැනුමක් ලබා දිම මාගේ අරමුනයි...

අවශන කරන මුලික දේවල්......
සිඩ් රයිටරයක් හෝ ඩ්ව්ඩ් රයිටරයක්.....
හොද සිඩ් හෝ ඩ්ව්ඩ් තැට්යක්...........



ක්‍රමේ මේකයි  ඔය සිඩ් කොපි කරනවා හොගක් ඇයෝ කියන්නේ එකම නමක්නේ ගන්න එපා...! මොකද කියනවානම් ඔය සොෆ්ට්වේයාර් එක වාණිජයි ඒ කියන්නේ නොම්ලේ නෙමේ හම්බවෙන්නේ මුදලට ඉතින් ඕක මුදලට දුන්නාට අපේ ඇයෝත් ඕක බාගන්නේ ටොරන්ට් වලින් නිකන් නෙමේ ලෝකේ වටේ ඉන්න ඇයෝන්ට අපේ වැඩ අන්තර්ජාලයෙන් බලන්න පුලුවන් වෙන ව්දිහට හා අපේ අන්තර්ජාල සබදතාව එගොල්ලන්ටම ආයේ භාවිතා කරන්නට හා ඔය දෙකම නැති වුනෝතින් අඩුම තරමේ අපේ පරිගනකයේ  ෆයිල් සිස්ටම් එකට හරි හානි කරන්නට පුලුවන්....

ඉතින් මාගේ තේරිම තමයි මේ වැඩේට මෙන්න මේක.....
මේකේ නම ඉන්ෆා රෙකෝඩර් ගාන නොම්ලේ වැඩේත් පහසුයි බා ගන්න වේලා යයිද අපෝයි නැ ඩයල් අප් වල වුනත් බාන්න පුලුවනි වෙරස් කිසිම දෙයක් නැ ඔනැම වැඩක් ගත්තහැකි...දැන් තියන ඕනැම මෙහෙයුම් පද්දතියකට දාන්න පුලුවන්...
මේන්න බා ගන්න ලින්ක් එක.....
මෙහෙයුම් පද්දති වලට බා ගන්න මෙතනින්
පෙන් ඩ්‍රයිව් වලට එන පොටබල් එක බා ගන්න මෙතනින්


මේකෙන් වැඩ ගන්න ව්දිහ ආයේ දානවා .....එතෙක් මම සමු ගනිම්........

ලත් තැනම ලොප් විය

තුන් ඈ

ලංකාවේ රියලැටි කලාව

රියලටි ෂෝ වල රියලටි එක - Reality of the Reality TV Shows කියලා මම කලින් ලියපු ලිපියේම දිගුවක් විදියට තමයි මේ පොස්ට් එක සිතුවිලි පවුරට දාන්න කියලා හිතුවේ.මුල් පොස්ට් එකේදී මට මගහැරුණු කරුණු සමහරක් ප්‍රතිචාර විදියට දන්වපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි.

ලංකාවේ හැදුන ගොඩක්  රියලටි  වලට අභාෂය ලැබුනේ American Idol නැත්නම් Pop Idol  කියන වැඩසටහන් වලින්. වෙන රටකම වගේම SMS මනාප ක්‍රමය අපේ රටේ රියලටි ෂෝ වලටත්  යොදා ගත්තා.ඔය කෙටි පණිවිඩ ක්‍රමය ලංකාව වගේ රටකට ගොඩක්ම සාර්ථක ක්‍රමයක් නෙවයි කියන එක තමයි ගොඩක් අයගේ මතය.එක දුරකතනයකින් අසීමිත කෙටි පණිවිඩ ප්‍රමාණයක් යවන්න හැකි වීම , මේ ජාතියේ තරග ආරම්භ කරන කාලයේදී ලංකාවේ දුරකථන ව්‍යප්තිය ගොඩක් වර්ධනය වෙලා නොතිබීම ඒ හේතුයි.( දැන් නම් ලංකාවේ කා අතේද ජංගම දුරකතයනක් නැත්තේ).

ඔය තරග වල තියෙන පොදු ලක්ෂණයක් තමයි ජයග්‍රහණය කරන කෙනා ට වඩා තරගය තුලදී ජනප්‍රිය නැත්නම් ඉස්මතු වන වෙන කෙනක් ඉන්නවා.American Idol ගත්තත් ලංකාවේ රියලටි  ගත්තත් ඔය දේ පොදුයි.උදාහරණත් ඕනනම් මම කියන්නම් අජිත් බන්ඩාර ට වඩා ශිහාන් මිහිරංග ජනප්‍රියයි , ප්‍රදීප් රංගනට වඩා සුරේන්ද ජනප්‍රිය යි ,උදේශ් ඉන්දුලට වඩා චින්තක මලිත් ජනප්‍රිය යි. American Idol ගත්තොත් Taylor Hicks ට වඩා Chirs Daughtry ද , Kris Allen ට වඩා Adam Lambert  ජනප්‍රියයි. දක්ෂතාවය සහ ජනප්‍රියත්වය එකිනෙකට වෙනස් කාරණා දෙකක් තමයි.හැබැයි මම  කියන්නේ උත්සාහ කරේ රියලටි වල පොදු ලක්ෂණයක්.

ඔරිජිනල් පොස්ට් එකට ආපු ප්‍රතිචාර වලින් තව එක දෙයක් මට දැනුනා.ඒ තමයි නාලිකාවලින් කොච්චර කෑ ගැහුවත් , කොයිතරම් මවා පෑවත් මෙම වැඩසටහන්වලට තියෙන ඉල්ලුම එන්න එන්නම අඩු වෙන බව.එහෙම කියන්නේ අපි අතරේ ඉන්න ගොඩක් දෙනෙක් කියන්නේ "අපෝ..ඕවගෙන් දිනන්නේ ඉතින් සල්ලි වියදම් කරන්න පුළුවන් මිනිස්සුනේ කියලා".කතාවේ වැරැද්දක් නැහැ.එක යාලුවෙක් කියලා තිබ්බා එයාගේ විශාරද විභාගය සමත් යාලුවක්‌ටවත් මේ තරගයක ඉදිරියට යාගන්න බැරි උනා කියලා.

අනිත් දේ තමයි සමහර ලංකාවේ මාධය ආයතන විසින් සිදුකරපු සමහර සමහර දේවල් නිසා ප්‍රේක්ෂකයන් මේ වැඩසටහන්වලින් ඉවත් උනා කියන් එක.සමහරු තමන්ගේ වැඩසටහන ජනප්‍රිය කරගන්න "ගොන්-පාට්" එහෙමත් ඉතින් දැම්මනේ.හිකිස්‌.මගේ පුද්ගලික විශ්වාසයට අනුව සිරස සහ දෙරණ මගින් කරන රියලැටි වැඩසටහන් ජනප්‍රිය සහ ගුණාත්මක අතින් ඉදිරියෙන් ඉන්නවා.

හැම තරගයකින් එන තරු වලට ගොඩක් දුරට වෙන පොදු දෙයක් තියෙනවා.ඒ තමයි "උල්කාපාත" වගේ ඒ තරු කඩාගෙන වැටෙන එක.ඒකටත් ඉතින් හේතු එමටයි.හැම ආධුනික ගායකයෙක්ම ගායනා කරන්නේ ලංකාවේ ජනප්‍රිය අයගේ ගීත.ඉතින් ඔය කට්ටියට SMS යවන්නේ එයාල ගීතය කියනවටත් වඩා මුල් ගීතයට/මුල් ගායකයාට තියෙන කැමැත්තට.ඉතින් කවදා හරි තමන්ගේම කියලා ගීතයක් ඉදිරිපත් කරාමත් මිනිස්සු හිතන්නේ " මෙයාට මේ වගේ සින්දු කියන්න බැහැ..මෙයාට අරයගේ සින්දු නම් ලස්සනට කියන්න පුලූවන්" වගේ දෙයක්. නම් නොකිව්වට දැන් ඔයාලගේ හිතට ඕනෑ තරම් උදාහරණ එනවනේ. ඔය දෙයින් මිදිලා ඉන්නේ බොහොම සුළු ප්‍රමාණයක්. ජෝතිපාල ගේ සින්දු ලස්සනට කිව්වා කියලා ජෝතිපාල වෙන්නත් , රූකාන්තගේ සින්දු ඒ වගේ කිව්වා කියලා තවකෙනෙක්ට රූකාන්ත වෙන්නත් බැහැ.

මේ ඉදිරි කාලය ලංකාවට ගොඩක් තරු පායන්න ඉන්න කාලයක්නෙ.ඔය පායන්න ඉන්න තරු මම ඉස්සෙල්ලා කිව්වා වගේ උල්කාපාත නොවී ලංකාවේ සංගීත ක්ෂේත්‍රයට යමක් කමක් කරන්න පුළුවන් දක්ෂ තරු වෙන්න කියලා තමයි ප්‍රර්ථනා කරන්න තියෙන්නේ.හැබැයි එහෙම නොවුනා කියලා ඔය මොන නාලිකාවක්වත් තමන් කරන රියලැට් ෂෝ නවත්වන්නෙවත් , ප්‍රේක්ෂකයො ඕවා බලන ඒක නවත්වන්නෙවත් නැහැ.ඒකනම් සියයට දෙසීයක් විශ්වාසයි.

අමුතු ඉලන්දාරියා


"මට නාට්‍යයෙන් අයින් වෙන්න ඕනේ- " රාධා නැන්දා ඇය දෙස නොබලා ම කීවාය.
"මට ඇත්තටම කනගාටුයි ළමයා-" හිස සැලූ ඩොරිස් ආන්ටි කීවාය
මොහොතකට පසු ඇය අවසාන ජනේලයද වසා අගුලු දැමුවාය. සිදු වූ සියල්ල මට ගම්‍ය වූයේ- කාරණා කාරණා ඇති ව මුළුමනින් ම අවබෝධ කොට ගත හැකි වූයේ එවිට ය. දැන් එය කෙතරම් පැහැදිලිව දිස්වේද යත් කලින් මා එය නොදැක සිටීම ගැන රාධා නැන්දා...ගේ හිසේ වෙළා තිබුණ ලේ තවරුණ වෙළුම් පටිය දුටු මොහොතේ ම අනිල් සමග පැවති ඇගේ සම්බන්ධය කෙළවර වී යයි අවබෝධ නොවීම ගැන මම පුදුම වීමි.

පිටුව 113
සරසවි ප්‍රකාශනයක්
ෂ්‍යාම් සෙල්වදුරයි - ෆනී බෝයි
පරිවර්තනය
සුගතපාල ද සිල්වා -

මේ පොත තමා මන් අන්තිමට කියවපු පොත. මේක මගේ සිත්ගත්තා. මොකද මේකේ තියෙනවා 83 ජූලි කලබල වලදි ඔවුන්ට සිදුවූ දෙය ගැන ඔවුන්ගේ ඇසින් දැකපු දේවල්. අපිට ගොඩක් වෙලාවට අහන්න දකින්න ලැබෙන්නේ සිංහල අය විසින් කියන විස්තර ඒත් මේ පොත ලියූ ද්‍රවිඩ ලේඛකයා විසින් ඒ කලබල වලදී ඔවුන් මුහුණපෑ තත්වය ඔවුන් කෙතරම් බියට පත්වූවාද යන වග විස්තර කරලා තියෙනවා. ඒ වගේ දේවල් අපිට ගොඩක් සමීප නැහැ. ගැටළුවක් දෙස හැමපැත්තකින්ම බලන එක ඒ ගැන මීට වඩා සාධාරනව හිතන්න හේතුවක් වෙනවා කියලා මට හිතෙන්නේ.

ඒ ගැන කියන්න නෙමෙයි හැදුවේ මේ පොතේ ඉහතින් උපුටලා තියෙන කොටසේ යොදාගෙන තියෙන සලකුණු වලින් මන් තේරුම් ගත්ත දේ ගැන කියන්න. රාධා සහ අනිල් ප්‍රකාශයට පත් නොවුනු පෙම්වතුන් රාධා දමිල යුවතියක් අනිල් සිංහල තරුණයෙක්. ඔවුන් ගෙවල් වලට හොරෙන් විවාහ වෙන්න තරම් හිතාගෙන ඉන්න වෙලාවක රාධා යාපනේ ගිහින් එද්දි සිංහල මිනිස්සුන්ගේ ප්‍රහාරයට ලක් වෙනවා. එතනදී රාධාට සියළු සිංහලයන් එපා වෙන්නේ අනිලුත් ඇතුළුව. මට හිතෙන විදිහට ඩොරිස් ආන්ටි අවසාන ජනේලය වසා අගුල දැම්ම කියන එකෙන් රාධා අනිලට ඇගේ හදවතට ඇතුළු වෙන්න තියෙන සියළු ඉඩකඩ වසා දැම්මා වගේ දෙයක් කියවෙනවා. මේ මන් තේරුම් ගත්ත හැටි සමහර විට එකේ අර්ථය වෙන දෙයක් වෙන්නත් පුළුවන්.

මේ වගේ නවකතා, කෙටි කතා, නාට්‍ය, ගීත වැනි නිර්මාණ වල යමක් කෙලින්ම පවසන්නේ නැතුව විවිධ සලකුණු භාවිතා කරලා යම් යම් දේවල් පාඨකයන්ට කියනන් උත්සාහ කරනවා. මේ වගේ නිර්මාණ ගොඩක් වෙලාවට සම්මානයට පාත්‍ර උනාට සාමාන්‍ය මිනිසුන් අතර එතරම්ම ජනප්‍රිය වන්නේ නැහැ . මට හිතෙන විදිහට ඒ එම නිර්මාණවලින් පැවසෙන දේ ඔවුන්ට නොතේරෙන නිසා වෙන්න පුළුවන්. කිසියම් නිරමාණයක් මේ ආකරයේ විවිද සලකුණු භාවිතය ඒ නිර්මාණයට සුන්දරත්වයක් එකතු කලත් ඒකෙන් වෙන්න ඕනේ දේ සිද්ද වෙනවද කියලා සැකයක් නම් ඇති වෙනවා. යමක් සරල ලෙසින් ඉදිරිපත් කරන නිර්මාණ එතරම් සොඳුරු නොවුනත් ඒවායින් කියන දේ කෙලින්ම පාඨකයන් අතරට යනවා .

මන් ගොඩක් වෙලාවට අළුත් වේදිකා නාට්‍ය එහෙම බලන්න යනවා ඒත් ගොඩක් ඒවායින් කියන පණිවිඩය මට තේරෙන්නේ නැහැ. මොකද ඔවුන් පණිවිඩේ දෙන්න භාවිතා කරන සලකුණු මට නොතේරෙන නිසා. ඒ විදිහට අනික් මිනිස්සුන්ට නොතේරෙන දේවල් මගින් පණිවිඩයක් දෙන්න හදන එක සාර්ථකද මන්දා මොකෝ පණිවිඩේ ප්‍රකාශ කරන විදිහ සමහර විට ලස්සන වෙන්න පුළුවන් ඒත් කියන දේ නොතේරෙන්න පුළුවන් නිසා.

පොත ගැන තවත් විස්තර
ශ්‍යාම් සෙල්වදොරෙයි - අමුතු ඉලන්දාරියා
"අමුතු ඉලන්දාරියා" | ෂ්‍යාම් සෙල්වදුරයි සමග කතාබහක්

ආදරණීය වරදකරු...

Saturday, July 30, 2011


එක කලෙක
පෙම් කලෙමි
නුබ මගේමැයි සිතා
නුබට මගෙන් තොර ලොවක්
නැත සිතා
එනමුත්....
මම වැරදිය
ඒ දන්නේ දැන්ය..
නුබට මට වඩා
වටින්නේ
කොහෙවත් නැති
කෙහෙම්මලක් බව
පසක්වන විට......
දැන් 
බොහෝ ප්‍රමාදය...
අනේ
මට
සමාවෙයන්
මම
කරේ
වැරැද්දක්
කරකාර බැදගෙන
නුබව
මම කරේ
වැරැද්දක්....

ප්‍රේමයෝ.....





           ගෑනු චපලයි කියන්නෙ ඇයි?මේක ගැන විද්වත් සාකච්ඡාවක් ඇති උනා පහුගිය දවසක අපේ පීඨ පරිශ්‍රයේ ආපනශාලා මණ්ඩපයෙදි.බොහොම විද්වත් උගත් පරිණත දැනුමෙන් සන්නද්ධ මම වගේ අය තමා මේකට සහභාගි උනේ.සාකච්ඡාව ආරම්භයට ප්‍රස්තුතය උනේ මගේ මිත්‍රයෙක් වර්ථමානයේ පැටලී ඉන්න යෙදිලා තියෙන ස්ත්‍රී පාශය, එහෙම නැත්තං කාන්තා උගුල.මිත්‍රයාට කෙල්ලෙක් සෙට් වෙලා මේ අන්තර් ජංජාලෙං.මේකෙං සෙට් වෙලා කිව්වට ඇත්තටම වෙලා තියෙන්නෙ පරණ පවුලේ මිත්‍ර සම්බන්ධකමක් අළුත් වීමක්.මේ කෙල්ල බොහොම හෘදයාංගම ලෙංගතුකමකිං කියා හිටිනවලු මූට ආදරෙයි කියලා.මූත් කැමතියි.ඉතිං මොකක්ද අවුල?.

මේ කෙල්ලට කොල්ලෙක් දැනටත් ඉන්නවලු.ආ.....ඔව් චපල කෙල්ලෙක්.කෙල්ලගේ ඒ ප්‍රේම‍යට දැං වසර පහක් විතරලු.ඔන්න දැං මේ කෙල්ලට තේරෙන්න පටං අරං අර කොල්ලා තමන්ට ගැලපෙන්නැහැ කියලා.ඒකටත් හේතුවක් තියෙනවා.ඒ කොල්ලා, ඒ කියන්නෙ මගේ මිත්‍රයාට පෙම් කරන මේ කෙල්ලගේ වර්ථමාන ප්‍රේමවන්තයා මේ මෑතකදි රිය අනතුරකට ලක්වෙලා මුහුණ තරමක් විකෘති වෙලාලු.ඒ විතරක් නෙමෙයි දැං මානසිකවත් අස්ථාවරභාවයක්ලු ඉන්නෙ.ඉතිං ඔන්න කෙල්ලට මතක් වෙනවා මේ කොල්ලා තමන්ට මෙච්චර කල් නීති දාගෙන තමංව යටත් කරගෙන හිටියා කියල.ඒ අවු අස්සෙ ඒ දෙන්නගෙ කේන්දර ගැලපෙන්නෙත් නැහැ කියලා ඒ අයගෙ ගෙවල්වල කට්ටිය හොයාගෙන තිබුණා.ඉතිං කෙල්ලගෙ ගෙදරිං මේකට එහෙමට කැමැත්තක් දැක්කුවෙ නෑලු.ඒ මදිවට මේ කොල්ලට හරි හමං රස්සාවකුත් නෑලු.මේ කෙල්ල චපලයි කිව්වට චපලම නෑ.මොකද මගේ මිත්‍රයට ආදරෙයි කිව්වට මිත්‍රයට කිව්වලු ඌත් එක්ක එන්න බෑ මොකද අර කොල්ලට ද්‍රෝහි වෙන්න බැරි නිසා සහ කෙල්ලගේ සහ අර කොල්ලගේ නෑදෑ හිත මිත්‍රයො කතා කියයි කියලා.

ඔන්න අපේ ප්‍රස්තුතය.ඔය යටතේ මෙහෙයවුනු අපේ සාකච්ඡාවෙදි අනාවරණය උනු කාරණයක් තමා තමන්ගෙ හිත ගිය කොල්ලා තමන්ට තෝරගන්න නොහැකි වීම කෙල්ලෙක් චපල වීමට බලපානවා කියන එක.ඒ කියන්නෙ කෙල්ලෙක්ට කොල්ලෙක් ගැන හැඟීමක් පහල උනාට ඒ කෙල්ලට බැහැනෙ ගිහිං කොල්ලට කියන්න "මම ඔයාට ආදරෙයි ඔයා මොකද කියන්නෙ?" කියලා.ඉතිං එහෙම ඇහුවොත් වෙන්න කෙල්ල හෙන බඩ්ඩක් කියල හංවඩු ගැහෙන එක.

ඒක මේ සමාජයේ අවුලක්.කොච්චර අයිතිවාසිකම් විමධ්‍යගත කරන්න හැදුවත් කෙල්ලෙකුට මේ සමාජයෙන් අන්තිමටම බලාපොරොත්තු වෙන්න වෙන දෙයක්.කෙල්ල එහෙම අහලා කොල්ලා කැමති උන සිදුවීම් දෙක තුනක් මම දන්නවා.නමුත් ගොඩක් වෙලාවට (අවධාරණය කරන්න ඕනෙ හැමතිස්සෙම නෙමෙයි කියන එක ) සිද්ද වෙන්නෙ කොල්ලා කෙල්ලගෙ ජීවිතෙත් එක්ක සෙල්ලං කරන්න පටං ගන්න එක.මොකද සම්බන්ධයට මුල පිරුවෙ කෙල්ල නිසා කොල්ලට ඒකෙ වටිනාකමක් නෑ.

ඉතිං මේකෙ අවසන් ඵලය විදිහට කෙල්ලන්ට සිද්ද් වෙනවා තමංගෙං ප්‍රේමය පතන කොල්ලට කැමැත්ත දෙන්න.ඒක හරි අසාධාරණයි කියල මට හිතෙනවා.මොකද කොල්ලෙක්ට පුළුවං ඕනෙම කෙල්ලෙක්ගෙන් ප්‍රේමය ඉල්ලන්න.ඒත් කෙල්ලෙක්ට සිද්ද වෙන්නෙ තමංගෙන් ප්‍රේමය පතන අතලොස්සෙං එකෙකුට කැමති වෙන්න.හැබැයි ඒක සාධාරණීකරණය වෙන්නෙ කොල්ලෙක්ට ඕනෙ කෙල්ලෙක්ගෙන් ප්‍රේමය පතන්න පුළුවං උනාට ඌට කැමති වෙන්නෙ අතලොස්සක් කෙල්ලො විතරක් වීම නිසා.

ඉතිං කෙල්ල එකෙකුට කැමැත්ත දීලා ටික කාලයක් ගියාට පස්සෙ කෙල්ලගෙ හිතේ ඇඳිලා තියෙන රූපෙ තියෙන ඈ පතපු ගතිගුණ තියෙන කුමාරයා සුදු අස්සයෙක් පිටේ නැගලා ඇවිත් කෙල්ලගෙන් ආදරේ ඉල්ලපුවාම ඒ කෙල්ල දෙගිඩියාවට පත් වෙනව තමයි.කොල්ලන්ට වෙන්නෙ මේක නෙමෙයි.උන් තමන්ට හිත ගිය රූපෙ තියෙන කෙල්ලෙක් හොයලා යාලු වෙනවා බොහෝවිට.ඒත් කෙල්ලගේ නියම ගති ස්වභාව එළියට එන්නෙ ටිකක් කල් ගියාම.අන්න එතකොට කොල්ලා චපල වෙන්න පටං ගන්නවා.

කොහොම උනත් මගේ මතය ප්‍රේමය කියන්නෙ ඔය 'එයා මගේ දිහා බැලුවා, අපේ නෙත් එකට ගැටුනා, ලෝකය නැවතුනා, අපි අසීමිත පෙමකින් බැඳුනා.' කියන ජාතියෙ එකක් නෙමෙයි.ප්‍රේමය කියන්නෙ දෙන්නෙක් අතරෙ අන්‍යොන්‍ය අවබෝධය, විශ්වාසය ක්‍රමයෙන් ගොඩනැගීම හරහා වෙන දෙයක්.ඔය සාහිත්‍යය (බොළඳ ඒවා විශේෂයෙන් ) රූපවාහිනිය සහ සිනමාව ආදිය නිසා තමයි මේ ප්‍රේමයට අනවශ්‍ය ආටෝපයක් ඇතිවෙලා තියෙන්නෙ.

පුළුවන්තරම් විවිධත්වයෙන් යුත් මිනිස්සු ඇසුරු කරන්න.මිත්‍රත්වය තුලින් ප්‍රේමයට නිදහසේ වැඩෙන්න දෙන්න.සිනමාවෙ සාහිත්‍යයේ සින්තටික් ප්‍රේමවලින් වියුක්ත වෙලා යථාර්තවාදී වෙන්න.එහෙම නොවුනාම තමයි කෙල්ලො හා කොල්ලො මේ සතියෙ එකෙකුට බූට් එක තියලා ලබන සතියෙ තව එකෙක් එක්ක පැණි බේරෙන්න ලව් කරන්නෙ.මොකද අර සින්තටික් ප්‍රේමය අපේ යටිහිතට ආමන්ත්‍රණය කරනවා තාරුණ්‍යයට සම්පූර්ණ වීමට ප්‍රේමය අත්‍යාවශ්‍යයි, කොහෙන් හෝ අහුලාගන්නා ඒ ප්‍රේමය මුල සිට අගටම පැණි බේරෙන එකක් විය යුතුයි කියලා.ඉතිං අපේ තාරුණ්‍යය ඒ කාරණා සම්පූර්ණ කරන්ඩ ව්‍යාජ හැඟීම් ඇතුලෙ වල්මත් වෙනවා.

අපි පව් !

අවසන් මොහොත

Friday, July 29, 2011

රිදුම් දෙයි ගත සිතද පෙලමින්
දුවයි මා සිත අතීතය වෙත


කරයි දෛවය මා සමග සරදම්
වාරු නැති කර මගේ ගත මට


වැතිර සිට උඩුකුරුව සයනයේ
බැලු කල මා කවුළුවෙන් පිටත


බලා හිදිනා රුවක් දු‍ටුවෙමි
කෑදරෙන් නෙත් යොමා මාදෙස


වසනු මැන කවුලුව අගුළු ලා
මාරයා පැමිනේවි මා ළගට

Murder 2 චිත්‍රපටියේ සංගීත විවරණය | Music Review - Murder 2

සිතුවිලි පවුර වෙනුවෙන්ම සුවිශේෂී ලිපියක් තමයි මේ එකතු කරන්නේ ඒ තමයි  Muder 2 චිත්‍රපටියේ Music Review එක හෙවත් සංගීත විවරණය . බොලිවුඩ් තොරතුරු ලියවෙන වෙබ් අඩවියකට අනිවාර්ය අංගයක් වුන Music Reviews එකක්වත් තාම අපිට නම් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුනේ නැ . ඒ වගේම වෙනත් කිසිම ශ්‍රි ලාංකීය මාධ්‍යක බොලිවුඩ් චිත්‍රපටයක Music Reviews පල වෙලා තියනවත් අපි දැකල නැ . ඒ නිසා මේ ලිපිය ටිකක් විතර විශේෂයි . සාමාන්‍යයෙන් චිත්‍රපටියක Music Reviewa පල වෙන්නේ චිත්‍රපටිය තිරගත වෙන්නත් කලින් නමුත් දැනට අති සාර්ථකව තිරගත වෙන Murder 2  චිත්‍රපටියම අපි තෝරගත්තේ  ඒ සංගීතයේ කථා කල යුතු යමක් තිබෙන නිසා වගෙම චිත්‍රපටිය පිලිබඳ  ශ්‍රි ලාංකිකයින් දක්වන උනන්දුව නිසා

මොනවද මේ Music Reviews සහ ඇයි ඒවා වැදගත් වෙන්නේ කියල මුලින්ම බලමු


චිත්‍රපටි සංගීතය සම්බන්ධයෙන් බොලිවුඩ් සිනමාවට තියෙන්නේ අනෙන්‍ය ප්‍රතිරූපයක් . ලෝකය පුරා ඕනැම සිනමා නිර්මාණයක අඩංගු වෙන පසුබිම් සංගීත කණ්ඩ , තේමා සංගීත කණ්ඩ ඇරුණාම චිත්‍රපටිය වෙනුවෙන්ම සැකසූ ගීත අංග හා නර්ථනයන් දකින්න ලැබෙන්නෙ බොලිවුඩ් සිනමාවේ (ඇත්තටම කිව්වොත් සමස්ථ ඉන්දියානු සිනමාවෙම ) . කාලයත් එක්ක බොලිවුඩ් සිනමාවේ හැඩහුරු කම් කොතරම් වෙනස් වුනත්  නිකුත් වෙන සැම චිත්‍රපටියක් වෙනුවෙන්ම ගීත එකතුවක් නිර්මාණය වෙන එක නම් වෙනස් වෙලා නැහැ . සමහර වෙලාවට චිත්‍රපටියේ ගීත අඩංගු වෙන්නේ දෙකතුනක් වුනත් අඩුම තරමේ ගීත 6ක් වත් අඩංගු ගිත එකතුවක් සැම බොලිවුඩ් නිර්මාණයක් වෙනුවෙන්ම අදටත්  නිකුත් වෙනවා . විශේෂයෙන්ම මේ ගීත වාණිජ වශයෙන් වෙනම අලවි  කරන නිසාත් , ගීත වල ජනප්‍රියතාවය චිත්‍රපටියේ සාර්ථකත්වයට බලපානා නිසාත් සාමාන්‍යයෙන්  චිත්‍රපටියක් තිරගත වෙන්න මාසයකට කලින් වත් ගීත එකතුව නිකුත් වෙනව . ගීත විවරණ හෙවත්  Music Reviews නිකුත් වෙන්නෙත් ඒ කාලයේදීම තමයි . වාණිජ වශයෙන් විකිණෙන ගීත ඇල්බම වල අලවිය සඳහා වගේම චිත්‍රපටිය පිලිබඳ ප්‍රේක්ෂක බලාපොරොත්තු සඳහාත් ගීත විවරන සැහෙන්න බලපානවා . පහුගියදා වාර්ථා වුනු විදිහට  Krrish  දෙවන කොටසේ සංගිත අයිතිය T- series සමාගම මිලදී අරගෙන තියෙන්නෙ කෝටි 6ක මුදලකට . ඉතින් මේ වගේ විශාල  මුදලක් සංසරණය වන ඉන්දියානු සිනමා සංගීතය පිලිබඳ චිත්‍රපටියෙන් චිත්‍රපටියට විචාර ලියැවීම පුදුමයක් නෙවෙයි නෙ !!

Murder 2 සංගීත විවරණය

සංගීත විවරණයක් කියෙව්වාට වැඩක් නැහැනේ ගීත ටික අහන්නෙ නැතුව , ඒ නිසා අහපු නැති අය මෙතනින් අපේ අඩවියට ගිහින් දීල තියන සබැඳියෙන් ගීත ඇල්බමය බා ගන්න . වාණිජ ඇල්බම නොමිලේ බාගත කිරීම නිති විරෝධී නිසා අපි සිතුවිලි පවුරේ ඒ සබැඳි පලකරන්න කැමති නැ ඇඩ්මින් තුමාගෙ අවසර නැතුව .

චිත්‍රපටිය අයත්  වෙන්නේ මූලිකවම ත්‍රිලර් වර්ගයට නිසා ඒ හා බැඳුනු සංගීත රටාවක් තමයි දකින්න ලැබෙන්නෙ. මේ අතරින් ඉතා විශේෂ ගීත දෙකක් තමයි මූලිකවම කථා බහට ලක් කරන්න තියෙන්නෙ .

පලමු ගීතය සුනිදි චව්හාන් ගායනා කරන Aa Zaraa  ගීතය . බටහිර සංගීත  S ශෛලීන්ට අනුව නිර්මාණය වෙලා තියන මේ ගිතය ඉතාම ඉහල ස්වර පරාස වල තමයි ගායනා කෙරෙන්නේ . ඒ වගේම ගීතයේ සහ චිත්‍රපටියේ තේමාවට අනුව ඉතාම සරාගී කටහඬක් තමයි ගීතය  පුරාවටම පවත්වා ගන්නේ . ගීතයේ සමහර තැන් වලදී මේ සරාගී බව ඉතාම හොඳින් ඉස්මතු වෙන  ගායන /හඬ උපක්‍රම භාවිතා කරල තියනව . ඇතැම් වෙලාවට චිත්‍රපටියේ නර්ථනයක් තියනවා නම් ඊට අදාලව වෙන්න පුලුවන් ඒ අවස්ථා මතු වෙන්නේ . කොහොම උනත් ගායන  ඒ ගායනා විලාසයත්  කඬ හඩ කලමණා කරගන්න විදිහත් එක්ක මේ ගීතය ලබන වසරේදී සම්මානයට පාත්‍ර වීමට අඩුම තරමින් යෝජනා වීමට  ඉඩ කඩ තියනවා . ගීතය ගායනා කරන සුනිදි ගැන අපි කලින් ලිපියක් පල කරල තියනව අපේ බ්ලොග් අඩවියේ කැමති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන්   .මේ ගීතයේ රීමික්ස් වර්ශන් එකකුත් ගීත ඇල්බමයේ අඩංගුයි . ටෙක්නෝ තාලයකට මුසු කරල තියන ඒ ගීතයේ තියෙන්නෙ මුල් ගීතයට වඩා වෙනස් රසයක්


ඊලඟ ගීතය හර්ශිත් සක්සේනා ගායනා කරන Hare Dil ගීතය . කලින් කිව්ව ගීතය වගේම ඉතාම ජනප්‍රිය වුනු මේ ගීතය ඉම් රාන් හසිම් රඟපාන චිත්‍රපටි වල සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සම්ප්‍රදායේ ගීතයක් . ඒ කියන්නේ  ටිකක් කැ ගහල වගෙ කියන ආදර ගීතයක් . Murder, Gangster වගේ චිත්‍රපටි වල ගීත මතක අයට  මේ කාරනය වැටහෙනවා ඇති . මේ ගීතය සංගීත සම්ප්‍රදායන් කිහිපයක සම්මිශ්‍රණයක් වුනු ඉතාම ලස්සන ආදර ගීතයක් . ගීත ඇල්බමයේ දකින්න ලැබෙන මේ ගීතයේ Acoustic Version  එක  මුල් ගීතයටත් වඩා ලස්සන්යි කියල උනත් කෙනෙකුට හිතෙන්න ඉඩ තියනවා . මම කලින්  ගීත බාගන්න යන්න කිව්ව පිටුවේ මේ ගීතයට අදාල විඩියෝ පට කොටසක් තියනව . මේ ගීතයේ සම්පූර්ණ විඩියෝ පටය මාධ්‍යට දුන්නේ  සාමාන්‍ය ප්‍රේක්ශක යාට ගැලපෙන විදිහට සංස්කරණය කරල

Aye Khuda කියන ගීතයත් අපුරු ගීතයක් විරහ වේදනාත්මක  ගතියක් දැනෙන ගීතයක් .ගායනා කරන්නේ ගායකයින් තුන් දෙනෙක් . මේ අතර ඉන්න එක් ගායකයෙක් සතු අස්ෆ් අස්ලාම් ගේ හඬට සමාන සරාගී ගැඹුරු හඬ ගීතයට එකතු කරන්නෙ අපුරු අලංකාරයක් . මේ ගීතයෙත් රීමික්ස් වර්ශන් එකක් තියනව , හැබැයි ඒක ගීතයේ සැබැ ස්වාභායට ගැලපෙන්නෙ නම් නැ . කොහොම උනත්  ඩිජේ කිරීමකට එහෙම යොදා ගන්න පුලුවන්


Phir Mohabbath කියන ගීතයත් බොහොම අඩු රිද්මයක යන ලස්සන ආදර ගීතයක් . නිවි සැනසිල්ලෙ  සින්දු අහන්න කැමති අයට  ගොඩක් ගැලපෙන ගීතයක් .

 චිත්‍රපටියේ අඩංගු අනික් ගීතය තමයි එතරම් හොඳ තත්වයක නැ කියල  කියන තත්වයක තියෙන්නෙ


එහෙනම් ඉතින් ගීත එකතුව භාගත කරගෙන , අහල ඔබේ අදහසත් කියන්නකො . මේ ගීත එකතුව බාගත කරගන්න යන දත්ත ප්‍රමාණය හෝ කාලය අපතේ යන එකක් නැ ගීත එකතුවෙන් එක ගීතයක් ඇර ඉතිරිවා සියල්ලම  ලස්සන නිසා . හැකියාවක් තියනව නම් 320 kbps ප්‍රමාණයෙන් බාගත කරගෙන හොඳ නාද උපකරන වලින්ම ගීත ටික අහන්න ඒවායෙ නියම රසය විඳින්න හැකියාව ලැබෙයි

Facebook එකෙන් සල්ලි හොයන්න ගමන් Fan page එකට like ගන්න.....

Thursday, July 28, 2011
මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හබි අපිට මේක ට්‍රය් කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක fans වැඩි කරගන්න, අපි හොයපු සල්ලි use කරන්න පුළුවන්.


2. මෙතනින් ඔයාගේ details දල register වෙන්න

 3. ඊ ලග පියවර log ඉන් වෙන්න

 4. දැන් ඔයාට පෙන්නනේ මේ වගේ page එකක් , මෙතනින් ඔයාගේ FB Account ඒක connect කරන්න

 5. allow කරන්න

 6. click කරන්න new tab එකක් open වෙයි like කරන්න.

 7.ඔබගේ Fan page එකටත් මේ විදිහට like ගන්න....

මමත් මේක පර්යේෂණ මට්ටමේ කරන යන නිසා Cashout කරන්න පුළුවන් කියල 100% විස්වාස නෑ, ඒත් මේ site එකේ මේකෙන් සල්ලි ගත්තු අයගේ සම්මුක සකච්ච් වගයක් නම් තියෙනවා... ඒ කොහොම උනත් මන් මේ අන්තිමට දල තියෙන්නේ අපි හොයාගන්න සල්ලි use කරන්න පුළුවන් තවත් විදිහක් .. මේ විදිහෙන් අපිට පුළුවන් අපේ ෆන් පගේ එකට laike වැඩි කරගන්න පුලුවන් පාඩම් කරන ගමන් පොඩි බ්‍රේක් එකක් ගන ලියුවේ හොදනම් comment එකක් දාන්න..

පන්තිය මැද....

පන්තිය මැද පිපි ලස්සන සුදු මල
ඔබ දැක මගෙ සිත ඇයි මේ කලබල
පොත අමතක කර ඔබ දෙස බල බල
ඉදලම නෙතු මත බැදිලා පෙම් දැල

අවසර දෙනු මැන පෙමින් වෙලෙන්නට
ඔබේ අත ගෙන පෙම් බස් තෙපලන්නට
මොහොතක් රහසින් තනිවී ඉන්නට
දෙනු මැන අවසර සොදුරියෙ මා හට

ඉගිකර දග කර තාලෙය යනවිට
සුරපුර සුරලිය වැනි ඇය සුන්දර
මන් කෙසේ සිටින්නද ඉවතබලා
යන විට ඈ මා දෙස බල බලා

පෙර දග වැඩ නෑ ඇය හරි නිසලයි
ඈ දැක මගෙ හදවත දැන් සසලයි
පෙම්බරා අත ඈ තුරුලුව සිටිනා
දැක බසයෙදි මගෙ ලොව බිද වැටුනා

පන්තිය මැද පිපි ලස්සන සුදු මල
ඔබ දැක මගෙ සිත ඇයි මේ කලබල
පොත අමතක කර ඔබ දෙස බල බල
ඉදලම නෙතු මත බැදිලා පෙම් දැල

මේක අපි අකුරු කරපු ඉස්කෝලෙ අපි කට්ටිය එකතු වෙලා ලියපු සින්දුවක්.... ලස්සනයි නේද...

භයංකාර රාත්‍රියක් - 3

මං මීට කලිං වෙනත් සයිට් එකක භයංකාර රාත්‍රියක් කියලා ලිපි පෙලක් (පෙලක් කිව්වට ලිපි 3 යි) ලිව්වට ඒවා බොහොමයක් අය දකින්න නැතුව ඇති. මොකද එතකොට මං මේ සයිබර් අවකාශයට ආආආ.... ම.. ධුනිකයෙක්. කොටින්ම මගේ හද පතුල බ්ලොග් එක ලියන්න පටං ගත්තෙත් ඊට ටික කාලෙකට පස්සේ. 


මාසයකට දෙකකට සැරයක් ලිපියක් ලියන මං මේ අවකාශයේ ඒ හැටි ජනප්‍රිය කෙනෙක් නොවෙන එක අහම්බයක් නෙවෙයිනේ... අනික මට තිබුණු යම් යම් පෞද්ගලික ප්‍රශ්ණ හින්දා සයිබර් අවකාශයේ පොදු කටයුතු කිසිවකට සම්බන්ධ වෙන්න ලැබුණෙත් නෑ.


මොන තරං වෙලාව අඩු වුණත් මාසයකට වරක් වත් මං ලියන බ්ලොග් වල ලිපියක් පල කරන්න මං උත්සාහ කරනවා. ඔහොම ඉන්න අතරේ තමයි මට සිතුවිලි පවුර හමු වෙන්නේ..


ඉතිං මට හිතුනා මගේ ජිවිතේ මං අත්විඳපු ඉතාම සංවේදී සිද්ධි දාමයන් වලින් එකක මතකයන් නැවත අවධි කරමින් අර ලිපි තුන සිතුවිලි පවුරේ පලකරන්න.


භයංකාර රාත්‍රියක් - 1 - මේ ලිපිය ඉස්සෙල්ලා වතාවට වඩා කීප දෙනෙක් කියවලා තිබුණා මයෙ හිතේ... ප්‍රතිචාර කීපයකුත් තිබුණා. ඔන්න ඉතිං ඒ සතුට පිටිංම දැම්මා ඊලඟ ලිපියත්....


භයංකාර රාත්‍රියක් -2 - අනේ අර තිබුණු උනන්දුව නං හේ වෙලා ගිහිං වගෙයි පෙනුනේ... ඒත් ඉතිං මක් කොරන්නද ? ඕන එකක් වෙන්න කියලා දානවා අවසාන කොටසත්...


මෙන්න අන්තිම කොටස....


අපි පහුවදා තමයි අපි පිච්චුන ෆැක්ටරිය බැලුවේ. ඒකෙ ගන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. කෝටි ගණන් වටින යන්ත්‍රෝපකරණ වගේම ලක්ෂ ගණනක නිමි රබර් තොගයක් ගිනි අරං. 


කට්ටිය ලෑස්ති වෙන්නේ මුළු කර්මාන්තශාලාවටම ගිනි තියන්න කියලා තේරුණාම ඔවුන්ගෙන් අප්පච්චි ඉල්ලලා තියෙන්නේ රබර් ටික එලියට අරන් ඒ ටික විතරක් ගිනි තියන්න කියලා. 

එතකොට ඔවුන් කියලා තියෙන්නේ මහත්තයට ඕනි දෙයක් තියෙනවනම් ගන්න, අපි කොහොමත් මේක රබර් ටිකත් එක්කම ගිනි තියනවා කියලයි. 


එහෙම කියපු ඔවුන් ඒ කර්මාන්ත ශාලාවට ගිනි තියලා තියෙනවා.
ඒ දවසෙම ඒ ප්‍රදේශයේ කර්මාන්තශාලා කීපයක් ගිණි තියලා තිබුණා.

ඉන් පසුව අපේ ජීවිතත් බොහෝ වෙනස් වුණා. අපි වෙන වතු යායකට ගියා. අවුරුදු ගනණක් ගොඩනගාගත් බොහෝ දේ අපෙන් දුරස් වුණා. තවත් අලුත් දේවල් අපට ලං වුණා. අපේ තිබුණු ස්ථාවර ගතියට පොඩි හානියක් වුනත් අපි කොහොම හරි හොඳින් ජීවත් වුණා.

ඒත් කර්මාන්තශාලාවේ වැඩ කරපු සුළු සේවකයෝ...
ඔවුන්ට යන එන මං නැති වුණා.
සමහරු අසල වතුයාය වල වැඩට ගියා. සමහරු රට ගියා. ඒත් සමහරු අන්ත අසරණ වුණා. ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපට වැටුණා.

මේ සිදුවීම වූ දාට පහුවදා තවත් ආරංචියක් ලැබුණා...
අපේ බාප්පා අතුරුදන් කියලා....
එයා සදහටම අතුරුදන් වෙලා තිබුණා.

ප්‍රේමකීර්ති ද අල්විස් නම් හෘදයාංගම කලාකරුවා ව මරා දැමුවා කියා ආරංචි වුනෙත් මේ කාලෙමයි.

මගේ හිත නම් වැඩිපුරම දුක් වුණේ ඔහුගේ අකල් වියෝවටයි. ඔහු කොයි තරම් හදවත් ගනනක් සනසන්නට දායකත්වයක් දීපු කෙනෙක්ද.....?
ජීවත් වුනත් මළා වගේ ඉන්න මිනිසුන් වෙසෙන රටක ප්‍රේමකීර්ති මැරුණත් ජීවත් වෙන කෙනෙක්......

සටහන ඉවරයි.....!

පසුව ලියන වග නම්....


බොහෝ දෑ වෙනස් කළ, විකෘති කළ ඒ අඳුරු කාලය නිමා වී යලි ප්‍රජාතන්ත්‍රවාදය රජ වේ යැයි බලා පොරොත්තු වුවද ප්‍රජාතන්ත්‍රවාදය අපිත් එක්ක හැංගිමුත්තං කරද්දී විපිලිසරව බලාහිඳින අතර ඒ කාලයේ මේ සිද්ධීන් වලට සම්බන්ධ අප ඇතුළු අයට කුමක් සිදුවීදැයි බිඳක් සොයා බැලීමි. 


ජීවිත ඉතුරු වූවෝ මොන තරම් දුක සේ හෝ තමන් ගේ ජීවිත ගොඩ නගාගෙන ඇත. 


අහිමි වූ බොහෝ දෑ අමතක කොට ජවිපෙ ට චන්දය දෙන්ට වුවද දැන් අප සූදානම්ය.... 



හිරු කුමරිය වඩින තුරා


෴.........෴.........෴


˙·٠•●♥ ♥●•٠·˙
ංංංංංංංං
නැවතත් ඔබ පැමිණ
විදිනට සැරසෙන
ඇත්ත ජිවිතයෙන්
මැණිකක් සේ අද
දිලෙන්නට ඔබමෙන්
මගේ ලොව හිරුමෙන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි‍..

ආත්ම ගණනෙන්
පැතු ඔබ සෙනෙහස
පුදසුන අභියස
බොඳවනු සිත් අප
කෙලෙස සිහි කරමිද
නුඹ නැති පාලුවෙන්
උන්නු... මගේ ලොවම.....෴

ංංංංංංංං



ලියන්න අවසර...

Wednesday, July 27, 2011
ඉපදුන නිසා
වී මිනිසෙකු
ඇතිවෙයි නැතිවෙයි
බොදවෙයි සිතුවිලි
සිතන්නට යමක්
ඇති නිසා සිතක්
මටම වෙන්වූ
ගලායන සිතුවිලි
බොදවෙන්නට පෙර
ගෑමට කුරු‍ටු
එක්වුනෙමි මමත්
සිතුවිලි පවුරට.

Re:ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය ලෝඩ් විමේ වේගය මැන ගන්න අඩවියක්


මම දැක්කා නඳුන් සහෝගේ පෝස්ට් එක. ඒකෙ ගොඩක් අය අහල තිබුනා තම තමන්ගෙ browser වලට ගැලපෙන විදිහට හා නෙට් කනෙක්ශන් එකට අනුව වෙබ් අඩවියක් හෝ බ්ලොග් අඩවියක් ලෝඩ් වෙන වේගය පෙන්වන වෙබ් අඩවියක්.

අතීතයේ මිතුරියේ....


අතීතයේ මිතුරිය ඔබ
සිත පුර සෙනෙහසින් ගැවසුන
සිහිනයකවත් සිත්තම්ව කිව මැන
ඔබ අද කොහේ ගැවසේද.....

ඔබේ සුමුදු ඇගිලි තුඩින්
හද පිරි මැද සෙනෙහසින්
කියූ පෙම් අන්දරය
නිහඩ ක
දුලකි අද...

වසන්තයක මිහිරි මතක
 විතරයි ආදර හද අද
ඔබ වාගේ පෙම් කවියක්
කියවන්න හැකිවේදො...?

ඔයාගේ Twitter ගිනුමේTweets එක සැරේ මකන්න twitwipe


ඔයාගේ twitter ගිනුමේ ඔයා ලියන Tweets එක සැරේ ඔක්කොම මකන්න ඕන උනත් බෑ මොකද twitter එකෙන් එහෙම සේවාවක් සපයන්නේ නෑ. ඒ උනාට ඔයා ලියන Tweets එක සැරේ මකන්න ක්‍රමයක් තියෙනවා එක කරන්නේ මෙහෙමයි. ඔයා ඉස්සෙල්ලා http://twitwipe.com අඩවියට යන්න. එකේ තියෙනවා Sign in with twitter කියන එක ඔබන්න. එතකොට ඔයාගේ twitter ගිනුමට යනවා එතනදි අහනවා. Allow ,Deny ද කියලා ඔයා එකෙන් Allow ඔබන්න. එක එබුමාම අය සැරයක් twitwipe.com සයිට් එකට Redirec වෙනවා. එතකොට ඒ සයිට් තියෙනවා Stat Wiping කියලා එකක් එක ඔබලා sure කියන එකත් එබුවාම ටික වෙලවකදි ඔයාගේ Tweets මැකෙයි ඔයාත් බලන්න.

කසල ගොඩේ . . .

කසල ගොඩ
වටේ පිරුණු
කපුටු රැලගේ 
කරව් හඬට
නිකමට ,
අඩියට දෙකට
ලංවන විට
දැණුනු ,
කිරිකැටි සුවඳට . . .


පිරිලා ඉතිරිලා
දැණුනු හැඟුමට
දිටින් ,
රෙදි කඩින් එතුනු
අහිංසක ,
බිළිඳු රුව . . .


සොයමි ,
තෝරමි ලහි ලහියේ
හැඟුම් . . .


සාප දෙන්නද
වැදූ එකාලට
නුඹ මෙහි දමා
අතැර ගිය පව්කාර . . .


නැහැ ,
ඉගෙනගන් පුතේ 
නුඹවත්
නොකරන්න කිසි දිනෙක
මෙලෙසකින් කිසිවිටෙක
ඉගෙන ගන්නට 
නුඹෙන් පාඩම්
වැදූ මව්පියනට
මෙළොව . . .


හිතෙන දේ කොමෙන්ටුවක අමුණන්න දිරියක් වෙන්න හැමදාමත් මෙන් . " පන්හිඳට " යන්න මෙතන ක්ලික් කරන්න

හොද දුරකතන ගන්නකොට තියෙන්න ඕනේ සුදුසුකම් ට්කක් (බාල,තරුන,මහලු,මැදි වයස ආදි ඔනැම වයසකට.....)

ඔන්න ඉතින් පොඩ්ඩක් මේක පරනයි හැබැයි ඉතින් වට්න නිසා දැම්මේ...........................................

ඕනැම දුරකතනයක "යතුරු පුරුව".... සාමනය ලෙස" ව්ශාල" ව්ය යුතුයි හේතුව අතේ ඇගිලි ලොකු.... වෙන නිසා හා සැමදා සැම ගෙනාම " වයසට " යන නිසා........

"gsm"  පහසුකමේන් තමයි දැනට ලංකාවේ... "කොල්" ගන්න පුලුවන් එක නිසා දුරකතනයේ...... එම "gsm" පහසුකම.... තිබ්ය යුතුයි.


හදිසියකට සාක්කුවේ...!! , පොකට් එකේ...!! , බැග් එකේ....!! දාගෙන යන්නට පුලුවන් "ප්‍රමානයේ" ව්ය යුතුයි.

"නිකන්"  හමු වුනොත් ඇරෙන්න "දුරකතනයට" යට කරන " මුදල" රු.5000.... ව්ය යුතුයි උපරිම ගනන ලෙස....

දුරකතනයේ "තිරය" සාමානය... ලෙස ව්ශාල වුවාට කමක් නැත හදිසි වේලාවක දි දුරකතන "ඇමතුමක් ගැනිමේ" ......  දි හා " දුරකතන ඇමතුම් ".....    එමේදි පැහැදිලිව බලා ගත හැක..

වැඩ්... "සල්ලි"... නැත්නම්  "කෙට් පනිව්ඩ "යවන්න පුලුවන්.... හොදට "ඇස් " පේනවානම් හා " ඉංග්‍රිසි හොඩ්ය" .... දන්නවානම් පමනක් එයට "ගැලපෙන"...... දුරකතනයක් තොරා ගන්න.

හැම වේලාවෙම" එකම " සිම් .... පත භාව්තා කරන" දුරකතනයක් " ගන්න හේතුව එක්කෙනෙකුට "නම්" දෙකකින් කතා කරන්න.... එකම වේලාවේ කාටවත් වුවමනා නැති නිසා...

"බ්‍රැන්ඩ්" ... මොකක් වුනත් අඩුම තරමේ අවු 1 ...වගකිමක් ඇතුව ගන්න හේතුව... දුරකතනයේ හැඩේන ලෙඩ "ඉස්පිරිතාලවලට" ... ගිහිල්ලා නොම්ලේ පෙන්වන්න බැරි නිසා.

දුරකතනයට... හැම වෙලාවේම " ආවරනයක් "....යොදන්න හේතුව දුරකතනය නෙතට ප්‍රිය ජනක ලෙස තියෙන්න ඔනේ නිසා.

අන්තිමේට දුරකතනය.... ක්‍රියා කාරි මට්ටම වැඩ්ම " වේලාවක්"  අඩුම තරමේ "දවසක්වත්.".. තියෙන එකක් ගන්න හේතුව  හදිසියක දි කොල් එකක් ගන්න.... කරන්ට් නැතුව ගියොත් චාව් නොකර ...කොල් ගන්න..

ආගන්තුකයාගේ බ්ලොග් ආගමනය සහ තවත් කතාවක්!!

Tuesday, July 26, 2011

කාලයකට ඉහතදී විජය පරිගණක සඟරාවක තිබුන ලිපියකින් බ්ලොග් කියන  වචනය මුලින්ම අහපු මට ඒ ගැන එච්චර වගක් තිබුනේ නෑ.ඒ කාලේ අර ඉස්කෝලේ යන හැම ළමයෙක්ම වගේ දුවපු රේස්‌ එකේ මාත් දුවපු නිසා වෙන්නැති සමහරවිට...පස්සේ දවසක ඒ ලිපිය ආයෙමත් අහම්බෙන් වගේ හම්බවෙලා කියෙව්වම ඒකෙ තිබුනේ බ්ලොග් කියන්නේ ඕනෑම කෙනෙක්ට නිදහසේ පවත්වාගෙන යන්න පුළුවන් තමන්ගේ පොද්ගලික දිනපොත වගේ වෙබ් අඩවියක් කියල අදහසක්....
කොහොම හරි ඉතින්  ඕක සම්පුර්ණයෙන්ම අමතක වෙලා ඉන්න අතරේ තමයි ඉස්කෝලේ යන කාලෙත් එකට ඉඳපු යාලුවෙක් පටන් ගත්තේ බ්ලොග් එකක් ලියන්න.මේ තියෙන්නේ ඒ බ්ලොග් එකට යන පාර.ඒක කියවන්න ගියාම තමයි වැඩේ පොඩි ෆන් එකක් තියෙනවානේ කියල හිතුනේ.මොකද තමන්ගේ අදහස් උදහස් වගේම නිර්මාණ සියල්ලක්ම වගේ පාඨකයා අතරට ගෙනියන්න පුළුවන් ලේසිම විදියක්නේ.

කොහොමහරි ටික දවසකින් කැම්පස් එකත් නිවාඩු දුන්න ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය නිසා..(ඒකෙ හැමෝටම පෙනන පැත්ත සහ නොපෙනෙන පැත්ත ගැනත් පසුව දෙයක් ලියන්නම්.)
එහෙම අහම්බෙන් ඔලුවට කඩන්වැටුන පරණ පින නිසා ආයෙමත් බ්ලොග් අවකාශයේ හොඳ හැටියට රවුම් ගහන්න පුළුවන් උනා.කොහොමත් ඉතින් නිවාඩුවක් ලැබෙනවා කියන්නේ අපි කොච්චර ආසාවෙන් ඉන්න දෙයක්ද කියල දන්න අය දන්නවනේ..:D

එහෙම කියවන්න පටන් ගත්ත බ්ලොග් වලින් සෑහෙන්න ප්‍රමාණයක් හිතට අල්ලපු ඒවා තමයි තිබුනේ.ඒ වගේ බ්ලොග් වලට පිස්සු වැටුන කෙනෙක් දන්නවා ඇතිනේ ඊළඟට මොකද්ද හිතෙන්නේ කියල..:)
ඒ ඉතින් මටත් මෙහෙම ලියන්න තියේනම් කියන එක තමයි..
අන්තිමට ඉතින් මමත් කරේ එහෙම හිතුන ගමන් බ්ලොග් එකක් හදපු එක.ඒත් ඉතින් බ්ලොග් එකේ දාන්න දෙයකුත් තියෙන්න එපැයි.
ගොඩක් වෙලාවට කල්පනා කර කර ඉන්න අතරේ හිතට එන ලස්සන අදහස් වගේම අමුතු අදහස් ඒ වෙලාවෙම කොලයක ලියලා පොඩි සටහනක් දාල තිබුන නම් කියල හිතුනේ එවෙලෙ.

අන්තිමට බ්ලොග් එක හදලත් ගොඩක් දවස්‌ යනකම් මුකුත් ලියන්නේ නැතුව කියව කියවම හිටියා..:)
දැන් තමයි ඔන්න ලියන්න පටන් ගත්තේ.
මේක මගේ පළමුවෙනි පොස්ට් එක නිසා කියවල හිතට එන හැමදෙයක්ම කියන්න කියල ආදරෙන් ඉල්ලනවා.ඕනෑම අදහසක්,යෝජනාවක් කියන්න.හරි නැත්නම් එහෙම හරි කියන්න.විශේෂයෙන් අඩු පාඩු කියනවනම් ලොකු දෙයක්.:)

පළවෙනියටම ලියන්න හිතුනේ අපි කාටත් කවදාවත් අමතක වෙන්නේ නැති කවුරුත් ආදරේ කරන දෙයක් ගැන.

අම්මගේ ආදරේ.

 අති බහුතරයක් කවියන්ට,ගීත රචකයන්ට වගේම සියලුම විදියේ කලාකරුවන්ට සොබාදහම විසින් ලබාදුන් අපූර්ව වස්තු බීජයක්.
භාෂාව,ජාතිය,ආගම,සංස්කෘතිය වගේ විවිධ වෙනස්කම් සහිත මිනිසුන්ට පොදු දෙයක් උන ඒ ආදරය සෙනෙහස ගැන තැනුන නිර්මාණ අනන්ත ප්‍රමාණයක් ඇති.
ඒ විදියට ලියවුන තවත් එක සිංහල ගීතයක් ගැනයි මේ කතාව..
සමහර අය අහල නැතුවත් ඇති.එහෙම නම් හොයාගෙන හරි අහන්න වටිනා ගීතයක්.නිකන්ම අහනවට වැඩිය මේක රස විඳලම බලන්න ඕන.
ගීතය තමයි විශාරද නන්දා මාලනිය ගයන චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්....

 කවුරුත් අහල තියෙන ජාතියේ දරු නැළවිලි ගීයක් නම් නෙවෙයි මේක.බොහොමයක් එවන් ගීත ලියල තියෙන්නේ ලස්සන අපූරු ලෝකයක් මැවෙන විදියට සහ අහගෙන ඉන්නකොට සනීපෙට නින්ද යන විදියේ මිහිරි තනුවකට අනුවනේ.මේකත් ඉතින් තනුව ගත්තම නම් අහන් හිටියම අපිට උනත් නින්ද යන තරම් ලස්සන මිහිරි තනුවක්..:D


මේ විශිෂ්ට නිර්මාණයේ රචකයා මහින්ද අල්ගම මහතා..එදා මෙදාතුර ලියවුන ඉහලම ගණයේ දරු නැළවිලි ගීයක් කියල පිළිගැනීමක් තියෙනවා මේ නිර්මාණයට..රසවිඳලම බලන්න...

         ගීතයේ මුල් පද පේලි මෙහෙමයි.
චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

අනිත් හැම ගීත රචකයෙක්ම වගේ ඔය වගේ උදාහරණයක් කියල තියෙනවනම් තියෙන්නේ සුරංගනාවෝ ඇවිත් පුංචි දරුවාව නලවන, දරුවා නලවන්නට මිහිරි ගීත ගයන ලස්සන පරිසරයක් අපේ හිත වල ජනිත කරවන අයුරින්..
ඒත් මේකේ එය දක්වන්නේ වෙනස් විදියකට..අම්මාගේ ළයාන්විත මිහිරි හඬින් ගයන ගීත තරම් අනික කිසිවක් සුන්දර නැති බව ඔහු අම්මාගේ වචන වලින්ම කියනවා..
වක්‍රව කියන්නේ අම්මා තරම් වටින සුරංගනාවියක් දරුවට ඉන්නවද? :)

ඊළඟ පද පේලි ටිකත් අහන්න..

රන් තැටියක කිරි පැණි පුරවාගෙන
හඳහාමි  දූ බලන්න එනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
හඳහාමි කෙලෙසද මෙහි එන්නේ..

කිරි මුට්ටිය නුඹේ ගඟේ ගියාලු
ගඟට උඩින් කිරි කොක්කු ගියාලු
දුවේ එපා ඒ කතා අහන්නට
මමයි නුඹට ලේ කිරි කර දෙන්නේ  ..

චන්ද්‍ර මඬුලු යට සුරංගනාවන්
දූ සනහන්නට ගීත ගයනවලු
දුවේ එපා ඒ කතා අහන්නට
මේ නැලවිලි ගී මමයි කියන්නේ.....

රන් තැටියක කිරි පැණි පුරවාගෙන හඳ හාමි එනවලු පුංචි පැටියව බලන්න..එහෙමයි අනිත් අය කියන්නේ.
ඒත් මේ අම්මා කියන්නේ හඳ හාමි කොහොමද දුවේ මෙහෙට එන්නේ..
මට හිතෙන විදියට නම් රචකයාට අනුව, අම්මා තරම් දරුවෙකුට ජිවිතයට ආලෝකය දෙන හඳක් තව කොහෙන්ද?
:)

අවසානයේ කියන්නේ කිරි මුට්ටිය ගඟේ ගියා, ගඟට උඩින් කිරි කොක්කු ගියාලු කියන කතාත් අහන්න එපාලු..කවුරුවත් පුංචි දුවට කිරි ගෙනත් දෙන්නේ නෑනේ.
අම්මනේ තමන්ගේ පුංචි පැටියට ලේ කිරි කරලා දෙන්නේ..

ඇත්තටම පුංචි දරුවෙකුට තමන්ගේ අම්මා,තාත්තා තමයි මුළු ලෝකයම වෙන්නේ.මේකේ කියවෙන්නේ අම්ම ගැන.ලස්සන සුරංගනාවියෝ,හඳ හාමි ..මේ හැමදෙයක්ම අම්මාගේ ලග තියෙනවා.අම්මාගේ ආදරේ ඒ තරම් උතුරා ගලා යනවා..
මේ විදියට අම්මව අගය කරන විදියේ මිහිරි නාදයක් දරුවට ඇහෙනකොට ඒවා සදාකාලිකවම ඒ පුංචි හිතේ තැන්පත් වෙනවත් ඇති..
මෙහෙම තමයි මේ අපූර්ව ගීතය ගැන මට හිතෙන්නේ..

ඔබේ අදහසත් කියලම යන්න....

මහින්ද මාමාගේ නීති සහ අපේ කලාව


අපේ මහින්ද මාමත් ඉතින් එක එක කාලෙට එක එක නීති දානවනේ. සමහර ඒවා නම් ඇත්තටම හොඳයි. ඒත් සමහර ඒවා නම් ප්‍රායෝගික නැහැ. මේ ඊයේ පෙරේදා ඉඳලා අලුත් නීතියක් දාගෙන. ඒක අයිති වෙන්නෙත් අර මම දෙවනියට කිව්ව ප්‍රායෝගික නොවන කුලකයට.
නීතිය තමයි ටෙලි නාට්‍ය, චිත්‍රපටි වගේ ඒවා වල “තමුසේ, තෝ” වගේ වචන පාවිච්චිය තහනම් කරන එක. අපරාදේ කියන්න බෑ. නියම ගොං කතාව. ඒකටම හරි යන්න ඒකට හූරේ දාගෙන ඒක ඒ විදියටම කරන්න ස්වාධීන රූපවාහිනී සේවය නම් කටයුතු කරලා තියනවා මම ඊයේ දැක්කා. අනිත් ඒවා ගැන හොයලා බලන්න තවම වෙලාවක් සෙට් උනේ නෑ.
මට තියන ප්‍රශ්නේ මෙන්න මේකයි. දැන් අපි හිතමු ඔන්න මොකක් හරි ටෙලි නාට්‍යයක එනවා ජවනිකාවක් දෙන්නෙක් බැනගන්නවා. එකෙක් හොඳටම තද වෙලා අනිකට කියනවා ගෙදරින් එලියට යන්න කියලා. එතකොට අර වචන ටික නැතුව ඒ දෙබස කියන්නේ කොහොමද ?
” ඔයා යන්න එලියට ” කියලද ?
එහෙම නැත්නම් තව ජවනිකාවක් එනවා එකෙක්ට හොඳටම තඩ වෙලා තුවක්කුවක් අරගෙන එනවා වෙඩි තියන්න. එතකොට මොන වගේ දෙබසක් යයිද?
” මම ඔයාව මරන්න කලින් මෙතනින් යන්න ” කියලද කියන්නේ.
ඒ ඒ අවස්තාවල් වල ඒ ඒ චරිතයට අදාල ආවේගය පිට කරන්නේ කොහොමද මේ වගේ වචන වලින් ? එහෙම කරාම ඒක තාත්වික රංගනයක් වෙනවද ? මහ ලොකුවට රන්මිහිතැන්න විවෘත කරනකොට නම් ට්‍රම්පට් ගැහුවා මහින්ද මාමා නලුවාය අරකය මේකය කලාවට ආදරේය කියලා. මරු නලුවා. මේවා තමයි අපේ දේශපාලනේ කරන එවුන්ගේ ගොං වැඩ. ඕවා කරලා ලමයි හදන්න පුලුවන් නම් ඒක මැජික් එකක්ම තමයි. අනිත් එක “තමුසේ” කියන වචනෙ නරක වචනයකුත් නෙමෙයි. ඒවා අපේ සිංහල වචන. මම අහලා තියන විදියට නම් “තමුසේ” කියන වචනේ හැදිලා තියන්නේ “තමුන්වහන්සේ” කියන වචනේ කොට වෙලාලු.
මේ තකතීරු නීති දාන මහත්තුරුන්ට ඉංග්‍රීසි කොච්චර දුරට තේරෙනවද කියන එක මේකෙන්ම පේනවා. එහෙනම් ඔය ඉංග්‍රීසි චිත්‍රපටි වල යන පට්ට අමු කුනු හරුපයි මුලින්ම නවත්තලා ඉන්න ඕන. එහෙම නැතුව මේ අපේ සිංහල වචන ටිකට කෙලින එක නෙමෙයි.

විදුලි බල මණ්ඩලය

ඔන්න මමත් සම්බන්ධ උනා සිතුවිලි පවුරට. මම සිතුවිලි පවුරට ලියන පලවෙනි ලිපිය මේක. ඉතින් මම හිතුවා ඒකට මට වගේම හැමෝටම තියන ප්‍රශ්නයක් ගැන කියන්න. ඒක තමා හිටපු ගමන් විදුලිය විසන්ධී කරන එක. අපේ පරිගණක පාවිච්චි කරන්න අපිට අවශ්‍ය වෙන විදුලිය ඒ වගේම ජනතාවගේ ගොඩක් කටයුතු කරන්න උදව්වෙන විදුලිය කිසිදු දැනුම් දීමකින් තොරව විසන්දි කෙරුවාම ඒ මිනිස්සු තම තමන්ගේ එදිනෙදා වැඩ කටයුතු කරගෙන යන්නේ කොහොමද? මේ ප්‍රශ්නය අපි ඇසිය යුත්තේ අදාල බලධාරීන්ගෙන් බව හැබෑව. ඒත් උන්ගෙන් ඇහුවාම කියන්නේ මොකක්ද? විදුලිය පිරිමැසීම සඳහා විදුලිය කප්පාදු කරන බවයි. ඉස්සර නම් විදුලිය කපන්නේ මාස දෙකකට සැරයක් විතර. ඒත් ගස්වල අතු කැපීම සඳහා. නමුත් දැන් හැමදාම පැයක් හෝ දෙකක් අනිවාර්යෙන්ම කරන්ට් කපනවා. සමහර විට දවසම උනත් විදුලිය නැහැ. උදේම වැඩට යන්න නැගිටින මිනිස්සුන්ට තමන්ගේ වැඩ කරන්න ගියාම විදුලිය නැහැ කියල තේරුනාම මොනවා හිතෙනවා ඇද්ද? හිතෙන දේවල් නම් ගොඩක් ඇති. සමහර විට විදුලි බල මණ්ඩලය සම්බන්ධ අයගේ අම්මලා ගැන මතක් වෙනවා ඇති. ඒ අයගේ අම්මලාට හිතෙන් සුබ පතනවාත් ඇති. මේ සේරම දේවල් උනාට පස්සේ මාසේ අන්තිමට රුපියල් දාහක දෙදාහක බිලක් නම් අනිවාර්යෙන් එනවා. ඒකෙත් අපි පාවිච්චි කරපු විදුලියට ගෙවන මුදලට අමතරව වැට් ඇතුලු සියලුම බදු ඇතුල් කරලා තියනවා. ඒත් බිල ගෙවන්න මාසයක් දෙකක් ගියොත් මොකද වෙන්නේ.....ඇවිල්ලා ලයිට් කපලා යනවා. ඉතින් මම අහන්නේ අපි දාහක් දෙදාහක් විදුලියට ගෙවලා අඳුරේ ඉන්නේ මොකටද? මට තියන ප්‍රශ්නේ ඒකයි.

ප.ලි. පෝස්ට් එක කොහොමද දන්නේ නෑ. මට ලස්සනට ලියන්නත් බෑනේ. කමක් නෑ ඔයගොල්ලන්ගෙ අදහසුත් දාලා යන්නකො. එහෙනම් මම යනවා. ඔබ සැමට ජය වේවා!

කුස රජු කී කව....




රුව ලෙසිනැ රම්බා
විලසැ නුඹෙ වත ම'නෙත සිම්ඹා
එයිනි හද නින්දා
අතැර පෙරවීයැ දැදුරු කම්ඹා
කැවුම් වත හංගා
ගනිමි සියපත් යටෙහි රිංගා
ලෙසිනැ සිතමින් මා
    සොඳුර දෑසිනැ නුඹව සිම්ඹා....

පෙමිනි හද නුඹැ වෙත
ඇලුණු සෙයියාවෙකිනැ සිහි මද
තැවෙන කල නිදි බිඳ
නැතියැ අනෙකුන් මගෙක් මා වෙත.
අහෝ පිය කමලිය
නොබලන් නෙතිනැ පිළිකුල
මගේ මුවැ කබලට
    නැතිද සෙනෙහස කියන් පබවත....




(පසුබිම් රුව ජයසිරි සේමගේ සිත්තරාණන්ගේ තෙළිතුඩු විස්කමකි ෴ උපුටා ගත්තේ සිළුමිණ පුන්කලසෙන්)

ඔන්න මංචිත් අද ඉඳන් සිතුවිලි පවුරෙත් දැලක් බඳින්නයි කල්පනාව..යාළුවො  හැමෝම මකුළු පැංචිගෙ වියමනේදි වගේම මංචිත් එක්ක එකතු වෙයි කියලා හිතනවා.. :))


මේඛලා -2

"අනේ මගේ ඔලුව පැලෙන්න වගේ රිදෙනවා ඉන්න බෑ අම්මා අම්මා......."

" ඩොක්ටර්... මෙන්න ලෙඩාට සිහිය ඈවිලා , ඔයාට කතා කරන්න හොඳ නෑ සඳරු පොඩ්ඩක් ඉන්න ඩොක්ටර් එනකල්"

" ප්ලීස් මිස් කියන්න මම මේ කොහේද ඉන්නේ කියලා , ඇයි මාව මෙහාට ගෙනාවේ?"

"මේ නුවර හොස්පිට්ල් එක, ඊයේ හවස තමා ඔයාව මෙහාට ඇඩ්මිට් කලේ"

"ඇයි ඒ? කෝ මගේ ගෙදර කට්ටිය? මම ඊයේ ට්‍රිප් එකක් ආවානේ එයාලා එක්ක"

"පොඩ්ඩක් රිලැක්ස් වෙන්න තව ටිකකින් ඩොක්ටර් ඒවි ඊට පස්සේ මේ හැමදේම එයා තේරුම් කරලා දේවි ඔයාට"

"අන්න ඩොක්ටර් එනවා ඔයා ඩොක්ටර් එක්කම කතා කරගන්නකෝ සඳරු"

"ගුඩ් මෝනින් සඳරු"

"ගුඩ් මෝනින් ඩොක්ටර්, ඇත්තටම මට මොකද උනේ ඩොක්ටර්"

"ඊයේ හවස ඔයාගේ අම්මලා තමා ඔයාව මෙහෙ ඇඩ්මිට් කලේ , හිටි ගමන් ඔයාට සිහි නැතිවෙලා ඔයාට මතකද මොකද උනේ කියලා"

"ම්ම්ම් ඔව් අපේ නංගි මේඛලාට බැන්නා ඊට පස්සේ මම කේන්ති ගිහින් එයාට ගැහුවා ඊට පස්සේ ඇති උන කතා බහෙන් පස්සේ වෙන්න ඇති මට සිහි නැති උනේ"

"හ්ම්ම්ම් ඔවීට පස්සේ ඔයාට සිහි නැති වෙලා  එවෙලාවේ තමා ඔයාව මෙහෙට ගෙනාවේ"

" හ්ම්"

"දැන් බය වෙන්න දෙයක් නෑ අද හවසට ඔයාට ගෙදර යන්න පුලුවන්"

" කෝ ඩොක්ටර් මගේ ගෙදර කට්ටිය"

එයාලා තව ටිකකින් ඒවි"
" ඩොක්ටර් පුලුවන්ද මට පොඩි උදව්වක් කරන්න මම හිතනවා ඩොක්ටර් මම ඉන්න තත්වේ තේරුම් ගනියි කියලා"

"කියන්න සඳරු මට පුලුවන් දෙයක් නම් මම කරන්නම්"

" මට ගෙදර යන්න බෑ ඩොක්ටර් මට ටික දවසකට මෙහෙ නතර වෙන්න තැනක් හොයලා දෙන්න පුලුවන්ද? ගෙදර ගියාම මට මේඛලාව මතක් වෙනවා"

"ඒකට ඔයාගේ අම්මලා කැමති වෙයිද?"

"මම උත්සහ කරල බලන්නම් එයාලාව කැමති කර ගන්න.ඒත් ඩොක්ටර්ත් පොඩ්ඩක් එයාලාට තේරුම් කරලා දෙන්න බලනවාද?"

"ඕකේ අයි විල් ට්‍රයි ටු ඩූ මයි බෙස්ට්"

"තෑන්ක්ස් ඩොක්ටර්"

" මම දෙයක් ඇහුවාට කමක් නැද්ද සඳරු?"

"කමක් නෑ ඩොක්ටර් අහන්න"

" කවුද මේඛලා කියන්නේ?"

" ම්ම්ම්ම්ම්ම් මේඛලා.... ඒ මගේ ජීවිතය,මගේ ආදරය, මගේ හැමදේම එයා තමා"

"ඉතින් ඇයි එයාව මතක් වෙනවට ඔයා අකමැති සඳරු"

"ම්ම්ම්ම් ඒක දිග කතාවක් ඩොක්ටර්"


ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය ලොඩ් විමේ වේගය මැන ගන්න අඩවියක්

Monday, July 25, 2011
මමත් (Nadun) සිතුවිලි පවුර සමග සම්බන්ධ උනා. ඔයාලා හැමෝම දන්නවනේ සමහර බ්ලොග් අඩවි තියෙනවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. සමහර අඩවි වේගවත්. ඉතින් මෙහෙම අඩවි වේගවත් බව අඩු වෙන්නේ ඔබ යොදන පින්තුර ගැජට් නිසයි. ඔබට පුලුවන් මේ අඩවියේ ගිහිල්ලා ඔබේ අඩවිය ලෝඩ් වෙන්න යන වේගය දැන ගන්න. http://www.iwebtool.com/speed_test අපි හිතමු ඔබේ අඩවිය ලෝඩ් වෙන්න තත්පර 40 යනවා කියලා. මේ අඩවියෙන් බැලුවාම. ඉතින් ඔයාගේ බ්ලොගයට ගිහිල්ලා එකේ තියෙන ගැජට් එකක් දෙකක් ඉවත් කරලා අය ඒ අඩවියට ගිහිල්ලා බලන්න තත්පර කියකින් ලෝඩ් වෙනවද කියලා. එතකොට තත්පර 20 විතර අඩු වෙලා තියෙයි. ඔය විදියට කරලා ඔයාගේ බ්ලොගය ඉක්මනින් ලෝඩ් වෙන්න හදාගන්න.

පංති භේද


එහා ඉවුරෙ ඉඳන්
අත වනනවා හැමදාම
මටයි කියන්නෙ
එන්න කියල ඔහේට
පේන්නැද්ද
හැඩපාර
ඉවුරත් උසයි
ඔය පැත්තෙ
හොඳ නැද්ද
ඔයා ආවොත් මෙහෙට

මේඛලා

සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ"

" මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්"

"මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව"

චටාස්......

" තමුසෙගේ කට කඩනවා මම මේඛලාට ආයේ ඔහොම කතා කලොත් එකි මගේ හැමදාටම මගේ දැනගන්නවා හැමෝටම පේන්න මම මේඛලාව මනමාලියෙක් කරලා අපේ ගෙදරට ගේනවා තමුසෙගෙ නෑනා කරනවා , දැන් යනවා මෙතනින් මගෙන් ගුටි නොකා"

"ඉන්නවා මම අම්මාට කියන්න ඔයා මට ගැහුවා කියලා කොහෙවත් යන ගෑණියෙක් නිසා අම්මා............ මේ අයියා මට ගැහුවා"

"ඉතින් යනවා ගිහින් කියනවා ඔකොම එකයි කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ"

මම දෑතින්ම හිස බදාගෙන ඉකි ගෑසුවේය. මට මේ මොකක්ද උනේ අනේ රත්තරං මේ සේරම ඔයාට බනිනවා ඔයා වැරදි නෑනේද මගේ කෙල්ලේ කියන්න

"මොනාද ලොකු පුතේ මේ වෙලා තියෙන්නේ ඇයි මේ අහිංසක කෙල්ලව මරන් කන්න හදන්නේ "



" නෑ අම්මේ මේකි, මේකි  මගේ මේඛලාට බැන්නා මම මේකිව මරනවා මගේ කෙල්ලට ආයෙම එහෙම කතා කලොත්"

ඇත්ත තේරුම් ගන්න පුතේ මේඛලා ඔයාව දාලා ගියා එයා ගියා දැන් ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න මයේ රත්තරනේ"

"මේඛලා මාව දාලා ගියා ඇයි එයා මට එහෙම කලේ මේඛලා...................................."
 
 
 

දුක දරන් වෙන් වුනේ නුඹ විතර නම් නොවේ....

Sunday, July 24, 2011


ආකාසෙ ඉගිලෙන්න මට නොහැකි හින්දා
විල් තෙරේ සඳ එලිය රහසෙන්ම වින්දා
ජිවිතේ දුර යන්න නුඹ නො එන හින්දා
නැවතුනෙමි අතරමග නුඹ ඉන්න හින්දා

ජිවිතය ඉගිලයයි ඒත් මම තව මෙතන
සඳට පෙම් කරපු අපි අද ගිහින් කොයි කොතන
නවතින්න නවාතැන නුඹේ හද මා පතන
ඒත් අද ගිහින් නුඹ මා දමා අද මෙතන

පුර හඳට පෙම් කරේ මම විතර නම් නොවේ
සඳ එළිය හිමි වුනේ මටම විතරක් නොවේ
මල් සුවඳ හිමි වුනේ නුඹට විතරක් නොවේ
දුක දරන් වෙන් වුනේ නුඹ විතර නම් නොවේ

මිලින



























කහ පැහැති දුම්රිය
විදුලි රැහැනින් දිවි ලද
යකඩ රෝදෙට දැනුනද
පණ නල සිඳෙනු කුසුමක?

එකම හුස්මට දිව යන
නිමාවක් නැති ගමනක
මොහොතක් මැවී පෙනුනද
පැතුම් ගොන්නක් මියැදුන?

ගැහැට පිරි ලොවකට
කඳුළු නොසිඳුනු නෙතකට
කහ පැහැති දුම්රිය
නුඹ විය එකම සැනසුම

හැමදාම යන එන මඟ
සිල්පර කොටං සිඹ සිඹ
රතු මල් පිපෙයි ගොන්නක්
පර නොවී මෙහි කිසිදින

G-MAIL ACCOUNT දෙකක එක පාර වැඩ කරමු

මම දන්නේ නම් නැ මේක ඔයාලාට කොයි තරම් වැදගත් දෙයක්ද කියලා... ඇත්තටම කිවොත් මට නම් මේක පට්ට විදිහට වටිනවා.... මොකද මම බ්ලොග් එක ලියන මේල් ඇඩ් එකෙන් නෙමෙයි අනිත් වැඩ ටික කරගන්නේ... එකට අනිත් මේල් එකවුන්ට් එකට ලොග් උන ගමන්ම බ්ලොගර් මල්ලිත් දාලා යනවා.. ආයේ ඉතින් ඒකට ලොග් වෙන්න වෙනවානේ එක ටිකක් විතර කරදරයක් කියලා මට හිතුන නිසා හෙව්වා පොඩි විසදුමක්.. මම පොර ටොක් දිදි කිවට මේක ඔයාලට නම් පරන තැටියක් වෙන්න ඇති.. එත් මම නම් මේක මුල්ම වතාවට භාවිතා කෙරුවේ අද (2011 - 5-17 ) .. මට නම් මාර ගති
ලොකු දෙයක් නේමේ එක පාර එකම බ්‍රව්සර් එකකින් මේල් එකවුන්ට් දෙකක් හැන්ඩ්ල් කරන්න පුලුවන් සුට්ටි ක්‍රමයක්
මුලින්ම ඔය ඔයාට කැමති මේල් එකවුන්ට් එකකට ලොග් වෙන්නකො... නැතත් කමක් නැ.. පස්සේ දෙකටම ලොග් වෙන්න පුලුවන් ඇති (ඒක නම් මම බැලුවේ නැ) එකකට ලොග් වෙලා මේන්න මේ මම දෙන ලින්ක් එකට ගොඩ වෙන්නකෝ
LOG 
USE MULTIPLE GOOGLE ACCOUNT IN THE SAME WEB BROWSER

කියලා එකක් තියනවානේ එකට කිලික් කරලා ඩොට් මාක් දාලා කො‍ටු ටික පුරවන්නකෝ...
දැන් ඉතින් ඔයාලගේ මේල් එකවුන්ට් එකට බැක් වෙලා ඔයාලගේ මේල් ඇඩ් තියන තැන බලන්න්නකෝ
තව මේල් එකක් සියින් ඉන් වෙන්න පුලුවන් කියනවානේ
ඉතින් දැන් වෙන්නකෝ
වැඩක් වුනා නම් නැති උනත් කමක් නැ මොනවා හරි ටිකක් කියලා යන්නකෝ.....

වෙලාවක් තියනවානම් අපේ ගෙවල් පැත්තෙත් ඇවිත් යන්න එන්නකෝ

බඩගින්න

"කොයින් ද ඔය පිහාටු?"

"තුන් දෙනෙක් මැරුවා මෙන්න සයිස්එක" මල්ලී අතින් ප්‍රමානය පෙන්වීය. අප ජීවිතයට ම තවම කුකුල් මස් රස බලා ඇත්තේ එක ම එක දවස ය. චාන්දනීගේ මඟුල්දා අපට කටු වැඩි වන්නට කුකුළු මස් ද ඇතිව බත් දීසියක් එවා තිබිණි.

රිදී නිමනය
කරුණාසේන ජයලත්
197 පිටුව

වැඩකරන දවස් වල උදේටයි දවල්ටයි කන්න කඩේට ගියාම විවිදාකාර අය මුණගැහෙනව. සමරෙක් ඇවිදින් හිතේ හැටියට කෑම අරන් කැවත් සමර උදවිය කන්නේ බොහෝම සුළු දේවල් ටිකක් ඇත්තටම ඒ ඔවුන්ට කන්න බැරි නිසා නම් නොවෙන බව බැලු විගසම තේරුම් යනවා. දවල් කන වෙලාවට බනිස් ගෙඩියක් කා ප්ලේන්ටියක් බොන්නේ බත් කන්න බැරි නිසාද නැත්නම් බත් එකේ මිල සාක්කුවට දරන්න නොහැකිවීමද කියන එක දන්නේ ඔවුන් පමණයි.

උදේ කැම වේල ඉඳිආප්ප 10ක් සහ පොල් සම්බෝල වලින් සැහීමකට පත්වෙන නැත්නම් ප්ලේන්ටියක් විතරක් බොන අය සුව පහසු ඒ සී කාමරවල රැකියාවල් කරන අය නෙමෙයි. ඔවුන් බහුතරයක් කුලී වැඩ කරන දවසම ශරීරය වෙහෙසා වැඩ කරන අය. ඉස්සර කොළඹ වැඩ කරන කාලේ අතේ මුදල් තිබිලත් බත් කන්න කම්මැලි කමට සහ විනෝදයට වගේ දවල්ට බනිස් සහ කෙසෙල් ගෙඩි කන අය දැකලා තියෙනවා. ඒ ඇරෙන්න බත් වෙනුවට ඊටත් වඩා වියදමක් දරලා වෙනත් කෑම වර්ග කන අයත් ඉන්නවා. ඒත් මේ වට පිටාවේ නම් එහෙම කරන්නේ මුදල් නැති කමටම මිසක් වෙන කිසිම හේතුවක් නිසා නම් නෙමෙයි.

ගෙදරදී බඩ කටපුරා කාලා කෑම විසී කරන වෙලාවට නැත්නම් කෑම රස නැහැ කියල බෙදා ගත්ත බත් එක වීසි කරනකොටවත් අපිට කවදාවත් හිතෙන්නේ නැහැ මේ ලෝකේ තව කී දාහක් දෙනා ඒ වෙලාවට කන්න බත් ඇටයක් නැතුව බඩගින්නේ පීඩා විඳිනවද කියලා. ඉහත උපුටනය තියන පොතේ ප්‍රධාන චරිතය කන්න නැතුව ඉන්න හැටි ගැන තියෙන විස්තර නවකතාවක තියෙන දේවල්ම නෙමෙයි හැබෑලෝකේ ඊටත් වඩා පිඩා විඳින අය ඉන්නවා ඇති අපේ ඇස නොගැටුනාට.

මෙතෙක් කාලෙකටනම් කන්න යන්න කම්මැලි කම නිසා හෝ වැඩක් යෙදීම නිසා හැර අතේ මුදල් නොමැති වීම කියන කාරණය නිසා මන් බඩගින්නේ ඉඳලා නැහැ ඒක නිසා බඩගින්න කියන එක මගේ ජීවිතේට දුෂ්කර දෙයක් හැටියට අද වෙනකම් මට දැනිලා නැහැ ඒත් අපේ වට පිටාවේ බොහෝ දෙනෙක් පිටතට නොකිව්වට බඩගින්නෙන් පීඩා විඳින බව නම් රහසක් නෙමෙයි. අපි හැම වෙලේම අපිට ලැබිලා තියෙන දේවල් ගැන සතුටු නොවුනට ලෝකේ අනික් අයත් එක්ක බැලුවම අපි හැබෑවටම වාසනාවන්තයි කියලා මට හිතෙන්නේ.

ජීවිතය.... ආදරය.. සිංඳුවට පෙරලුවෙමි

Saturday, July 23, 2011
සුඳුපාට ගවුමේ ආදරය බැඳුනේ
නුබ ලස්සනයි නංගියේ...
ඔය නීල දෑසේ මා දෑස් බැඳුනේ
හුරතල් නිසයි පැන්චියේ..
දෙන්න මට ආදරේ දෙන්න මගෙ ජීවිතේ
නුබ මගෙ තමයි පැන්චියේ....
මා ආදරෙයි නංගියේ.......

කිසිදිනක මා සිතේ නැවතුනු නැතී
නුබම පමණක් ඇවිත් නැවතුනු හැටී
ආදරය මා සිතේ දලුලන හැටී
නුබට මම ජීවිතෙත් පුදමී සිතේ
සිත නුබගෙ ලගමයි...
නවතන්න බැහැමයි...
මා අසරනයි පැන්චියේ...
ආදරය පුදුමයි... මටනම් නොතේරෙයි...
මා ආදරෙයි නංගියේ...
සුදුපාට ගවුමේ..//....


සුදුම පාටින් නුබ එන හැටී
හුරතලය පෙන්නා හිනහෙන ගතී
මුලු සසරෙ නුබ පතා එනවයි සිතී
හැමදාම මා සිත හඩවන හැටී
හැගුමන් බොහෝමයි...
සිත ඇතුලෙ තෙරපෙයි...
පවසන්න බෑ නංගියේ...
ජීවිතය පුදුමයි... නුබ හටම බාරයි...
මා ආදරෙයි නංගියේ....
සුදු පාට ගවුමේ..//.....


මට මතකයි ඔයා ඒ දවස් වල සුදු පාටට ඇදලා ලස්සනට ඉස්කෝලෙ එනවා. ඒ හුරතල් හිනාව මට කවයදාක්වත් අමතක වෙන්නෙ නෑ උමේෂා නංගියෝ.. ඇත්තමයි.... මම තවම ඔයාට ආදරෙයි.......

පි‍ටු පෙරලපු ගාන