වත සහ හදවත.

Tuesday, August 30, 2011


වත රැඳි වතට 

ගතු කියන නුඹ 
දුටුවේද කෙදිනක හෝ
ඒ වත හැඳි වතෙහි
හදවත...

අපි ?


අපි... කව්ද ?
අපි... මොකටද ආවේ?
අපි... මොනවද කරන්නේ?
අපි... කොහෙටද යන්නේ?
අපි... මොනවද අරන් යන්නේ?
අපි... මොනවද දාලා යන්නේ?

හිතන්න ආයෙමත් අපි ගැන.. අපි කවුද ? තව හිතන්න. මොනවද මේ අපි කරන්නේ? මොනවද තව අපෙන් කෙරෙන්න ඕන? මොනවද අපෙන් වෙලා තියන්නේ ?

"මේක විකාරයක් වෙන්න පුලුවන්.. ඒත් මේ මට අද දවසේ හිතට ආව ප්‍රශ්නයක්... තවම මම උත්තර ගලපනවා"

හැම කොල්ලම , හැම කෙල්ලම මේ ගැනත් හිතුවොත් හොදා...

Monday, August 29, 2011

මේකත් මම මගේ දේවාගේ අඩවියේ මිට කාලෙකට කලින් දාපු කතාවක්. සමහර අයට මේක මග හැරිලා ඇති කියලා හිතුන නිසා දාන්නේ... ඔන්න මේක අඩල්ට්ස් ඔන්ලි එකක් නම් නෙමේ.. හිතන්න දෙයක් තියන පුන්චි කථාවක්

ඉතා රුමත් යුවතියක් මනෝ චිකිත්සකයෙකු වෙත ගියාය...  
යුවතිය දුටු මොහොතේ සිටම ඔහු ඈයට ආකර්ශනය විය...  
ඔහු ප්‍රතිකාර සදහා කාමරයට රෑගෙන ගියේ එම නිසාය..

දෑන් ඔයා මොකටද මාව හොයාගෙන ආවේ.....? ඔහු ඈය ඈද මත වාඩි කරවා ගනිමින් ඈසිය..

"ඩොක්ටර් මම මගේ පෙම්වතාට කාලකන්නි මුසලයා කියලා බෑන්නා......" ඈය දුකින් කිවාය.

"පෙම්වතාට විතරක් නෙමේ තරහ කාරයෙකුටවත් වගේ වචනයක් නම් කියන්න හොද නෑ....

එත් එහෙම කියන්න මොනව හරි හේතුවක් තියෙන්න එපෑයි මනො චිකිත්සකවරයා කිවේය.

"එයා මාව සිප ගත්තා " ඈය බිම බලාගෙන කිවාය.

" කියන්නේ මේ විදිහටද.......?" අසමින් ඔහු ඈගේ මුහුන සිප ගත්තේය.

"ඔව් විදිහට තමා..." ඈය කිවේය..

" උනාට අර තරම් වචනයක් කියන්න එතන වෑරද්දක් මට පෙන්නේ නෑ" ඔහු කිවේය.

"එයා මාව අත ගාන්න පටන් ගත්තා......" ඈය කිවේය..

"මේ විදිහට ? චිකිත්සකවරයා ඈයව ස්පර්ෂ කරමින් ඈසිය..

"ඔව් එහෙම තමයි"

"එකත් ඉතින් බනින්න හේතුවක් නෙමේනේ

"එත් ඊට පස්සේ එයා මගේ ඈදුම් ගෑලෙව්වනේ....."

"මේ විදිහටද?....."

අසමින් චිකිත්සකවරයා ඈගේ ඈදුම් ඉවත් කලේය.

"ඔව් විදිහට තමා..... යුවතිය ලෑජ්ජාවෙන් කිවාය..

"ඉතින් එකත් බණින්න තරම් හේතුවක් නෙමේනේ...."

"එයා මගෙත් එක්ක අඹු සෑමි සබදතාවයක් පෑවත්තුවා....."

"මේ විදිහටද අසමින් මනෝ චිකිත්සකවරයා ඈය සම්ග අඹු සෑමි සබදතාවයක් පැවත්තුවාලු..

"ඔව් එහෙම තමයි......." යුවතිය පිලිතුරු දුන්නාය..

"ඉතින් එකත් බනින්න තරම් හේතුවක් නෙමේනේ......"

"එත් ඊට පස්සේ එයා කියනවා එයාට ඒඩ්ස් හෑදිලා තියනවා කියලා......" ඈය මහත් දුකෙන් කිවාය.

"කාලකන්නි මුසලයා" මනෝ චිකිත්සකවරයා බෙරිහන් දුන්නේය....


කතාව පුන්චි උනාට අපිට හිතන්න දේවල් ගොඩයි... මමත් දෑන් පෑත්තකට වෙලා හිතන්නයි හදන්නේ.... ඔයාලත් හිතන්නකෝ

ෆැකල්ටියේ විරහව....

Sunday, August 28, 2011

රුපියල් දෙකේ
ප්ලේන්ටියෙන්
ඉතුරු වෙනවා
රුපියලක
තාම
ඇවිත් බොන්න
මම ගියාමවත්

හැබැයි
දැනටමත් නිවිලා

ආදරෙයි මා ආදරෙයි

හැමදාම ලගට වී
තුරුළුව සෙනෙහසින්
නොකිව්වට ආදරෙයි මම
මැවෙන හැමවිට
රුසිරු ඔබේ රුව
සිතෙන් කියනෙමි
ආදරෙයි මා ආදරෙයි !!!

අන්ධ ආදරය

Saturday, August 27, 2011

උනා ඇගේ කසී සළු
ලං උනා සීරුවෙන්
දැනුනි මහ සීතලක්
නැගෙයි රාගිනි මතින්

නෙතින් වැයෙනා වෙනෙන්
නැගෙයි තනු දහසකුත්
සිතින් යයි බොහො දුරක්
බයයි දැන් මට ගොඩක්

ආදරය හීනයකි
නොලැබෙනා බව සැබැවි
එහෙත් ඒ ආලයට
ආදරෙයි මම ගොඩක්


නොපිපුනු රෝස මල්

එක මනුස්සයෙක්ගෙ වත්තෙ රෝස ගහක රෝස පොට්ටුවක් තිබුනලු. මේක දිහා ටිකක් වෙලා බලන්හිටපු මිනිහ හිතුවලු “ මේතරන් කටු තියෙන ගහකින් කොහොමද හොඳ මලක් පිපෙන්නෙ “ කියල .
මේ සිතුවිල්ල නිසා මිනිහ ගහට කරන සැලකිල්ල ටිකෙන් ටික අඩුවුනාලු.
ටික දවසක් යද්දි මල පිපෙන්න කලින්ම ගහ වේලිලා ගියාලු වතුර නැති නිසා.



ආශ්චර්යයේ දිවයින (අවසන් කොටස )


කට්ටියට මතකද මන්දා මම කලින් ලියපු එව්වා.බොහොම ඉස්සර නොවැ කලින් ටික ලිව්වේ.අහුකොන් තියන්නෙ මොකටද කියලා ඔන්නොහෙ ඉවරයක් කරලා දාන්න හිතුවා.කියෙව්වෙ නැත්තං මෙතනින් ගිහින් බලන්න.


ඔන්න කොහොමින් කොහොම හරි මාව උත්සවශ්‍රියෙං රොකට් එකටත් නැග්ගුවා කියමුකෝ.අප්පා ගඳ මේකෙ ඇතුලෙ.මේක හදලා ඉවරවෙලා නිකං ඔහේ තිබ්බ කාලෙ මේක ඇතුලෙ කුඩු කාරයෝ, ගංජා කාරයෝ, පිම්පියෝ, හිඟන්නු විතරක් නෙමෙයි රතිකෙළි කාරයින්ගෙත් පාරාදීසයක් වෙලයි තිබිලා තියෙන්නෙ.හැම තැනම බුලත් කෙළ පාරවල්.බිත්තිවල හුණු වලින් ලංකාවෙ අඟනුන් ලඟ නැති තරමේ අඟපසඟින් යුත් මහිලා රූප ඇඳලා.නූල් පටක්වත් නැති මේ නාරි රූප ඇඳපු උන් කොහෙදි දැකපු එව්වද කියලා මට හිතාගන්නවත් බැරි උනා.මට උන් ගැන හීනි ඉරිසියාවකුත් ආවෙ නැතුව නෙමෙයි.රූප ඇඳලා ඉතුරු උනු ඉඩවල් ඔක්කොම සංස්කෘත ශ්ලෝකවලින් ආවරණය කරලා.එළිවැට ඇති ඒවා නැති ඒවා විතරක් නෙමෙයි දිග ගද්‍ය ආඛ්‍යාන එහෙමත් තැනින් තැන ලියලා.සමහරවිට මේක මේ අපේ රජතුමා මගේ පහන් සංවේගය උදෙසා කරවපු කැටපත් පවුරක් සහ චිත්‍ර එකතුවක්දෝ කියලත් මට හිතුනා.මොකෝ ඉතිං හඳට යනකං කියවන්ඩවත් යමක් තියෙන්ඩ එපායැ.

නගරසභාවෙ වැසිකිලිය අලුත්වැඩියා කරනවා වෙන්නැති රජතුමාගේ වැසිකිළි නැගුම වැඩසටහන යටතේ.පාරෙ යන හැම එකාම මේකට රිංගලාද කොහෙද හැම අහු මුල්ලකම මුත්‍ර ඉස්පිරිට් එක එනවා නහය කැරකැවෙන්න.මේකෙ ඇතුලෙ උපත් පාලන පාඨමාලාවකුත් තියලද කොහෙද.එක එක ජාතියේ පාට පාට පාවිච්චිකළ ඒ ආරක්ෂකාවරණ මහා ගොඩක් ඒක ඇතුලෙ.අපේ රාජ්‍ය අංශයේ ක්‍රියා පිළිවෙලට පින් සිද්ද වෙන්න මට කොස්සක් සහ අතුගාන ක්‍රමය සඳහන් වෙන් අත් පොතක් දීලා තිබුණා.මම ඒ රාජ්‍ය අංශයේ නිළාධාරීන් ඇතුළු පවුලේ සැම සිහිකරමින් මේ දුර ගමන යන්න හැකි වෙන විදිහට අතුපතු ගාලා ටිකක් පිළිවෙලක් කරගත්තා.

ඔන්න මේකේ ඉස්පීකර් කටුවෙන් ලොක්කගේ තේමා වාදනය ඇහෙන්න පටං ගත්තා.(මේකෙ උපකරණ ඔක්කොම අර මල් ඉස්කුරුප්පු නියනෙන් වත් ප්ලැට් එකෙන්වත් ගලවන්න බැරි අමුතු ඇණේකින් සෙට් කරලා තිබ්බ හින්දා එව්වානං අපේ සුචරිතවාදී දේශප්‍රේමීන්ගේ ග්‍රහණයට අහුවෙලා නෑ.)අම්මෝ ඇති යන්තං පොර පාලක මැදිරියට ඇවිත්.හඳට යන්න මුළිං පස්ස ගහපු මම දැං හැකි ඉක්මනිං යන්න හදන්නෙ මේ අටමඟලේ ඇතුලෙ දාඩිය දාන එකෙං ගැලවෙන්න හිතාගෙන.මොකෝ දැං බැහැල ගෙදර යන්ඩයැ.ලොක්කගේ මතේට පිටිං ගියොත් ඉතිං ජෙනරාල් එක්ක ඕමි ගගහ හිටියෑකි අවුරුදු ගාණක් ලෝකෙටම අපිව අමතක වෙනකං.ඊට පස්සෙ ඉතිං එළියට ආවත් වැඩක් තියෙනවයැ දේශද්‍රෝහියෙක් විදිහට.

ලොක්කාව මහත් හරසරින් පිළිගන්නවා මට ඇහෙනවා.ප්‍රීතිඝෝෂා නිමක් නෑ.විසිලුත් ගහනවා.ලොක්කව හේවිසි ගහලා තොරන් යටින් ප්‍රධාන පාලන පුවරුව ගාවට එක්කං යනවා මට හිතාගත්තෑකි.ඇයි ඉතිං පහුගිය කාලෙ රූපවාහිනියේ දැක්කෙම ඕවා විතරනෙ.

"හරි එහෙනං සර් මවුස් එකට අත තියන්ඩකො".ප්‍රධාන ඉංජිනේරු තැන කියන ස්වරෙන්ම මට තේරුණා දැන්නං මුගේ නළල උගෙම දණිස්සෙ වැදිලා ඇති කියලා.

"නෑ නෑ සර් මවුස් එක කියන්නෙ මේකට.ඔය සරම පාත දාලා මේක අල්ල ගන්ඩ." ඉංජිනේරු කොලුවා ආයෙත් බැගෑපත් උනා.

"දැං මෙතෙන්ට ගෙනිහිං මේ බොත්තම තද කරන්න සර්."අප්පා මේකා නළවන නැළවිල්ල.ඉංජිනේරු මහත්මයෙක්ද මහත්මියක්ද?මහත්මයෙක්නං ෂුවර් එකටම මද සරු භාවයෙන් පෙලෙන එකෙක් වෙන්න ඕනෙ.මහරජතුමාගේ යෝධ පෞරුෂ‍ය ඉස්සරහා මේකට ලිංගෙත් අමතක වෙලා ද කොහෙද.මම ළඟ හිටියනං ඕකට කියල දෙනවනෙ ඔය ටෙලිවිශන් එකෙ පෙන්නන ඔක්කොම ඇත්ත නෙමෙයි බං. ඇත්තනං ඔය සුපර් මෑන්ල, ස්පයිඩර් මෑන්ලත් ඉන්න ඕනෙනෙ මේ වටපිටාවෙම කියලා.

පිරිකරේ සයිස් එකට පක්ෂෙ මාරුවෙන, දානේ සයිස් එකට බණ කියන, ඒ සිල්වත් මෞඛද්වාරවලින් සජ්ඣායනාවෙන පිරිත් හඬ මැද්දෙ ලොක්කා බොත්තම තද කරන්ඩ ඇති.මොකද එක පාරටම හෝ ගාලා අප්පුඩි ගහන සද්දයක්නං ආවා.ඒත් රොකට එකනං එතනම තමා.

කඩිමුඩියේ දුවගෙන ආපු මිකැනික්ලා, ඉංජිනේරුවෝ, සිවිල් සේවකයෝ, නාට්ටාමිලා, සංස්ථා සභාපතිලා, හමුදා නිලදරුවෝ දාහකිං විතර රොකට් එක පිරුණා.ඇණ බුරුල් කළා, තව එව්වා තද කළා.වයර් හයි කරලා තිබ්බ එව්වා ගැලෙව්වා.ගැලවිලා තිබ්බ එව්වා ඇමිණුවා.අක්‍රිය තත්වේ තිබ්බ රොකට් එක රාජ භීතිය විසින් මිනිත්තු ගාණකදී ක්‍රියාකරන තත්වයට ගෙන එනු ලැබුවා.මේ ගැම්ම මුන්ට කළිං ආවනං මෙලහකට මම හඳට යන ගමංනෙ.කොහෙද දැං ඉතිං නැකතත් පැනලා.රජතුමාට මලත් පැනලා.

කොහොමිං කොහොම හරි ලොක්කගේ මල ඉවර උනාම නැවතත් ඒ ආශ්චර්යමත් මොහොත එළඹුනා.දේශීයත්වයට මුල් තැන දීලා "දහය නමය අට......." කියලා සිංහලෙන් ගැණලා බින්දුව කියද්දිම ලොක්කා මවුස් එකේ බට්න් එක ප්‍රෙස් කළා.මුළු රොකට් එකම දෙදරගෙන මේකෙ මෙව්වා එක ක්‍රියාත්මක උනා.ඔන්න ටික ටික මේ දහිරවාට්ටුව අසරණ මගේ පංචස්කන්දෙත් අරන් ගුවන්ගත උනා.තහඩු එකට ඇතිල්ලෙන සද්දෙට මගේ දත් විතරක් නෙමෙයි හිතත් හිරි වැටුණා.මේකෙ ආශ්චර්ය ඇත්තටම ඔය ටෙලිවිශන් එකේ කියපුවා නෙමෙයි යන අතරමගදි කෑලි කෑලිවලට වෙන් නොවී තියෙන එකයි කියලා මට තේරුණේ ඒ වෙලාවෙ තමයි.

"පාලක මැදිරියෙං රොකට්ටුවට ඇහෙනවද අපිව? ඔබට අනතුරක් නෑ නේද?"

"ඇහෙනවා ඇහෙනවා තවමනං මළේ නෑ.මේ ඒක නෙමෙයි මොකද මේ මේකෙ හැම කෑල්ලකම 'මේඩ් ඉන් චයිනා' කියලා ගහලා තියෙන්නෙ?කිව්වෙ මේක ලංකාවෙ සම්පත්වලින් මෙහෙ ඉංජිනේරු දැනුමෙන් හදනවා කියලනෙ"

"අනවශ්‍ය ප්‍රශ්න අහන්න එපා බූරුවො.තමුසෙට කරන්න කියන දේ විතරක් කරනවා."අපේ මහරජතුමාගේ කට හඬින් උන්වහන්සේට රාජ මලක් පැන ඇතිබව දැනගතිමි.රාජ උදහසට බයේ පස්ස ගහන පුතයෙක් නෙමෙයි මම.ක්ෂිතිජයෙන් එහා ලෝකය බලන්ඩ කියලා දුන්නු සති තුනේ පාඨමාලාව කරගන්ඩ පින නැති උනත් උප්පත්තියෙන්ම ලැබුණු විචාර බුද්ධිය නිසා මම මේකෙ එක එක එව්වා ගැන ඔක්කොමො ටික අහනවා කියලා හිත හදාගත්තා.මේ යකා දැං ඉතිං මේ රොකට් එක ආයෙ බාන්ඩයැ.

"ලොක්කා මොකක්ද මේ බී.ටී.අයි. කියලා ගහලා තියෙන බෝතලේ?"

"ඕක දන්නැද්ද බූරුවො, ඔය අර මදුරුවො මරන්න ගෙනාපු බැක්ටීරියාවනෙ ගොනෝ"රජතුමාට මගේ නොදැනුවත්කම නිසා අනුකම්පාවක් පහල වෙලා.

"ඉතිං මේක හඳට යවන්නෙ?එහෙ එච්චරටම මදුරුවො ද?"

"නෑ එළ හරකෝ ඕක කෝටි ගාණක් දීලා ගෙනාවට ඕක ගහල මදුරුවො මරලා බෑ.ඩෙංගු ඉවර උනොත් අලුත් බේත් ගේන්නෙ මොන ලෙඩේට ද?උඹ කියන්නෙ අපිටත් පඩියෙන් විතරක් ජීවත් වෙන්න කියල ද?ඕක මෙහෙ තියෙද්දි බැරි වෙලාවත්, මම මේ වෙනවට නෙමෙයි කියන්නෙ, ඒත් බැරි වෙලාවත් අපේ ආණ්ඩුව පෙරළුනොත් අනිත් උන් ඔව්වා ඇද ඇද අපිට ලෙඩේ අදින්න පුළුවං.ඕක දැං හඳට ගිහින් දාපුවාම ශේප් එකේ අමතක වෙලා යන්නෙ නැතෑ."

"එතකොට මේ වරාය ගැන විස්තර තියෙන ෆයිල්.ඒවත් හඳේ තියලා එන්න ඔනෙ ද?"

"ඔව් උලමො ඔව්.සල්ලි කේස් ගැන ලිඛිත සාක්ෂි තියාගන්න හොඳ නෑ.තව හෙල්පිං හම්බන්තොට කේස් එකක් ඇදගන්න මට ඕනෙ නෑ."

"මගෙන් ඔබට ලැබෙන අන්තිම ප්‍රශ්නය.මෙතන ඇමරිකාවෙ පට්ට ලොකු කොඩියකුයි අපේ රටේ චූටි කොඩියකුයි තියෙන්නෙ ඇයි?"

"අපේ මේ ප්‍රොජෙක්ට් එකට ණය ගත්තේ ඇමරිකාවට වැඳලා කියලා තෝ දන්නැද්ද ගස් ගෙම්බෝ?.උන් දාපු එක කොන්දේසියක් තමා උන්ගේ දිරලා ගිය පරණ කොඩිය වෙනුවට අළුත් එකක් ගිහින් හිටවන්න කියන එක.උන්ට මේ කෙළවරක් නැති යුද්ද හින්දා හඳ පැත්තෙ ගිහින් එන්නවත් නිස්කාන්සුවක් නෑලු."

"ඉතිං ඇයි අපේ කොඩිය පොඩි? මේක නිකං නිදහස් දවසට කොළඹ ඉස්කෝලවල කෙල්ලො ගෙන්නලා උන්ට කියලා වනවන සයිස් එකේ පොඩි එකක්නෙ."

"ඉතිං මොකද පොල් බූරුවෝ.උඹ කියන්නෙ ඇමරිකාවට වඩා ලොකු කොඩියක් ගිහින් ගහන්න කියල ද?උන්ට හඳේ පැත්තක්ම අයිතියි.උන් එකෙං පර්චස් විස්සක් දෙන්නං කියලා කිව්වා.ඔප්පුවත් ඇති රොකට් එකේ.අපිට දුන්නු කෑල්ලෙ විතරක් බලලා කොඩිය හිටවපන් හරි ද මැටි හරකා.නැත්තං තියෙන යුධ අපරාධ චෝදනා අස්සෙ ජාත්‍යන්තර සීමා උල්ලංගනය කලා කියලත් මොකක් හරි මගුලක පැටලෙයි මාව."

රොකට්ටුව ගැටලුවකින් තොරව ගොඩ බා ගත හැකිවිය.

"මේ අපේ අතිගරු මහා රාජෝත්තමයාණන් වහන්සේගේ ශ්‍රී පාදයේ නියෝජනයක් චන්ද්‍ර භූමිය මතට ගෙන ආ එක් කුඩා පියවරක් පමණි.නමුත් උන්වහන්සේගේ දූරදර්ශී පාලනය යටතේ පිබිදෙන ආශ්චර්යයේ දිවයිනේ තවත් යෝධ පිමි රැසක ඇරඹුම පමණි මේ."

ලොක්කා ලියා දුන් දෙය ලෙසටම පාඩම් කරගෙන විත් ලෝකයටම ඇසෙනසේ මයික්‍රෆෝනයට මුව ළං කර ගඹුරු හඬකින් කීවෙමි.පාලක මැදිරියේ හුරේ දානවා ඇහෙනවා ය.ෂැම්පේන් ද බොනවා වාගේ ය.ලොක්කා ජාතිය අමතා සජීවීව කරන කතාව පටන් ගත්තේ ය.සතුටට ලොක්කාගේ උගුර ද හිරවෙලා ‍ය.

"මගේ දයාබර වැසියනි.අද අපි හැමෝටම එක රටක් හැටියට සතුටුවෙන්න පුළුවන් අවස්ථාවක් උදා වෙලා තියෙනවා.ශ්‍රී ලාංකික පුරවැසියෙක් ඔබ අපි හැමෝම නියෝජනය කරමින් දැන් මේ මොහොතේ සඳ මත ඉන්නවා.මේ අවස්ථාවෙ තමුන්නාන්සෙලාට කියන්න කැමතියි අපේ තාක්ෂණික දියුණුව තවම සම්පූර්ණ නෑ.අපි අද සමත් උනා තමයි අපේ රටේ පුරවැසියෙක් හඳට යවන්න.ඒත් ඔහුව නැවත ගෙන්න ගන්න අවශ්‍ය තාක්ෂණය තවම අපි ළඟ නෑ.ඒ සඳහා අවශ්‍ය තාක්ෂණය ලබා ගැනීමට කටයුතු කිරීමට මට මීළඟ වතාවෙත් ඡන්දය දෙන මෙන් ඔබ තමුන්නාන්සෙලාගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.මට පළමුවත් මව්බිම, දෙවනුවත් මව්බිම, තුන්වෙනුවත් මව්බිම....ලොක්කා පෝඩියම් එක දෙදරන්න ගහමින් කියූ විට යටත්වැසියෝ ඔල්වරසන් දුන්හ.

මම සිහිය නැතිව ඇදගෙන වැටුනෙමි.

ගෙඹි අවුරුදු....

Wednesday, August 24, 2011








     කාලෙකින් සිතුවිලි පවුරට ගොඩ වුණේ හදිස්සියෙම අපූරු කතාවක් මතක් වුණු හින්දයි..මේක හැබැයි මට ගුවන් විදුලි නාලිකාවකින් අහන්නට ලැබුණු කතාවක්.ඔයාලත් සමහර විට අහලත් ඇති..පොඩි දරුවන් වෙනුවෙන්ම වෙන් වුණු උදෑසන වැඩසටහනක තමා ගියේ..(මංචිත් ඉතින් තාම පොඩි එකානෙ...ඒ නිසා අහන්නෙ ළමා වැඩසටහන්.. ;)...හිකිස්


     හරි මෙහෙමයි කතාව...


     ඔන්න එක විලක් තිබුණලු....ඒ විලේ හිටියලු ගෙඹි සමූහයක්...සමූහයක් කිව්වට ඇත්තටම කිව්වොත් ඉතින් අම්මල-තාත්තල-අච්චිල-සීයලා-දූලා -පුතාල...මුත්තලා ආදී එකී මෙකී නොකී පිරිසගෙන් සමන්විත ගෙඹි ජනපදයක් තමා එතන වාසය කරල තියෙන්නෙ...ආහ් කියන්න බැරි වූණානෙ මේ විල තිබිලා තියෙන්නෙ ලංකාවෙ හොඳේ...(දැන් අහන්ඩ එපා විලේ නම මොකද්ද කියල ඕං...)


     හරි ඉතින්....ඔන්න ඉතින් වසන්ත කාලෙ උදාවෙලා...අලුත් අවුරුද්දටත් කිට්ටු වේගෙන එනකොට..මේ විලේ සුභසාධක සමිතියෙන් තීරණය කළාලු ගෙඹි ජනපදයෙ අයට පොඩි ෆන් එකක් ගන්නත් එක්ක අවුරුදු උත්සවයක් සංවිධානය කරන්න..ඉතින් දවසක් එහෙම දාගෙන වැඩේ සංවිධානය කළාලු තිතට...මේ අවුරුදු උත්සවේත් ඉතින් තිබිල තියෙන්නෙ අපේ අවුරුදු උත්සව වල වගේම තරඟ තමා..ඔය කඹ ඇදිල්ල,ගෝනී පැනිල්ල,අවුරුදු ගෙඹි කුමරිය තේරීම...වගේ එව්වා...ඔය තරඟ අතර තිබුණලු ඔන්න ලිස්සන ගහේ නගින තරඟ අංකයකුත්....


     දැන් ඔන්න ගෙඹි ජනපදේ හිටිය හොඳ සවි ශක්තිය තියෙන ගැටව්,මැදිවියේ ඉන්න සෙට් එකම බැහැලලු ලිස්සන ගහේ නගින්න.ඇයි ඉතින් ගැටිස්සියොත් බලාන ඉන්නවනෙ...;) එක දාගන්නත් පුළුවන්නෙ...හැබැයි ඉතින් පටන් ගත්තම තමයි කට්ටියටම තේරිලා තියෙන්නෙ වැඩේ ලේසි නැති බව..කොච්චර නැග්ගත් ලිස්සනවලු...කොහොමටවත් කොඩිය පේන මානෙකටවත් ඒ ගන්න කලින් වැටෙනවලු....


     ඒ අස්සෙ අහල පහල ඉන්න නරඹන්නො කෑ ගහනවලු....හූ කියනවලු...


     හූඌඌඌඌඌඌ...........අද නං නගී...


     අපෝ ඔය කොඩියනං ගලවන්න පුලුවන් එකක් නෙවෙයි.......


     අපි වැඩියෙනුත් එක්ක ග්‍රීස් ගෑවෝ............


     ඔන්න ලිස්සුව...ඔන්න ලිස්සුවා.....


     මොනාද හලෝ කරන්නෙ නගිනවකෝ......බැරිනං අතෑරලා යනවකෝ...........


     ලොක්කො වගේ වාවට අඩි දෙකක් යා ගන්න බෑ....


     ඒ අස්සෙ ගැටිස්සියෝ බඩ පැලෙනකල් හිනා වෙනවලු.......


     එක විකාරයයිලු......


     වටේ ඉන්න උන්ට තියෙන එකම ෆන් එක මුං වැටෙන වැටෙන පාර හූ කියන එකලු.....


     කොහොම කොහොම හරි කොච්චර ට්‍රයි කළත් අන්තිමේ කිසිම කෙනෙක්ට කොඩිය ගන්න නං බැරි වුණාලු......අනේ ඉතින් සංවිධායක මංඩලේ ගේම නවත්තන්න යද්දිම මෙන්න මූනේ දැලි රැවුලක් වත් නැති පුංචි ගෙඹි හාදයෙක් එනවලු ලිස්සන ගහේ නගින්න....


     කට්ටියට ඉස්සෙල්ලටත් වඩා ෆන්ලු දැන්..අර හැඩි දැඩි...ශක්තිමත් තරුණයින්ට බැරි වුණු දේ...මේ ඇටිකිච්චා කොහොම කරන්නද කිය කිය හිනා වෙනවලු පලු යන්න...


     ඒත් අර පුංචි ගෙඹි පැංචටනං වගක්වත් නැහැල්ලු ඒ ගැන..ගහ ලඟට ගිහින් ටික දුරක් නගිනකොටම ඔන්න කට්ටිය ආයෙත් බෙරිහන් දෙනවලු....


     ඇච්චෝ.......ඔන්න වැටෙයි....


     හෝව් හෝව්...හෙමින් පලයන්.........නැත්තන් ඉක්මනටම දඩොං තමයි....


     අනේ උඹනං කොහෙ ගන්නද කොඩිය......


     ඒත් හැබැයි ගෙඹි පැංචට ගානක්වත් නෑලු..පාඩුවෙ හෙමිහිට හෙමිහිට ග්‍රීස් අයින් කර කර ගහේ හගිනවලු...දැන් දැන් කට්ටියත් කටවල් ඇරං බලං ඉන්නවලු...(එයාලටනං කටට මැස්සො ගියත් අවුලක් නෑ නෙ..බෝනස් ලන්ච් පැකට් එකක් ලැබුණ වගේ නේ...)..ඔන්න ඉතින් කොහොම කොහොම හරි මේ කොළුවා උඩටම නැගලා කොඩියත් අරගෙන තරඟෙන් දින්නලු....


     කට්ටියටම මාර පුදුමයිලු කොහොමද මේ පොඩි එකා මේක කළේ කියලා....


     මෙන්න මේකයි වෙලා තියෙන්නෙ....මේ පුංචි ගෙඹි පැටියට උපතින්ම කන් ඇහෙන්නෙ නැහැල්ලූ...ඉතින් අර කට්ටිය කියන අධෛර්යමත් කතා එයාගෙ කණට වැටෙන්නෙ නැහැනෙ..හිතේ ශක්තිය එහෙම්පිටිම්ම ඉතුරු නිසා එතකොට මොනතරම් ලොකු වැඩක් කරන්න වුණත් එයාට වුවමනා ඇඟේ ශක්තිය විතරයි..ඒ නිසා තමයි එයාට ලොකු ලොකු අයියලාට අමාරු වුණු තරඟෙත් දිනන්න පුලුවන් වුණේ....


     ඉතින් ඔන්න ඕක තමා කතාව...


     ඇත්තෙන්ම අද මාධ්‍යයෙන් ළමයින්ට වැඩි හරියක් දෙන්නෙ නරක ආදර්ශ වුණත් ඉදහිට හොඳ වැඩසටහනුත් කෙරෙනව නේද කියලා පුංචි සතුටකුත් දැනුනා එදා නම්.අනික මේ කතාව කිව්වෙත් පොඩිත්තෙක්..හරිම හුරතල් විදිහට තමා කතන්දරේ ඉදිරිපත් කළේ...වටේ ඉදගෙන අනික් පොඩිත්තො හිනා වෙවී උන්නා....උදේ පාන්දරම මේ වගේ කතන්දරේකින් ප්‍රබෝදමත් වෙලා පාසල් යන පුංචි දරුවො නිකම්ම උත්සහවන්ත දරුවො වේවි නේද කියලයි මංචිට හිතුනෙ....


හරි එහෙනම්...කතාවත් ඉවරයි...ඔන්න මම ගියා...........හැමෝටම ජයෙන් ජය...!!







මේ නිහඬ බව බිඳින්න...

සිතුවිලි පවුර පාළු වෙලා වගේ. ගිය හෙනහුරාදැයිං පස්සේ එක ලිපියක් වත් නෑ නොවැ.... මොකක්ද මේ අවුල.. මට හිතෙන විදිහට අපේ කතුවරුන්ගේ අධික කාර්‍යබහුලත්වය වෙන්ටෑති මේකට හේතුව... මාත් මේ දවස් වල හොඳටෝම කාර්‍යබහුලයි... ඒත් ඉතිං මේ නිහඬ බව බිඳින්ටම එපාය...



කඳුලු පුරෝගත් දෙනෙත් අයාගෙන
රෑ තුන් යම නිදි මත උහුලාගෙන
මහ මඟ තනියම බලා සිටින්නේ
සඳේ රුවද තරු අතරතුරේ

හෙම්බත් දෙනුවන උඩට හෙලාගෙන
පින්වත් මුහුණේ රුව විහිදාගෙන
මහ මඟ තනියම බලා හිඳින්නේ
තනියට දෝ කළුවර අහසේ

බඩගිනි වී කඳුලැලි තවරාගෙන
මුහුණ පුරා සොටු කිලුටු පෙරාගෙන්
නො එනා දරුවන් දකිනු රිසින් දෝ
තනි රැක්කේ කළුවර අහසේ

පිහිටක් නැති අසරණ ජීවිතයට
පණ දී තම දරුවන් සුරකින්නට
දිරිය මවක් වෙන්නට දෝ සිතුවේ
ලොවට හොරා ඝණඳුර අතරේ ………




පුංචි හිතට එබිකම්කර

Saturday, August 20, 2011










පුංචි හිතට එබිකම්කර 

පි- පුංචි හිතට එබිකම්කර සිහිනයක් වේලා
     පාට වළාකුලේ සැඟවි නොපේනිම ගියා...

ගැ- මාගේ ළඟි හිමි හිමියට මුදුවදන් ගොතා
      සේල වලාකුලේ දවටා සිත මවිත කළා ... //

පි- දුක හිතුනම හොරේන් හඩන හදම ඔබ උණා
     නුබ මාළඟ නැති පාළුව සිතේ රජඋණා ...

ගැ- ඔබ ගැන මට ඇහි පිය ගසන තරමටම වැඩිඋණා
      මට නොදැනිම මගේහිතත් මටත් කළා . . . //

      පුංචි හිතට . . .

පි- මගේ හිතේ ඔබේරූවමයි මකන්නට එපා....
     මේ හිතඔබ ළඟම සැලේයි කදුළු නම් එපා...

ගැ- මාළඟ ඔබ ඉන්න තරම් සැලේන්නට එපා...
      මගේ අහාසට හිරු කුමරුඅගේයි බසින්නට එපා . . . //

      පුංචි හිතට . . .



خخخخخخخخخخخخخخخخخخخخخخخخخخخخخ

පිනාගේ කුප්පිය 03 කොටස

මෙන්න පලවෙනි පාඩම 
පිනාගේ කතාවේ පලවෙනි , දෙවැනි කොටස් ටික මතක ඇති කියලා හිතනවා නැත්තම් මෙතනින් ගිහින් බලන්න 
එහෙනම් ඔන්න අද ආයෝජනයේ පදනම 

මොකක්ද මේ ආයෝජනය කරනවා කියලා කියන්නේ. පොතේ හැටියට ආයෝජනය කියලා කියන්නේ අනාගතයේ යම් සම්පත් ප්රමාණයක් ලැබීමේ අපේක්ෂාවෙන් වර්තමානයේ සම්පත් කැප කිරීමට. එතැනදී අපි සැලකිල්ලට ගන්න ඕනේ කරුණු 03 ක් තියෙනවා.
01 සම්පත් කැප කරලා බලා සිටීමේ කාලය
02 අපේක්ෂිත උද්දමනය
03 අවදානම

දැන් අපි බලමු පිනාට මොකද වෙලා තියෙන්නේ කියලා. 
අපේ කතාවට අනුව පිනා මුලින්ම සල්ලි තැන්පත් කරලා තිබුනේ ආණ්ඩුවේ බැංකුවක එකෙන් ඔහුට අවුරුද්දටම ලැබුණු පොලිය 6% යි. පිනා සල්ලි බැංකුවේ දාලා බලාගන හිටියට   6% තියමුකෝ. ආණ්ඩුවෙන් කියන විදියට දැන් උද්දමනය 7% ක් 8 % විතර තියෙනවලුනේ. අපි හිතමුකෝ 7% කියලා. ආණ්ඩුවේ බැංකුවක් හින්දා අවදානම ගැන නම් වැඩිය හිතන්න දෙයක් නැ. එත් පුද්ගලික බැංකුවක් නම් පොඩ්ඩක් ගැනත් හිතන්න වෙනවා. මතකනේ ප්රමුක බැංකුවට වෙච්ච දේ. අවදානම් රහිත ආයෝජන මාර්ග කියන්නේ ආණ්ඩුවෙන් නිකුත් කරන භාණ්ඩාගාර බිල්පත් බැදුම්කර වගේ ඒවායේ දැමමා නම් අපිට 6% වත් ලැබෙයිනේ අපි එහෙනම් අවදානමටත්  6%  විතර තියමුකෝ.
එහෙනම් පිනාට මුදල් ආයෝජනය කරලා ලැබෙන්න ඕනේ ගැන මෙන්න 
බලා හිටියට 6%
උද්දමනෙට 7%
අවදානමට  6%
එකතුව      19%    බැංකුවේ දාපු මුදල රු 500,000/= x   19% = රු  95000/=  
එත් පිනාට ලැබිලා තියෙන්නේ රු 500,000/= x   6% = රු 30000/=
සල්ලි බැංකුවේ දාල බලා ගැන හිටියට පාඩුව රු 65,000/=  
ඇඩෙනවා නේද? එහෙනම් අඩුම වශයෙන් පිනාට මේ සල්ලි ආයෝජනය කරලා ලැබෙන්න ඕනේ අඩුම  ගාන රු 95000/=ක්       
ඊළගට අපි බලමු මොකක්ද මේ උද්දමනේ කියන්නේ කියලා. කියන්නේ සමස්ත මිල මට්ටමේ ඉහළ යාම. උදාහරණයක් විදියට අපි ගිය අවුරුද්දේ රු 100/= කට ගත්ත බදු මල්ලක් රටේ උද්දමන අනුපාතය 7%ක් නම් අද ගන්න වෙන්නේ රු 107/= කට. එදා පිනාට රු 500000 දීලා ගන්න පුළුවන් උන බාන්ඩයක් උද්දමනය 7 % නම් අද එක මිලට ගන්න 500000 x  107 % = 535000/= යනවා. එත් බැංකුවෙන් පිනාට ලැබුනේ 530000/= සල්ලි බැංකුවේ දාල පිනා හිටියටත් වඩා දුප්පත් වෙලා.
 ( මේවා කිව්වා කියලා බැංකුවල අය වෛරස් එකක් වත් එවලා පිනාගේ කුප්පියට වැඩක් දෙයිද දන්නෙත් නෑ, දේවා වගේ බැංකු මහත්තුරු මාත් එක්ක තරහා වෙයිද දන්නෙත් නෑ. තරහා වෙන්න එපා හොදේ  )     

මේ කතාවේදී කියනවා පිනා දවස් වල රු 500000/= කට ගන්න හදපු ඉඩම අද රු 1000000 ක් කියලා. ඒක ඉඩම් වලට තියෙන ඉල්ලුම සැපයුම මත තීරණය වුනු මිලක්. එදා සල්ලි බැංකුවට නොදා ඉඩම ගත්තා නම් පිනාට අවුරුද්දෙන් 100 % ක් ලාභයි. මිට අමතරව තියෙන ආයෝජන ක්රම කිහිපයක් බලමු.

01 රත්රන් බඩු වල ( මේ දවස් වල රෙකෝඩ් කඩා ගෙන මිල යන නිසා පාඩුවක් වෙන එකක් නෑ )
02 භාන්ඩගාර බිල්පත් හා බැදුම්කර (රජයේ සුරැකුම්පත් )
03 කොටස්, ණයකර. වානිජපත්, කොටස් බලපත් ආදිය ත් විකල්ප ආයෝජන ක්රම විදියට පෙන්නන්න පුළුවන් 

එහෙනම් කොටස් වෙළදපොල ගැන කියන ඊලග  පොස්ට් එකෙන් ආයෙමත් හමු වෙමු. මේක ගැන ඔයාලට හිතෙන දෙයකුත් ලියලම යන්න අමතක කරන්න එපා 

පි‍ටු පෙරලපු ගාන