අපිම තමයි අපේ සවිය!

Friday, August 17, 2012
ඔබත් මමත් පෙරුම් පුරන
වසන්තයේ නෞකාවට
හෙමින් සැරේ ගොඩවන්නට
ඉඩක් සොයන්න ……
මුහුදේ රළ
ටිකක් සැරයි
අවදිව ඉන්න …….

සිනහ මැදින් කඳුළු මැදින්
තරණය කරනා දිවියේ

දුක සැප නිතොරව හමුවෙයි
නොසැලී ඉන්න …….
මගේ සෙනෙහෙ
ඔබේ සිතෙහි
තද කරගන්න …….

අපේ පැතුම් හැම එකක්ම
ඉටු කරන්න බැරි වුනාට
අපි අසරණ වෙලා කියා
එපා හිතන්න ……
අපිම තමයි අපේ සවිය
එය දැන ගන්න …….


ප.ලි.
බොහෝ කලකට පෙර ලියූ නිසඳැසකි.... 

පි‍ටු පෙරලපු ගාන