Thursday, June 30, 2011

උබ දාහේ කොලේ මට ලැබුණු,
සරලයි එත් හිතට බයයි,
උබ 500 2ක් උනාම මට,
සරලයි එත් බය අඩුයි,
උබ 100 10ක් උනාම මට,
දැන් නං බය අඩුයි,
උබ 10 100 ක් උනාම මට,
සකිර්ණයි එත් බය නැ,



එත් උබ සතේට වැටුනම,
මට,
සංකීර්ණයි,බයක් නං ඇත්තෙම නැ,දැන් මට වැඩකුත් නැ..   

ආදරයත් අරගෙන එන්න..



අඳුර පිරුණු මගෙ ජීවන ගමනට
පහන් ටැඹක් වී නුඹ ඉන්න
ඉඩෝරයක් වී දැවෙනා දිවියට
දිය බිඳුවක සිසිලස දෙන්න
මගක් නොදැන යන මේ දිවි ගමනේ
පාර කියන තරුවක් වෙන්න
ආදරයක් හිමි නැති හිත ගාවට
ආදරයත් අරගෙන එන්න...

අකීකරු සිත

අතැගිලි බන්දා

සිටි ඒ හෝරා

සිත ඉල්ලනවා

නුඹව පතා...


මෙකත් මගේ පරන බ්ලොග් එකෙ දාපු එකක්. අද ඊයෙක ලියපුව නෙවී මේ. ගොඩ කාලෙකට කලින්. ඒක නිසා වැරදියට හිතන්න එපා. මෙ මූඩ් එකට 0.1ක් වත් ලග මූඩ් එකක නෙවී මං මේ දවස් වල ඉන්නෙ. මේ අවුරුදු 20ටම ජීවිතෙ නොතේරුන, අවුල් උන සමහර දේවල් එක දිගට හිතා ගන්න බැරිවිදියට විසදෙනවා. ඒක වෙන්නෙ හොදකටද, නරකටද කියලා හිතා ගන්න බැරුවයි මං තාම ඉන්නෙ. :) :) :) ඒක හිතා ගත්ත දවසකට පරන පෝස්ට් දාන්නෙ නැතුව එවෙලෙ ලියලා දාපු එකක්ම දාන්නංකො... එතකන් සිතුවිලි පවුරෙ අපේ අය මාත් එක්ක තරහා වෙන්න එපා හොදේ...

පි‍ටු පෙරලපු ගාන