Facebook එකෙන් සල්ලි හොයන්න ගමන් Fan page එකට like ගන්න.....

Thursday, July 28, 2011
මේකේ තින්නේ හරිම ලේසියෙන් කරන්න පුළුවන් වැඩක්. අපිට තියෙන්නේ facebook fan pages වලට like දන්න . කියන තරම් ලේසිත් නෑ. හබි අපිට මේක ට්‍රය් කරලා බලන්න පුළුවන් , දැනට මන් සාර්ථකව උපයපු මුදලින් මගේ fanpage ඒක advertise කරනවා, ඉතින් CASHOUT කරගන්න බැරි උනත් අපි fanpage එකක fans වැඩි කරගන්න, අපි හොයපු සල්ලි use කරන්න පුළුවන්.


2. මෙතනින් ඔයාගේ details දල register වෙන්න

 3. ඊ ලග පියවර log ඉන් වෙන්න

 4. දැන් ඔයාට පෙන්නනේ මේ වගේ page එකක් , මෙතනින් ඔයාගේ FB Account ඒක connect කරන්න

 5. allow කරන්න

 6. click කරන්න new tab එකක් open වෙයි like කරන්න.

 7.ඔබගේ Fan page එකටත් මේ විදිහට like ගන්න....

මමත් මේක පර්යේෂණ මට්ටමේ කරන යන නිසා Cashout කරන්න පුළුවන් කියල 100% විස්වාස නෑ, ඒත් මේ site එකේ මේකෙන් සල්ලි ගත්තු අයගේ සම්මුක සකච්ච් වගයක් නම් තියෙනවා... ඒ කොහොම උනත් මන් මේ අන්තිමට දල තියෙන්නේ අපි හොයාගන්න සල්ලි use කරන්න පුළුවන් තවත් විදිහක් .. මේ විදිහෙන් අපිට පුළුවන් අපේ ෆන් පගේ එකට laike වැඩි කරගන්න පුලුවන් පාඩම් කරන ගමන් පොඩි බ්‍රේක් එකක් ගන ලියුවේ හොදනම් comment එකක් දාන්න..

පන්තිය මැද....

පන්තිය මැද පිපි ලස්සන සුදු මල
ඔබ දැක මගෙ සිත ඇයි මේ කලබල
පොත අමතක කර ඔබ දෙස බල බල
ඉදලම නෙතු මත බැදිලා පෙම් දැල

අවසර දෙනු මැන පෙමින් වෙලෙන්නට
ඔබේ අත ගෙන පෙම් බස් තෙපලන්නට
මොහොතක් රහසින් තනිවී ඉන්නට
දෙනු මැන අවසර සොදුරියෙ මා හට

ඉගිකර දග කර තාලෙය යනවිට
සුරපුර සුරලිය වැනි ඇය සුන්දර
මන් කෙසේ සිටින්නද ඉවතබලා
යන විට ඈ මා දෙස බල බලා

පෙර දග වැඩ නෑ ඇය හරි නිසලයි
ඈ දැක මගෙ හදවත දැන් සසලයි
පෙම්බරා අත ඈ තුරුලුව සිටිනා
දැක බසයෙදි මගෙ ලොව බිද වැටුනා

පන්තිය මැද පිපි ලස්සන සුදු මල
ඔබ දැක මගෙ සිත ඇයි මේ කලබල
පොත අමතක කර ඔබ දෙස බල බල
ඉදලම නෙතු මත බැදිලා පෙම් දැල

මේක අපි අකුරු කරපු ඉස්කෝලෙ අපි කට්ටිය එකතු වෙලා ලියපු සින්දුවක්.... ලස්සනයි නේද...

භයංකාර රාත්‍රියක් - 3

මං මීට කලිං වෙනත් සයිට් එකක භයංකාර රාත්‍රියක් කියලා ලිපි පෙලක් (පෙලක් කිව්වට ලිපි 3 යි) ලිව්වට ඒවා බොහොමයක් අය දකින්න නැතුව ඇති. මොකද එතකොට මං මේ සයිබර් අවකාශයට ආආආ.... ම.. ධුනිකයෙක්. කොටින්ම මගේ හද පතුල බ්ලොග් එක ලියන්න පටං ගත්තෙත් ඊට ටික කාලෙකට පස්සේ. 


මාසයකට දෙකකට සැරයක් ලිපියක් ලියන මං මේ අවකාශයේ ඒ හැටි ජනප්‍රිය කෙනෙක් නොවෙන එක අහම්බයක් නෙවෙයිනේ... අනික මට තිබුණු යම් යම් පෞද්ගලික ප්‍රශ්ණ හින්දා සයිබර් අවකාශයේ පොදු කටයුතු කිසිවකට සම්බන්ධ වෙන්න ලැබුණෙත් නෑ.


මොන තරං වෙලාව අඩු වුණත් මාසයකට වරක් වත් මං ලියන බ්ලොග් වල ලිපියක් පල කරන්න මං උත්සාහ කරනවා. ඔහොම ඉන්න අතරේ තමයි මට සිතුවිලි පවුර හමු වෙන්නේ..


ඉතිං මට හිතුනා මගේ ජිවිතේ මං අත්විඳපු ඉතාම සංවේදී සිද්ධි දාමයන් වලින් එකක මතකයන් නැවත අවධි කරමින් අර ලිපි තුන සිතුවිලි පවුරේ පලකරන්න.


භයංකාර රාත්‍රියක් - 1 - මේ ලිපිය ඉස්සෙල්ලා වතාවට වඩා කීප දෙනෙක් කියවලා තිබුණා මයෙ හිතේ... ප්‍රතිචාර කීපයකුත් තිබුණා. ඔන්න ඉතිං ඒ සතුට පිටිංම දැම්මා ඊලඟ ලිපියත්....


භයංකාර රාත්‍රියක් -2 - අනේ අර තිබුණු උනන්දුව නං හේ වෙලා ගිහිං වගෙයි පෙනුනේ... ඒත් ඉතිං මක් කොරන්නද ? ඕන එකක් වෙන්න කියලා දානවා අවසාන කොටසත්...


මෙන්න අන්තිම කොටස....


අපි පහුවදා තමයි අපි පිච්චුන ෆැක්ටරිය බැලුවේ. ඒකෙ ගන්න දෙයක් ඉතුරු වෙලා තිබුණෙ නෑ. කෝටි ගණන් වටින යන්ත්‍රෝපකරණ වගේම ලක්ෂ ගණනක නිමි රබර් තොගයක් ගිනි අරං. 


කට්ටිය ලෑස්ති වෙන්නේ මුළු කර්මාන්තශාලාවටම ගිනි තියන්න කියලා තේරුණාම ඔවුන්ගෙන් අප්පච්චි ඉල්ලලා තියෙන්නේ රබර් ටික එලියට අරන් ඒ ටික විතරක් ගිනි තියන්න කියලා. 

එතකොට ඔවුන් කියලා තියෙන්නේ මහත්තයට ඕනි දෙයක් තියෙනවනම් ගන්න, අපි කොහොමත් මේක රබර් ටිකත් එක්කම ගිනි තියනවා කියලයි. 


එහෙම කියපු ඔවුන් ඒ කර්මාන්ත ශාලාවට ගිනි තියලා තියෙනවා.
ඒ දවසෙම ඒ ප්‍රදේශයේ කර්මාන්තශාලා කීපයක් ගිණි තියලා තිබුණා.

ඉන් පසුව අපේ ජීවිතත් බොහෝ වෙනස් වුණා. අපි වෙන වතු යායකට ගියා. අවුරුදු ගනණක් ගොඩනගාගත් බොහෝ දේ අපෙන් දුරස් වුණා. තවත් අලුත් දේවල් අපට ලං වුණා. අපේ තිබුණු ස්ථාවර ගතියට පොඩි හානියක් වුනත් අපි කොහොම හරි හොඳින් ජීවත් වුණා.

ඒත් කර්මාන්තශාලාවේ වැඩ කරපු සුළු සේවකයෝ...
ඔවුන්ට යන එන මං නැති වුණා.
සමහරු අසල වතුයාය වල වැඩට ගියා. සමහරු රට ගියා. ඒත් සමහරු අන්ත අසරණ වුණා. ඔවුන්ගේ ජීවිත කබලෙන් ලිපට වැටුණා.

මේ සිදුවීම වූ දාට පහුවදා තවත් ආරංචියක් ලැබුණා...
අපේ බාප්පා අතුරුදන් කියලා....
එයා සදහටම අතුරුදන් වෙලා තිබුණා.

ප්‍රේමකීර්ති ද අල්විස් නම් හෘදයාංගම කලාකරුවා ව මරා දැමුවා කියා ආරංචි වුනෙත් මේ කාලෙමයි.

මගේ හිත නම් වැඩිපුරම දුක් වුණේ ඔහුගේ අකල් වියෝවටයි. ඔහු කොයි තරම් හදවත් ගනනක් සනසන්නට දායකත්වයක් දීපු කෙනෙක්ද.....?
ජීවත් වුනත් මළා වගේ ඉන්න මිනිසුන් වෙසෙන රටක ප්‍රේමකීර්ති මැරුණත් ජීවත් වෙන කෙනෙක්......

සටහන ඉවරයි.....!

පසුව ලියන වග නම්....


බොහෝ දෑ වෙනස් කළ, විකෘති කළ ඒ අඳුරු කාලය නිමා වී යලි ප්‍රජාතන්ත්‍රවාදය රජ වේ යැයි බලා පොරොත්තු වුවද ප්‍රජාතන්ත්‍රවාදය අපිත් එක්ක හැංගිමුත්තං කරද්දී විපිලිසරව බලාහිඳින අතර ඒ කාලයේ මේ සිද්ධීන් වලට සම්බන්ධ අප ඇතුළු අයට කුමක් සිදුවීදැයි බිඳක් සොයා බැලීමි. 


ජීවිත ඉතුරු වූවෝ මොන තරම් දුක සේ හෝ තමන් ගේ ජීවිත ගොඩ නගාගෙන ඇත. 


අහිමි වූ බොහෝ දෑ අමතක කොට ජවිපෙ ට චන්දය දෙන්ට වුවද දැන් අප සූදානම්ය.... 



හිරු කුමරිය වඩින තුරා


෴.........෴.........෴


˙·٠•●♥ ♥●•٠·˙
ංංංංංංංං
නැවතත් ඔබ පැමිණ
විදිනට සැරසෙන
ඇත්ත ජිවිතයෙන්
මැණිකක් සේ අද
දිලෙන්නට ඔබමෙන්
මගේ ලොව හිරුමෙන්
එළිය කරන්නට
එන්න හිරු කුමරි‍..

ආත්ම ගණනෙන්
පැතු ඔබ සෙනෙහස
පුදසුන අභියස
බොඳවනු සිත් අප
කෙලෙස සිහි කරමිද
නුඹ නැති පාලුවෙන්
උන්නු... මගේ ලොවම.....෴

ංංංංංංංං



පි‍ටු පෙරලපු ගාන