කුරුදු ඔය ඇල්ල සොයා

Friday, June 22, 2012


A /L ඉවර කරලා අවුරුදු දෙකහමාරක් තිස්සේ මම වැඩ කලේ විගණන ආයතනයක පුහුණු වන්නෙක් විදියට. මේ කාලේ අපිට රට වටේම ඇවිදින්න සිද්ද උනා. කොටින්ම කියනවා යාපනය, මන්නාරම්, මඩකලපුව ඇර අනිත් හැම තැනම අපට ඔඩිට් තිබුන. සමහර දවස් වල අපට රැ වෙන්නේ හම්බන්තොටදී පහු වෙනිදා එලිය වැටෙන්නේ පොළොන්නරුවේදී. ඒ කාලේ මතක් වෙද්දී ගෙව්වේ කොච්චර නම් ආතල් ජීවිතයක්ද කියලා හිතෙනවා. අපි ඔක්කොම හිටියේ A /L ඉවර කරපු ගමන් වගේ කොල්ලෝ සෙට් එකක්. එහෙම ටිකක් සෙට් උනාම වෙන දේවල් ගැන අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ. ඔහොම ගමන් යනකොට අපි කරපු කියපු දේවල් වගේම රසබර සිද්දිත් ගොඩයි. මේකත් අපි නටපු එක පිස්සුවක් ගැන කතාවක්. මේක මුලින්ම ලිව්වේ මගේ බ්ලොග් එකේ ඒක පටන් ගත්ත දවස්වල.

මේ ඔඩිට් එක තිබුනේ වලපනේ. නුවර එලිය දිස්ත්‍රික්කේ. ලස්සන ගම්මානයක්. ඒ ඔෆිස් එකට යන්න වලපනේ ටවුන් එකේ ඉදලා නුවර එලිය පාරේ ටික දුරක් යන්න ඕනේ. මට මතක හැටියට ඒ හරියට කියන්නේ මහ ඌව වත්ත වගේ නමක්. වැඩේට ගියේ අපි තුන් දෙනයි. අපේ වැඩ හවස 4 වෙනකොට ඉවරයි. අපට නවතින්න තිබුනේ ඒ ඔෆිස් එකේම උඩ තට්ටුවේ. හවස් වරුවට කරන්න වැඩකුත් නැ. ඉතින් අපි සෙට් එකටම හවස් වෙනකොට නිකම් කැහිල්ල වගේ. ඉතින් ඔය හරියේ බලන්න වටිනා තැන් එහෙම තියනවාද කියලා අපි හොයලා බැලුවේ මෙච්චර ලස්සන පළාතකටත් ඇවිත් නිකම්ම හවස් වරුව ගෙවලා දාන්න තිබුණු කම්මැලි කම හින්දා. ටිකක් කන්දෙන් පල්ලෙහාට වෙන්න ජපන් පන්සලකුයි, ඊට ටිකක් එහාට වෙන්න ලස්සන දිය ඇල්ලකුයි තියනවා කියලා කිව්වේ අපට උයන්න ඇවිත් හිටපු රංජි අයියා. ඉතින් අපිත් ගමනට සෙට් උනා. හවස වැඩ ඉවර කරපු ගමන් රංජි අයියාව මුණ ගැහිලා පාර අහගන අපි පයින්ම පල්ලම් බැස්සා. තේ වත්තක් මැදින් ටික දුරක් යනකොට අපිට අර කියපු ජපන් පන්සල නම් දැක ගන්න ලැබුනා.

මේ තියෙන්නේ ඒ ජපන් පන්සල තමයි..



                           

හැබැයි ඒ වෙලාවේ පන්සලේ කවුරුවත්ම හිටියේ නැ. හාමුදුරුවෝ වැඩිපුරම ඉන්නේ ශ්‍රී පාදස්ථානයේ තියන ජපන් පන්සලේ කියලයි අපට දැනගන්න ලැබුනේ. අහල පහල තිබුණු ගෙදරකින් දිය අල්ලට යන පාරත් අහගන අපි ගියේ ලංකාවේ තියන දිය අලි අතරින් උසින් දෙවන ස්ථානය ගන්න කුරුදුඔය ඇල්ල හොයාගන. ඔය කියන කාලේ තමයි වලපනේ ප්‍රදේශය දරුණු නාය යාමකට මුහුණ දුන්නේ. ඒ නිසා ඇල්ලට යන ගමන් මාර්ගයත් දරුණු විදියට නාය ගිහින් තිබුණු නිසා අපිට අලුතෙන්ම පාරවල් හොයාගන කැලේ මැදින් තමයි යන්න සිද්ද උනේ. දුෂ්කර ගමන් මාර්ගයකින් යන්න තියන නිසාද කොහෙද මේ ඇල්ල බලන්න සංචාරකයින් නම් එන බවක් පෙනුනේ නැ.

අපිත් වැඩේ අත අරින්නේ නැතුව කැලේ පිරගන කන්ද මුදුනටම නැගගෙන ගියා. මෙන්න කැලේ අතර මග දේවාලෙකුත් තියනවා. එතනත් කවුරුවත් හිටියේ නම් නැ. ඒත් එතන මිනිසුන් ගැවසෙන තැනක් බවට සලකුණු නම් තිබුනා. අපි ඉතින් දේවාලෙටත් පඩුරක් එහම දාලා අපි තවත් කන්ද මුදුනටම නැග්ගා. දැන් අපි ඉන්නේ ඒ හරියේ තියන උසම කන්දක් උඩ. ඒත් කෝ දිය ඇල්ලක්. පේන මානෙක වත් නැ. අඩු ගානේ දිය ඇල්ලක සද්දයක්වත් නැ. ඒත් දෙපැත්තටම අඩි පාරවල් දෙකක් නම් තියනවා. දැන් වෙලාවත් හවස 5.30 විතර ඇති. දැනටමත් කිලෝමීටර් තුන හතරක් ඇවිත්. ඕන දෙයක් කියලා අපි දකුණු පැත්තට තියන පාර දිගේ ඉස්සරහට ගියා. තණකොළ ගොල්ල ඉවර උන ගමන් අඩි පාර ඉවරයි. ඊළගට තියෙන්නේ දිගටම ගල් තලාවක්. අපිටත් ඕනේ කොහොම හරි කරලා දිය ඇල්ල හොයා ගන්න නිසා අපි දිගටම ගියා. දැන් නම් ගල් තලාව වටේම තද බැවුම. කකුල පොඩ්ඩක් වත් ලිස්සලා ගියොත් කෑලිත් නැ. මචන් ඉක්මනට වරෙන් හැමෝටම කලින් ගල් තලාවේ එහාම කොනට දුවපු රොෂානයා කෑ ගහන්න පටන් ගත්තේ ඇදන් හිටපු ටි ෂර්ට් එකත් ගලවලා අත් දෙකින්ම ඒක එහාට මෙහාට වනන ගමන්. අපිත් ඉක්මනටම එතනට දුවලා ගියේ මෙයා මේ කෑගහන්නේ දිය ඇල්ල හොයාගෙනවත් ද කියලා.

මෙන්න ඒ ගල් තලාවෙන් කොටසක්


                                    


ගල්තලාවෙන් පහල කෙලින්ම අපට පෙනුනේ වලපනේ නගරය. එතනින් එහාට යන්න පාරකුත් නැහැ. ලෝකාන්තය වගේ තැනක්. වලපනේ බස් නැවතුම්පල ලග ඉදන් කෙලින්ම උඩ බැලුවාම පේන්නේ ඔය අපි හිටපු ගල් කන්ද බව අපට මතක් උනේ ඒ වෙලාවේ. දැන් වෙලාව හවස හයත් පහු වෙලා. අදුරත් වැටිලා මහා කැලෑවක් මැද්දෙන් කිලෝමීටර් තුන හතරක් යන්නත් ඕනේ. පාර දෙපැත්තේම මහා ප්‍රපාතයක්. දිය ඇලි හෙවිල්ල පැත්තක තියලා අපි ආයෙමත් හෙමින් හෙමින් පල්ලම් බහින්න පටන් ගත්තා. ඒ මදිවට හැන්දෑ අදුර නිසා පාරවල් හරියට පේන්නෙත් නෑ. එක පාරටම මහා හුලගකුත් හමන්න පටන් ගත්තා. හුළගේ සැර වැඩි කම නිසාම කොහාටවත් යන්නත් බෑ. දැනුත් ඒ මොහොත මතක් වෙනකොට ඇග හිතල වෙලා යනවා. විනාඩි දහයක් විතර අපි එතනටම වෙලා වාඩි වෙලාබලන් හිටියේ වෙන කරන්නම දෙයක් නැති නිසා.
කොහොම හරි කරලා ෆෝන් වල තිබ්බ ටෝච් වලින් පාරවල් හොයාගෙන ජපන් පන්සල පහු කරලා ඉස්සරහට එනකොට ඉස්සරහට මුණ ගැහුනේ රංජි අයියාව. අපේ පරක්කුව නිසා රංජි අයියා අපිව හොයන්න මගටත් ඇවිත්. "මොකද මහත්තයෝ මෙච්චර වෙලා කලේ. මම මේ කොහේ ගියාද කියලා බලන්න ආවේ. අපි රංජි අයියට ඇත්ත කතන්දරේම කිව්වා. ඔතන තියෙන්නේ හුලං කපොල්ලක්නේ මහත්තයෝ. ඇති ඔයින් බේරුනා. අනිත් එක ඇල්ලට යන්න තියෙන්නේ. දේවාලේ ගාවින් උඩට නැග්ගාම හමුවෙන වම් පැත්තට තියන පාරේ ගිහින්. එතන ඉදලා ටික දුරයි. රංජි අයියා කිව්වාම තමයි තේරුනේ කරපු ගොන් කම. මොනවා කරන්නද? අපි රංජි අයියා එක්ක කතා කර කර නවාතැනට ගියා.

පහුවදා එලි වෙනකොට් අපි එක්ක ගිය කොන්ඩයාට උන ගැනිලා. (මට උගේ නමත් හරියට මතක නෑ. එදායින් පස්සේ මම තාම ඌව ඇහැට වත් දැක්කේ නෑ. ෆෝන් වැඩ කලෙත් නෑ.) මොනවා කරන්නද? බෙහෙත් අරන් දීලා අපේ බොසාටත් කියලා ගෙදර පිටත් කළා. ඉතුරු උනේ මායි රෝශානයයි විතරයි. ගෙදර ගිය එකාගේ වැඩත් අපිටම අදින්න උන නිසා ඇල්ල සොයා යන අපේ ගමන දවස් දෙක තුනක් පහු උනත් දිවා රෑ වැඩ කරලා ඉක්මනට වැඩේ ඉවර කරලා තවත් හවසක අපි දෙන්නා ඇල්ල බලන්න යන්න සෙට් උනා.
පුරුදු පාරේම කන්ද නැගලා දේවාලේ ලගින් වමට පාරේ යනකොට පොඩි ලයින් කාමර පේලියක් හමු උනා. 

"මහත්තයෝ ඇල්ල බලන්න ගියාට නම් කමක් නෑ ඔතන නාන්න නම් යන්න එපා බිලි ගන්නවා. ගිය සතියෙත් ඉස්කෝලේ යන්නේ නැතුව නාන්න ගිය ළමයෙක් බිලි අරන් තිබුනා."

 එතන හිටපු මිනිස්සු ඇල්ලට යන පාර පෙන්නලා එහෙම කිව්වේ අපේ ආරක්ෂාවට. දෙමල මිනිස්සු උනත් ඒ අය අපුරුවට සිංහල කතා කළා. ඒ මහා කන්ද මුදුනේත් එළවලු වගා බිම් හැම තැනම. ලෝකෙන්ම හුදකලා වෙච්ච අපුරු පුංචි ගම්මානයක් වගේ. ඒ මිනිස්සු පෙන්නපු පාර දිගේ අපි ඉදිරියටම ගියා මහා කන්දක් වටේට යන පාරේ වංගුවකින් හැරෙන කොටම ඇතින් ලස්සනට දිය ඇල්ල පේනවා

                                



මහා කදු දෙකකට අතර මැද්දෙන් කඩා වැටෙන දිය ඇල්ල දිහා අපි ටිකක් වෙලා නැවතිලා බලා හිටියා. වරෙන් යන්න. රොෂානයා මාවත් ඇදගන ඉස්සරහටම ගියා. දිය ඇල්ල ලගට යන්න නම් පාරෙන් පල්ලමට බහින්න ඕනේ. ඒ ගමනත් යන්න ඕනේ පොඩි අඩි පාරකින් කැලේ මැදින්. අපි අඩි පාර දිගේ ටික දුරක් ගියත් ඇල්ල ලගට නම් යන්න උනේ නෑ. ඒ වෙනකොටත් වෙලාව හවස පහ විතර වෙලා තිබුන නිසා. ආයෙමත් උඩට ඇවිත් දිය ඇල්ල දිහා බලා ඉදපු අපි ආයෙත් එන්න පිටත් උනේ බිම් කළුවරත් එක්ක.
                                

මේ දිය ඇල්ලේ උස මීටර් 189 ක් ලංකාවේ තියෙන දිය ඇලි අතරේ උසින් දෙවැනි ස්ථානය ගන්න මේ දිය ඇල්ල පෝෂණය වෙන්නේ මහවැලි ගගේ අතු ගංගාවක් වන කුරුදු ඔයෙන් කියලයි දැනගන්න ලැබුනේ. ඔය ෆර්ම් යන කාලේ අපට මොන කැමරාද. මේ පින්තූර ටිකත් ඉල්ලගත්තේ ගුගල් දෙයියන්ගෙන් තමයි. ඒ පින්තුර අයිති හැමෝටම බොහොම ස්තුතියි.

                                                                

21 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Sumith Niriella said...

පෙර සූදානමක් නැතුව ඔය වගේ ගමන් යාම සුදුසු නෑ.

සිතුවිලි දැහැන said...

ඔන්න අයියා පෙන්නපු පාරෙන් මමත් අද මේ පැත්ත‍ට ආවා....

වාව්..ඒකනම් අයියගේ ලස්සන මතකයක්...මමත් ඔය ජපන් පන්සලට ගිහින් තියනවා..ඒකේ ලස්සන මතක් වෙද්දිත් ආසයි..සාමාන්‍ය පන්සලකට වඩා ලොකු වෙනසක් තිබුණා..ඒ මුළු පැත්තටම පන්සල හරි අපුරුවට පේනවා..හැබැයි මම කුරුදු ඔය ඇල්ල දැකල නම් නෑ..දැන්නම් අයියා කියපු විදිහට ඒක බලන්නමයි හිතෙන්නේ....

ඔබ නොදු‍ටු ලොවක් said...

ලස්සන විස්තරයක්...අපිත් සෙට් එකක් ඔය වගේ ලෝකාන්තේ ගිහිල්ලා එන ගමන් මහන්සියි කියලා නාන්න සෙට් උනා පොඩි ඇලක, ලෝකාන්තේ ගිහිල්ලා එන අනික් අය නැවතිලා බලං ඉන්නවා මුංට පිස්සුද මේ හීතලේ නාන්නේ කියලා....කොහෙද "ගල්" වලට සෙන්සර් ඔක්කොම ගිහිල්ලා තිබුනේ...

අවතාර් said...

sellam gemak newe deela thiyenne spot ekata yanna

මඩිස්සලේ නිශාන් said...

සිරා ලිපිය.

වීපොකුර said...

ඔය වගේ ලස්සන ගම්වලට යන පාර පැහැදිලිව දාන්න පුලුවන්නම්...ගොඩක් හොඳයි...
ලස්සන විස්තරයක්..ආසහිතෙනවා..!

රෙප් මහත්තයා said...

@ සුමිත් අයියා : ඒ දවස් වල ඕවා ගැන එච්චර හිතන්නේ නෑ නේ. අපිටත් ඕන උනේ ලස්සන පරිසරයකට ගිහින් ආතල් එකක් ගන්න. හුලං කපොල්ලට අහු උනාට පස්සේ තමා තේරුනේ වැඩේ බරපතල කම.

@සිතුවිලි දැහැන: නංගියා අපි ගියපු පාර නම් ගෑනු ළමයෙකුට යන්න එච්චර හොද පාරක් නෙවෙයි. ඕක වෙලත් දැන් අවුරුදු පහ හයක් වෙන නිසා සමහරවිට දැන් අවුලක් නැතුව ඇති. යනවනම් යන්න කලින් ටිකක් හොයලා බලලා යන්න.

@ඔබ නොදුටු ලොවක් : වෙලාවට ඇල්ල හොයාගත්ත අපි දෙන්නම අමද්‍යප සංගමේ. ඒ නිසා එහෙම අවුලක් උනේ නෑ. ඒ දවස් වල බොන්න ගියා නම් ඔඩිට් කරන්න හම්බ වෙන්නේ නෑ. දෙන්න හදන්නෙම පගාව.

@අවතාර්: සෙල්ලම් නෑ. එකෙකුට බයටම උනත් ගත්තා කියන්නේ. ඌට අපේ කම්පනියත් එපාවෙලා අයින් වෙලා ගියේ.

නිශාන් : :D

Hasitha said...

නියමයි :)

කෝඩුකාරයා said...

පස්ට පෝස්ට් එකක් සහෝ.....

ලකී වික්‍රමසිංහ said...

නියමයි! හුලං කපොල්ලෙදි ගහගෙන ගියානම් හුලං තමයි! :)

තරුවා said...

ෂා..මරුනේ...

සිරාගේ කාමරේ said...

ඔහොම වැඩක් කලේ නැත්නම් ඒ කොලු අතීතය මතක් කරලා පන්ක් එකක් ගන්නවත් දෙයක් ඉතුරැ වෙන්නෙ නෑ... අපිත් ඇලි හතේ කැලෑව මැද්දෙ කෑම්ප් ගහලා අම්බානක භය වුන දේවල් ගොඩාක් උනා... ඉස්සරහ දවසක ලියන්නම්.. කාමරේ පැත්තට වරෙන්...

Rozan Fernando said...

Nice Post...

kandyan said...

දැන ගියොත් දියඇල්ල..නොදැන ගියොත් හුලං (කපොල්ල):-)

සිහින සිත්තම් said...

ජපන් පන්සල ගැනනම් අහල තිබුණා.ගිහින්නම් නෑ..නියම පෝස්ට් එකක්නේ..ඇල්ල දකිද්දි නාන්නෙ නැතුව ආවද අනේ හවස් වෙලා නිසා ආව නේ අපරාදෙ..

හිරුහිමාවී said...

නියමයි :)

හිරුහිමාවී said...

අලුතෙන් මොනවහරි ලියමුකො හ්ම්ම්??

රෙහානි said...

මදෙයි හානියක් නැතුව ගෙදර ආව...හේ හේ...

dh heat said...

මමත් ගියා

sampath perera said...

අපි A/L කරන කාලේ කෙල්ලෝ කොල්ලෝ සෙට් වෙලා මාස 2, 3කට සැරයක් ගිහින් තියෙනවා. වලපනේන් ගිහින් අපි බහින්නේ ගැටකුලාව, මුන්වත්ත පැත්තෙන්.. පුදුම ආතල් spot 1ක්..

Anonymous said...

ආයේ ආ‍වොත් එන්න මම වලපනේ 0771-784163-0777-237432

Post a Comment

පි‍ටු පෙරලපු ගාන