පුස්ස පම්බාලංකාරය

Friday, July 27, 2012



දැං ඉස්සර වගේ සිතුවිලි පවුරට ලියන අය අඩු නිසා මගේ බ්ලොගේ දාන ලිපි මේකෙත් දාන්ඩ හිතුවා......



ලෝකයේ කාන්තාවන් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙන තරමටම ලංකාවේ ගැහැනුත් තමන්ගේ පෙනුම ගැන උනන්දු වෙනවා.ඒත් ලෝකෙ අනිත් ගැහැනු තමන්ගේ රූපය ලෝකයට පෙන්වන්න තමන්ගේ අංගෝපාංග හුවා දක්වද්දි අපේ ගැහැනු චුට්ටක් පැකිලෙනවා.මේ අපි හැදිලා තියෙන සංස්කෘතිය විසින් ඇති කරන ලද ලැජ්ජාව කියන සංකල්පය විසින් ඇති කරවන නිශේධනයක්.

ගැහැණු යට ඇඳුමට පෙම් කරන භූතයා - යකුන් හා ප්‍රේතයන් සමඟ කතා පෙළ අංක 05

Tuesday, July 24, 2012


ගොඩක් කාලෙකින් අලුත් කතාවක් දෙන්න බැරිවුනු නිසා ඔන්න අද දෙන්න යන්නෙ නියම කතාවක්. මේකෙ මාතෘකාව දැකපුවහම ඉතිං කාන්තා පක්ෂයනම් කියවන්නෙ නැතිවෙයි. කමක් නෑ. කියවන්නෙ නැතිව ඉන්න. :D මේ වෙන කොට මම ඔයාලට කතා තුනක් කියල තියෙනවා. ඒව කියෙව්වෙ නැත්නම් මෙතන ක්ලික් කරල ගිහින් ඒව කියවන්න.එහෙනම් අපි කතාවට බහිමු.

යකුන්ගේ භූතයන්ගේ, ප්‍රේතයන්ගේ අත්භූත කතා අප බොහොමයක් ගැන අසා ඇත. අප කථා කරන්නේ එවැනි අත්භූත සිදුවීම් වූ අපූරු භූත කතාන්දරයකි.

එය යහපත් සිතුවිල්ලක් නම්...

Monday, July 23, 2012


සිතුවිල්ලක් නැඟුණ විට  ගුණ දොස් සොයලා
නංවනු ක්‍රියාවට යහපත ගැන සිතලා
අවසර ගන්න එක උගහට වෙයි කියලා
ගත හැක සමා වැරදුණොතින් පා වැඳලා


එය යහපත් සිතුවිල්ලක් නම් නොපැකිල ක්‍රියාවට නංවන්න... අන් අයගේ අවසරය ගැනීමට වඩා එමඟින් සිදුවිය හැකි දොසකට සමාව ගැනීම බොහෝ සෙයින් පහසු වනු ඇත..


If it's a good idea, go ahead and do it. It's much easier to apologize than it is to get permission.

- Grace Hopper



මොකද හිතන්නේ...?

පශ්චාත් නන්දිකඩාල් දේශය II

Sunday, July 15, 2012




1 කොටස

'මේකයි මේක කාටවත් එහෙම කියන්ඩ එපා.චුට්ටක් ලීක් උනත් වැඩේ අනිත් පැත්තට ගැස්සෙන්ඩ පුළුවං.මම මේක අපේ කාටවත් කිව්වේ නෑ.දන්නවනෙ ඕකුංගෙ කටවල්වල හැටි.අර මොකක්ද එක ඇරියා වගේ මයික් එකක් දැක්ක ගමං ඔක්කොම කියවෙනවා.දැං අනික තාත්තලා ඇමතිලා උනාම, පුතාලත් පම්පෝරි ගහනවනේ'.

'හරි හරි මම ඕක කාටවත් කියන්නේ නෑ.වැඩිම උනොත් මගේ බ්ලොගේ දායි.ඒත් කියවන උං හිතන්නේ ගොතපු කතාවක් කියලා නෙව.අගේ නොකර ඉක්මනට කියන්ඩකෝ'.

පශ්චාත් නන්දිකඩාල් දේශය

Saturday, July 14, 2012


කාලෙකිං සිතුවිලි පවුරෙ මොකුත් දැම්මෙ නැති හින්දා ඔන්න මගේ බ්ලොගේ ටික දවසකට කලිං දාපු එකක් දාන්ඩ හිතුවා....




ආශ්චර්යයේ දිවයින සීරීස් එක ලිව්වාට පස්සේ රජතුමා මාත් එක්ක එච්චර හොඳ නැත.නමුත් සකල ලෝක දැනුම් සම්භාරයකින් පරිපූර්ණව අකලට පරිණත වූ මා වැන්නෙක් අමතක කිරීම දැලිපිහියෙන් කිරි කන ඔහු වැනි රජෙකුට ලේසි නැත.මගේ දැනුම හා සසඳද්දී ඔහුගේ උපදේශක මණ්ඩලය සේනක පුක්කුසාදීන් වගේ පේනවා යැයි රජතුමාගේ ශ්‍රී මෞකද්වාරයෙන් පැවසුනේ වරක් දෙවරක් නොවේ.

පි‍ටු පෙරලපු ගාන