මංකොල්ලකෑම් සහ අවභාවිතාව.

Sunday, October 30, 2016
ජනවාරි 8 විප්ලවයක් යැයි කියා ගනිමින් එදා පැවති රජය වෙනස් කරමින් යහපාලනය රජය බලයට පත් වුයේ හොරු අල්ලනට සපත කරමින්ය.
පත් වී වැඩි කල් යන්නට පෙර හොරු ඇල්ලම සදහා FCID නමින් ආයතනයක් ද පිහිටුවීය.

මේ අතර ශ්‍රි ලංකාවේ වැදගත්ම මුල්‍ය ආයතනය වන මහා බංකුවට අර්ජුන් මහෙන්දාාන් නැමති සිංගප්පුරු ජාතිකයා පත්වන්නේද ඊට ටික කලකට පසු මහා බැංකුවේ මහා බැඳුම්කර වංචාවක් සිදුවන්නේ යහපාලන සියලු මූලධර්මනට පිටුපාමිනි.

රටේ විපක්ෂය නිහඩ මොහොතක රටේ මිනිසුන්ට රටට ආදරය කරන එකාබද්ධ විපක්ෂය මෙම සිද්ධිය සමාජගත කිරිමේ ප්‍රතිඵලයක් ලෙස දැඩි විරෝධතා හමුවේ මහා බැංකුවේ අධිපතිවරයාගේ සේවා කාලය තව දුරටත් දීර්ඝ නොකරන ලදි.

දිගින් දිගටම කරන ලද වවේචන හමුවෙි උවද මහ බැංකු අධිපතිවරයා තව දුරටත් රටේ වැදගත් තනතුරු දරමින් රට තුල සේවය කරන්නේ රටේ අගමැතිවරයා ගේ ආරක්ෂාව යටතේ බව ඔනම අයෙකුට තේරෙන කරැණකි.
ප්‍රාදේශීය සභාවට කොඩි කණු ලබා දීම වැනි සිද්දීන්වලට බැසිල් රාජපක්ෂ ඇමතිවරයා හීරේ යද්දි මහ බැංකුව මංකොල්ල කෑ අධිපතිවරයා අධිකරණය, FCID, තියා පොලිසිය ට වත් නොයන්නේ මේ රටේ නීතිය ඔහුට වලංගු නොමැති නිසාද එසේත් නැත්තම් රටේ ඉහලම පුටුවෙි සිටින අගමැතිවරයාගේ ගජයෙක් නිසාද දන්නේ නැත.

රටේ අහිංසක ජනතාවගේ මුදල් මංකොල්ල කමින් තමන්ගේ බෑනාගේ මුල්‍ය අයතනය රටේ විශාලතම ව්‍යාපාර පරදා ලාබ ලබද්දී රටේ මුදල් ඇමතිවරයා කියන්නේ 'රාජපක්ෂ ණය' ගෙවනවා යනුවෙනි. වැඩබිමක්ව තිබු රට මුඩු බිමක් කරමින් රාජපක්ෂ පවුලේ නම් කියවමින් සිටිනවා හැරෙන්නට මේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් මේ යහපාලන ආණ්ඩුව කල දෙයක් නැත.
කෝප් කමිටුව හරහා මේ වංචාව කරලිය දෙවනත් කරද්දී සාධාරණ සාමාජ වෙනුවෙන් පෙනි සිටී NGO නඩද රටේ විධායකය ද මෙලො දෙයක් නොව ලෙස සිටින්නේ නියම හොරැන් ආරක්ෂා කරන්නේ අපි යැයි පනිවිඩය රටට ලබා දෙමින්ය.

පසුගිය කාලයේ රටේ හොරු ඇල්ලිමට අමිල මෙහෙවරක් කල රන්ජන් රාමනායක ප්‍රමුඛ රහස් පරික්ෂක ජාලයට කෝප් වාර්ථාවෙන් මෙම සිදුවිම එලියට එනතුරු සොයාගත නොහැකි විය.
රටේ ජනතාවගේ මුදල් කොල්ල කමින් තමන්ගේ පුද්ගලික බුදලය තර කරගනිමින් අහිංසක මිනිසුන්ට තව තවත් බර පටවමින් බදු සංශෝධන නොවැම්බර් පළමු වෙනිදා සිට ක්‍රියාත්මක වෙන විට යහපාලනයට චන්දය දුන් සමහරු තුෂ්නිම්භුත වි සිටිති.

මේ මහා බැංකුවේ ඉතිහාගත බැදුම්කර මගඩියට සෘජුවම වගකිව යුත්තේ රටේ මුල්‍ය පාලනය කරන අගමැතිවරයා සහ මුදල් ඇමතිවරයාය. ඔවුන් මෙම සිදුවිම ගැන රටට කිසිවක් නොකියන්නේ නම් ඔවුන් කරන්නේ රටේ ජනමතයට පයින්ගැසිමක් විනා වෙන කිසිවක් නොවෙි.
යහපාලනය කරන්නට රට බාරගත් මේ කම්බ හොරැන් කරනා වංචාව රටේ ජනතාව අවබෝධ කර ගැනිම මේ අවස්ථාවෙි ජාතියක් ලෙස වැදගත් කරුණකි.

මේ සා රටේ මුදල් කොල්ල කමින් රට අගාධයකට ගෙනියන මේ යහපාලනය ආණ්ඩුවට ජනතාව ලෙස අපට කියන්නට ඇතතේ ඉල්ලා අස්වි ගෙදර යන්නට කියා පමණි.

Like කරන්න share කරන්න
https://www.facebook.com/wadinathanata/
හදවතේ ජනාධිපති කන්ඩායමේ වැඩක් ..!

විපක්ෂයට විකල්පයක්

Saturday, October 29, 2016
ආණ්ඩුවට රිදෙන්න රිදවන්න විකල්පයක් එන එක ස්ථිරයි. බොරුවෙන් වංචාවෙන් කුමන්ත්‍රණයෙන් හෝ ජනතා කැමැත්තෙන් ජනවාරි අට වෙනිදා පහුගිය ආණ්ඩුව වෙනස් උනා. එදා ඉදන් පත් වෙච්ච මේ ආණ්ඩුව රට පාලනය කරන්නේ යහපාලනය කියන නමට මුලා වෙලා කරන්න පුළුවන් තරම් හොරකම් ජඩකම් කරමින් බොරුවෙන් තමන්ගේ නිරුවත වහගන්න උත්සාහ කරමින්. 

මේ ආණ්ඩුව අවුරුදු දෙකට අවුරුදු දහයක් රට ආපස්සට ගෙනිහින් ඉවරයි. රටට යම් දෙයක් කළා නම් ඒක දන්නේ ජාති වාදයෙන් තමන්ගේ පැවැත්ම තහවුරු කරගෙන ඉන්න උතුරේ දේශපාලන නායකයින් විතරයි. ඒකාධිපති පාලනයක් බිද දැමීමට පැමිණි බව පවසමින් ඊනියා හවුල් ආණ්ඩුවක් මාර්ගයෙන් වීපක්ෂයේ හඩ මර්ධනය කරමින් මේ යන ගමන මර්ධනය කරන්න දැන් කාලය ඇවිත්. ලංකා ඉතිහාසයේ අඩුම කාලයකින් ජනතාවට වහ කදුරු වූ ආණ්ඩුවක් තිබුනා නම් ඒ මේ යහපාලනය නම ගහ ගත්ත යමපාලනයම විතරයි..

ඒ අතරේම මේ වෙනකොට 
ඉන්දියාවට රටේ ආර්ථිකය පාවා දෙන එට්කා ගිවිසුමට, රට දෙකඩ කරන දිශාවට පිම්මක් පනින ව්‍යාවස්ථා, මර උගුලකට සියළු සැලසුම් දැනටත් සූදානම්. 

මහින්ද රාජපක්ෂ හොරා හොරා කියමින් එතුමාගේ අවුරුදු දහයේම පාලන කාලය තුල යුද්දය සහ සංවර්ධන කටයුතු සඳහා වියදම් කරපු මුළු මුදලට වඩා වැඩි මුදලක් මහ බැංකු කොල්ලයෙන් හොරා කාල වාර්තා තියපු රනිල් සිරිසේන හොර නඩය මහ බැංකු අලාභය පියවන්න බඩු බරින් ජනතාව තලා පෙලා දමමින්ව තවමත් යහපාලනය කියන වචනය විකුනන්නේ කිසිම හිරිකිතයක් නැතුව.

මීටත් අමතරව බෙදුම්වාදී කොටින්ගේ හිත් සතුටු කරන්න ලසන්ත වික්‍රමතුංග ඝාතන සිද්දියක් පටලවල මව්බිමේ ආරක්ෂාවට සිටි සැගවුනු පවුර වෙච්ච බුද්ධි අංශ නිලදාරීන් 200ක් CID දඩයම් ගුහාවට ගෙනියන්න කරන උත්සාහය නිසා දැනටමත් බුද්ධි අංශ සියල්ලම අවුල් ජාලාවක පටලවල ඉවරයි. 

දැන් මේ බලාගෙන හිටපු කාලය හොදටම ඇති. තව දුරටත් මේ සක්කිලි බොරුකාරයන්ගේ ජඩ පාලනයට රැවටෙනවාද? මේ හොර රංචුව එළවලා නැවතත් රටේ සංවර්ධන ක්‍රියාදාමය ඉදිරියටම කරගෙන යන්න පෙළ ගැසෙනවාද? 
එහෙනම් 


2015 ජනවාරි 08 වනදා මව්බිම උකසට තබා බූරු ගැසූ ගල් මෝඩයන් රටට අත් කර දෙන ජයග්‍රහණ නෙලන්නට රටම සූදානම් වෙමු...!!!

මොහොතක් සිතන්න

Wednesday, January 7, 2015


ආණ්ඩුවේ දුෂණ වංචා ගැන කියවන හැමෝටම දැන් අමතක වෙලා තියෙන කාරණය උඹලා ඔය ෂොපින් යන සොරිසෙනත් මෙච්චර කාලයක් මේ ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා හිටියා කියන එක්. අන්තිම මොහොත වෙනකම් ආණ්ඩුවේ ඇමතිකමක් කරගෙන හිටපු එකා ආණ්ඩුවෙන් පැන්න ගමන් සියලු පව් සේදු පාරිශුද්ද චරිතයක් වෙලා ආණ්ඩුවේ දැනට ඉන්න අය විතරක් හැම දේටම වග කියන්න ඕන කියලා කියන්නේ කොහොමද?

මේ කියන විදියට සාරුව සුනිල් ගෑනු දුෂණය කරලා තියෙන්නේ මහින්ද රාජපක්ෂගේ අහවල් එකෙන්. පාර හදනකොට වැඩ කරපු එකා සිමෙන්ති කොට්ටයක් විකුණුවා නම් එකේ ගාන ගිහින් තියෙන්නෙත් මහින්ද රාජපක්ෂගේ බෑන්ක් එකවුන්ට් එකට. පාර කොන්ත්‍රාත් ගත්ත එකා ඒක ගන්න කාට හරි කොමිස් එකක් ගෙව්වත් එකත් අන්න තියෙනවා මහින්ද රාජපක්ෂගේ එකවුන්ට් එකේ. ඉස්පිරිතාල වලට බේත් ගන්නකොට හම්බ වෙච්ච කොමිස් එකත් මහින්ද ලග
.
පක්ෂ විදියට ගත්තත් දැනටත් ඔය ආණ්ඩුවේ ගොඩක් ඉන්නේ යු ඇන් පි එකෙන් පැනපු අය. ඒ නිසා ඔය යහපාලකයෝ බනිනකොට ආණ්ඩුවට බනින්නේ නැතුව මහින්ද රාජපක්ෂ මෙන්නමේ පාරෙන් මෙච්චර හොරකම් කළා මෙන්න මේ ව්‍යාපෘතියෙන් මෙච්චර ගැහුවා කියලා බනින්න. මේක ආණ්ඩුව පෙරලන මැතිවරණයක් නෙවෙයි. මෙතන තරගය තියෙන්නේ ශ්‍රී ලංකාවේ අනාගත ජනාධිපති කවුද කියල තෝරාගන්න. මොකද ආණ්ඩුවට බනින්න බනින්න අනිවා මේ ඊයේ පෙරේදා වෙනකම් ආණ්ඩුවේ ඇමතිකම් කරපු සොරිසෙන දත් දොස්තර ඇතුළු ගෙම්බෝ ටිකටත් ආණ්ඩුව කරපු ඒ වැරදි වලට වග කියන්නම වෙනවා..

මේ මොහොතේදී අපි හැමෝම හිතන්න ඕනේ තිස් වසරක යුද්දය නිමා කරලා රට සංවර්ධනයේ මාවත වෙත ගෙනියන්න උර දීපු නායකයා තොරගන්නවද එහෙමත් නැත්තම් කොහෙවත් ඉන්න සෙට් එකකගේ රූකඩයක් බවට පත් වෙච්ච මෙච්චර කල් දේශපාලනයේ ඉදලත් රටට දැනෙන්න වැඩක් නොකරපු තමන්ගේ පුද්ගලික කෝන්තර පිරිමහ ගන්න ආණ්ඩුවෙන් ඉවත් වුනු බලල් අතකට රට භාර දෙනවද කියන කාරණය විතරයි

ඒ නිසා අප්‍රේල් වල තියේන මහා මැතිවරණයේ දී ආණ්ඩුවේ වැරදි ඕන තරම් කියලා විවේචනය කරලා සර්ව සම්පුර්ණ කිසිවෙකු නැති ලෝකයේ වැරදි නොකරන හොද මිනිස්සු ටිකක් පාර්ලිමේන්තුවට තෝරා පත් කරගන්න කටයුතු කරමු. හැමෝටම සුභ උදෑසනක් සුභ අනාගතයක් ..................

මහින්ද සමග මෛත්‍රී එදා අද සහ හෙට

Sunday, December 28, 2014

යුද්දේ දින්නට මහින්දට 2009 ඉදන් 2014 වෙනකම් රට කන්න දුන්නා ඇති කියලා කට්ටිය එකසිය ගානට කියවනවා. ඒත් එහෙම කියන එකෙක්ටවත් මතක නෑ 2009 දීත් මහින්දට ඔතනට එන්න දෙන්නේ නැතුව එලවගන්න දගලපු දැගලිල්ල. මේ ටික ලියලම දාන්න හිතුනේ මේ කියවිල්ල දැකලම එපා වෙලා. 

යුද්දේ ඉවර කරපු ගමන් රටේ ජනාදිපතිවරයාට එරෙහිව හමුදාපතිවරයාව බලයට ගේන්න එදා දැගලුවෙත් අද දගලන සෙට් එකම තමයි. අද ඒවා ඔක්කොම අමතක වෙලා අහසින් පාත් උනා වගේ කලගුණ සලකන්න මහින්දට රට භාර දුන්න වගේ කතා කිව්වට 2009 දීත් පැත්තක හිටපු මනුස්සයෙක්ව බල ලෝභයෙන් අන්ධ කරවලා ඒ මනුස්සයාගේ අනාගතේ විනාස කරලා දැම්මේ රට කොටින්ගෙන් බේරගත්ත එකට කල ගුණ සලකන්න වෙන්න ඇති. යුද්දේ දින්නට ඔය කියවන තරමට කල ගුණ සලකන්න එදත් සැදී පැහැදී හිටිය කියන මිනිස්සු එදා මොන මගුලකටද රටේ සේනාධිනායකයයි හමුදා නායකයයි කෙටෙව්වේ. එහෙමත් කරලා බැරි වෙච්ච තැන අදත් හොරකම භිෂණය දුෂණය ඒකාධිපති පාලනය වගේ ලොකු ලොකු කතාන්තර සෙට් එකක්ම කියාගෙන මහින්ද එලවන්න හින දකිනවා.

මහින්දගේ හොරකම දුෂණය භිෂණය ගැන කතා කරන්නේ අවුරුදු එකොළහක් යුද්දේ වවාගෙන කන ගමන් රටත් කාපු ගෑනියෙක්. ආයුධ ගේනකොට එහෙන් හම්බ වෙන කොමිස් කුට්ටිය කාටවත් පේන්නේ නෑ, රටේ පොදු පහසුකම් සංවර්ධනය වෙනකොට තමයි ඉස්සර පෙනුනේ නැති දේවල් උනත් හැම එකාටම පේන්න පටන් ගන්නේ.
එදා ගහපු කොමිස් කරපු හොරකම් කොච්චරද කියල මිනිස්සුන්ට පෙනුනේ නැත්තේ අන්න උතුරේ මිනි මරනවෝ කියලා යුද්දයක් කියල එකක් රටේම උන්ට පේන්න තිබුන නිසා. එදා කොච්චර කොමිස් ගැහුවත් හොරකම් කලත් කාටවත්ම පෙනුනේ නැත්තේ ඒකයි. අද ඉන්න නායකයන්ට එහෙම පෙන්නන්න මොකුත් නෑ. ජනතාවට පෙන්නන්න ප්‍රශ්නයක් නැති නිසා හොරකම වංචාව තමයි එක පාරටම පේන්න පටන් ගත්ත ලොකුම ප්‍රශ්නේ.

ඕනෑම මිනිහෙක් දේශපාලනේට එන්නේ නිකම් අත පිහදාගෙන යන්න නෙවෙයි. බලයට එන්න කලින් මොන ධර්මය දේශනා කලත් බලය අතට ගත්තට පස්සේ මුලින් කියපු කතාන්තර එකක්වත් මතක නෑ, ඒක මනුස්සයෙක් උනාම ගොඩ දෙනෙකුට පොදුයි.

ඊට පස්සේ ඒකාධිපති පාලනේ ගැන කියවන්නේ පක්ෂයේ ඉන්න  ඔක්කොම ප්‍රභල නායකයෝ ටික ආණ්ඩුවට එකතු වෙනකම් උඩ බලාගෙන ඉදලා ජිවිත කාලෙටම පක්ෂ නායකත්වය තමන්ට රැක ගන්න පුළුවන් විදියට පක්ෂයේ ව්‍යවස්ථාවේ ඉදන් වෙනස් කරගත්තු එකෙක්. භිෂණය ගැන කියවන්නේ කුරුඳු පොලු හමුදාවේ ලොක්කා.
ඒ මදිවට මේ හැම එකෙන්ම රට ගලවගන්න කියල ඉදිරිපත් වෙලා ඉන්නේ  තමන් ඉදිරිපත් කරන්න හදපු සෞඛ්‍ය පනතේ වත් එක කොපියක් පරිස්සම් කරගන්න බැරි වෙච්ච මෙච්චර කාලයක් ඇමති ධුර දරාගෙන ඉදලා කරා කියන එක වැඩක් පෙන්නන්න බැරි වෙච්ච පතෝල නායකයෙක්.

එහෙම කියනකොටත් බුකියේ කට්ටිය නම් කියන්නේ ඝෝටාභය වැඩක් කරන්න දුන්නේ නෑ. මහින්ද පවුල් පාලනයෙන් වියරු වැටිලා වගේ හිනා යන කතා සෙට් එකක් විතරයි. මොකද සිරිසේන කියන්නෙත් වැඩ බැරි මනුස්සයා උනත් කතාන්තර කියන්න පුළුවන් එකෙක්. නැත්තම් මෙලෝ වැඩක් නැතුවට අවුරුදු හතලිස් ගානක් දේශපාලනේ කරයියැ. තමන්ට වැඩක් කරගන්න ආණ්ඩුවෙන් ඉඩක් හම්බ උනේ නැත්තම් මෙච්චර කල් ඔය කියන ආණ්ඩුවේම ඇමතියෙක් වෙලා බකන් නිලාගෙන හිටියේ අහවල් බම්බුවකටද? ඒ දවස් වලම ආණ්ඩුවෙන් එලියට බැහැලා විපක්ෂයේ වාඩි වෙන්න තිබුන නේ.

අනික මහින්දගේ කෘර පාලනය යටතේ ඇමති කෙනෙකුට එහෙමවත් වැඩක් කරගන්න දුන්නෙම නෑ කියමු. චන්ද්‍රිකාගේ කාලෙත් සිරිසේන කියන්නේ 2001 ඔක්තෝබර් ඉදන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේඛම් ඒ වගේම 2004 පාර්ලිමේන්තු සභා නායක වගේම  2004 දී නව එක්සත් ජනතා නිදහස් සන්ධාන රජය තුළ ගංගා නිම්න සංවර්ධන හා රජරට සංවර්ධන ඇමති. ඒත් කරපු වැඩක් නම් නෑ. එහෙම හිටපු ඒ මනුස්සයට 2007 ජනවාරි මස කැබිනට් සංශෝධනය මගින් කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා සංවර්ධන ඇමති විදියට පත් කරලා නග්ගලා ගත්තෙත් මහින්ද රාජපක්ෂම තමයි. 2010 මේ සිරිසේන අප්‍රේල් මාසයේ ඉදන් රටේ සෞඛ්‍ය ඇමති විදියට හිටියත් ජනතාවට දැනෙන්න වැඩක් කරපු කෙනෙක් නෙවෙයි. 

1995 මහින්ද වෘත්තීය පුහුණු අධිකාරිය හැදුවේ ජනාධිපති වෙලා නෙවෙයි. ඒ මනුස්සයා රටේ  මිනිස්සුත් එක්ක හිටිය මිනිස්සුන්ගේ ප්‍රශ්න අදුන ගත්ත කෙනෙක් වෙච්ච නිසා. එදා ඒ කරපු නිර්මාණයෙන් කාර්මික අධ්‍යාපනය ගමට ගිහින් ගමේ හිටපු තරුණ තරුණියන් රැසකට තමන්ගේම රැකියා ආරම්භ කරන්න අවස්තාව සැලසුණා කියන එක අද කාටවත් මතක නෑ. මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට කම්කරු ප්‍රඥප්තියක් කෙටුම්පත්  කරලා ඉදිරිපත් කළත් චන්ද්‍රිකා රජය යටතේ එය ක්‍රියාත්මක උනේ නෑ.

ඒ විතරක් නෙවෙයි කම්කරු ඇමති විදියට මහින්ද රටට අලුත් දේවල් දෙනකොට ඒ කාලෙම තමන්ට තර්ජනයක් වෙයි කියල දැනුන නිසාම චන්ද්‍රිකා කලේ මහින්දව ධිවර ඇමති බවට පත් කිරීම. වැඩක් කරපු මනුස්සයෙකුට මාළු අල්ලන්න භාර දුන්න වගෙයි කියල ඒ කාලේ මිනිස්සු කිව්වේ ඒ නිසා. ඒත් මාළු අල්ලන්න හම්බ වෙච්ච ඇමතිකමේ ඉදගෙනත් සාගර කටයුතු පිළිබඳ විශ්වවිද්‍යාලයක් එක්කම වෙරළ ආරක්ෂණ අංශයක් ඇති කරන්නත් මහින්ද රාජපක්ෂ කටයුතු කලේ ජනාධිපති විදියට නෙවෙයි.

හොරකම දුෂණය ගැන මොන තරං කතා කිව්වත් ඔය එකක්වත් ඔප්පු කරන්න සාක්ෂි තියෙන චෝදනා නෙවෙයි. හොරා හොරා කියල කෑගැහුවට මහින්ද මෙන්න මෙතන මේ විදියට ගසාකාල තියෙනවා කියල සාක්ශි එක්ක කතා කරන්නවත් නෑ. ගිරව් වගේ මොකෙක් හරි එකෙක් කිව්ව එකක් ඔහේ කියවනවා විතරයි. දැන් රටේ කියන කතා වල හැටියට නම් පේන්නේ පාරේ වැඩ කරන මනුස්සයෙක් සිමෙන්ති කොට්ටයක් හොරෙන් අරගෙන ගෙදර ගියත් ඒකත් කරලා තියෙන්නේ මහින්ද. ජීවිතේට මොකුත්ම හොරකම් කරලා නැති මිනිස්සු වගේ මහින්දගේ දුෂිත පාලනයට එරෙහිව බනින්න ඉදිරිපත් වෙලා ඉන්නේ පාරෙන් සිමෙන්ති කොට්ටේ උස්සගෙන ගෙදර ගියපු එකා. රට තනිකරම සංවර්ධනය කරලා තියෙන්නේ චීනෙන්. ආණ්ඩුව මොකුත්ම කරලා නෑ. චීනෙන් ඇවිත් ඔක්කොම කරලා යනකම් ආණ්ඩුව ඔහේ නිදාගෙන ඉදලා.

දැන් මෙච්චර කල් රට කන්න ආසාවෙන් ඉදලත් ඒකට චෑන්ස් එකක් හම්බ උනේ නැති සෙට් එකටත් රට කන්න චෑන්ස් එකක් හදලා දීපන් කියල නොවැ ඔය කියන්නේ. කියන්න තියෙන්නේ තව එකම එක දෙයයි. මහින්ද හොරෙක් නම් මහින්දගේ හොර රංචුවේ මෙච්චර කාලයක් එකට හිටපු හොරුන්ටත් ඒ හොරකම් වලින් අත පිහදාගෙන මම විතරක් හොද මනුස්සයා කියල කියන්න බැහැ. මොකද හොරකම වරදක් නම් ඊට අනුබල දීමත් වැරද්දක්. එකම අරමුණ මහින්ද එළවීම උනත් ලොකු හොරා පන්නලා පොඩි හොරා පත් කරගත්තා කියල වෙනසක් බලාපොරොත්තු වෙන්නත් බැහැ. පහු ගිය දවසක සිරිකොත ඉස්සරහ වෙච්ච දේවල් වලින් ඇති කරන්න හදන යහපාලනය කොහොම එකක්ද කියල රටේ ජනතාවට ඡන්දයට කලින්ම ඔප්පු වෙලා ඉවරයි. මෙච්චර කාලයක් ඇස් කන් පියාගෙන ඉදලා එක පාරටම දුෂණයෙන් භිෂණයෙන් තොර යහපාලනයක් ගැන ගිරව් වගේ කියවන්න පටන්ගත්ත සෙට් එකේ පැටිකිරිය ගැනත් හොයලා රටේ අනාගතය කාට භාර දෙනවද කියල තීරණය කරන එක රටේ ජනතාවටම භාරයි 


සුභ අනාගතයක් මෛත්‍රී පාලනයක් 

එතුමා සමග වරුවක්

Thursday, December 18, 2014
නිවේදක :
ආයුබෝවන් ප්‍රිය රසික රසිකාවියනි, අදත් ඔබ මේ එක්වී සිටින්නේ එතුමා සමග වරුවක් කාලින දේශපාලන වැඩසටහන සමගින්. ඔබ මේ වන විටත් ශ්‍රී ලංකාවේ කතිර වරණය පිලිබඳ ඉතා හොදින් දැනුවත්, ඒ නිසාම අපි තීරණය කළා  මෙවර කතිරවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රභලතම අපේක්ෂක තුමෙක් මේ සාකච්චාව සඳහා සහභාගී කරවා ගන්න.

මේ දිනවල නම කියූ සැනින් එතුමා පිළිබඳව හැමෝම දන්නා නිසා එතුමා කවුද කියා හදුනා ගැනීමේ අවස්ථාවත් අපි ප්‍රේක්ෂක ඔබ වෙතම ලබා දෙනවා. ඔබටත් 0326 736737 දුරකථන අංකය මගින් අප සමග සජීවීව සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙනම් මුලින්ම මම අපේ ආරාධිත කතිරවරණ අපේක්ෂකතුමාව ආයුබෝවන් කියල පිළිගන්නම්  
ආයුබෝවන් අපේක්ෂකතුමනි 

අපේක්ෂක :
ආයුබෝවන් ආයුබෝවන් 


නිවේදක :
මුලින්ම ඔබතුමා ගැන ඔබතුමාම පොඩි හැදින්වීමක් කලොත් හොදයි කියල මම හිතන්නේ, අපි පටන් ගනිමු ඔබතුමා දේශපාලනය ආරම්භ කරපු තැනින්ම 

අපේක්ෂක:

පළමුවෙන්ම මම ඔබට ස්තුති කරන්න ඕනේ මට මේ අවස්තාව ලබා දුන්න එක ගැන, මොකද ඇත්තම කියනවා නම් රටේ මාධ්‍ය සියල්ලටම මේ වන විට මේ දුෂිත කුරිරු ආණ්ඩුව විසින් වාරණ නියෝග දාල තියෙන්නේ විපක්ෂයේ නියෝජිතයන්ව මේ වගේ වැඩසටහන් වලට සහභාගී කරවා ගැනීම සම්බන්දයෙන්. මේ වගේ දැඩි ලෙස මාධ්‍ය නිදහස කප්පාදු කරපු තත්වයක් යටතේ උනත් මට මෙතනට ආරාධනා කරපු එක ගැන මම ආයෙමත් ස්තුතිවන්ත වෙනවා. 

නිවේදක:

අපි දන්නා විදියට දේශපාලනයට එන්න කලින් ඔබතුමා රජයේ නිලධාරියෙක් 

අපේක්ෂක:
ඔව් ඇත්තෙන්ම මම මගේ ප්‍රදේශයේ ජනතාවට දැනට අවුරුදු හතලිස් ගානකට කලින් රාජ්‍ය සේවකයෙක් වශයෙන් කරන ලද සේවයේ ප්‍රතිපලයක් විදියට තමයි ජනතාව මාව පාර්ලිමේන්තුවට තෝරා පත්කර ගත්තේ. එදා ඉදන් මම ඒ දුක් විදින ජනතාවගේ ප්‍රශ්න ගැටළු නිරාකරණය කරන්න පුදුම විදියට කැප උනේ. මට දේශපාලනික වශයෙන් මෙච්චර දුර ගමනක් එන්න හැකියාව ලැබුනේ අන්න ඒ කැපවීමෙන් කරපු ජනතා සේවය නිසා කියල මට ආඩම්බරයෙන් කියන්න පුළුවන් 


නිවේදක:
දැන් අපි ඔබතුමාගේ වර්තමාන දේශපාලන කටයුතු දිහා බැලුවොත්, ඔබතුමාගේ පාර්ශවයෙන් ඔබතුමාගේ ප්‍රතිවිරුද්ද  පාර්ශවය වෙත දැඩි ලෙස චෝදනා කරනවා සහෝදර සමාගමක් වශයෙන් රට පාලනය කරනවා කියල, ඒත් රජයේ පාර්ශවය කියන විදියට ඔබතුමාගේ සමාගම ඊට වඩා වැඩියි. තව ඔවුන්ගේ ව්‍යාපාර පිළිබඳවත් රජය චෝදනා එල්ල කරනවා. මේ සම්බන්දයෙන් ඔබ තුමා දරන ස්ථාවරය මොකක්ද කියල ජනතාව දැනගන්න කැමතියි 


අපේක්ෂක:

මුලින්ම මට ඔය වගේ චෝදනා එල්ල කරන කණ්ඩායම් වලට මම කියන්න කැමතියි මගේ සහෝදර පරම්පරාව ඔය දැනට ආණ්ඩුවේ ඉන්න අය වගේ නෙවෙයි කියල. මොකද ඒ වගකීම මම ගන්නවා, මගේ අතේ ලේ ගෑවිලා නෑ. 

නිවේදක:

සමාවෙන්න අපේක්ෂකතුමා ඔබතුමා සහෝදරයන්ගේ වගකීම ගැනීමක් ගැන නෙවෙයි මම ඇහුවේ,  

අපේක්ෂක:

ඉන්නවකෝ පනින්නේ නැතුව මගේ සහෝදරයන්ට එයාලගෙම ව්‍යාපාර කටයුතු තියෙනවා, එක මුළු රටම දන්නවා. එයාල එදා ඉදන්ම සල්ලි තිබ්බ අය. මගේ සහෝදර සහෝදරියෝ ඔය අනිත් අය වගේ පිට රට ගිහින් ෂෙඩ් වල තෙල් ගහලා කියක් හරි හොයාගෙන සහෝදරයා රජ වෙච්ච ගමන් ලංකාවට ඇවිල්ල රටේ පාලනයට සම්බන්ධ වෙච්ච අය නෙවෙයි කියල මම වගකීමෙන් කියනවා 

නිවේදක:

ඔව් අපේක්ෂකතුමා මේ අවස්ථාවේ අපේ නරඹන්නෙක් දුරකථනය හරහා සජීවීව සම්බන්ධ වනවා අපිත් සමග. ඔව් කවුද  මේ කතා කරන්නේ 

අසන්නා:

හෙලෝ මහත්තයෝ

නිවේදක:

ඔව් මට ඔබතුමාගේ නම කියනවද මුලින් කියන්න 

අසන්නා:
මහත්තයෝ මම ගම්පහ සුනිල් කතා කරන්නේ මට කතා කරන්න ඕනේ අපේ අපේක්ෂක තුමාට, 


නිවේදක:
ඔව් සුනිල් ඔබට ප්‍රශ්නය ඉදිරිපත් කරන්න පුළුවන් 


අපේක්ෂක:
ඔබතුමාට ඕන දෙයක් මගෙන් අහන්න. මොකද මම මේ වෙලාවේ මෙතනට ඇවිල්ල ඉන්නේ ජනතාව වෙනුවෙන් ජනතා ප්‍රශ්න වලට උත්තර දෙන්න 


අසන්නා:
මහත්තයෝ අපි දැක්කා ඔබ තුමා ප්‍රකාශ  කරලා තියෙනවා ඔබතුමා වත්කම් ප්‍රකාශයක් ඉදිරිපත් කළා කියලා 

අපේක්ෂක:
ආන්න දැක්කද මම මගේ වත්කම් ප්‍රකාශයකුත් ඉදිරිපත් කරලා මේ කතිරවරණයට ඉදිරිපත් උනේ. මගේ අත්වල කුණු නෑ, පගාව වංචාව දුෂණය තියෙන තැනක මට ඉන්න බෑ කියල හදවතටම දැනුන නිසා මම එලියට බැහැලා ආවේ 

අසන්නා:

මට අපේක්ෂක මහත්තයාගෙන් දැනගන්න පුලුවන්ද එතකොට ඒ වත්කම් ප්‍රකාශය ඇතුලේ අර ගං පහ ඇඹර... 

කික්... කික්... කික්...

නිවේදක:
හෙලෝ හෙලෝ සුනිල් මහත්මයා 
ඔව් බොහොම කනගාටුයි  දුරකථනය විසන්ධි උනා 

අපේක්ෂක:
ඒ මහත්තයා ගම්පහ ප්‍රදේශයේ තියෙන මගේ සතුව තියෙන දෙයක් ගැන නේද අහන්න ගියේ, ඇත්තටම මම ගොඩාක් කනගාටු වෙනවා ඒ මහත්තයා ගැන. මොකද මුළු රටේම ජනතාව දන්නවා මම සියනෑ කෝරලයේ දේශපාලන නායකයෙක් නෙවෙයි කියලා. ඉතින් මට කොහෙන්ද ගම්පහ පැත්තේ වත්කම්. මේවා මගේ දේශපාලන චරිතය ඝාතනය කරන්න මට මඩ ගහන්න මේ වංචාකාරී දුෂිත ආණ්ඩුව කරන වැඩ. ඒත් මේ රටේ බුද්දිමත් ජනතාව මේ වගේ බොරු මඩ ප්‍රහාර වලට සැලෙන්නේ නෑ කියල මට විශ්වාසයි 

නිවේදක:
ඔව් අපේක්ෂකතුමා ජනතාව කතිරවරණයේදී හොද තීරණයක් ලබාදෙයි කියන එක තමයි අපෙත් බලාපොරොත්තුව, දැන් මගේ ඊලග ප්‍රශ්නය තමයි  අපි හැමෝම දන්නවා දැනට රටේ සීග්‍ර සංවර්ධන ක්‍රියාවලියක් කරගෙන යනවා කියන එක. උදාහරණ විදියට ගත්තොත් උතුරු අධිවේගී මාර්ග කොළඹ වරාය හම්බන්තොට වරාය ආදී ව්‍යාපෘති වගේ දේවල්, 
ඉතින් රටේ ජනතාව දැනගන්න කැමති ඇති ඔබතුමා බලයට පත් උනාට පස්සෙත් මේ සංවර්ධන කටයුතු ඒ විදියටම කරගෙන යනවද කියන එක.

අපේක්ෂක:
මම මුලින් ඔබතුමාගෙන් අහන්න කැමතියි ඔබ තුමා මේ සංවර්ධනය කියන එකෙන් අදහස් කලේ දුෂණය වංචාව කියන එකද කියලා.  ඔබතුමා දන්නවද ඔය හයිවේ එකේ එක අඩියකට ගිය මුදලින් රත්තරන් වලින් කාපට් කරන්න තිබ්බ කියන එක. කාගේද මේ සල්ලි රටේ මහ ජනතාවගේ 

නිවේදක:
ඔව් අපේක්ෂකතුමා ඒත් රජයෙන් ප්‍රකාශ කරන විදියට ඔය අධිවේගී මාර්ගය සඳහා වියදම් කළා කියන මුදල් වලින් වැඩි කොටස ඉඩම් අත්පත් කරගැනීම සඳහා ජනතාවට ගෙවපු මුදල්. කොළඹ කටුනායක අධිවේගී මාර්ගය පිහිටලා තියෙන ප්‍රදේශයේ ඉඩම් වල වාණිජ වටිනාකමත් එක්ක සලකනකොට ඒ වියදම් කළා කියන අධික වියදමින් වැඩි කොටසක් ලැබිලා තියෙන්නේ ඒ ප්‍රදේශයේ ඉඩම් හිමි වෙලා තිබුන රටේ මහ ජනතාවටම නේද?  

අපේක්ෂක:
බම්බුව තමයි. එහෙම රටේ ජනතාවට දීපු සල්ලියක් ඔතන නැහැ. ඔය වියදම් කරපු සල්ලි වලින් හයිවේ දහයක්...... 


(දඩ බඩ ඩෝන් ඈතින් වෙඩි තබන බෝම්බ ගසන හඩක් ඇසේ. ආරක්ෂක භටයන් පිරිසක් පැමිණ අපේක්ෂකතුමා වට කරගනියි ) 

අපේක්ෂක:
මොකක්ද ඒ සද්දේ 

ආරක්ෂක භටයන්:
සර් එළියේ කට්ටියක් ෆයර් කරනවා.

අපේක්ෂක:
බලන්න මේ දුෂිත ආණ්ඩුවේ මැරකම. මගේ මේ වැඩසටහන කඩාකප්පල් කරන්න ආණ්ඩුව තමන්ගේ බලය යොදාගෙන. මේ වගේ මැරවරයන් ඉන්න මේ අධම ආණ්ඩුව ඉක්මනටම එලවන්න ජනතාව කටයුතු කරන්න ඕනේ. 


(ආරක්ෂක රැකවල් මැදින් අපේක්ෂකතුමා පිටව යන අතර පහර දීමට සහභාගී වූ අයගෙන් කෙනෙකු දෑත් වලට මාංචු යොදා පොලිස් භට කණ්ඩායමක් විසින් රැගෙන පැමිණේ) 

සැකකරු:
අනේ සර් මං අහිංසක දරු පවුල් කාරයා මාව අත අරින්න සර් 

පොලිස් නිලධාරියෙක්:
අත අරින්න වරෙන් %$%$ 

සැකකරු:
අනේ සර් අපේ මැඩම් ගේ කීම අහක දාන්න බැරි කමට මේ කට්ටියත් එක්ක ආව මිසක් මම මොකුත්ම කලේ නෑ සර්. 

පොලිස් නිලධාරියෙක්:
මැඩම් කිව්වේ මොන මැඩම් ද? ඇත්ත කියනවා නැත්තම් දන්නවනේ 

සැකකරු:
අනේ බුදු සර් ඇත්තම කියන්නම් මට යන්න දෙන්න 

පොලිස් නිලධාරියෙක්:
හ්ම්ම් කියනවා ඉක්මනට 

සැකකරු:
මහ ලොකුවට කෑගැහුවට අපේ සර්ට චන්ද හම්බ වෙන එකක් නෑ කියල අපේ මැඩම්ට හෙන සැකයි සර්.

පොලිස් නිලධාරියෙක්:
සර් කිව්වේ දැන් මෙතන ඉදලා ගිය අපේක්ෂකතුමාද? 

සැකකරු:
ඔව් සර් 
ඉතින් මැඩම් කිව්ව අපේ සර්ගේ මොකක් හරි මිඩියා කන්ෆරන්ස් එකක් ලගදි සර්ට මරණ තර්ජන තියෙනවා වගේ රටට ලෝකෙට පේන්න මොකක් හරි කරන්න කියල, එතකොට ඒක ආණ්ඩුවෙන් කළා වගේ පෙනෙයි කියලත් කිව්ව. 

පොලිස් නිලධාරියෙක්:
උඹේ අ$# ට
දැන් තමුසෙලා ඇවිත් මෙතන ගිනිකෙළි පත්තු කලේ ආණ්ඩුවෙන් සර්ට මරණ තර්ජන තියෙනවා කියල රටට ලෝකෙට පෙන්නන්න නාට්ටියක්රඟපාන්නද? වෙඩි වැදිලා අපේ දෙන්නෙක් හොස්පිටල්. තමුසෙලාගේ නාට්ටි වලින් ඒ මිනිස්සුන්ට මොකක් හරි උනොත් කවුද වගකියන්නේ ඉතුරු කට්ටිය ගැනත් අපි බලාගන්නම්. 

එනවා යන්න පොලිසියට 

 (පොලිස් නිලධාරින් සැකකරු වාහනයට නංවාගෙන රැගෙන යයි. නිවේදක සහ මාධ්‍ය ආයතනයේ සෙසු පිරිස සිදු වූ දේවල් ගැන සිතාගත නොහැකිව බලා සිටියි )



ඔබ සැමට සුභ අනාගතයක්....

$$වලින් සල්ලි හොයන්න පහසුම මග Elance

Friday, October 25, 2013



ඔන්න ගොඩාක් කාලෙකට පස්සෙ තොන්සා පෝස්ට් එකක් ලියන්න සෙට් උනේ.ඒ ලෙවල් වැඩ ගොඩ හින්ද පාඩම් වැඩ වලටම හිර වෙලා හිටියේ මේ දවස් ටිකේම.

අදනම් මම ඔයාලට කියන්න යන්නේ අන්තර්ජාලයෙන් හොඳට සල්ලි හොයන්න පුලුවන් freelancer ගනයට වැටෙන වෙබ් සයිට් එකක් ගැන.

ගුවනින් ගෙදර ගියෙමි

Wednesday, April 3, 2013



පහුගිය දවස් ටිකේම ෆැකල්ටියේ ඉඳලා ගෙදර එනකොට බස් එකේ පැය ගාණක් රස්තියාදු වෙන්නට සිදු වූ නිසා විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාවයක් පැනනැංගේය.විකල්ප මාර්ගයක් භාවිතා කිරීමේ අවශ්‍යතාව ඇති වූයේ ගමන ප්‍රමාද වීම නිසා මිස කොන්දොස්තර මහතාගේ හෝ රියැදුරු මහතාගේ අකාරුණික අවිනීත හැසිරීමක් නිසා යැයි කවුරුත් වරදවා වටහා ගන්නට උවමනා නැත.එසේ වරදවා වටහාගෙන ගැමුණු විජේරත්න මහත්තයාට මේ ලිපිය පෙන්වා මා ගැන ඔහුගේ හිතේ වැරදි චිත්‍රයක් මවන එක මා හිතාදර පාඨකයින් විසින් නොකරනු ඇතැයි ගෞරව පූර්වකව විශ්වාස කරමි.එසේ වැරදි අදහසක් ඇති කිරීමෙන් ඒ මහතා ප්‍රමුඛ පුද්ගලික බස් හිමියන්ගෙන් මට වරදක් සිදු වන්නේ නොවේ.නමුත් ඒ අහිංසක දයාබර මිනිසුන් කොට්ඨාසය සමඟ හිත් අමනාපකම් ඇති කර ගැනීමට මාගේ හිත ඉඩ දෙන්නේ නැත.

කෙසේ වෙතත් කොළඹ සිට කටුනායක යෑමට ඉක්මන්ම විකල්ප මාර්ගයක් ගැන හිත යොමු කරගෙන ඉන්නා මට  ඉතාමත් බුද්ධිමත් මෙන්ම කාර්යශීලී අදහසක් පහල විය.සෙනසුරාදා දහවල් ෆැකල්ටියේ කළයුතු සියල්ල අවසන්කොට ගෙදර ගෙනියන කළමනාද අහුරාගෙන කොටුවට සැපත් වීමි.කොටුවේ සිට මත්තල බලා ධාවනය කරවන විශේෂ සුඛෝපභෝගී බස් රථයේ අසුනක් මමද හිමි කර ගත්තෙමි."ආහා" අදනම් හවස තේ වෙලාවට කළිං ගෙදර එනවා කියා අම්මාට එස් එම් එස් එකක්ද යැවීමි.අම්මා මැසේජ් බලන්න දන්නේ නැතිබව මතක් උනේ මැසේජ් එක යැව්වාට පසුවය.කමක් නැත.ගෙදර ගිහින් අම්මාට මැසේජ් එක පෙන්නන්නට පුළුවන්ය.

මට එහා පැත්තේ උන්නේ තරමක් මහලු 'අංකල්' කෙනෙක්ය.උන්දෑ බස් එකට නැග්ගේ බස් එක ඉස්සරහා ගහලා තියෙන රජ්ජුරුවන්ගේ ඡායාරූපයට වැඳලාය.ඒකෙන්ම ඒ උන්දෑ දේශමාමක බලවේගයක් බව මම වටහා ගත්තෙමි.වාඩි වී උන් ගැහැනු මනුස්සයින්ගේ උරහිස්වල ඇතිල්ලීගෙන බසයේ පස්සටම ආ 'අංකල්' මගේ අසුනට යාබද අසුනේ වාඩි වීය.

'අපේ රජතුමා ආයේ නෑ සුද්දා වගේ තමයි.කිව්වොත් කිව්වා.එයාපෝට් එකක් හදනවා කිව්වා.හැදුවා.කොටි ඉවර කරනවා කිව්වා.කළා.අන්න මිනිස්සු.නැද්ද මං අහන්නේ' ඔහු තනියම කියවා අන්තිමට ප්‍රශ්නයකින් මට දමා ගැසුවේය.මම ආයාසයෙන් හිනා වී හිස වනා එකඟ වීමි.මේ වගේ වෙලාවට වැල යන පැත්තට මැස්ස ගහන එක නුවණට හුරුය.නැත්තං මාත් නතර වෙන්නේ ඔබාමා, කරුණා නිධි සමඟ එක කඳවුරේය.

'දැං බලන්ඩ, ඔය යුද්ධේ ඉවර වෙන්ඩ කිට්ටු වෙන කාලේ වෙනකං අපි දැනගෙනවත් හිටියද ඔය ඔඩ්ඩු සුඩාන්, කිරංචි, නන්දි කඩාල්, එතනින් ගියාම වෙල්ල මුල්ලි වයික්කාල් වගේ පැති ගැන? නෑනේ.ඒ උත්තමයා නොහිටින්ඩ අපි මැරෙන්නේ අපේ මේ සිංහල පොළවට අයිති තැං ගැනවත් හරියට නොදැන.ඔන්න බලන්ඩ එතකොට මත්තල.කවුරුවත් අහලා තිබ්බ තැනක්ද? නිකං වල් බිහිවෙලා තිබ්බ තැනක් ජාත්‍යන්තරේට විවුර්ත කළේ අපේ උත්තමයනේ.නැද්ද මං අහන්නේ?'

'හ්ම්ම්' මම නැවතත් සිනාවක් මවා පෑවෙමි.


'මේ වගේ වෙලාවක විපක්සෙන් දෙන්ඩ ඕනේ සහයෝගය දෙනවද? නෑනේ.අන්න ඒකට බටහිර මිනිස්සු.ඔබාමා දිනපු වෙලාවේ කරපු කතාවේ නිකංවත් අනිත් පැත්තෙං චන්දෙ ඉල්ලපු එකාට බැන්නද? නෑ.අපේ මිනිස්සු මහා නොසන්ඩාල ජාතියක්.හම්බන්තොට වරාය හැදුවා.ඒකට බැන්නා.'

'අර ගලක් තිබ්බ එකද?' මට කියැවුනි.

'හරි ඉතිං ඒක කඩලා අයිං කළානේ, ඊටපස්සේ ඒ කිට්ටුවම ක්‍රිකට් ග්‍රවුන්ඩ් එකක් හැදුවා.ඒකටත් බැන්නා.'

'හයේ ඒවා ගහන්ඩ අමාරුයිලු නේද?අනික බඹරුත් ඉන්නවා කියන්නේ.'

'ඒවා එහෙම තමයි.මොකෝ අපි දන්නවෑ ලෝඩ්ස් ග්‍රවුන්ඩ් එක උනත් හදපු මුල් කාලේ ඔය වගේ ප්‍රශ්න තියෙන්ඩ ඇති.ඔන්න ඊට පස්සේ නෙළුම් පොකුණ හැදුවා.ඒකටත් බැන්නා.'

'ඒකේ පෙන්නන්නේ ඔය ලොක්කගේ ෂෝ විතරයි නේද?අනික ටිකට්වල ගණං අහපුවාම බඩ පපුව හෝස් ගාලා යනවා.'

හදපු මනුස්සයගේ දෙයක් පෙන්නගන්ඩ බැරිනං මොකටද ඒවා හදන්නේ? ඔය ළමයින්ට මේවා තේරෙන්නේ නෑ.අපි ඔය ළමයින්ට වඩා මේ මහ පොළවේ ජීවත් වෙලා තියෙනවා නොවැ.අපි දැකලා තියෙන, වැඩ කරලා තියෙන චන්ද ගාණෙං බාගයක්වත් ඔය ළමයි දැකලා නෑනේ.'

'අපෝ මේ චන්ද තියං යන විදිහට අපිටත් හොඳට ට්‍රේනිං එකක් ලැබිලා තියෙන්නේ අංකල්' යැයි කියන්නට සිතුනත් මම නොකියා කර බා ගතිමි.

අංකල් මාත් සමඟ කතාව නවතා නිදි කිරා වැටෙන්නට විය.මටද නින්ද යන්නට ඇත.

'පුතා පුතා නැගිටින්ඩ.අපි එයාර්පෝට් එකට ළංවෙලා ඉන්නේ.' අංකල්ගේ වැළමිටි පහරින් මම උඩ ගොස් ඇහැරුනෙමි.හොඳටම කරුවල වෙලාය.මම එච්චර වෙලා නිදා ගත්තාදැයි මට නිච්චියක් නැත.මම කළබල වී වට පිට බැලුවෙමි.නැත නැත.රෑ වෙලා නැත.බසය ඝණ වනාන්තරයක් මැදින් ඇදෙන නිසා හිරු එළිය නොවැටීමෙන් මම රැවටී ඇත.මම කබ කඩා, කෙළ පිසදාගෙන ගුවන් තොටුපල පිළි ගැනීමට සැරසුනෙමි.එක්වරම ඝණ වනය තුලින් බසය එළිමහනකට ඇදුනේය.ඈතට දිස්වන යෝධ සන්නිවේදන කුළුන සමඟින් මට ගුවන් තොටුපල පර්යන්ත ගොඩනැගිල්ල දිස් විය.අංකල් සාධුකාර දෙන්නට පටන් ගත්තේය.

ගුවන්තොටුපල මනස්කාන්තය, අනභිබවනීයය, විශිෂ්ඨ ඉංජිනේරු කර්මාන්තයක් බව නිසැකය.අංකල් සංචාරක මග පෙන්වන්නෙකු සේ මට ගුවන්තොටුපල විස්තර කර දෙන්නට පටන් ගත්තේය.මේක හැදූ චීන කාර්මික ශිල්පීන් පවා නොදන්නා ඉංජිනේරු විද්‍යාවේ හාස්කම් ගැන ඔහු මට විස්තර කර දුන්නේය.මුල්ගල තැබූ දිනයේ පටන් සිටවූ සෑම කොන්ක්‍රීට් කණුවක් පාසා කාලවකවානු අනුව ඔහු මට විස්තර කර දුන්නේය.

'අංකල් කොහොමද මෙච්චර විස්තර දන්නේ?'

'ඇයි පුතා රූපවාහිනී, අයිටීඑන් එහෙම බලන්නැද්ද?'


ගුවන්තොටුපල සාමාන්‍ය ආරක්ෂක බාධකයේදී හොඳින් කිචි කවාගෙන වෘෂණද මිරිකවාගත් මම මගී පර්යන්තයට ඇතුලු වීමි.ඉඳගත හැකි මුල්ලක් තෝරාගත් මම ගමන් බෑගය නැවත අසුරන්නට වීමි.බෑගයේ තිබුනේ හෝදන්නට ගෙදර ගෙනියන ඇඳුම් වගයක්ය.බෑගය පරීක්ෂා කළ පරීක්ෂකයාට කුමක් වූවාදැයි මම දන්නේ නැත.සිහි විසඥ වූ ඔහු හෝ ඇය ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙනයන්නට ඇතැයි අනුමාන කිරීම පමණි මට කළ හැක්කේ.

ගුවන් යානය පැමිණියේ පැය භාගයක් ප්‍රමාද වීය.නමුත් අපේ රටේ අනෙකුත් ප්‍රවාහන මාධ්‍යයන් හා සසඳා බලන කළ එය වෙලාවටත් කළින් පැමිණීමකි.ඒ නිසා බොහෝ දෙනෙකුට අද ගුවන් යානය මග හැරෙන්නට ඇත.ගුවන් යානයේ දොරටුව අසල මොණර පිළේ පැහැයෙන් යුත් සාරී ඇඳගත් තඩි කළු අඟනක් වූවාය.රූපවාහිනියේ එයාර්ලංකා වෙළඳ දැන්වීම්වල දැක පුරුදු ලෙසට මම ඇය වෙත මල් හිනාවක් පා 'ආයුබෝවන් ශ්‍රී ලංකා' කීවෙමි.ඇයගෙන් ප්‍රතිචාරයක් නැත.මම ඇය සිනාසී 'ආයුබෝවන්' කියන තෙක් ගමන් මල්ලද එල්ලාගෙන බලා සිටින්නට වීමි.

'මොකද මාව මීට කළිං දැකලා නැද්ද? නිකං යනවා අයිසේ වැඩක් බලාගෙන.' ඇගේ ගර්ජනාව හමුවේ මම ගුවන් යානය තුලට වීසි වී වැටුනෙමි.

මම ඇතුලට යන විට අංකල් මටද ආසනයක් අල්ලාගෙන ය.මම ආසනය වෙතට යමින් තබන අඩියක් අඩියක් පාසා යානයේ බිමට අල්ලා ඇති තහඩු 'ක්‍රීක් ක්‍රී...ක්' හඬ දෙන්නට විය.


කෙසේ හෝ ආසනය ළඟට ගිය මම ආසනයේ වාඩි උනෙමි.මගේ දණිස් දෙක ඉදිරි අසුනේ වේදනා දෙමින් වදින්නට විය.වැඩි ආසන සංඛ්‍යාවක් සවි කිරීමට ආසන ළංකොට සවි කරලාය.දණිස් තුවාල වනු වැලැක්වීමට මගේ වැදගත් ඉන්ද්‍රියයන්ට ඇති ආරක්ෂාව අවම කරගෙන කකුල් දෙපසට ඈත් කොට වාඩි වීමි.ආසනයට ඉහලින් ඇති ගමන් මලු දැමීමට ඇති ස්ථානය පරීක්ෂා කර බැලූ මට දක්නට ලැබුනේ එහි පොල් ගෙඩි රැසක් තද බද කොට අහුරා ඇති බවය.ආසන පටි පැළඳ ගැනීමට සැරසුනු විට දක්නට ලැබුනේ ඒවා කවුරුන් විසින් හෝ කපාගෙන රැගෙන ගොස් ඇති බවය. මම දෙවියන් බුදුන් සිහිකොට ගෙන ඉදිරි ආසනයේ හේත්තුවන කොටස තද කොට අල්ලා ගතිමි.

ඉදිරි ආසනයේ විවිධ කවි කතා මෙන්ම නම් ගම් ලියා ඇත."සැපක් ගන්ඩ අමතන්ඩ" කියා දුරකතන අංකයක්ද ලියා තිබුණි. 'නා.පු. 2013' කියා තැනක ලියා තිබුණේය.ඒ ගැන අංකල්ගෙන් විමසූ විට ඔහු කීවේ ඒ 2013 නායකත්ව පුහුණුවට ගිය කොල්ලෝ සෙට් එකක් ලියපු එකක් වෙන්නට ඇති බවය.


'අංකල් අර එයා හොස්ටස් ගෑනිගේ හැටි බලන්ඩකෝ.සාමාන්‍යයෙන් ඕවට ගන්නේ හැඩ කෙල්ලෝ නේද?'

අංකල් පිළිතුර් දීමට පෙර ඔහුට එහා ආසනයේ සිටි තැනැත්තා පිළිතුරු දුන්නේය. 'ඔය ඔක්කොම හම්බන්තොට පැත්තේ ගෑනු.ඔය ලොක්කගේ පුතාගේ පන්දමෙන් එන උන්නේ.ඕකුන්ට මොකුත් කියන්ඩත් බෑ ගෙදෙට්ට ඇවිත් වෙඩි තියලා යයි.' මගේ තොලකට වියැළී කිසිවක් කරකියා ගත නොහැකිවී ගියෙමි.


මනස වෙනතක යොමු කිරීමට සිතාගෙන වට පිට බැලූ මම පිටත බැලීමේ ආශාවෙන් ජනේලයෙන් එබුනෙමි.එළියේ කුඩා නෝට් පොතක් අතින් ගත් අයෙක් පැමිණ යානය පිටත් වීමට වේලාව හරි බව යානයේ පිළිගැනීමේ නිළධාරිණියට දන්වා සිටියේය.එවිට ඇය දොරෙන් හිස පිටත දමා 'ඇඩ්ඩිං අයියේ වෙලාව හරි......ඉක්මනට වරෙං.....' කියා කෑ ගැසුවාය.එවිට පර්යන්තයේ කොණක ඇති වැසිකිලියේ සිට යානයේ පයිලට් මහතා දුවගෙන එනු මට පෙනුනි.ඇඳ සිටි ටී ෂර්ටය මතින් ගුවන් නියමු කබාය දාගෙන එහි බොත්තම් පියවමින් දිවගෙන ආ ඔහු තරුණ ගැටයෙකු මෙන් ක්‍රියාශීලී ලෙස ගුවන් යානයට ගොඩ වූයේය.

යානය පණගැන්වීමට නියමු මහතා උත්සාහ කරද්දී එන්ජිම දෙවරක් හඬ නගා නිහඬ විය.'අදත් තල්ලු දාන්ඩ වෙයිද දන්නෑ' කියා අසල සිටි මගියෙක් කියූ විට මට හීන් දාඩිය දමන්නට විය.නමුත් අප සැමගේ වාසනාවට අවසානයේ එන්ජිම පණ ගැන්වුනි.සියල්ලෝ සැනසුම් සුසුම් හෙලූහ.


යානයේ විවිධ කොටස් විවිධ සංඛ්‍යාතවලින් දෙදරන්නට විය.මම ඉදිරි ආසනයේ ඇන්ද තදින් අල්ලා ගතිමි.මගේ ඇඟිලි භීතියෙන් සුදුමැලිවී තිබෙන්නට ඇත.එමෙන්ම ඇඟිලි ආසනය තුලට කිඳා බහිනු මට දැනෙන්නට විය.අංකල් මා අස්වසන්නට විය.මොකද මේ බය වෙලා.මේක එයාර් ලංකා එකේ තියෙන හොඳම ප්ලේන් එකක්.මේක ඔය චීන බාල බඩුවක් නෙමෙයි.ප්‍රංශ එකක්.ඒ මිනිස්සු මේක නිකං වගේ අපිට දීලා තියෙන්නේ.අවුරුදු විස්සක්වත් එහෙ පාවිච්චි කරලා නෑලු.මම තවත් තදින් ඉදිරි ආසනය බදා ගතිමි.යානය ගැස්සි ගැස්සී ඉහළ නගින්නට විය.දවල් කෑ දේවල් කැලැති කැලැතී පෙරලි කරන්නට කුස තුල ඉඩ මදි වීම නිසා ගලනාලය දිගේ ඉහල නගින්නට විය.මගේ අපහසුතාවය තේරුම් ගත් අංකල් සිය බෑගයෙන් ඇදගත් සිලි උරයක් මට දිගු කළේය.මම කෘතඥතාපූර්වකව එය අතට ගන්නවාත් සමඟම එතැනට කඩා පාත් වූ ගුවන් සේවිකාව 'දන්නේ නැද්ද සිලි කවර ගෙනියන්ඩ තහනම් කියලා' කියා බෙරිහන් දෙමින් ආඥාදායිකාවක් මෙන් පෙනී සිට සිලි කවරයත් රැගෙන නැවත සිය ආසනයට ගියාය.මම ඉහළට එමින් තිබූ ඒ වනවිට ඇමයිනෝ අම්ල, ග්ලුකෝස් සහ මේද අම්ල බවට පත්ව ඇති මගේ දිවා ආහාරයෙන් යානයේ පොළව තෙමනු වැලැක්වීමට නහයත් කටත් අතින් වසාගෙන වැසිකිළිය වෙත දිව ගියෙමි.

වැසිකිළියේ දොර ඇරිය විට ආ ගන්ධයෙන් මා යාර කීපයක් පසුපසට වීසි වී ගියෙමි.එම ගන්ධයට මා සිහි විසඥ වීමටද ගියේය.නමුත් මගේ සිහළ ලෙයින් මෙවන් වූ කටුක අවස්ථා අතික්‍රමණය කිරීමට දිරිය ලබා දෙන්නට විය.මම මගේ මුළු උදරයම වැසිකිළියට හිස් කළෙමි.වැසිකිළියේ වතුර නොමැති බව මට අවබෝධ වූයේ ඉන් පසුවය.මම මුත්‍රවලින් වමනය සෝදා හැරියෙමි.නියම ශ්‍රී ලාංකිකයෙකු මෙන් සීමිත සම්පත්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට මම ද ඉගෙනගෙන ඇත්තෙමි.


නැවත ආසනයට ගොස් ඉඳගත් පසුව යානය නැවතත් කැළඹෙන්නට විය.නමුත් මෙවර කැළඹීමට කුසේ කිසිවක් නැති මා විජයග්‍රාහීව හිස කෙළින් තබාගෙන සිටියෙමි.එවිට යමෙක් තනි කකුලෙන් පැන පැන ආසන අතරින් එනු පෙනෙන්නට විය.

'අනේ නෝනලා මහත්තයලා.මගේ ගම කුරුණෑගල.මම හම්බන්තොට වරායේ රස්සාව කළේ.දවසක් වැඩ ඇරිලා යද්දි අලියෙක් පාගලා මට මගේ කකුල නැති උනා.මට ගෙදර පොඩි දරු පැටව් හත් දෙනෙක් ඉන්නවා.ඒ අය ඉස්කෝලේ යවලා මගෙයි මගේ ගෑනිගෙයි බඩට මොනවා හරි කන්නේ මේ මහත්තුරු දෙන දේකිං තමයි.මම හොරකම් කරන්ඩ වංචා කරන්ඩ ඉගෙනගෙන නෑ.මට රස්සාවක් කර කියාගන්ඩ විදිහක් නෑ මේ කකුල නැති හින්දා.අතේ මිටේ තියෙනවනං කීයක් හරි දෙන්ඩ මහත්තයෝ.තමුන්නාන්සෙලාගේ මියගිය ඥාති හිතමිත්‍රාදීන්ටත් ඒ පින අත්වෙනවා.' මේ ගැස්සෙන පෙරලෙන යානයේ ඉඳගෙන ඉන්නා ආසනයෙන් පවා විසී වී යෑමට තරම් කැළඹෙද්දී ඒ ගැන වගක්වත් නොමැතිව ඔහු තනි කකුලෙන් පැනගෙන එන අයුරු බලා මිනිසුන් අනුකම්පාව කෙසේ වෙතත් ඔහු පෑ වික්‍රමය බලා මුදල් දුන්නෝය.මගේ අතේ අමතර සත පහක්වත් නොමැති බැවින් ඔහු කිට්ටු වෙද්දී මම බිම බලා ගතිමි.

' බිම බලා ගත්තා කියලා, සල්ලි නොදුන්නා කියලා මගේ කිසිම අහිතක් නෑ.ඒ උනත් දෙන දේ අනුව තමයි ලැබෙන්නේ.මහත්තයාලට බුදු බව අත්වේවා.' කියමින් ඔහු මා පසු කර ගියේය.

ඊළඟට ආවේ වඩේ වෙළෙන්දාය.ඉන්පසු කූල් දොඩම් වෙළෙන්දාය.මේ ආදී ලෙසට විකාර විච්චූරණ පෙරහැරක්ම කටුනායකට යානය ළඟාවන තෙක් මා පසු කරගෙන ගියේය.

කටුනායකදී නැවතත් පූර්ණ පරීක්ෂාවකින් පසු යටි බඩද කොර වී කොරගසමින් පැමිණි මට ලිෆ්ට් එකක් දීමට මා සමඟ පැමිණි අංකල් ඉදිරිපත් විය.මාව බස් නැවතුම්පොල අසලින් බස්සා යෑමට පෙර 'දැංවත් පුතා රට ජාතිය ගැන පොඩ්ඩක් හිතන්ඩ පුරුදු වෙන්ඩ.මේ වගේ රට දියුණු වේගන යනකොට ඒකට අකුල් හෙලන මිනිස්සු බොහොමයි.පුතාට හොඳ බුද්ධියක් ඇතියි කියලා මම හිතනවා.ඒ නිසා මම කියන්නේ මේ සංවර්ධනය දැක්කමවත් ඔලුව පාදගන්ඩ බලන්ඩ.' කියා අවවාද දීමටද අමතක නොකළේය.

නිවෙසට යෑමට පැය එකහමාරක් පමණ වේලාවක් බසයක් එනතුරු බස් නැවතුමේ බලා සිටි මා ඉදිරියේ පොලිස් ජීප් රථයක් 'ක්‍රී....ස්' හඬින් තිරිංග තදකොට නතර කෙරිනි.ඉන් බැස ආ පොලිස් බටයා මගෙන් නම ඇසීය.මගේ නම කියූ සැනින් ඔහු කළේ මට තරු විසිවෙන කණේ පහරක් දීමය.

'කොහෙද බූරුවෝ මෙච්චර රෑ වෙනකං රස්තියාදු ගහන්නේ.ගෙදර මිනිස්සු කළබල වෙලා තමුසෙව හොයනවා.පොලීසියේ පැමිණිල්ලකුත් දාලා.මම මේ නිකමට නවත්තලා බැලුවේ.වල් මී හරකා.' කියා ආදරයෙන් ආමන්ත්‍රණය කළ ඔහු මට ගෙදරටම පොලිස් රථයෙන් ලිෆ්ට් එකක් දීමටද අමතක නොකළේය.

පොලිස් රථයෙන් ගෙදර ආ මම ඉදිරි සති දෙකේ ගමේ වීරයා බවට පත් වීමි.


ජනාධිපතිතුමනි, මරණ මංඡකයේ සිට ලියමි........ආබාධිත සොල්දාදුවෙකුගේ අවසන් ලියුම

Wednesday, March 27, 2013

පෙරවදන

ඇමරිකාව ප්රමුක බටහිර, ඉරාකය ආක්රමනය කර වසර 10 ගෙවී ඇති මේ මොහොතේ, ලෝක ජනමාධ් තුල ප්රමුඛ මාතෘකාවක් බවට එය පත්ව ඇත. විවිද පසු විපරම්, විශ්ලේශන, පශ්චාත් මරන පරීක්ශන සිදුවෙයි. අතරින් ඉරාක යුද්ධයේ ආබාධිත හිටපු සොල්දාදුවෙකු වන තෝමස් යන්ග් සිය මරන මංඡකයේ සිට, තවමත් ගලන මහා ලේ ගංඟාව නිර්මාණය කල 'මහ මොළකරුවන්' වූ ජෝර්ජ් බුශ් හා රිචඩ් 'ඩික්' චේනි ජනාධිපති, උපජනාධිපති ජෝඩුව වෙත රචිත සිය අවසන් ලිපිය විශේෂය. සිය පුද්ගල දේශපාලන,ආර්තික අභිමතාර්ත හා අදටද ලොව හසුරුවන සමාගම් ජාලයක කෑදරකම වෙනුවෙන් වන්ඳි ගෙව්වේ මිලියන ගනනක් අහිංසක, මිනිසුන්,ගැහැනුන් හා දරුවන්ය. ඔවුන්ගෙන් එකෙකු වූ අනුන්ගේ පාපයට කුරිසියේ ඇනගසූ තොමස්ගේ ලියුම  විෂේශ වන්නේ එබැවිනි……………………………………

ජෝර්ජ් W. බුශ් හා ඩික් චේනි වෙත,

ඉරාක යුද්ධයේ 10 වෙනි සංවත්සරය යෙදෙන මේ මොහොතේ මගේ සහොදර හිටපු සෙබලුන් වෙනුවෙන් මම මේ ලිපිය ලියමි. ඉරාකයේදී මියගිය සෙබලුන් හා මැරීන් භටයන් 4488 වෙනුවෙන් මම මෙය ලියමි. ශාරීරිකව හෝ මානසිකව තුවාලවී එනිසාම සිය ජීවිත අකාලයේ සුන් බුන් වී ගිය ලක්ශගනනක් හිටපු සොල්දාදුවන් වෙනුවෙන් මෙය ලියමි. මමද එසේ දරුණු තුවාල ලැබූවෙක්මි. 2004 වසරේ සදාර් නගරයෙදී කැරලිකරුවන් රැකසිට කල පහරදීමකින් පූර්ණ ඔත්පලභාවට පත්වුවෙක්මි. මගේ ජීවිතය අවසානයට පැමින තිබේ. මරණ මංඡකයේ සිටින රෝගීන් වෙනුවෙන් ඇති උපස්තානය යටතේ සිටිමි.

සහකරුවන් අහිමිවූ භාර්යාවන් හා සැමියන් වෙනුවෙන්, පියවරුන්, මව්වරුන් අහිමිවූ දරුවන් වෙනුවෙන්, පුතුන්, දියනියන් අහිමිවූ දෙමව්පියන් වෙනුවෙන් හා දහස් ගනන් මොල්ය තුවාල වුනු සහොදර සොල්දාදුවන් රැක බලා ගන්නා පුද්ගලයන් වෙනුවෙන් මම මේ ලිපිය ලියමි. තමන් ඉරාකයේදී කල කී, අත්දුටු හා දරන්නට සිදුවූ දෙයින් ඇතිවූ කම්පනය හා ස්වයං-පිලිකුල නිසාවෙන්ම සියදිවි හානි කරගත් හිටපු සොල්දාදුවන් වෙනුවෙන්, සාමන්‍යයක් ලෙස ගත් විට සෑම දිනකටම එක්කෙනා බැගින් සියදිවි තොර කරගන්නා සක්‍රීය රාජකාරියේ නියුතු සොල්දාදුවන් හා මැරීන් භටයන් වෙනුවෙන් මම මේ ලිපිය ලියමි. ඝාතනයවූ දසලක්ශයක් ඉරාක ජාතිකයන් වෙනුවෙන්, තවත් ගිනිය නොහැකි තුවාල වූ ඉරාක ජාතිකයන් වෙනුවෙන් මෙය ලියමි. ඔබගේ යුද්ධය විසින් ඉතිරි කල, අවසානයක් නැති වේදනාවෙන් හා ශෝකයෙන් පිරි දිවියක් උරුමවූ මානව සුන්බුං වන  අප සියලු දෙනා වෙනුවෙන්ම මම මේ ලිපිය ලියමි.

බුශ් මහත්මයානනි, චේනි මහත්මයානනි, මේ ලිපිය, මගේ අවසන් ලිපිය ඔබ දෙපලට ලියමි. නමුත් මම මෙය ලියන්නේ ඔබගේ බොරුව, ප්‍රෝඩාව හා ධනයට, බලයට ඇති කෑදරකම නිසා ඇතිවූ දරුණු මානව හා සදාචාරමය පලවිපාකයන් ග්‍රහනය කරගැනීමට ඔබට හැකියයි සිතා නෙවේ. මෙය ලියන්නේ මා මෙන්ම, ලක්ෂ ගනනක් මගේ සොහොදර සෙබලුන්ද, මිලියන ගනනක් මගේ සහෝදර රටවැසියන්ද, තවත් කෝටි ගනනක් ඉරාක හා මැද පෙරදිග වැසියන්ද, ඔබ කවුද යන්නත්, කලේ කුමක්ද යන්නත් හොඳාකාරවම දන්නා බව, මා මිය යාමට පෙර පැහැදිලි කිරීමටය. ඔබ යුක්තිය පසිඳලීමෙන් ගැලවී යනු ඇත. නමුත් අප සැමගේ දෑස් හමුවේ ඔබ දෙපලම කොල්ලකෑම,හා අවසානයේ සිය අනාගතය උදුරා ගැනුනු මගේ සහෝදර තරුන ඇමරිකානු සොල්දාදුවන් දහස් ගනනකගේ ඝාතනද ඇතුලත් ඝාතනයන්ට, බරපතල යුධ අපරාධ වලට වරදකරුවන් වී හමාරය.

ඔබ හොබවන අධිකාරිත්වයට, ඔබගේ මිලියන ගනනක් පුද්ගලික වත්කම් වලට, ඔබේ මහජන සම්බන්ඳතා උපදේශකයන්ට,ඔබේ වරප්‍රසාදයන්ට හෝ බලයට ඔබේ චරිතයේ හිස්බව වසන් කල නොහැකිවනු ඇත. චේනි මහත්මයානනි, වියට්නාම් යුද්ධයට කැඳවුම් ලැබුනු විට එය මග හැර පැනගිය ඔබ, බුශ් මහත්මයානනි, ජාතික ආරක්ෂක ඒකකයෙන් නිවාඩු රහිතව රාජකාරියට වාර්තා නොකර (AWOL-Absence without leave) හමුදාව හැරගිය ඔබ, අපව ඉරාකයේ යුද්ධ කර මිය යාමට යැවීය. ඔබලාගේ බියසුලුකම, ආත්මාර්තකාමීත්වය සනාත වූයේ අද ඊයේ නොව දශක ගනනාවකට පෙරය. අපගේ ජාතිය වෙනුවෙන් ජීවිත අවදානමක් ගැනීමට අකමැති වූ ඔබ, කුනුමාලු වීසි කරන තරම්වත් හැඟීමකින් තොරව ලක්ශ ගනනක් තරුන මිනිසුන් ,ගැහැනුන් නිරර්තක යුද්ධයක් වෙනුවෙන් බිල්ලට යැව්වේය.

9/11 ප්‍රහාරයට දින දෙක කට පසු මම හමුදාවට බැඳුනෙමි. මම හමුදාවට බැඳුනේ අපගේ රටට ප්‍රහාරයක් එල්ලවූ බැවිනි. මගේ සහෝදර රටවැසියන් 3000ස් ගනනක් මරා දැමූවන්ට පෙරලා පහරදීමට මට අවශ්‍ය විය. නොඑසේව, 2001කේ සැප්තැම්බර් ප්‍රහාරයට කිසිදු සම්බඳයක් නොතිබූ මෙන්ම එක්සත් ජනපදයට තබා සිය අසල්වාසී රාජ්‍යයන්ටවත් තර්ජනයක් නොතිබි ඉරාකය වැනි රටකට එරෙහි යුද්ධ කිරීමට මම හමුදාවට නොබැඳුනෙමි. මම හමුදාවට බැඳුනේ ඉරාක ජාතිකයන් "නිදහස්" කරගැනීමට හෝ මිත්‍යා සමූහ ඝාතක අවි නිශ්පාදනාගර වසා දැමීමට හෝ ඔබගේ විහිලුසහගත "ප්‍රජාතන්ත්‍රවාදය" බැග්ඩෑඩයේ හෝ වෙනත් මැද පෙරදිග රටක බලෙන් රෝපනය කරන්නට නොවෙමි. මම හමුදාවට බැඳුනේ, ඔබ එකල කී ලෙස ඉරාක තෙල් ආදායමෙන්ම ඉරාකය නැවත ගොඩනැගීමටද නොවේ. ඒවෙනුවට මේ යුද්ධය වෙනුවෙන් එක්සත් ජනපදයට ඩොලර් ට්‍රිලියන 3කට වඩා වියදම් වී ඇත. විෂෙශයෙන්ම පූර්වක්‍ර (pre-emptive) යුද්ධයක් වෙනුවෙන් මම හමුදාවට නොබැඳුනෙමි. පූර්වක්‍ර යුද්ධයක් ජාත්‍යන්තර නීතිය අනුව නීති විරෝධීය. ඉරාකයේදී, සොල්දාදුවෙකු ලෙස මමද ඔබලාගේ මුග්දකම් හා අපරාද වලට හවුල් වී ඇති බව , දැන් මම දනිමි. ඉරාක යුද්ධය යනු,ඇමරිකන් ඉතිහාසයේ සිදුකල විශාලම උපායමාර්ගික වරදය. එය මැද පෙරදිග බල තුලනය සම්පූර්නයෙන්ම විනාශ කලේය. එමගින් හිංසනය, ඝාතක කල්ලි හා බියගැන්වීම් මගින් සිය බලය තහවුරු කරගත් ඉරාන ලැදි දූශිත ආණ්ඩුවක් බැග්ඩෑඩයේ ස්තාපිත කලේය. එමගින් ඉරානය කලාපීය බලවතාබවට පත් කර ඇත.සෑම තලයේදීම එනම් සදාචාරමය වේවා උපායමාර්ගික වේවා හමුදාමය වේවා ආර්ථිකමය වේවා 'ඉරාකය' අසමත්ය. බුශ් මහතානනි, චේනි මහතානනි, මේ අසමත් ව්‍යාපෘතිය ආරම්භ කලේ ඔබය. එබැවින් එහි පලවිපාක වලට වන්දි ගෙවිය යුත්තේ ඔබ දෙපලය.

මම ඇෆ්ගනිස්තානයේදී ,9/11 ප්‍රහාරයට වගකිවයුතු බලවේගයන්ට එරෙහිව සටන් කොට තුවාල වූවානම් මේ ලිපිය නොලියනු ඇත.මා එහිදී තුවාල වූවානම්, ශාරීරික පිරිහීම හා නොවැලක්විය හැකි තදාසන්න මරණය නිසා මගේ දිවිය මෙලෙසම අභාග්‍යසම්පන්නවනු ඇත, එහෙත් අඩුතරමින් මා තුවාලවූයේ මා ආදරය කරන මගේ රට ආරක්ශා කරගැනීමට මා විසින්ම ගත් තීරනයක ප්‍රතිපලයක් ලෙසය යන අස්වැසිල්ල මට තිබෙනු ඇත. එසේ වූවානම්, වේදනානාශක ඖශඳ වලින් පිරවූ , ක්‍රමයෙන් ගිලිහෙන ජීවය සහිත මගේ ශරීරය සමග ඇඳේ වැතිර සිටිමින්ම, තෙල් සමාගම් කීපයක කෑදරකම වෙනුවෙන්, සෞදියේ තෙල් රාජකීයන් සමග ඔබේ ඇති සංධානය වෙනුවෙන් හා ඔබේ සිහින අධිරාජ්‍යය වෙනුවෙන් දහස් ගනන් මිනිස් ජීවිත, කුඩා දරුවන්ගේද, මගේද ඇතුලුව ඔබ විසින් බිලී දුන්නා නේද යන කාරනය සමග පොර බදන්නට මට සිදු නොවනු ඇත.

අනෙකුත් ආබාදිත සොල්දාදුවන් මෙන්ම මමද, විශ්‍රාමික සොල්දාදුවන්ගේ පරිපාලනායතනයෙන් සපයන උපස්තායක සේවාවේ නිරන්තර අඩුලුහුඩුකම් , නොහැකියාවන් ගෙන් පීඩාවට පත්වී ඇත. අනෙකුත් ආබාදිත සොල්දාදුවන් මෙන්ම මමද, අපගේ ශාරීරික හා මානසික තුවාල ගැන ඔබගේ හෝ සමහරවිට කිසිම දේශපාලකයෙකුගේ තැකීමක් නැති වග ප්‍රත්‍යක්ශ කොට ගතිමි. අපව පාවිච්චි කොට ඇත. අපව ද්‍රෝහී ලෙස පාවාදී ඇත. අවසානයේ අපව අත්හැරදමා ඇත. බුශ් මහතානනි ,ඔබ ක්‍රිස්තියානුවෙකුයැයි ඇඟවීමට නිතර මහත් ආයසයක් ගනී.නමුත් බොරුකීම පාපයක් නොවේද? මිනී මැරීම පාපයක් නොවේද? හොරකම, ආත්මාර්තකාමී අභිලාශයන් පාපයන් නොවන්නේද? මම ක්‍රිස්තියානුවෙකු නොවෙමි. නමුත් මම ක්‍රිස්තියානි පුරුෂාර්ත විශ්වාස කරමි. “ඔබේ සුලුම සහෝදරයාට ඔබ කරනා දෙය අවසානයේ ඔබටම, ඔබේ ආත්මයටම කරගනු ඇත” යනු මම විශ්වාස කරමි.

මගේ දවස පැමින ඇත. ඔබේ දිනයද පැමිනෙනු ඇත. ඔබව විනිශ්චයට ලක් කරනු ඇතැයි මම බලාපොරොත්තු වෙමි. නමුත් ඔබේ නාමයෙන් මා වඩාත් බලාපොරොත්තු වන්නේ ජීවත් වීමට සුදුසුවූ මා මෙන්ම තවත් බොහෝ ගනනකට ඔබ කල දෙයට මුහුන දෙන්නට සදාචාරත්මක ධෛර්‍ය සොයාගන්නට ඔබට හැකි වේවි යන්නය. මේ ලොව තුල මගේ කාලය අවසන් වෙමින් යන්නාසේ, ඔබේ කාලය අවසන් වන්නට පෙර, ඇමරිකන් ජනතාවගෙන් සහ ලෝකයෙන් විශේෂයෙන්ම ඉරාක ජනතාවගෙන් සමාව අයදීමට අවශ්‍ය චිත්ත ධෛර්‍ය ඔබට ලැබේයයි මම අපේක්ෂා කරමි.

මෙයට,

තෝමස් යංග්

පසුවදන

තොමස් සිය ශරීරයට ආහාර සපයන නලය අක්‍රීය කොට ක්‍රමානුකූලව සිය ජිවිතය අවසන් කිරීමට තීරණය කර ඇත. ඔහුද ඇතුලුව මිලියනයකට අදික මිනිසුන්ගේ ජීවිත විනාශ කල, තවත් මිලියන ගනනකගේ ජීවිත අඳුරු කල මේ කෲර යුද්ධය සැමට එකසේ කුරිරු වූයේ නැත. මෙහි ජයග්‍රාහකයෝද සිටිති. මේ මළමිනී මතින් සෞභාග්‍ය උදාකර ගත්තවුන් ලෙස නම් කියැවෙන්නන් අතර කියැවෙන එක් පවුලක වාසගම නම් “surprise, surprise” …………බුශ් ය. නීල්, මර්වින්, ජෙබ් බුශ් ජනාධිපති අයිය මලෝලා , විලියම් 'බකී' බුශ් බාප්පා පමනක් නොව ජේෂ්ඨ ජොර්ජ් H.W. බුශ් හිටපු ජනාධිපතිද මෙසේ ඇෆ්ගන්,ඉරාක යුද්ධවලින් අධික ලාභ ලැබූ සමාගම් වල ආයෝජකයන්, කොටස් හිමියන්, උපදෙශකයන්, තැරැව්කරුවන් ලෙස ඩොලර් මිලියන ගනනක දැවැන්ත වත්කම් ප්‍රමාණයක් අත්පත් කරගත්හ. යුද්ධය යනු ඇමරිකන් ජනතාවගේ බදු මුදල් බුශ් පවුලේ බැංකු ගිනුම් වෙත මාරු කල ඍජු ක්‍රියාවලියක් විය.

ඇමරිකන් අවිආයුධ සමාගම් ඇතුලු දැවන්ත සමාගම්ද මේ කාලය තුල දැවැන්ත ආදායම් ඉපයීය. කොටස් වෙළඳපොල ඉහල ගිය අතර, ආයුධ සමාගම්වල ප්‍රදාන විධායක නිලදාරීන්ගේ (CEO) කරල පැහුනි. මේ යුද්ධ ආරම්භවී වසර කීපයක් ඇතුලත ආරක්ශක භාන්ඩ/සේවා සපයන සමාගම් 34ක ප්‍රදාන විධායක නිලදාරීන් ඩොලර් බිලියනයකට ආසන්න මුදලක්  උපයාගෙන ඇත. මොවුන් සියලුදෙනාම පාහේ කුප්‍රකට (MICC:Military- Industrial- Congressional Complex) මිලිටරිය, කර්මාන්ත ක්ශේෂ්ත්‍රය හා කොන්ග්‍රසයේ බලවතුන්ගේ සාමූහිකයට අයත්ය. මෙය ඇමරිකානු දේශපාලනයේ ප්‍රභල භූමිකාවක් රඟපායි. මෙය යකඩ ත්‍රිකෝනය ලෙසද හැදින්වෙන අතර මෙහි සමහර බලවතුන් විවිද කාලවකවානුවල මේ ක්ශෙෂ්ත්‍රයන් තුනේම විවිද ඉහල තනතුරු හොබවමින් අවසානයේ දැවැන්ත සමාගම් වල අවශ්‍යතා සපුරයි. මෙසේ ආයුධ සමාගම් වල සිටි ඉහල නිලදාරීන් 30කට අධික ප්‍රමානයක් බුශ්ගේ ආණ්ඩුවේ ඉහල තනතුරු දැරීය. උප ජනාධිපති ඩික් චේනි යනු මේ කැරකෙන දොරෙන් එහා මෙහා යන්නවුන් සඳහා හොඳම උදාහරනයකි. ජේෂ්ඨ බුශ් ජනාධිපතිගේ කාලයේ ආරක්ෂක ලේකම් ලෙස චේනි, Halliburton හා එහි අනුබද්ද සමාගම් වලට ඩොලර් බිලියන ගනන් වල කොන්ත්‍රාත් ලබාදෙයි. එමතනතුර අවසන් වද්දී ඔහු කෙලින්ම Halliburton සමාගමේ ප්‍රධාන විදායක(CEO) වෙයි. වසර 5ක් පමන එහිසේවයකරන ඔහු එයින් උපයන අදායම ඩොලර් මිලියන 45ක් පමන වෙයි. එතනින් ඔහු පැමිනෙන්නේ කනිෂ්ඨ බුශ් ගේ උප ජනාධිපති ලෙසය.

ඇමරිකාව ඉරාක යුද්ධයට තල්ලු කිරීමේ ඉහල කාර්යක් චේනි ඉටුකරයි. ඉරාක යුද්ධයේ ලොකුම ප්‍රතිලාභියා Halliburton වීම තව දුරටත් පුදුමයක් නොවේ. ඔහු උප ජනාදිපති වීමට පෙර ඔහුගේ බිරිඳ ලින් Lockheed Martin සමාගමේ සේවය කරන අතර , Halliburton හා Lockheed Martin සමාගම් එකල ඉරාක යුද්ධයෙන් වාර්ශිකව ලැබූ කොන්ත්‍රාත් වල වටිනාකම ලංකාවද ඇතුලු ලෝකයේ රටවල් 100ක පමන වාර්ශික දල දේශීය අදායමටත් වඩා වැඩිය.

මේගැන ලියනවානම් පොතක් වුවත් ලියන්නට කරුනු ඇත. විශේෂයෙන්ම මේ යුද්ධ දෙකට පාදක වූ සැබෑ ආර්තික දේශපාලන කාරනාද, මතුපිටින් වසා දමා ඇති යුධ අවි ජාවාරමේ ගඳගහන නාරාවලද ඇදහිය නොහැකි තරම් බියකරුය. නමුදු තොමස් යංග්ගේ ලිපියට පසු වදනක් ලෙස මේ හොඳටම සෑහේ යි සිතමි. 

එක්සත් ජාතීන්ට හෝ එහි මානව හිමිකම් කමිටු වලට හෝ ඇත්තටම යුධ අපරාද වලට දඬුවම් දීමට අවශ්‍යනම් අන්තර් ජාතික අපරාධ අධිකරනයට ඉස්සෙල්ලාම කැඳවිය යුත්තේ බුශ්,චේනි වෙළඳ දෙබෑයන්වය. මේ කරුනු කාරනා සොයා යද්දී පසක් වන අනෙක් වැදගත් කාරනය වන්නේ යුද්ධ යනු මේ නියො ලිබරල් ධනවාදය පවත්වාගෙන යාමේ තවත් උපකරනයක් පමනක් බවය. දස දහස් ගනන් දරුවන්ගේද ජීවිත අහිමි වන යුද්ධ නැවත් විය හැක්කේ මේ සිස්ටම් එක වෙනස් කිරීමෙන් පමනි. බාලචන්ද්‍රන් ප්‍රබාකරන් ගැන හොටු පෙරාගෙන නාහෙන් හැඬූවන්ට කියන්නට ඇත්තේ බාලචන්ද්‍රන්ටද, මියයන අනෙක් දරුවන්ටද යුක්තිය ඉශ්ඨ කල හැක්කේ එමගින් පමනක් බවය.

 

පි‍ටු පෙරලපු ගාන