වෙන් වෙන්න අවසරයි

Friday, December 30, 2011
තව එකම එක දවසක්,
 
මම ජිවත් වෙනවා.

මම ඔයාලට දුකක්

වේදනාවක් දුන්න නම්,

මට සමා වෙන්න........

ඔයාල අතරට ,

ආයෙමත් කවමදාකවත් ,

මම එන්නේ නෑ

ඔයාල හැමෝම ,

සතුටින් ඉන්න,

මම ඔයාලගෙන් 

සදහටම වෙන් වෙන්නයි

යන්නේ......



 


මම ඔයාලගේ ආදරණිය

2011 පරණ අවුරුද්ද

ලබන්නා වූ  2012 අවුරුද්ද

ඔයාල හැමෝටම 

සුබම සුබ  අලුත් අවුරුද්දක් වේවා........


සිරා කරපු මගේ ලව් එක!

Sunday, December 18, 2011

අද පෝය දවස..
කාමරේ ලයිට් නිවල තිබ්බට ඒ වගේම එලියකින් කාමරේ පිරිලා..
ම‍ං ආස නෑ එලියට..මට ඕන කළුවර..
එහෙම හිතලා පැත්තකින් තිබ්බ කොට්ටෙ අරං මූන වහගත්තා..

හ්ම්ම්ම්...
රංගි එක්ක එක දිගට රණ්ඩු වුන කීවෙනි දවසද මේ කියල මං කල්පනා කරන්න පටන් ගත්තා..
අදත් සුපුරුදු පරිදි අපි කතා කලා...රණ්ඩු උනා..
මට පුලුවන් උපරිමයෙන් මං එයාට ආදරේ කලා..අදටත් කරනවා..හැබැයි එයා කවදාවත් ම‍ං කරන කිසිම දෙයක හොඳක් දැක්කේ නෑ..ම‍ං කරන හැම දේම වැරදි..
එයා ගැන හිතුවත් වැරදි..නොහිතුවත් වැරදි!

පිටසක්වල ජීවය... පුරාතනයේ සිට පැවතුනාද? II - ගුවන් යානා තාක්ෂනය

Friday, December 9, 2011
මේ ලිපිය ක්සැන්ඩරයාගේ කොළමේ පලවූ ලිපියක් නැවත පළකිරීමකි.
අද ලියන්නේ පිටසක්වල ජීවීන් පිළිබඳව ලියන ලිපි පෙලේ දෙවැන්නයි. මේ ලිපියේ මුල් කොටස කවුරුහරි කියෙව්වේ නැතිනම් මෙතනින් ගිහින් කියවන්න පුළුවන්. 



ගුවන් යානා ගැන කතා කරනකොට දැන් නම් පොඩි එකෙක් උනත් කියාවි ඒක හොයාගත්තේ රයිට් සහෝදරයෝ කියල. එත් ඇත්තටම එහෙමද උනේ? මේ ලෝකේ ගුවන් යානා තිබ්බේ 1903 දෙසැම්බර් මාසේ ඉඳලද? ඉතින් ඒ අපි දන්නා නුතන ඉතිහාසේ නේ. එහෙම බැලුවම ජෙට් යානාවක් අපේ අහසේ ගිහින් තවමත් අවුරුදු සීයක් නෑ. මොකද ජෙට් යානයයක් පළවෙනියටම ගුවන්ගත කරේ 1939 දී වෙන හින්ද. ඒ  හෙන්කල් එච්ඊ 178. මේ ජර්මානු යානය ඇත්තටම ලෝකේ පලවෙනි ජෙට් යානාවද?


  හෙන්කල් එච් ඊ 178 යානාව


ඉතින් දන්නා අතීතේ මේ දේවල් සිද්ධ උනාට 1960 දී ජීව විද්‍යාඥයෙක් උන ඉවාන් සැන්ඩර්සන් නිව්යෝර්ක් එයරොනොටික් ඉන්ස්ටිට්යුට් ආයතනයේ ආචාර්ය ආතර් පොලිසී ගේ මතවාද සමග මතයක් ඉදිරිපත් කරනවා, මේ පහත තියන කොලොම්බියානු රන්මුවා පිළිම ගුවන් යානාවන් කියල. මේ පිළිම ක්‍රිස්තු පූර්ව 500 ත් 800 අතර කාලයක් ගන්න නිර්මාණ. එත් මේවා හොයාගත් දවස් වලදී වර්ගීකරණය කරලා තියෙන්නේ සූමොර්පික් (zoomorphic) කියන ලේබලය යටතේ. ඒ කියන්නේ මේවගෙන් සත්ව රූප නිරූපණය වෙනවා කියන අර්ථයෙන්.




ඇත්තෙන්ම මේවා දිහා හොඳාකාරව බැලුවොත් ගුවන්යානා වල තියන රඩරය, තටු වගේම ෆියුසලාජ් කියන කොටසත් (භාණ්ඩ හා මිනිසුන් රැගන යන කොටස) පැහැදිලිව දැකගන්න පුළුවන්. කිසිම ආකාරයකට ඒවා සත්ව රූප වලට සමාන නොවෙන්නේ ඒ කාරණා හින්ද. ඉතින් මේ යාන දකින්නේ නැතිව මේ තරම් විස්තර ඇතිව අපේ පැරැන්නෝ මේ රූප හැදුවේ කොහොමද? එහෙම උනොත් හෙන්කල් එච්ඊ එස් 3 යානාව ලෝකේ පලවෙනි ජෙට් යානාවමද?

මේ පිළිම හොයාගත්තු තැනට කිලෝමීටර් සියගණනක් දුරින් තියන තවත් අරුම පුදුම ස්ථානයක් තම නස්කා කියන්නේ. පිරු රටේ නස්කා කාන්තාරේ තියන නස්කා චිත්‍ර අඩුම තරමින් ක්‍රිස්තු පූර්ව 300 ත් 500 ත් අතර කාලයකදී නිර්මාණය කරපු ඒවා බව සාමාන්‍ය පිළිගැනීමයි. 1994 දී යුනෙස්කෝ ලෝක උරුමයක් කරපු නස්කා චිත්‍ර ඇත්තෙන්ම බලන්න පුළුවන් වෙන්නේ උඩු ගුවනේ සිට පමණයි. 1930 දශකයේ ගුවන් ගමන් කියන දේ ආරම්භ වීමත් එක්ක මේ නස්කා කාන්තාරය හරහා යන ගුවන් නියමුවන් හා මගීන් තමයි මේ සුවිශාල චිත්‍ර මුල්ම වරට දැකල සොයාගෙන තියෙන්නේ. මේ චිත්‍ර වර්ග කිලෝමීටර් 450ත් 500ත් අතර ප්‍රමාණයක පැතිර තිබෙන යෝධ නිර්මාණ කීපයක් වෙනවා. මෙහි තියන විශාලතම චිත්‍රය අඩුම තරමින් වර්ග මීටර 250ක් ඉක්මවා යනවා. මේ චිත්‍ර අතරේ වඳුරන් මකුළුවන් වගේම කුරුල්ලන්ගේ රූප දකින්න පුළුවන්. ඒ අතර තියන සුවිශේෂීම නිර්මාණ දෙක වන්නේ මිනිස් රූපය සහ අත් වල චිත්‍ර සටහනයි. ඉතින් එතරම් කාලයකදී මේ වගේ විශාල චිත්‍ර ඇන්දේ කාගේ උවමනාවටද? ඒ චිත්‍ර උඩුගුවනට පෙනෙන්න අඳින්න තරම් ඔවුන්ට තිබ්බ උවමනාව මොකක්ද?


නස්කා චිත්‍ර වල වඳුරාගේ චිත්‍රය

චැරියට්ස් ඔෆ් ගෝඩ්ස් පොත ලියන ලද එරිච් වොන් ඩැනිකන් කියන විදියටනම් මේ අහස් යානා ගොඩ බාන්න හදපු නැවතුම් පොලක්. ඒ වගේම ධාවන පථ පේලියක්. නමුත් මේ භුමියේ තියන මටසිලිටු ගතිය ඒවගේ දේකට උචිත නැති බව විද්‍යාඥයන් ප්‍රකාශ කරලා තියනවා. එත් පුද්ගලිකව මගේ මතය කියනවානම් මම කියන්නේ මේ අහස් යානා බාන්න හදපු ධාවන පථයකට වඩා යානා වලට මග කියන මං සලකුණු බවයි. අත වනන මිනිස් රූපය මගින් එහි ගෙන්වාගන්න යානා වලට ඒ ඒ ගෝත්‍රවල ධාවන පථ ඇති දිශා පෙන්වාදීම මේ මගින් කරන්න ඇති.

ඒ එක්කම මේ ස්ථානයට උතුරින් තවත් කිලෝමීටර් සියගානක් ඇතුලත අරයක පිහිටන මෙක්සිකෝවේ බාක් නගරය එහෙමත් නැත්තම් පුරාණ මායන් වරුන්ගේ පලන්යාකේ නගරයේ තියන ටෙම්පල් ඔෆ් ඉන්ස්ක්‍රිප්ෂන් කියන පැරණි දේවාලයේ තියන පකාල් රජතුමාගේ සොහොන්ගේ සොහොන් පියන උඩ කොටා ඇති චිත්‍රය ඉතාම මතභේදයට තුඩු දුන් එකක්. එරිච් වොන් ඩැනිකන් කියන පරිදි මේ චිත්‍රයෙන් දැක්වෙන්නේ පකාල් රජතුමා මේ ලෝකය අත්හැර පිට ග්‍රහලෝකයක් වෙත ගමන් කිරීමක්. ඒ උනත් අනිකුත් පර්යේෂකයන් පුරා විද්‍යාඥයන් මේ මතයට එකඟ වෙන්නේ නෑ. ඒ උනත් මේ පහතින් දකින්න තියන ඒ රූපය දිහා ඔබ මදක් විමසිල්ලෙන් බැලුවොත් ඔබට පෙනේවි මේ පකාල් රජතුමා ඉන්න ඉරියව්ව නුතන ගගනගාමියෙක් තමුන්ගේ ෂටලයේ වාඩිවෙලා ඉන්න ඉරියව්වට සමාන බව. ඒ දෙයට අමතරව පකාල් රජතුමා තමන්ගේ දෑතින් යම් දෙයක් ක්‍රියා කරවන බව දකින්න පුළුවන්. පකාල් රජතුමාට පිටිපස්සෙන් තියන කොටස නිරීක්ෂණය කලොත් එහි රොකට් එන්ජිමක ඇති ගිනිසිළුවක් වැනි කොටසක් දකින්න පුළුවන්. ඒ එක්කම එහි දෙපසින් නගින දුම් රොටුත් දක්වා තියනවා දකින්න පුළුවන් වෙනවා.

පාකල් රජතුමාගේ සොහොන්ගැබේ ගල් පුවරුව මත කොටන ලද චිත්‍රය



මේ සම්පුර්ණ චිත්‍රය ඇත්තෙන්ම රොකට්ටුවක අකෘතියක් නම් මේ පැරැන්නෝ කොහොමද මේ දේවල් දැක්කේ? ඔවුන් සිය නායකයා වෙන්ව තරු වලට යන බව සිහියේ තබාගෙන සිටියේ ඔවුන් තරුවලින් පැමිණෙන්නන් දෙවි වරුන් ලෙසත් මරනින් මතු රජතුමා දෙව්ලොව යන බව විශ්වාස කල නිසාත්ද? එහෙමනම් මේ දෙවිවරු ඇත්තෙන්ම ආවේ රොකට්ටු වලින්ද?

මේ සාක්ෂි වලින් ඔප්පුවන්නේ මානව ඉතිහාසය සංස්කරණය විය යුතු බවද? නොඑසේනම් මේ මතවාද පිළිගන්න නුතන විද්‍යාවට බැරිද? ප්‍රශ්නය ඔබටයි ..


ගංජා කවි

හිරු අවරට යද්දි......
ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....
තනිකමයි පාලුවයි.....
දස අතේ පැතිරිලා.....

අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..
සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..
සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...
මල් සුවද හොයාලා යන්න සිත කියාවි..


මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..
කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..
සිතා දස අත මට වැටුහුනා ක්‍රමයක්ද..
සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..


නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට..
"ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..
දීලා අත ඇති කාසි ඇබා හට මුමුණලා..
දාගත්තා කැල්ල වට පිටත් බලාලා..

කළුවරේ හද එළියෙ රිංගුවා ඇල ලගට
ඔතාලා ගත්ත මම ඇබා දුන් කැල්ල..
කැලැ ගිනි ගන්න ගද දස අතම පැතිරෙද්දී
පියඹුවා සුර ලොවට මාද හිමි හිමිහිටම...

පදම ගානට ගත්තු සැප දේවි චුට්ටකින්
වරෙන් මගෙ සයිකලේ ගෙදර යන්නට අපි..
අම්මගෙන් ප්ලෙන්ටිය ඉල්ලා හදාගෙන
ආම්ස්ට්‍රොන් ලගෙ ගමන යමුද අපි මෙ රැයේ..

ප්ලේන්ටිය සිනී වැඩි තියාලා පටපිලෙන්
දාගත්තා බුරු ඇද පලුව මිදුලෙ මැදින්
සිනී වැඩි ප්ලේන්ටිය තොලා ගාන අතර මැද
සද ඇවිත් මා ලගට එනවදැයි අහනවා..

මට හිතයි යන්න එහෙ මට බයයි ඒත් දැන්
අපි ඉමුද මෙ දුරින් මට මෙහෙම හරි සොමිය
උබෙ සියුමැලි සිනා දැක්කම සද කොමලි
මට හිනා යනව දැන් නවත්තන්නට බැරුව

ඩෙංගු

Wednesday, December 7, 2011



ඩෙංගු ආයෙත් රටේ පැතිරෙන්න පටන් අරන් නිසා ඒ වෙනුවෙන් සමීක්ෂණයක් කරන්න රජයේ හිතවතෙක් විදිහට මට ටෙන්ඩර් පටිපාටියට පිටින් කොන්ත්‍රාත්තුවක් ලැබුණා.රජතුමා කතා කළාම කටක් ඇරලා බෑ කියන්න බැරි හින්දාත්, බෑ කියලා ගෙදර ගිහිං මෑණියන්ගේ කන්දොස්කිරියාවට කන් දීගෙන ඉන්න බැරි නිසාත් මම ඔන්න ඔහේ හා කියලා වැඩේ බාර ගත්තා.

මගේ නොරිකෝ

Monday, December 5, 2011

නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි

Saturday, November 26, 2011
ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ.
                                                 ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ටොරන්ට් ෆයිල් එකේ ඇත්තේ pc to pc ක්‍රමය. එහෙමත් නැත්නම් පරිගණකයකින් තවත් පරිගණකයකට ෆයිල් හුවමාරු කරන ක්‍රමය. චිත්‍රපටි , පරිගණක ක්‍රීඩා වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමය තමා ටොරන්ට් මගින් බාගැනීම. මොකද ටොරන්ට් හරහා ඉතා අඩු වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උනත් ගොඩක් ලොකු ෆයිල්ස් ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.
                                              මුලින්ම අපි බලමු කොහොමද ටොරන්ට් එකක් බාගන්නේ කියලා. මුලින්ම අපිට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මමනම් නිර්දේශ කරන්නේ. BitTorrent විතරයි. මොකද ඒකේ කරදර ගොඩක් අඩුයි. ඔන්න ඕක මෙතන ඔබලා ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊටපස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න.
                                                    ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

අඹ ගෙඩිය

Friday, November 25, 2011

නෙලා ගන්නට මා සිතා .............සිටි
ලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි
ගසේ බඩගා නෙලා ගත් ..........සැටි
සත්තු කාලැයි වීසි කළ ...........සැටි

ඒත් නිතරම මතක් වුණු ...........හැටි
තවත් අඹ ඇති කියා සිතු .....හැටි
විටෙක උනනා මුත් කඳුළු ....කැටි
මවමි පිවිතුරු අඹය හරි .......හැටි

ආයෝජනය කරන්න කලින් හිතන්න යමක්

පහුගිය ලිපිය සමහර අයට හරියට තේරිලා නැහැ වගේ. එකේදී මම උත්සාහ කලේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරන හැටි කියන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක ගැන මුලික දැනීමක් ලබා දෙන්න. ඒ ගැන තවත් සරලව ලියපු පොස්ට් එකක් ලගදීම දාන්න බලාපොරොත්තු වෙනවා.
මේ පොස්ට් එක දාන්න හිතුවේ අලුත් පාඩමක් කරන්න නම් නෙවෙයි. මට මේ ආයෝජනය කිරීම ගැන කියන බ්ලොග් එක කරගන යනකොට දැනුන දෙයක් ලියන්න.
 ගොඩාක් දෙනා හිතාගන ඉන්නේ කොටස් වෙලදපොලේ ගනුදෙනු කරනවා කියන්නේ අමුතුම දෙයක් කියලා. ඒ සිතුවිල්ල නිසාම මෙතැනදී ගොඩාක් අය පාඩු කර ගන්නවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.

වෙලදපොලේ හාල් කිලෝ එකක් රු 60 ක් නම් අපේ ව්‍යාපාරය හාල් විකිණීම නම්
අපිට වෙලදපොලේ රු 60 ට හාල් විකුනලා ලාබයක් ලබාගැනීමට උවමනාවකුත් තියෙනවා නම්
අපි වෙළදපොලෙන් හාල් මිලට ගන්න ඕන රු 60 කට වඩා අඩු මුදලකට කියලා ඕන කෙනෙක් දන්නවා.
අපිට රු 55 ට හාල් මිලට ගන්න පුළුවන් උනොත් කිලෝ එක 60 ගානේ විකුනලා එක කිලෝ එකකින් රු 5 ක ලාබයක් ලබා ගන්න පුළුවන්.

අපි කොටස් වෙළද පොළ ගැන හිතන්න ඕනත් ඔය අනිත් බිස්නස්  විදියටම තමයි. කොටස් අඩු මිලකට ගනුදෙනු වෙනකොට මිලට අරගන මිල වැඩි වෙන කොට විකිණීමයි සිද්ද වෙන්න ඕන. එත් අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙන වෙලාවක් බලලා මේක මාර විදියට නගිනවා කියලා කොටස් මිලට අරන් බලාගන ඉන්නවා. එත් එයා කොටස් ගත්ත දවසේ ඉදන් සිද්ද වෙන්නේ කොටසේ මිල පහල යන එක. ඊට පස්සේ කොටස් වෙලදපලටයි බ්‍රෝකර් මහත්තුරුන්ටයි බැන බැන ඉන්නවා. එක නිසා කොටස් වෙළදපොල ගැන උනන්දු වෙන හැමෝම අතේ තියෙන කොටස් වල මිල ඉහල යනකොට ඒවා විකුනන්නත් පහල යන කොට විකුනන්නත් ඕන කියන දේ ගැන ආයෙත් හිතුවොත් හොදයි

කියවීම

Tuesday, November 22, 2011
සැප්තැම්බර් කියන්නේ සාහිත්‍ය මාසේ, අපි ගොඩ දෙනෙක් පොත් මිලදී ගනන් පොත් ප්‍රදර්ශනය තියෙන්නෙත් ඒ මාසෙ. ඊට පස්සේ ඔක්තොම්බර් කියන්නේ කියවීමේ මාසය. මන් හිතන්නේ සැප්තැම්බර් ගත්ත පොත් ටික කියවන්න තියෙන මාසේ. දැන් නොවැම්බර් වෙලා ඒත් මන් සැප්තැම්බර් ගත්ත පොත් වලි තාම බොහෝම ටිකයි කියවලා ඉවර කලේ කලින් අවුරුදු වල ගත්ත පොත් හිටන් තියෙනවා කියවලා නැති.

මන් පොත් කියවනවා ඒත් මන් දන්නේ නැහැ මන් කියවන විදිහ හරිද කියලා. ඒ කියන්නේ පොතක් අරගෙන කියවද්දි මතුපිටින් කියවෙන කතාව හැර දෙයක් මගේ ඔළුවට යන්නේ කලාතුරකින්. සමහර පොත් ගැන අනික් පොත් කියවන අය කියවන දේවල් බැලුවම එහෙම දේවල් ඒ පොතේ තිබුනද කියලවත් මන් දන්නේ නැහැ.

කම්මැලි පොතක් ඇරුනම අනික් පොත් ආසවෙන් කියෙව්වත් ඒ පොත්වල මතුපිටින් කියැවෙන කතාව හැර ලේඛකයා විසින් ඊට වඩා ගැඹුරු පණිවිඩයක් දීලා තියෙනවනම් ඒ ඒගේ දේවල් මට ග්‍රහණය වෙන්නේ නැහැ. ඒ විදිහට පොත් කියවන එකේ තේරුමක් තියෙනවද කියලා මන් දන්නේ නැහැ. 

අපේ පොත් ගැන විචාර කියවන්න ලැබෙන්නේ කලාතුරකින් ඒ විචාරත් ගොඩක් වෙලාවට හිතවත්කම් මත ලියැවෙන ඒවා කියලා ගොඩ දෙනෙක් කියන්නේ ඒක නිසා මැදහත්ව පොතක් ගැන ලියපු විචාරයක් අපිට බලන්න ලැබෙන අවස්තා නම් නැති තරම්. එහෙම උනාම මන් වගේ පොත් කියවන අයට හොඳ පොතක් අඳුනා ගන්න, පොතක මතුපිටින් කියැවෙන කතාවට වඩා ගැඹුරින් කියැවෙන දේ ගැන දැනගනන් තියෙන අවස්තා නම් ඇත්තේම නැති තරම්.

මේක ලිව්වේ මන් දනන්වා මන් පොත් කියවන විදිහ මීට වඩා හරි විදහට කරන්න ඕනේ කියලා ඒත් ඒක කරගන්න අවස්තාවක් අපිට නැති නිසා. සමහර විට ඒ වගේ තේරුමක් ඇතුව පොත් කියවනව නම් මීට වඩා පොත් වල තියෙන දේවල් රසවිඳින්න ලැබෙයි කියලා මන් හිතන්නේ.


ඔක්කොම ටික දුන්නද ?

Sunday, November 20, 2011


දවසක් පිරිමි ළමයෙකුයි, ගෑණු ළමයෙකුයි සෙල්ලං කර කර හිටියලු. පිරිමි ළමය ගාව ලස්සන ජිල්බෝල ටිකක් තිබුනලු. ගෑණු ළමය ගාව ටොෆී වගයක් තිබුනලු.
දෙන්න කතා වුනාලු තමුන් ගාව තියෙන ටොෆී සහ ජිල්බෝල මාරු කර ගන්න. ගෑණු ළමය එයා ගාව තිබුන ඔක්කොම ටොෆී ටික පිරිමි ළමයට දුන්නලු. කොලුව තමුන් ලඟ තිබ්බ ලස්සනම ජිල්බෝලෙ හොරෙන්ම හංගගෙන අනික් ඒව ටික ගෑණු ළමයට දුන්නලු.

තමුන්ට ටොෆී ලැබුනත් හොඳම ටොෆිය නොලැබෙන්න ඇති කියල හිත හිත හිටපු නිසා පිරිමි ළමයට එදා රෑ නින්ද ගියෙ නෑලු. එදා රෑ ගෑණු ළමයට හොඳට නින්ද ගියාලු.



පරිවර්තනයට උපුටාගැනීම මෙතනින්
http://sinhala-catholic.blogspot.com/2011/10/blog-post_24.html

" වියමන " සගරාමය පුවත්පත

Friday, November 18, 2011

අපි කැමතියි ඔබේ වචන වලටත් ඉඩක් දෙන්න . ඔබ කළයුතුවන්නේ ඔබේ අතින් නිමැවෙන කෙටිකතා , නවකතා , කලාබර ලිපි , කාලීන ලිපි , අධ්‍යාපනික ලිපි ආදිය අපවෙත ඊ-මේල් මාර්ගයෙන් ලබාදීමයි . අපේ ඊ-මේල් ලිපිනය viyamana.art@gmail.com

කණ්ණාඩිය

Tuesday, November 15, 2011


මේක කවියක්නං නෙමෙයි.මේක මට හිතිච්ච හිතුවිල්ලක්.මට මේ වගේ ඉලව් හිතෙනවා.පස්සෙ දිගටම ඒක ගැන හිතලා හිතලා ඔලුව විකාර වෙනවා.නිකමට මේක මම කියනවට තනියම ඉන්න ගමං හිතලා බලන්ඩ වෙන්ඩ පුලුවන් නේද කියලා.

මම මම ද?
එතකොට
කවුද කණ්ණාඩිය ඇතුලෙ ඉන්නෙ?
ඌ ඇත්ත එකා
මම ප්‍රතිබිම්බය
බැරිද එහෙම වෙන්න?
කොච්චර ට්‍රයි කළත්
බෑ මට කණ්ණාඩිය ඇතුලට යන්න
ඇතුලෙ එකා ඇවිත්
හැප්පෙනවා
මගෙ ඇඟේ

සුපර් මාරියෝ සහ S7 ටැබ් එක - ගන්න ඉන්න අයටයි නොගන්න ඉන්න අයටයි.

Friday, November 11, 2011
මේ පෝස්ට් එක මාස 3ක විතර ඉදන් දාන්න හිටපු එකක්. දැන්නම් ටිකක් ප්‍රමාදයි කියලත් හිතෙනවා. කෝකටත් කියල ඔන්න එහෙනම් ටැබ් එකේ විස්තරේ..

 
 මුලු එකම කියවන්න කැමති අය එන්නකො මෙන්න මේ පාරෙන්...

දැනුම්දීමයි.....

Thursday, November 10, 2011
මේක කට්ටියට ඉගෙන ගන්න යමක් තියන දෙයක් නම් නෙමෙයි. හැබැයි මට නම් මේ වැඩෙන් සෑහෙන දේවල් ඉගෙන ගන්න පුලුවන් උනා.
කෙටියෙන්ම කියනවා නම් මෙන්න මේකයි උනේ. මගේ අහිංසක බ්ලොග් පඩංගුවට හෙනහුරා කෙලියනේ. අර කතාවට කියනවනේ සෙනසුරු අපලේ නැති වෙනකොට යන්නේ ලොකු ලොකු ලෙඩ දාලා කියලා. මටත් ඒකම තමයි උනේ. බ්ලොග් එක කෝමා එකකට වැටුනා වගේ වැඩක් උනා.
මුලින්ම මගේ බ්ලොග් එක තියන සර්වර් එකේ MySQL ප්‍රශ්නයක් නිසා බ්ලොග් එක වැඩ කරන්නේ නැතුව ගියා. මට ඒ දවස් වල වැඩ ටිකක් වැඩිපුර තිබුන නිසා බැක් අප් එකක් එහෙම අරගෙන තිබුනෙත් නැහැ. ඉතින් මම පොඩි සෙල්ලම් ටිකක් දාන්න ගිහිල්ල වැඩේ අල බතල මඤ්ඤොක්කා උනා. Backup එකත් හරි ගියේ නෑ. Server එකෙන් උදව් ඉල්ලුවම ඒ යක්කු කියපු Scripts Side එකට උදව් දෙන්නේ නෑ කියලා. මොනවා කරන්නද ඉතින්. අන්තිමට මම තනියෙම දුන්නා ගේමක්. කොහොම හරි කරලා බ්ලොග් එක ගලවලා අයින් කරලා අලුතින්ම දාලා අලුත්  Theme එකකුත් දාලා හදලා ගත්තා. වාසනාවට වගේ මම ඉස්සර කල්පනා කරල කරපු එක වැඩක් නිසා මගේ ලිපි නම් සෑහෙන ප්‍රමානයක් බේරගන්න පුලුවන් උනා. ඒත් ඉතුරු ටික නැති නිසා මොකක්ද වගේ. මොකද හොඳම ටික තමයි නැති උනේ. කල්පනා කරගෙන යනකොට තමයි ක්ලික් උනේ RSS ෆීඩ්ස් වලින් ආපහු පෝස්ට්ස් ටික ඇදලා ගන්න පුලුවන් කියලා. කොලා ඉතින් ටියුබ් ලයිට් උනත් දක්ශයනේ. යන්තම් ගොඩ දාගත්තා.
ඒත් හෙනහුරා තවත් මට වද දෙනවා. ගත්ත ලිපි සේරම පල කරපු දවස් වෙනස් වෙලා. අන්තිමට දාපුවා මුලදි දාපුව කියලා පෙන්නනවා. මුලදි දාපුව අන්තිමට දාපුව විදියට යනවා. ඒත් ඉතින් දුකක් නෑ. ලිපි ටික තියනවනේ.

මට සිතුවිලි පවුරේ ඇඩ්මින් මඩුල්ලට කියන්න ඕන මම ලිපි නොලියන්න හේතුව මෙන්න මේ ප්‍රශ්නේ. මේක විසඳගන්න මම සෑහෙන කට්ටක් කෑවා. දැන් සේරම හරි. මම හෙමීට බ්ලොග් පඩංගුව ආයේ හරියට අටවගෙන ආයේමත් ලියන්නම්. කමක් නෑ නේද ?

තව දෙයක්. කාට හරි මේ වගේ ප්‍රශ්නයක් ආවොත් මට කියන්න. මම අනිවාර්යෙන්ම උදව් කරනවා බොක්කෙන්ම. මම දැන් දන්නවා කරන්න ඕන දේවල්. කොහෙන් වත් බලලා ඉගෙන ගත්ත එවා නෙමෙයි. තනියම කරලම ඉගෙන ගත්ත දේවල්.

ඔබ මොන වර්ගයේ බ්ලොග්කරුවෙක්ද?


සමීක්ෂණයකට අනුව මෙන්න මේ දේවල් සොයාගෙන තිබෙනවා.

  • බ්ලොග් ලියන්නන්ගෙන් 3/5ක් පිරිමි
  • බහුතරයක් වයස අවු: 25 - 44 අතර වෙයි
  • බහුතරයක් විවාහකයින්
  • බහුතරයක් සතියකට 2,3න් වතාවක් ලියනව
  • බහුතරයක් සතියට පැය 3ක්වත් බ්ලොග් ලිවීම/කියවීමට වෙන් කරනවා

අපේ සිංහල බ්ලොග් කරුවන්ටත් මේක පොදු නම් නැතුවැති සමහරක් විට. මොකද මම දන්න විදිහට අපේ බ්ලොග්කරුවො ගොඩක් තරුණ අවිවාහක ප්‍රජාවක් විදිහටයි මට හිතිල තියෙන්නෙ. 

මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය 01 කොටස

සති කීපයකට පස්සේ ආයෙත් බ්ලොග් එක පැත්තේ ආවා. ප්‍රතිචාර වලින් පෙන විදියට මම ලියන සමහර වචන බර වැඩියි වගේ ඒ හින්දා මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය පාඩම මුල ඉදලම පටන් ගන්න හිතුවා. මොකද හැම තරාතිරමකම අය බ්ලොග් කියවන නිසා, මම දැන් ලියන්නේ මේක කියවන අයට ගිණුම්කරණය පිලිබදව කිසිම දැනුමක් නැ කියන උපකල්පනය උඩ. එහෙනම් මුල්‍ය වාර්තා විශ්ලේෂණය කරන්න කලින් පොඩ්ඩක් ගිණුම්කරණය පිලිබදව මුලික අවබෝදයක් ලබාගෙන ඉදිමු.
පරණ පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ 
ගිණුම්කරණය හැදින්වීම
අපට ජීවත්වෙන්න නොයෙකුත් දේවල් අවශ්‍ය වෙනවා. සමහර දේවල් අපට නොමිලේම ලැබෙනවා. උදාහරණ විදියට ජලය, වාතය, හිරු එලිය වගේ දේවල් පෙන්නලා දෙන්න පුළුවන්. එත් තවත් සමහර දෙවල් ලබාගන්න අපට යම් වියදමක් දරන්න සිද්ද වෙනවා. ආහාර, යන්ත්‍ර සුත්‍ර, පොත්පත්, වගේ දේවල් උදාහරණ විදියට පෙන්නන්න පුළුවන්. මේ නොමිලේ ලැබෙන සම්පත් හිගකමක් නැති නිසා අපි ඒ පිලිබදව වාර්තාකර තැබීමක් අවශ්‍ය වෙන්නේ නැ. එත් අපට මිලදී ගැනීමට සිදුවන ද්‍රව්‍ය අපේ අවශ්‍යතාවයන්ට සාපේක්ෂව පවතින්නේ අඩුවෙන්. ඒ නිසා ඒ සම්පත් පරිහරණය කිරීමේදී යම් කිසි පාලනයක් අවශ්‍ය වනවා. ඒ පාලනය සදහා එම සම්පත් බාවිතය සම්බන්දයෙන් සටහන් තැබීමක් අවශ්‍යයි . මේ කාර්යය අපි වාර්තාකරණය කියලා හදුන්වනවා.
උදාහරණයක් විදියට ඔයාලගේ මාසික වැටුප එකෙන් මාසේ වියදම් අඩු කලාම ඉතිරිය කොච්චරද? කියලා ඇහුවොත් සටහන් කරලා නොතිබුනොත් ඔයාලට එකපාරටම කියන්න පුලුවන්ද? එත් මේ මාසේ තමන්ගේ වියදම් කොහේ හරි සටහන් කරලා තිබුනොත් මේ මාසේ අපි කරපු අනවශ්‍ය වියදම් කොපමණද කියලා දැනගන ඊලග මාසේ සැලසුමකට අනුව වියදම් කරන්න පුළුවන් වෙනවා 
සාමාන්‍යයෙන් ව්‍යාපාරයක දිනකට ගනුදෙනු විශාල ප්‍රමාණයක් සිදුවෙනවා. ඒ නිසා එක්තරා කාලසීමාවකදී සිදුවුණු එකම ආකාරයේ ගනුදෙනු එකට එකතුකර දක්වන්න පුළුවන්. මේ සියලු කටයුතු අවසානයේදී ප්‍රතිපල ගණනය කිරීම අනිවාර්යයෙන්ම කරන්න ඕනේ.  ඒ නිසා ලාබ අරමුණු කර ගත හෝ නොගත් ඕනෑම සන්විදානයක සිදුවන මුලය ගනුගනුදෙනු  වාර්තා කිරීම අනිවාර්යයෙන්ම සිද්ද වෙනවා. මේක අපේ පව්ද්ගලික ජීවිතයටත් වැදගත්.
ගිණුම් තබා ගැනීම හේතු කිහිපයක් නිසාම වැදගත් වෙනවා.
01 මුල්‍ය ගනුදෙනු වාර්තා කිරීම
     විකිණීම් මිලට ගැනීම් වාර්තා කිරීම, වත්කම් වගකීම් තීරණය කිරීම, ලාබ පාඩු ගණනය කිරීම සිදුවේ.
02 කළමනාකරණයට අවශ්‍ය තොරතුරු ලබාදීම
      ව්‍යාපාර අරමුණු ලගාකර ගැනීම සදහා වත්කම් සැලසුම් කිරීම, පාලනය සහ තීරණ ගැනීම සම්බන්දව කළමනාකරුවන්ට            අවශ්‍ය තොරතුරු ලබාදීම 
03 බදු ගණනය කිරීම
04 නීතිමය අවශ්‍යතා 
     සීමිත සමාගම් අනිවාර්යයෙන් ගිණුම් තබා ගැනීම පමණක් නොව ඒවා හෙළිදරව් කිරීමද කල යුතුය.
05 ව්‍යාපාර කටයුතු ඇගයීම සදහා
    ගනුදෙනු කරුවන්, සැපයුම් කරුවන් සේවකයන් අනාගත ආයෝජකයන් හෝ ගිණුම් පිළිබද උනන්දුවක් දක්වන ඕනෑම අයෙකුට එම ව්‍යාපාරයේ තත්වය ඇගයීම සදහා මුල්‍ය තොරතුරු වැදගත් වේ.

ගනුදෙනු 
මුදලින් අගය කල  හැකි ගිණුම්වල වාර්තා කල හැකි සිද්දීන් ගනුදෙනු ලෙස ගැනේ.
මුදලින් මෙනියහැකි ගනුදෙනුවක ප්‍රදාන ලක්ෂණ 03 ක් දැකගන්න පුළුවන්
01 සම්පත්වල වෙනසක් සිදුවීම
02 මුදලින් මැනිය හැකි වීම
03 කළමනාකරණ තීරණයක් වීම
උදාහරණ
01  2010 වර්ෂයේ මුළු විකුණුම් ආදායම රු මිලියන 10 කි
02 ණය පදනම මත භාණ්ඩ මිලදී ගැනුම් රු මිලියන 05

 මුදලින් මැනිය නොහැකි සිද්දීන් ලෙස ව්‍යාපාරයේ 
01සේවක සංඛ්‍යාව 
02 ව්‍යාපාරයේ පිහිටීම 
03 කළමනාකරුවන්ගේ දක්ෂතාව වගේ උදාහරණ පෙන්වන්න පුළුවන්.

ද්විත්ව සටහන් ක්‍රමය 
වර්ෂ 1494 ඉතාලි ජාතික ලුකා පසියෝලි විසින් ද්විත්ව සටහන් න්‍යාය හදුන්වා දීමත් සමගම ගිණුම්කරණය විෂයක් ලෙස සංවර්දනය වීම ආරම්බ උනා. මේකෙන් කියවෙන්නේ ව්‍යාපාර ගනුදෙනුවක සම විටම ද්විත්ව ස්වරුපයක් ගන්නා බව.මෙම ද්විත්ව ප්‍රතිපලයෙන් එකක් හර (Debit ) වියදමක් හෝ වත්කමක් වශයෙන්ද අනෙක  බැර ( Credit ) ආදායමක් වගකීමක් හෝ හිමිකමක් වශයෙන්ද පෙනී සිටින බව ගිණුම්වල සටහන් කිරීම සිදු වේ.
මුලික වශයෙන් ගිණුම් වර්ග 05 ක් ඇත. ඒවානම්  
01 හිමිකම් ගිණුම්
02 වගකීම් ගිණුම්
03 ආදායම් ගිණුම්
04 වත්කම් ගිණුම්
05 වියදම් ගිණුම් 
  
මෙය නිදසුනක් මගින් පැහැදිලි කළහොත් ව්‍යාපාරය රු 100,000 ක භාණ්ඩ තොගයක් ණයට ගතහොත් 
ණයහිමියෝ ( වගකීම්) 100,000 වැඩිවේ
තොගය (වත්කම්) 100,000 වැඩිවේ 
මෙම භාණ්ඩ අත්පිට මුදලට ගතහොත් 
මුදල් ( වත්කම්) 100,000 අඩුවේ 
තොගය (වත්කම්) 100,000 වැඩිවේ
 එහෙනම් අදට මෙතනින් නවතින්නම්  ප්‍රශ්න තියනවනම් කමෙන්ට් කරන්න  සමහර විට කමෙන්ට් වලට පිළිතුරු නැති  උනත් ඊලග පොස්ට් එකෙන් හරි ඒවාට උත්තර දෙන්න මම බලාපොරොත්තු වෙනවා , මේ ගැන ඔයාලට හිතෙන දෙයක් ලියලා යනවනම් එක මට ලොකු හයියක් නැත්තම් මේක ඔයාලට තේරුනාද නැද්ද කියලවත් තව වෙනස් වෙන්න ඕනනම් ඒ ගැනවත් අවබෝදයක් නැතුව මම ඔහේ ලියාගන යයි. එහෙනම් මේ පාඩමේ ඉතුරු ටිකත් එක්ක ඉක්මනටම එන්න බලාපොරොත්තු වෙනවා.

ජේසු කියපු කතාවක්

Sunday, November 6, 2011

සමූහයා අතරින් එක් අයෙක් කතා කොට, "ගුරුදේවයෙනි, මා සමග අපේ උරුමය බෙදා ගන්න මාගේ සහෝදරයාට කිව මැනවැ "යි උන්වහන්සේට කීය. එහෙත් උන්වහන්සේ කතාකරමින්, "මිත්‍රය, ඔබකෙරෙහි නඩුකාරයෙකු, නොහොත් දේපල බෙදන්නෙකු කොට මා පත්කලේ කවරෙක් ද ? " යි ඔහුගෙන් ඇසූ සේක."තවද, සියලු ආකාර තන්හා වලින් පරිස්සම් වෙන්නට බලාගන්න; මනුශ්්යකුට කොතරම් දේපළ තිබුනත් ඔහුගේ ජීවිතය ඒපිට රඳා නැතැ" යි ඔවුන්ට වදාල සේක. උන්වහන්සේ උපමාවක් කියමින් මෙසේ වදාල සේක;

"එක් ධනවතෙකුගේ වතුපිටිවල බොහෝ පලදාව ඇතිවිය, එවිට ඔහු තම සිතින් කල්පනා කරමින් , මම කුමක් කරම්ද ? මාගේ භවබෝග රැස්කර තබන්නට ඉඩකඩ නැත, මම මෙසේ කරමි: මාගේ අටුකොටු කඩා දමා විශාල ඒවා ගොඩනඟා, ඒවායේ මාගේ සියලු ධනධාන්්ය රැස්කොට තබා, අවුරුදු ගණනාවකට සෑහෙන තරම් අගනා වස්තු සම්භාරයක් මෙහි රැස්කොට තිබේ.විවේක සුවයෙන් කා බී ප්‍රීතිවන්නැ , යි මටම කියා ගනිමි" යි සිතීය.
එහෙත් දෙවියන් වහන්සේ ඔහුට කතාකොට "අඥානය, අද රාත්‍රියේ දී ඔබගේ ප්‍රාණය ඔබගෙන් ගනු ලැබේ; එවිට ඔබ රැස්කොටගත් දෙය කවරෙකුට අයිති වන්නේදැ" යි වදාළ සේක. දෙවියන් වහන්සේ ඉදිරියේ පොහොසත් නොවී, තමාට වස්තු රැස්කරගන්නා අය එවැනිය. යි ජේසුස් වශන්සේ වදාල සේක.
( ලූක් 12 : 13-21 )


** මේක ගෙඩි පිටිං බයිබලෙන් කොපි කල බව කරුනාවෙන් සලකන්න.

පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

Saturday, November 5, 2011
පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.


පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන් වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  






දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?

(මෙය ක්සැන්ඩරයාගේ කොලමේද පලවන ලිපි පෙළකි..)

තරු

Wednesday, November 2, 2011

එකක භාර

Sunday, October 30, 2011
කලින් පාඩම් ඔක්කොම පිනාගේ කුප්පියේ තියෙනවා 
කොටස් වෙලදපලෙන් ටිකක් එලියට බැහැලා අපි අද තවත් ආයෝජන මාර්ගයක් වන එකක භාර ගැන සලකලා බලමු. මම ජොබ් එක කරන තැන නිසාම මුල්‍ය වාර්තා විශ්ලේෂණය පාඩම නම් තව ටිකක් කල් යනවා. 
මොකක්ද මේ එකක භාරයක් කියලා කියන්නේ. මේක ඉතාමත් සරල ආයෝජන ක්‍රමයක්. අපි මේ සංකල්පය උදාහරණයකින්ම පැහැදිලි කරගනිමු.
රත්තරන් කියලා කියන්නේ මේ දවස්වල ඉතාම වේගයෙන් මිල ඉහල යන වත්කමක්.  අපි හිතමු අද ඔයාට  රත්තරන් කිලෝ එකක් මිලදීල ගන්න ඕන උනා කියලා. එත් ඒක මිලට ගන්න තරම් ප්‍රමාණවත් මුදලක් දැනට ඔයා අතේ නැහැ. නමුත් ඒ රත්තරන් වල අනාගත වටිනාකම පෙන්නලා දීලා ඔයාගේ යහළුවන් කිහිප දෙනෙක් එකතු කරගත්තොත් ඒ රත්තරන් ප්‍රමාණය මිලදීල ගන්න ඔයාට පුළුවන් වෙයි. ඒ සාමුහික ප්‍රයත්නයක් විදියට තමුන්ගේ මුදල් යෙදවීමෙන්. යම්කිසි කාලයකදී ඒ රත්තරන් ප්‍රමාණය  වටිනාකම වැඩි වූ විට විකුණා දැමීම තුලින් ලැබෙන ලාබය සියලු දෙනා අතර බෙදා ගැනීමටත් ඔබට හැකියාව ලැබෙයි.
එකක භාරයක තියෙන්නෙත් මෙන්න මේ සංකල්පය තමයි.ආයෝජකයන් රාශියකගේ මුදල් කොටස් වෙලදපොලේ හෝ  භාණ්ඩාගාර බිල්පත්, බැදුම්කර, සාංගමික නයපත්‍ර වැනි සුරක්ෂිත ආයෝජන මාර්ගයක යෙදීම තමයි මෙමගින් සිදුවෙන්නේ. 
එකක භාර වෙළදපොල මත රැදී සිටියත් වෙළදපොල ඉහල පහල යාම් වලට සාපේක්ෂව උද්දමනය හා බැංකු පොලි අනුපාත අභිබවමින් පැහැදිලි වර්දනයකින් ඉදිරියට යන ආකාරය දැක ගන්නට පුළුවන්. හොදම උදාහරණයක් විදියට මේ අරමුදල්වලින් එක අරමුදලක්  1996-2006 කියන වසර 10 ක කාලය තුල 359% ක ප්‍රතිලාබ පිරිනැමීම පෙන්වන්න පුළුවන්.
මේකේ තියන වැදගත්ම දේ තමයි රු 1000 ක් වැනි මුදලකින් වුවත් එකක මිලට ගැනීමට හැකියාව ලැබීම.
විශේෂයෙන්ම එකක භාර තම ආයෝජන උපක්‍රමය ලෙස භාවිතා කරන්නේ ආයෝජන විවිදාන්ගිකරණය. ඔවුන්ගේ සියලුම ආයෝජන එකම ආයෝජන උපකරණයක යෙදීමෙන් අවදානමකට භාජනය වීමට ඔවුන් කිසිසේත්ම කටයුතු කරන්නේ නැ.   ඒ වගේම මේ අරමුදල් කළමනාකරණය කිරීම සදහා ඉදිරිපත් වන්නේ ආර්ථික ක්ෂේස්ත්‍රයේ දිගුකාලින අත්දැකීම් වලින් පරිපුර්ණ කළමනාකරුවන් පිරිසක්. ඒ නිසාම තමන්ට තමන්ගේ ආයෝජන සම්බන්දයෙන් කැපකිරීමට කාලයක් දැනුමක් නොමැති උනත් ඔබේ ආයෝජන ප්‍රවීන කළමනාකරුවන් ලවා කළමනාකරණය කරවා ගැනීමේ අවස්තාව ලැබෙනවා.
ඒ වගේම ඔබ දැරීමට කැමති අවදානමේ ස්වභාවය අනුව විවිද අරමුදල් වර්ග රාශියක් මේ තුල ක්‍රියාත්මක වනවා. ඔබ ආයෝජනය කරන මුදලෙහි ප්රාග්දන සුරක්ෂිත තාවයත් අවසානයේදී ස්ථිර ප්‍රතිලාබයක් ලැබීමත් ඔබේ බලාපොරෝත්තුවනම් ඔබ තෝරාගත යුත්තේ රජයේ සුරැකුම්පත් වල මුදල් ආයෝජනය කරන අරමුදල් වර්ගයකි. ඒ වගේම ඉහල ප්‍රතිලාබයක් සදහා ප්රාග්දන අවදානමකට මුහුණදීමට වුවත් ඔබ කැමතිනම් තෝරා ගත යුත්තේ අරමුදල් අඩු වැඩි වශයෙන් කොටස් වෙළදපොල සදහා මුදාහරින ආකාරයේ අරමුදලකි. කෙසේ නමුත් එකක භාර සමාගම් එකක භාර හිමියාට උපරිම ප්‍රතිලාබයක් ලබාදීමට කටයුතු කරන නිසා ඒ සම්බන්දයෙන් එම සමාගම් සමග සාකච්චාකර තමන්ට කැමති අරමුදලක් තෝරාගැනීමේ හැකියාව ආයෝජකයන් සතුවනවා. මේ එකක භාර ආයෝජනයෙන් උපයන සියලුම මුදල් බද්දෙන් නිදහස්. එකත් ඔබට ලැබෙන විශාල වරප්‍රසාදයක්.
කොහොම උනත් එකක බාර වල බලාපොරොත්තුව තමයි  දිගුකාලින ආයෝජන සදහා ආයෝජකයන් යොමු කිරීම. ඒ කියන්නේ සරුසාර පැලයක් වැඩෙන ආකාරයට සෙමෙන් හා ස්ථාවරව ඉහල ප්‍රතිලාබයක් සහිතව ඔබව ඉහලට ඔසවා තැබීම. ඒ සදහා අවම කාලය වර්ෂයකට වඩා වැඩි වෙන්න ඕන. ඔබේ එදිනෙදා අවශ්‍යතා සදහා ඇති මුදල් එකකභාර සදහා ආයෝජනය කරන්න එපා. මාස්පතා සුළු මුදලක් හරි ආයෝජනය කරන්න. ඔබ ආයෝජනය කරන මුදල් ප්‍රමාණය සුළු උනත් ඔබට ලැබෙන ප්‍රතිලාබයේ අනුපාතය සුළු අගයක් නොවන බව මතක තියා ගන්න. ඔබ දැනට හුරුවී ඇති බැංකු තැන්පතු. ස්ථාවර තැන්පතු වලින් ලබන ප්‍රතිලාබ අනුපාතයත්, එකක භාරවල ප්‍රතිලාබ අනුපාතයත් සංසන්දනය කරලා තමන්ට ගැලපෙන ආයෝජන මාර්ගය මොකක්ද කියලා තීරණය කරන ඒක ඔබ විසින් කල යුතු වෙනවා. මේ ගැන වැඩි විස්තර දැනගන්න ඕන නම් එකක භාර වල ආයෝජනය කරන්න කැමතිනම් මෙතනට කොටලා ඔයාලට කැමති ආයෝජන කළමනාකරන සමාගමකට ගොඩ වෙන්න පුළුවන්.
එහෙමනම් ආයෙමත් ටික කාලෙකට ආයුබෝවන් 

Mera Brother Ki Dulhan චිත්‍රප්ට විචාරය (+ තවත් චිත්‍රපට දෙකක් පිලිබඳ තොරතුරු )

Saturday, October 29, 2011
සැහෙන කාලෙකට පස්සෙ සිතුවිලි පවුරට බොලිවුඩ් සිනමා පටයක් අරගෙන එන්නයි මේ සුදානම . මේ ටික දවසකට කලින් ඩිවිඩි පිටප්ත් නිකුත් වුනු Mere Brothe Ki Dulhan  චිත්‍රපටිය . සරල  චිත්‍රපටි වලට කැමති ඕනි කෙනෙකුට රසවිඳින්න පුලුවන් නිසා තමයි චිත්‍රපටිය  සිතුව්ලි  පවුරට එකතු කරන්නෙ . මේ ලිපියට චිත්‍රපටියේ මූලික කථාව සහ චිත්‍රපටිය ගැන අපේ විචාරය  සහ නිල ප්‍රචාරක පටය අඩංගුයි . චිත්‍රපටියේ ගීත විඩියෝ සහ ඡයාරූප නැරඹීමට කැමති නම් මෙතනින් අපේ අඩවියට පිවිසිලා ඒ දේවල් ලබා ගන්න පුලුවන්

Mera  brother ki dulhan හෙවත් "මගේ සහෝදරයාගේ මනාලිය " කියන්නෙ මේ වසරේ තිරගත වුනු තවත් සාර්ථක නිර්මාණයක් .ඉම්‍රාන් ඛාන් , කත්‍රිනා කයිෆ් සහ අලි සෆර් ගේ රංගනයෙන් හැඩවුනු මේ චිත්‍රපටිය නිෂපාදනය කලේ යාෂ් රාජ් සමාගම



මූලික තොරතුරු - (උපුටා ගැනීම විකි විඩියාවෙන්



Mere Brother Ki Dulhan

Theatrical release poster
Directed byAli Abbas Zafar
Produced byAditya Chopra
Story byAli Abbas Zafar
StarringImran Khan
Katrina Kaif
Ali Zafar
Music bySohail Sen
CinematographySudeep Chatterjee
Editing byRitesh Soni
Distributed byYash Raj Films
Release date(s)September 9, 2011
Running time145 minutes
CountryIndia
LanguageHindi
BudgetINR29 crore (US$6.47 million)[1]
Box officeINR57.25 crore (US$12.77 million)[2

 නිල ප්‍රචාරක පටය






කථාව

ලව් සහ කුෂ් කියන්නෙ මධ්‍යම පාන්තික පවුලක සහෝදරයින් දෙන්නෙක් . ලව් ලන්ඩනයෙ ජීවත් වෙත්ඩි කුෂ ජීවත් වෙන්නෙ මුම්බායි වල . ලව්ට විවාහනය සඳහා සුදුසු තරුණියක් සෙවීම බාර වෙන්න ලව් ගෙ සහෝදරය වුනු කුෂ් ට . මේ වැඩේ කරගෙන යත්දි කුශ්ට මුණ ගැහෙනව තමන්  ඉස්සර මුණ ගැහිල තියන කෙනෙක් කව්ද ඒ ?... කියල චිත්‍රපටිය බලල දැනගමු නේ

අපේ අදහස | Editor's Comments


  • ඉතාම සරල කථා තේමාවක් වුනත් වෙනදා දකින්න නොලැබෙන ගලායාමක් සහ වින්දනයක් ලබාදෙන්න මේ චිත්‍රපටිය සමත් වෙලා තියනව කියල කියන්න පුලුවන් 
  • Romantic Comedy චිත්‍රපටියක් විදිහට වර්ගවෙන චිත්‍රපටිය ඒ වර්ග දෙකටම අයත් වීම වෙනුවෙන් උපරිම සාධාරණය ඉටු කරනවාය කිව්වොත් ඒක ඉතාම නිවැරදියි 
  • චිත්‍රපටියේ ගීත වගේම පසුබිම් සංගීතයත් චිත්‍රපටියේ අලංකාරයට ලබා දෙන්නෙ ලොකු පිටුවහලක් . චිත්‍රපටියෙ එන වඩාත්ම අලංකාර ගීත තුනක් (අපේ තේරීම අනුව ) තමයි උඩ විඩියෝ පට වලින් දක්වලා තියෙන්නෙ 
  • කත්‍රිනා කයිෆ් ගේ දිනෙන් දින දියුණු වන රංග කුසලතාවය වගේම ඇයගේ රූප ස්වාභාවයත් වැඩි වෙලාද කියල හිතෙන තරමට මේ චිත්‍රපටියේ ඇයගේ රූපය පියකරුයි . විශේෂයෙන්ම මීට පෙර චිත්‍රපටි වලදි අපි නොදැකපු කෝණයන් හරහා ඇයගේ ලස්සන ඉස්මතු කරන්න අධ්‍යක්ෂකවරයා සමත් වෙලා තියනව
  • සරල චිත්‍රපටියක් රසවිඳලා හිනා වෙන්න , සතුටක් විඳින්න කැමති  අයට මේක ඉතාම හොඳ තේරීමක් කියල නිර්දේශ කරන්න කැමතියි !
                              Our Overall Rating  - 4/5 


චිත්‍රපටියේ හොඳ මට්ටමේ පිටපතක් භාගත කරගැනීමට පහත පද කොපි කරල ගුගල් හරහා සෙවුමක් කරන්න (මීට වඩා  ගුණාත්මක ප්‍රමාණයෙන් විශාල පිටපත් වුනත් සැහෙන්න තියනව . ඔබ කැමති ටොරන්ට් සෙවුම් යන්ත්‍රයකට ගිහින් චිත්‍රපටියෙ නම කොපි කරල පේස්ට් කලොත් අදාල සියලුම පිටපත් ගැන දැනගන්න පුලුවන් )

Mere Brother Ki Dulhan - DVDRip - XviD - 1CDRip - DDR

(ඉහත සෙවුම් පද  දැනුවත් කිරීමේ අරමුණින් පමණක් පල කර ඇත |Above search keywords are posted solely for the information uses )


NOTES - 
01) සල්මාන් ඛාන් රඟපාපු BodyGuard චිත්‍රපටියෙත් ඩිවිඩි නිකුත් වෙලා තියෙන්නෙ , ඉන්දියාවේ අධික ජනප්‍රියත්වයට පත්වුනත් ලංකාවේ රසිකයින්ට ඒ තරම් ගැලපෙන එකක් නැය කියල හිතුන නිසා සිතුවිලි පවුරට එකතු  කරන්නේ නම් නැ කැමති කෙනෙකුට මෙතනින්  ගිහින් විචාරය කියවීමේ හැකියාව තියෙනව

02) ෂාරුක් ඛාන් රඟපාපු දැවැන්ත සිනමා නිර්මානය Ra.One  ගැන සම්පූර්න  ලිපියකුත් අපේ අඩවියේ අන්තර්ගතයි මෙතනින් ගිහින් කියවන්න පුලුවන් . දින තුනක් ඇතුලත් රුපියල් කෝටි 80 ඉක්මවූ ආදායමක් ලබා ගන්න ra.one සමත් වෙලා තියෙයි . සුපිරි දෘෂ්‍ය ප්‍රයෝග සහිත සුපිරි වීර ගණයෙ ක්‍රියාදාම චිත්‍රපටියක් වුනු රාවන් දරුවන්ගෙ සහ යෞවනයින්ගෙ ප්‍රසාදයට ඉහලින්ම ලක් වෙලා තියනව . මේ වගෙ චිත්‍රපටියක නියම රසය විඳින්න මේ වෙනකොට අන්තර්ජාලය පුර දකින්න තියන කැමරා කොපි වලින් නම් බැ . ඒ නිසා අපේ නිර්දේශය ලංකාවේ මැජස්ටික් හෝ සිගිරි (කටුගස්තොට ) ගිහින් චිත්‍රපටියෙ නියම රසය විඳින්න කියන එක තමයි . ඒක නීත්‍යානුකුල වගේන කර්මාන්තය රැකෙන්නත් උද්ව්වක් , ඒ වගේම නිත්‍යානුකුල නොවන පිටපත් ප්‍රවර්ධනයට විරුද්ධව චිත්‍රපටියෙ නිෂ්පාදකයින්ට විතරක් නෙවෙයි ලංකාවේ බෙදා හරින්නන්ට ලංකාවේ අධිකරණය හමුවට හැකියාවක් තියනවාය කියන එකත් මතක් කරන්න ඕනි . සල්ලි වියදම් කරන්න අක්මැති කෙනෙකුට ඩිවිඩි පිටපත එනකන් ඉඳල  චිත්‍රපටිය රසවිඳින්නත් පුලුවන්  

200 KMPH ගිය බයිසිකලයේ කථාව

Friday, October 28, 2011
ඔන්න එකෝමත් එක ඩයල් එකක් වෙනසකටත් එක්ක ට්‍රිප් එකක් යන්න තීරණය කරාලු බයිසිකලෙන්.
යන්නේ තනියෙන්....
..අනික හෙන දිග ගමනක් ....ඔන්න ඔහොම ඉතින් මිනිහ යනකොට එක හරියකදී හම්බුනාලු මහ පතසාර කන්දක් ....පොරත් ඉතින් ඩයල් එක වගේ කන්ද පාගන්න ගත්තලු....ටිකක් යනකොට මෑන්ට හොඳ ගණන්....අම්මෝ පපුවත් රිදෙනවලු....පොර වගේ වැඩේට බැස්සට දැන් ඉතින් වැඩේ අමාරුයිලු..
.කරකියාගන්න දෙයක් නැතුව පොර බයිසිකලේ පාරෙ අයින් කරන් නැවත්තුවලු

..පැත්ත පලාතක මිනිස් පුළුටක් නෑලු....අහිංසකය වාහනයක්වත් අල්ලගන්න කියල ඔහොම පැයක් විතර ඉන්නකොට ...ඔන්න බොලේ පිඹගෙන එනවලු Ferrari කාර් එකක්...ගිනි කුරුල්ල වගේ.



...කරන්න දෙයක් නැති හින්ද ඕන මගුලක් කියල මිනිහ අත දැම්මලු ...කාර් එකත් මනුස්සකමට කරාස් ගාල බ්‍රේක් ගහල නවත්තපි......

"මොකද අවුල ?"
"මම මේ බයිසිකලෙන් ගමනක් යනගමන්...මට මේ කන්ද නැගගන්න හරිම අමාරුයි....බැරිද ලිෆ්ට් එකක් දෙන්න පොඩ්ඩක් ..?"
"අපොයි දෙන්නම්....හැබැයි පොඩි අවුලකට තියෙන්නෙ ඔයාගෙ බයිසිකලේ තමයි...ඕක දාගෙන යන්න මේකේ ඉඩ නෑනේ....ඕකත් අරන්යන්න ඕනමද ?"

"අනේ ඔව්....මේකනම් දාල යන්න බෑ"

මදක් කල්පනා කළ ferrari එකේ රියදුරු තෙමේ....

"හොඳයි....අපි මෙහෙම කරමු.....මගේ ගාව තියෙනව දිග කඹයක්....මම ඒකෙ එක කොනක් මගේ කාර් එක පිටිපස්සේ ගැටගහල අනිත් කෙලවර ඔයාගේ බයිසිකලේ ගැටගහන්නම්.....ඊට පස්සෙ ඔයා බයිසිකලේ ඉඳගෙන හෙමින් සැරේ එන්න....මම ඔයාව ගානට ලතාවට හෙමින් හෙමින් ඇදගෙන යන්නම්....හදිසියෙවත් මම යන වේගේ වැඩී වගේනම් ඔයා ටක් ගාල ඕකෙ බෙල් එක ගහන්න....එතකොට මම ටකස් ගාල slow කරන්නම්....එලනේ ?"

ඔන්න ඉතින් මේ විදියට අපේ බයිසිකල් කාරයව කන්ද උඩට හෙමින් හෙමින් ඇදගෙන යනකොට...එකපාරටම කොහෙන්දෝ ආපු BMW කාර් එකක් සිං......ගාල Ferrari එක පහු කරන් ගියා නෙව...ඒ මදිවට කින්ඩියට "පෝක්" ගාල හෝන් පාරකුත් ගහගෙන....



මලා....මේක දැක්ක විතරයි අපේ ferrari එකාට මල පැනපි...
"අඩෝ ව්....BMW එකක් මාව පහු කරන්න ?!!??!!...එව්වා කොහෙද මයේ දෙයියො!!! "කියල.......පොරට පිටිපස්සේ ගැටගහල ඇදන් එන බයිසිකල් කාරයත් අමතක වෙලා "බ්‍රර්ර්ර්ර්ර්ර්ර්රාරං" ගාල ඇද්දුවේ නැතෑ.....

ඔන්න දැන් ferrari එක BMW එක අල්ලන්න පාගල යනවලු ලෙල්ලටම....අනේ අර බයිසිකල් බුවා...."ඕයි ඕයි....වේගෙ වැඩී"...කිය කිය බෙල් එක ගහනවලු ටලන් ටලන් ගාල කැඩෙනකන්...කොහෙද.....වාහනේ එලවන එකාට ඒ ගැන සිහියක්කත් නෑ...

ඔහොම යනකොට ඔන්න එනවලු පොලිස් චෙක්පොයින්ට් එකක්....ඒකෙ රාලහාමි මීටරේ ඇල්ලුවම ...මෙන්න බොලේ වේගෙ 200 ට ඔන්න මෙන්න ලු....පොරත් ඉතින් අත දැම්මලු නවත්තන්න කියල....කොහෙද.....පොරව ගණන් ගත්තේවත් නැතුව වාහන ටික ගියාලු පිඹලා.....

දැක්ක දෙයින් ෆුල් හොල්මං වෙලා ගිය රාලහාමි..ටක්ගාල එයාගේ වෝකි ටෝකි එකෙන් කතා කරාලු ඊළඟ චෙක්පොයින්ට් ඒකෙ ඉන්න රාලහාමිට....කතා කරලා මෙහෙම කියනවලු



" ඕයි ඕයි .....ඔන්න දැන් මෙතනින් ගියා BMW එහෙකුයි ferrari එහෙකුයි පිඹගෙන 200 ට විතර.....දැන් ඔය පැත්තට ඒවි.....ඒක නෙවෙයි අයිසේ වැඩේ.....ඒ දෙකට ඔන්න මෙන්න පිටිපස්සෙන් සයිකල් කාරයෙක් හිටු කියල පැදගෙන එනවා ඒ වේගෙන්ම...ඒ මදිවට ඒ යකා නවත්තන්නෙම නැතුව උගේ බෙල් එකත් ගහනව ටලන් ටලන් ගාල අර කාර් දෙක ඕටෙක් කරන්න...." 



මේක මේ මගේ කථාවක් නං නෙවේ ඕං... මටත් ඊයක් ආව එකක් මගේ යාළුවෙක්ගෙන්... එහෙමම අරන් මේකට දැම්මා ...! 

එදා ඔබ.. අද මම...



ඔයා
මහා අයිස් කන්දක්
දිය කරලා වතුර බින්දුවක් ගන්න හදත්දි
තවතවත් මිදෙන්න හදන 
මහා අයිස් කන්දක් 
මම
ඒ අයිස් දිය කරලා
වතුර ටිකක් අත් දෙකට ගන්න 
බලාගෙන හිටියා

දැන්
මුලු උණුහුමම බින්දුවක්වත් ඉතිරි නොවෙන්නම
නැති වෙලා ගිහින්..

එක පාරටම මහා වතුර කන්දරාවක්
අත්දෙකම පිරෙන්න ගලාගෙන ඇවිත්
ඒත්... 
ගලාගෙන යන වතුර වල 
සීතලවත් නොදැනෙන්නම 
මම
සීතලෙන්ම මිදිලා ගිහින්. 

බ්ලොග්වල, මූනු පොතේ ලියපු තමන්ගෙ නිර්මාණ සයිබරයෙන් එ...

Tuesday, October 25, 2011

ඉස්සර හිතට දුකක්... සතුටක්... ආවම අපි අහුවෙන කොල කෑල්ලක පොතක පිටිපස්සෙ ඔහේ කුරුටුගෑව...
මතකද...

සමහර වෙලාවට ඒව දකින්නෙ අපිම විතරයි...ඕනෙනම් ඉස්කෝලෙ .. පන්තියෙ.. අල්ලපු ඩෙස් එකේ යාලුව දකීවි...

වැඩිම උනොත් බිත්ති පුවත්පතට යාවි.....

ඒත් දවස් කීයකටද... ..

සමහර වෙලාවට  කොලකෑලිවල පොත් පිටිපස්සෙ ලියපු ඒව  ගේ අතුගාගෙන  යනකොට අපිටම ආයෙ අහුවෙලා  නැද්ද... ??

කාඩ් බෝඩ් පෙට්ටි පුරවපු පරණ පොත් බෝතල් පත්තර කාරයට දෙනකොට කාවොකාපු තමන්ම ලියපු පරණ කවියක් කකුල් දෙක මුල වැටිල නැද්ද...

පස්සෙ පස්සෙ අන්තර්ජාලෙ එක එක අඩවි වල... මූනුපොතේ තමන්ගෙ වෝල් එකේ... ගෲපයක වෝල් එකේ...
එහෙමත් නැත්නම්  බ්ලොග් එකක....

ඒවනම් ටිකක් දෙනෙක් දැක්ක...
ලයික් දෙක තුනක් වැටුනාම කමෙට් එක් වැටුනාම.. හිතට එනවා මාර ගැම්මක්...

ඔන්න ඉතිං ලියනව.. ෆේස්බුක් එකේ...  ගූගල් එකේ සවර් පිරෙන්න  කවි.. නිසදැස් ... සින්දු කෙටිකතා... අපිට හිතෙන දේවල්  ඔය හැම ජාතියම

ඒත් මූනුපොතේ වෝල් එකේ දාපු පරණ කවියක් ආයෙ හොයාගන්නෙ කොහොමද......

 අන්තර්ජාලෙ හැමෝටම සමීපත් නෑ...

ඒවගේම අන්තර්ජාලෙ කියන මාහා විසාල  මුහුදෙ අපි පුංචිම පුංචි එක වතුර බින්දුවක් විතරයි...

සයිබරයෙ හිරවුන අපේ නිර්මාණ ඊට ටිකක් එහාටත් ගෙනියමුද...
මොකද කියන්නෙ....

කැමතිනම් මෙන්න හැමෝටම අවස්තාව......  බ්ලොග් ලියන කියවන හැමෝටම....


                



ඔබේ අපේ නිර්මාණ වලටම එලිදකින පත්තරයක්...

මාසෙට කලාප දෙකක් එලියට දාන්න තමයි අදහස.....

මංගල කලාපෙ ලගදීම ....

තමන්ගෙ නමින්.. එහෙමත් නැතිනම් බ්ලොග් අඩවියේ නමින් පින්තූරයක් ඇතුව නැතුව... තමන්ට කැමති විදියකට... කැමතිනම් ඕනෙ කෙනෙක්ට පුලුවන් වියමනත් එක්ක එකතුවෙන්න...

ඔබේ අතින්ම වියූ හොඳම අකුරු සහ ලස්සනම වචන...
අපට එවන්න ඕන මෙහෙමයි..

 
අපිට ඊ මේල් කරනවානම් viyamana.art@gmail.com

  අපේ 'වියමන' face book group එකේ wall එකේ දාන්නත් පුලුවන්

   එහෙමත් නැත්නම්   'ප්‍රවිෂ්ඨ' ප්‍රකාශන, 199/ඒ, ඔරුතොට, ගම්පහ, ශ්‍රී   ලංකාව, ලිපිනයට තැපෑලෙන් එවන්නත් පුලුවන්...



                        හොඳම අකුරුවලින්
                        ලස්සනම වචනවලින්
               නිදහස් කරගන්න කාලය ඇවිත්
                       හිත පුරාවට පිරුණු
                             ආදරණීයම
                               හැ ඟී ම්. . .
                 මගේ ආදරණීය නොරිකෝ෴

        
  

හිඟන කොල්ලෙක්ගේ ආදර පැතුම්...

Monday, October 24, 2011
ජීවිතේ බබා චුට්ටක් කචල් වගේ නේද...
මං කියන්නේ නිකං පැටලිලා පැටලිලා වගේ නේද....© Jeff Adams© Jeff Adams

බලන්න....

කවදාවත් නැති විදිහට සීතලයි.
හෙට අනිද්දා ස්වීටර් අදින්නත් වෙයි...
හද්දා වැස්ස....
වැව් ඔක්කොම වානේ දානවා.
ඇල වේලි පුපුරලා යනවා.
ඇනිකට් උතුරනවා.
සොරොව් ඉබේම අරිලා පුපුරනවා.

මින්නේරියේ ගංගා
ප්‍රජා ශාලාවේ.....
අනුරාධපුරේ රන්මලී
සෙන්ට්‍රල් එකේ ශාලාවේ....
කඩුවුලු වැවේ සඟරා මිටියකුත්
ගහගෙන ගිහින්....

මේ පැත්තෙන් පොල් ගෙඩිය හැටයි
අමු මිරිස් සීයයි...
පොල්තෙල් තුන්සීයයි....
පහනක් පත්තු කරන්නවත් හිතෙන්නෙ නෑ....

ලාබ එකම දේ
අවුට් ගොඉන් කෝල් රේට්ස් විතරයි.
ඒ නිසා පනහක සීයක රීලෝඩ් එකක් දාගෙන
 අපි තකා කරනවා...

ඔයාට කොහොමද අනේ...
ඒ පැත්තෙන් අඩනවා.
හෝ ගාල අඩනවා.
ඇයි වස්තුවේ .මේ...
අයියට කතා කලා
දැයට කිරැළ බලන්න යන්න
එයාට බැහැලු....
ඔන්න කතාව..... මේ රටේ පැත්තක් යටවෙලා
මෙයාට දැයට කිරැළ.. ෂෝක්....

අනේ මන්දා මොනා කරන්නද කියලා
වෙලාවකට හිතෙනවා තනියම ඉන්නත් නේද
කසාද බැදලා කොහොම උයන් කන්නද
බඩවල් උස්සගෙන දුක් විදිනකොට
ආදරේ කොහෙන් යයිද...

අපි ටිකක් ඉම්...මු....

ඇයි....

නෑ.... ලබන අවුරැද්දේ විතර බඳිමු.
අඩුම ගානේ පොල් මිලවත්
අඩු වෙනකල් ඉවසමු.

මං ඔයාට පොල් කිරි නොදා
කෑම හදලා දෙන්නම්..

පිස්සදු...

පොල් කිරි නොදා මොන කිරි දාන්නද....

(හරියට හිනා)

ජීවිතේ අමු පල් අයියෝ....
කිසිම ගතියක් නෑ
ජීවිතේට අලුත් ගෝ එකක් ඕන
මොන ගෝද... බස් ගාස්තුත් යනවලු...
ඊට පස්සේ පැට්‍රල්....
ඊට පස්සේ කිරිපිටි....
ඒකනේ කිව්වේ බඳින්නැතිව ඉමු කියලා...
බබාල හදා ගත්තම හරි ප්‍රශ්න
උන්ව ඉස්කෝලෙ දාන්න ඊට වඩා ප්‍රශ්න
ඔයාට ඉතිංන් ජාතික පාසලකට දාගන්න ඕනි කියයි.

වැඩක් නෑ යකෝ...
එක්කෝ අපි බදාන අඩමු
නැත්නම් බදාගෙන....

ඔයාට විහිලු... ජීවිතේ ගැන
සීරියස් හිතන්න බබා....
ඔයා මොනවද මේ කරන්නේ...

ඔයා දන්නවද....

අනාරක්ෂිත ලංගික එකතුවීඹක් උනොත්
පැය තිස් හයකට ඉස්සෙල්ලා
පොසිටිනෝ දෙකක් බොන්නලු.
බබාලා හිටින්නෑලු
පවුල් සංවිධානෙන් කියන්නේ

අනේ බබා මේකත්
ජීවිතයක්ද....

මාත් කියන්නේ ඒක තමා වස්තුවේ.
මේකත් ජීවිතයක්ද....

කොහොමද බඳින්නේ කෙල්ලේ
පවුම් තිස් අටදාහක්

කමක් නෑ ඉමිටේෂන් දාන්න....

වෙලාවකට හිතෙනවා ඇස් පියාගෙන
උඩරට මැණිකේ එකට පින්න
ඒකත් මේ දවල් වල නෑ
පීල්ලට කඳු නාය ඇවිත්

අනේ හිනාවෙන්න එපා
අද ජීවිතේ ඔහොමයි.
ඒත් ඔයා ජීවත් වෙන්න හිත හදාගන්ඩ

අපිට හෙට අනිද්දා මොනවා
මොනවා හරි වෙයි සුදූ
ඒ හින්දා ඔහේ ඉමු
කොහොමත් 2012 ලෝක විනාශයලුනේ
ඊට පස්සේ අලුත් විහ්වයක අපි හුමුවෙමු

එහෙම උනොත් ඔයා මලක් වෙන්න
මම මේ මහ පොළොව වෙන්නම්
පරවෙච්ච චාකට කඩාගෙන වැටෙන්න
බායි.....

මං හිඟන්න....

අනේ ආදරය කොච්චර ලස්සනද?


Image Detail
  • ආදරය යනු දෙදෙනෙකු විසින් කරන දෙදෙනාටම ජය අත්වන ක්‍රීඩාවක්... ඒ නිසා කවමදාකවත් ඔබේ පෙම්වතා පෙම්වතියව පරාජය කර වීරයෙක් වන්නට යන්න එපා...
  • ආදරය යනු පරිත්‍යාගයයි.  අනෙකා වෙනුවෙන් කරන කැපකිරීමයි. අනෙකා වෙනුවෙන් ජීවත් වීමයි.
  • දෙවියන්ට හැමවිටකදීම මිනිස්සුන්ට කතා කරන්න නොහැකි නිසා දෙවියන් ආදරය මැව්වේය. ආදරය ඇති හැම තැනකම දෙවියන් වැඩ සිටිනා බව මතක තබා ගන්න
  • හැම කෙනෙකුගේම හදවතේ දෙවියෙකුත් යක්ෂයෙකුත් ඉදියි. යක්ෂයා රජවූ විට කෙනෙක් වෛර කරයි. ඊර්ෂ්‍යා කරයි. දෙවියා රජ වූ විට ආදරය කරයි.
  • ආදරය යනු ලබන දෙයක් නොවේ. දෙන දෙයකි. පූජා කරන දෙයක්. ඒ නිසා ආදරය ලැබීමට පෙර දන් දෙන්න
  • ආදරය ජීවිතයේ අමාරැම දුෂ්කරම මොහොතෙදීත් ජීවත් වීමට උපකාර කරනවා. ජීවත් වෙන්න ධෛරයත් දෙනවා
  • හදවතක නිර්මලත්වය කැඩපතක් වගේ. නිසල දිය විලක් වගේ. ඉන් හැම විටම පේන්නේ ආදරයේ ප්‍රතිමූර්තියයි.
  • ජීවිතයේ ලස්සන බලන්නට ඔබ කැමතිද? එසේනම් වරක් ආදරය කර බලන්න. ජීවිතයේ කැත බලන්නට ඔබට අවශ්‍යද? එසේනම් එක් අයෙකුට වෛර කරන බලන්න.
  • දෙදෙනෙක් ආදරය කරද්දී ඒ දෙදෙනා අතර කාන්දම් බලයක් හට ගනී. ඒ බලයන්ට දෙවියන් පවා ආකර්ෂණය වේ.
  • ආදරයේදී සාධාරණ වන්න. ඒ වෙනුවෙන් ඔබට දිය හැකි දේ මිස ඉන් සූරා ගත හැකි දේ ගැන නොසිතන්න. ආදරයට ආදරය දෙන තරමට ආදරයම ලැබෙන බව සිහිතබා ගන්න
  • ආදරය උදෑසණ වැටෙන පිණි බිඳක් මෙන් පිරිසිදුය. එය රාගයෙන් අපිරිසිදු නොකරන්න. ඔබේ ආදරයේ මිහිරිහ මොහොතේදී ඔබේ ශරීරයට උණුසුමක් දැනේවි. එය රාගය නොවේ. ආදරයේ පරම නිර්මල ශෘන්ගාරයයි. එය විදින්න
  • ඔබ ලෝකයේ ලස්සනම දේ බලන්නට කැමතිද? ඔබේ ලෝකයේ පිවිතුරැ දේ ඇත්තේ ඔබට ආදරය කරන ඒ දෑස් වලයි. 
  • ඔබටත් වඩා ඔබ ගැන හිතන කෙනෙක් ඇත්නම් ඒ ඔබ ආදරය කරන කෙනාය. ඒ ආත්මය වෙනුවෙන් ජීවත් වෙන්න. ඔබ කවදාවත් තනි නොවනු ඇත.
  • කරදරයක්, දුකක්, විපතක් එන සෑම මොහොතකම ආදරය ගැන සිතමින් ජීවත් වන්න. සැබෑ ආදරයකට පුදුමාකාර බලයක් ඇත. ඒ ගුප්ත බලය හදවතින් විදගන්න.
  • කෙනෙක් උතුම් වෙන්නේ ආදරය ලැබීමෙන් නෙවේ. ආදරය කිරීමෙන්. ආදරය කිරීමෙන් කෙනෙකුට පිරිසිදු විය හැක. උතුම් කෙනෙකු විය හැක. 
  • ආදරයේදී වැදගත් වන්නේ රසබර චොකලට්වත්, රතු රෝසවත්, වටිනා රත්තරන්වත් නොවේ. පිරිසිදු හදවතයි. එය පිරිසිදුවම තිළිණ කරන්න. ඔබට ලෝකයම ලැබේවි.
  • කෙනෙකුට මරණයේදීත් ජීවත් විය හැක්කේ ආදරය නිසාය. එසේම කෙනෙක් ජීවත් වෙද්දීත් මැරෙන්නේත් ආදරය නිසාය. ආදරය නිසා කෙනෙකුගේ හදවතේ ඇතිවන මරණීය තුවලා සුවපත් කල හැක්කේද ආදරයටමයි. පුදුම ඒකය.
  • ඔබට දෙවියන් පෙනෙනවාද? එසේ නොසිතන්න. ඔබ හොඳින් සැබෑ ලෙසම ආදරය කරද්දී ඔබට දෙවියන් පෙනීම කෙසේ වෙතත් දෙවියන්ට ඔබව පෙනෙනු ඇත

පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

කල්පයක් පෙරු පිරුම් මොහොතකින් සිඳ බින්දු
කල්පයක් රැකි කිරට මුහු වෙච්ච ගොම බින්දු
ආත්මය පාරවන නුඹේ දුක රැඳි සින්දු
මට පුදුම නුඹෙ දිරිය, දැවෙන හදවත රැන්දු

දරුවාගෙ' නාමයෙන් මා පියන් අතැර නුඹ
විඳවනා දුක් ගැහැට, මලක් සේ හැදුණු නුඹ
කිසිවකට හිමි සමඟ අමනාප නොවී නුඹ
පතිවතම රකින රන් හෙළ කතකි නඟේ නුඹ

හිමිගෙ' ගෙරැවුම් පවා ගීයක් ව ඇසේවා
අග හිඟය නිමා වී සිත සතුට මැවේවා
හෙලන හැම ඩා බිඳම සුවයක්ම ගෙනේවා
පුතු තුළින් වත් නුඹට සහනයක් ලැබේවා...!

පි‍ටු පෙරලපු ගාන