මේඛලා

Monday, July 25, 2011
සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ"

" මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්"

"මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව"

චටාස්......

" තමුසෙගේ කට කඩනවා මම මේඛලාට ආයේ ඔහොම කතා කලොත් එකි මගේ හැමදාටම මගේ දැනගන්නවා හැමෝටම පේන්න මම මේඛලාව මනමාලියෙක් කරලා අපේ ගෙදරට ගේනවා තමුසෙගෙ නෑනා කරනවා , දැන් යනවා මෙතනින් මගෙන් ගුටි නොකා"

"ඉන්නවා මම අම්මාට කියන්න ඔයා මට ගැහුවා කියලා කොහෙවත් යන ගෑණියෙක් නිසා අම්මා............ මේ අයියා මට ගැහුවා"

"ඉතින් යනවා ගිහින් කියනවා ඔකොම එකයි කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ"

මම දෑතින්ම හිස බදාගෙන ඉකි ගෑසුවේය. මට මේ මොකක්ද උනේ අනේ රත්තරං මේ සේරම ඔයාට බනිනවා ඔයා වැරදි නෑනේද මගේ කෙල්ලේ කියන්න

"මොනාද ලොකු පුතේ මේ වෙලා තියෙන්නේ ඇයි මේ අහිංසක කෙල්ලව මරන් කන්න හදන්නේ "



" නෑ අම්මේ මේකි, මේකි  මගේ මේඛලාට බැන්නා මම මේකිව මරනවා මගේ කෙල්ලට ආයෙම එහෙම කතා කලොත්"

ඇත්ත තේරුම් ගන්න පුතේ මේඛලා ඔයාව දාලා ගියා එයා ගියා දැන් ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න මයේ රත්තරනේ"

"මේඛලා මාව දාලා ගියා ඇයි එයා මට එහෙම කලේ මේඛලා...................................."
 
 
 

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Unknown said...

හ්ම්ම්ම් හ්ම්ම්ම්...

රතු මුහුද said...

ඇයි එයා ඔයාට කියන්නේ නැතුව ගියේ....(පැනල)

Gayan Rupasinghe said...

මේඛලා, නම ලස්සනයි. ඒ වගේම ඒ හිතත් ලස්සන උනානම්....

පිස්සු පුසා said...

ලස්සනයි

Post a Comment

පි‍ටු පෙරලපු ගාන