දීගය නොවී නම්..,,

Wednesday, October 24, 2012
දවසක් දෙකක් දුටු නුඹ මගෙ හදට පැන
කළ හදි සිහි කළෙමි සතුටද දුක ද ගැන
පසුපස ගියෙමි ලුහුබැඳ නුඹ නොතැන තැන
අවසන මෙමට නතුවිය නුඹෙ සියළු අණ

දෙගුරුන් සතුට මැද පිවිසුණු මැදුර තුළ
වසරක් දෙකක් ගෙවුවා මැද සිනහ විල
අග හිඟ කම් අපට අණ විණ කරන කල
නුඹ පිට වුණා ගම රට හැර දුකිනි දළ

සෙනෙහස පිරුණු පවුලක් දුටු කලෙක මිත
මුමුණන දෙයකි නිතරම මගෙ සැලෙන සිත
සතුටක් කොහිද නුඹ නැති මේ දෙරණ මත
දීගය නොවී නම් අප අද එකට ඇත

පි‍ටු පෙරලපු ගාන