දෙවැනි රාජසිංහ රස කතා

Tuesday, June 28, 2011
රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා කියන්නෙ ලියනවනම් මේ ‍බ්ලොග් එකම පිරෙන්න ලියන්න තරම් රස කතා ගොඩක කතා නායකයෙක්.විශේෂයෙන්ම කියන්න ඕනෙ මට මුලින්ම මේ ‍බ්ලොග් එකේ රාජසිංහ රජතුමා ගැන ලියන්න හේතුව තුන්පත් රටා බ්ලොග් එකේ තිබිල මේ ලගදි කියවපු මෙන්න මේ ලිපි

රාසිං දෙවියන් එහෙමත් නැත්නම් දෙවන රාජසිංහ රජතුමා බොහොම දක්‍ෂයි හිටිවන කවි කියන්න.රජතුමා වටා ගෙතුනු කවි වගේම ඒවයේ පසුබිම් කතාත් බොහොම රසවත්.සාමාන්‍ය ඇදුමින් සැරසී රට වටා සැරිසරපු එක රාජසිංහ රජතුමාගෙ සිරිතක්. දවසක් ඔය විදිහට රහසින් යද්දි පැල් රකිමින් සිටි ලස්සන තරුණියක් දැකල  පොඩි හිතක් පහල වුණු රාජසිංහ රජ්ජුරුවෝ මේ තරුණියට  නොපෙනෙන්නට සැගවීලා  හිටිවන කවියක් කිව්වලු.

දිලිසෙන සිසි නමල් මුවනෙක පෑ      සොබන
සොබන දෙපියයුරු වසමින් සළු            පටින
පටින් සමන් වරලස බැඳ බැඳ                යටින
සිටින මෙනුඹ කාරණා කිම ලඳ             ඔතන

මේක අහගෙ හිටපු අර තරුණිය දැක්කෙවත් නැති රජතුමාට ඇහෙන්න පිළිතුරු කවියක් කිව්වලු මෙන්න මෙහෙම. මේකනම් ගොඩක් අය අහල ඇති.

ලස්සන හිමවතේ මා වී                පැසෙන්නේ
දුක්දෙන අලි ඇතුන් පන්නා              දමන්නේ
රැක්මෙන දෙවියන්නේ වෙල බත්      බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල්              රකින්නේ

මේක අහපු රාජසිංහ රජතුමා සතුටට පත් වෙලා හැංගිලා හිටි තැනින් එලියට ඇවිත්.මේ හැංගිලා කවි කිව්වෙ රාජසිංහ රජ්ජුරැවන් බව දැක්ක මේ තරුණිය බයවෙලා පැලත් දාල දුවන්න ගත්තලු. රජතුමත් පරාදවෙන්න කැමති නැති නිසා තව කවියක් කිව්වලු.

විකලා මරණ සිහ රජෙකුත් නොවී           නම්
විදලා මරණ වැදි රජෙකුත් නොවී            නම්
ඇනලා මරණ කුළු මීමකු නොවී              නම්
දුවලා වෙහෙස නොගනින් ලඳ බියේ       නම්


රජතුමාට බයවෙලා පැනල දුවපු මේ තරුණිය දුවන එක නතර කරල රජතුමාට මෙහෙම කිව්වලු.

රෑන පිට රෑන තුඩ රෑන ගීය               න්
අල්ලා අතට දුන්නත් අතට ඊය         න්
බළලුන් දුටුවාම බිය නැද්ද මීය        න්
දුටුවාම බිය නැද්ද රාසිං දෙවිය        න්

රජතුමා පස්සෙ දවසක මේ තරුණිය හොයාගෙන හිටිවන කවි කීමෙ දක්ෂතාවයට සම්මාන වශයෙන් දෙවියන්ගේ වෙල නින්දගම් කරල ඇයට පැවරුවයි කියලයි පත පොතේ සඳහන් වෙන්නෙ.


රාජසිංහ රජතුමා ගැන තව කතා තියෙනව.ඒව ඊලග පෝස්ට් එකෙන්.පිංතුරය wikipedia. comment එකක් දාල යන්න අමතක කරන්නත් එපා.

♥ මගේ ආදරේ - 01♥


" අහන් ඉන්න...... අහගෙන ඉන්න ...... මගේ හිත මොනවද..... මුමුනනවා...."

"හෙලෝ මේ ඈංගල් කානුද?"


"ඔව් කවුද මේ"


"අඳුර ගන්න බැරිද කවුද කියලා"


"ම්හු බෑ කවුද කියන්නකෝ"


"මම මේ පිස්සු කෝච්චියක් දැන් අඳුරනවාද? "


"ඔව් ඔව් අඳුරන්න පුලුවන් මොකෝ කතා කලේ "


"ටිකට් පොත් 2ක්නම් දෙන්න නෑ එක ටිකට් පොතක් දෙන්නම් *** අයියා ගාව තියෙන්නේ එක ටිකට් පොත් 2මයි කිව්වා අනිත් එක මට ඕනි"


"හා කමක් නෑ එහෙනම් ඒක දෙන්නකො"


" හරි එහෙනම් මම හෙට හවසට ගෙනත් දෙන්නම්"


" තෑන්ක්ස් එහෙනම් මම තියන්නම් බායි "


" බායි "



මීට මාස එකහමාරකට කලින් මේ ආව කෝල් එක නිසා මගේ ජීවිතේ මෙච්චර වෙනස් වෙයි කියලා මම හිතුවේ නෑ. ........



ම්ම්ම්ම්ම්ම්ම්ම් මාව සම්පූර්නෙන්ම වෙනස් කරපු ඔයාට මම හැමදාම ආදරෙයි මගේ පිස්සු කෝච්චියේ........

මෙලෝ රහක් නෑ 3 එක නැට්ටෙ ලබු



                                තද කරල උඩ ඇන්දෙ දාගෙන
                                පැද්දි පැද්දී තියෙන ලස්සන
                                හැට්ටෙ අස්සේ වගේ රුවාගෙන
                                එක නැට්ටෙ ලබු මයි මතක් උන

                                පාරෙ යන උන් කෙල පෙරාගෙන
                                පොටෝ අරගති කට අයාගෙන
                                ගෙදර ගෙනගොස් දත විකාගෙන
                                සුද්ද කරවති පන දමාගෙන

පි‍ටු පෙරලපු ගාන