පොඩි ජෝක්ස් එකක් :)

Sunday, October 2, 2011

 මේ ලඟදි දවසක අහපු විහිලු කතාවක්..අනන්ත අප්‍රමාන විහිලු කතා අහලා තිබුනත් මේ කතාව අහලා තිබුනේ නෑ..මං වගේ අහල නැති අයත් එක්ක කතාව බෙදා ගන්න හිතුනා..
මේකත් අර හැමෝම අහල තියන සනීපනෑඩෝ වගේ එකක් තමයි..
ඔන්න කතාව..
දවසක් මිනිහෙක් පිහි ඇනුමකින් තුවාල වෙලා ඉස්පිරිතාලේට ආවලු වෛද්‍ය වරයෙක් හොයාගෙන..

ඩොකා : තමුන්ගේ නම කියන්න බලන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන
ඩොකා : හරි හරි..අපි එයා ගැන පස්සේ බලමු..දැන් නම කියල ඉන්න බෙහෙත් කරන්න!
ලෙඩා  : ඇන්නේ පියසේන සර්
ඩොකා : අයිසේ..තමුසෙගේ නම කියල ඉන්නවකො ඇනපු උන් ගැන කියන්න කලින්..
ලෙඩා  : නම තමයි සර් ඇන්නේ පියසේන..
 බැලින්නම් මිනිහගෙ නම N.A පියසේන...ඇන්.ඇම්.පෙරේරා වගේ ඒ නම් සිංහලෙන් ශබ්ද වෙන්නේ ඒ විදිහට නේ! මේ වගේ තව කතා දෙක තුනක් කොමෙන්ට් විදිහට එක් එක්කෙනා මගේ බ්ලොග් එකේ දාල තිබ්බා..ආසනම් ඇවිත් කියවන්න

වන මැද . . .



තටු නොමේරුව
පැටවෙකි
දෙමාපිය රැකවරන
හොර හොරෙන්
මතක අතහරින
තැතදරන ඉගිලෙන්න
කිරිල්ලකට
මිතුරුව . . .

කටුව බිඳගෙන
ලොවට බට සැනෙකින්ම
හිත ඇදුන මුත්
තහනම්ය තවම
මෙ වන මැද
අතු අතර
රමනය
නුඹට . . .

ඇබින්දක්
ඉවසාපන් පැටව
කබරියකට
හසුවන්න මත්තෙන්
තලුමරා රසකර ගිලින
උණුසුම්ව තටු
දිගැරෙන තුරුවත්
මේ විසල් වන මැද
ඇත පිරිතිරී
බෝම වුණු විපරීත
මගහැර ඉගිලෙන්න . . .

පි‍ටු පෙරලපු ගාන