නොදුටු තනිකම..

Monday, September 17, 2012

උණුසුම් හිත පිනමින් නිති
හසරැල් මුව මවමින් යති
දහසක් හිතමිතුරන් වෙති
හදවත් විළ රස ගන්වති

දහමත් හිත පණගන්වති
දැහැමින් සෙනෙහස නංවති
යහමින් හස එහි කැන්දති
හැම සිත් කුසලෙහි බන්දති

පත පොත ගුරු උතුමන් වෙති
යහපත නිසි මඟ පෙන්වති
නවමං තුළ පියනංවති
සැනසුම් මැද දිරි ගන්වති

කවදාවත් දැනුණේ නැති
දැනුණත් කවුරුත් දැන්නැති
දැන ගත්තත් පළකුත් නැති
තනිකම මට වදයක් නැති



පි‍ටු පෙරලපු ගාන