සිත් ගත් ගීතයක්!

Thursday, September 22, 2011
හිතින් මා නොසැලී හිදිද්දී
කඳුල නුබ ඇවිඳින්
නිවා දැමු ඒ නෙතේ පීඩා
නොබිදිනූ මැනවී....

තනිව මා හඩනා වෙලාවේ
සැලි සැලී සීතේ...
වැටුනු මහ වරැසා මතක් වේ
නුබ රැඳී දෑසේ....
හිතින් මා නොසැලී//.....

තවම මා නොදුටූ සිනා කැන්
හමු නොවූ යාමේ...
කඳුල මට කරැණා කරන්නැයි
අයදිමී නිබදේ...
හිතින් මා නොසැලී//......



ළමා විය!



අහිංසක ළමා විය!
කිමද නුඹ අසරණව
යදින්නේ ඇසුර මා
සමා වනු මැනවි මට
පමා විය නොහැක තව
සමු ගැනිය යුතුය දැන්

දයාබර ළමා විය !
කිමද නුඹ බලන්නේ
කඳුලු පිරි දෙනුවනින්
මා වෙන්ව ගියත් දැන්
වඩිනු ඇත නුඹෙ ලොවට
තවත් අය නිසැකවම

දඟකාර ළමා විය !
කිමද අඬගසන්නේ
කෙලි දෙලෙන් සිටින්නට
තවත් ඉඩ නොමැත මට
සමු අරන් යමි ඉතින්
උරුම වැඩිහිටි ලොවට

සෙනෙහෙබර ළමා විය !
අවoක වූ නුඹෙ සෙනෙහෙ
එපා මට තව තවත්
උනුන් පරයා නැගෙන
අනාගත මගෙ ලොවෙහි
කිරුළු පැළඳිය යුතුය
එයයි මගෙ ඉලක්කය
 පරාජිත ළමා විය !

වැඩිපුරම භාගත කරගෙන ඇති Wordpress Plugins 20

මේ වන විට අන්තර්ජාලය තුළ තිබෙන ජනප්‍රියම Blogging Platform එක තමයි වර්ඩ්ප්‍රෙස්. මේ වෙනකොට self hosted wordpress අඩවි මිලියන 50කට අධික ප්‍රමාණයක් තිබෙනවාලු.
ඉතින් මේ කතාකරන්න යන්නෙ මේ මිලියන 50ට යන අතරෙ, ඒ භාවිතා කරන්නන් වැඩිපුරම භාගත කරගෙන තිබෙන ප්ලගින 20 ගැනයි.

ස්වයංක්‍රීයවම ඔබගේ බ්ලොග් අඩවිය හා ලිපි SEO කරන ප්ලගිනයක් තමයි මේක. ඒ ඒ ලිපි වලට වෙන වෙනමම ටැග් දාන්න, සෙවුම් යන්ත්‍ර වලට හොයාගන්න ලේසි වෙන්න විවිධ දේ කරන්න මේ හරහා පුළුවන්. තවත් මේ වගේ ඒව තියෙනව, නමුත් මේක තමා මම දැකල තිබෙන හොඳම එක. ටිකක් සංකීර්ණයි, වැඩ කෑලි ගොඩායි.
Downloads 8,208,465

ඔබගේ අඩවියට එන කමෙන්ට්ස්, ස්පෑම් සඳහා පරික්ෂා කරන එක තමයි මේකෙන් කරන්නෙ. මේක ඉතාම ප්‍රයෝජනවත් ස්පෑම් වලින් වැළකීම සඳහා. මම නම් මේක අනිවා දාගන්නව මොනව නැතත්.
Downloads 7,010,496

ගූගල් සෙවුම් යන්ත්‍රයට ඔබගේ අඩවිය පහසුවෙන් index කිරීම සඳහා සයිට් මැප් එකක් සකසා දීම මෙම ප්ලගිනය මගින් කරනවා. ගූගල් සර්ච් වල ඔයාගෙ බ්ලොග් එක හොඳට ලිස්ට් වෙන්න නම් මේක අනිවා දාගන්න.
Downloads 5,386,430

මේක තවත් කන්ටැක්ට් ෆෝම් එකක් විතරයි, නමුත් ගොඩාක් භාවිතය පහසු, සරළ නමුත් ඉතාම හොඳ එකක්.
Downloads 4,203,678

ගොඩාක් ඔප්ෂන් තියෙන image gallery plugin එකක්. 
Downloads 3,494,547

ඔයාගෙ සර්වර් එකට ලෝඩ් එකක් නැතිව ඔයාගෙ අඩවියෙ stats බලාගන්න පුළුවන් ප්ලගින් එකක්. මේකෙන් කරන්නෙ wordpress.com වල stats හරහා සම්බන්ධ වෙන එකයි.
Downloads 2,589,702

මේකෙන් කරන්නෙ ඔයාගෙ අඩවියෙ තිබෙන දේවල් වල static html ෆයිල් හදන එක. ඒකෙන් අඩවිය client side එකෙන් ලෝඩ් වෙන එක ඉතාම වේගවත් වෙනව. (සයිට් එකේ ස්ටැටික් කොටස් ඔක්කොම කෑශ් කරගන්නව පරිගණකයට). හැබැයි මගෙ බ්ලොග් එකක නම් මට මේක කරදරයක් වෙලා අයින් කළා. මොකද අඩවිය ස්ටැටික් කොටස් කෑෂ් කර ගත්තම, අපී ඒකෙ වෙනසක් කලත් බොහෝ වෙලාවට ඒක අඩවියට එන්නන්ට පේන්නෙ නැතුව යනව, ඔවුන්ට පේන්නෙ අර කෑෂ් වෙලා තියෙන එක තමයි. ඒ කියන්නෙ පරන එක. :(
Downloads 2,391,929

ඔයාගෙ බ්ලොග් එක ජංගම දුරකථන වලින් පහසුවෙන් බලන්න පුළුවන් කරන ප්ලගිනයක් තමා මේක. මේකෙන් බ්ලොග් එක iPhone App එකක් වගේ කරනව. :)
Downloads 2,228,517

මෙක මොකද්ද කියල නම් කාටවත් කියන්න ඕනෙ නෑනෙ. ගූගල් මගින් ලබාදෙන වෙබ් සයිට් ඇනෑලිටික්ස් සේවාව තමා මේක. සාමාන්‍යයෙන් අපි කරන්නෙ ඒකෙන් දෙන කෝඩ් එක අපේ පිටුවකට එකතු කරන එකනෙ. නමුත් මේකෙන් කෙලින්ම ප්ලගිනය හරහා ඔබට ඒ වැඩ ටික කරගන්න පුළුවන්.
Downloads 2,037,340

මේක ඇවිල්ල සෝශල් ශෙයාරිං ප්ලගිනයක්. ඔබගේ ලිපි, ප්‍රසිද්ධ සමාජ ජාල වෙබ් අඩවි වලට ශෙයා කරන්න පුළුවන් මේක හරහා. නමුත් මම නම් මේකට වඩා කැමතියි Sexy Bookmarks කියන ශෙයාරිං ප්ලගිනයට.
Downloads 1,850,470

සමහරක් බ්ලොග් අඩවි වල පහලින් පිටුවෙන් පිටුව යන්න ඉලක්කම් එක්ක තීරුවක් තිබෙනවා ඔබ දැකල ඇති. අන්න ඒක දාගන්නෙ මේකෙන් තමා. මේක අඩවියේ ලිපි අතර යනකොට හරිම පහසුවක් ලැබෙනවා.
Downloads 1,713,578

මේකත් contact form එකක් තමා. අපිට ඕනෙ විදිහට වෙනස් කරගන්න පුළුවන්. කරදරකාර ටෙම්ප්ලේට් නෑ. ස්පෑම් ඇටෑක් එන්නෙත් නෑ. contact forms ප්ලගින වලින් මේක හා Dragon Design Form Mailer තමයි මම කැමතිම contact forms ප්ලගින.
Downloads 1,586,123

ඉස්සෙල්ල එකම වගේ එකක්. ගූගල් ඇනැලිටික්ස් වලට ඕනෙ කරන ජාවාස්ක්‍රිප්ට් එක පිටු වලට දාල දෙනවත් එක්කම මේකෙ තිබෙනව ඇනැලිටික්ස් වල විස්තර අඩවියේ මුල් පිටුවට එකතු කරන්න පුළුවන් විජට්ටුවකුත්.
Downloads 1,433,450

ගූගල් එකෙන් දෙන භාෂා පරිවර්තකය අඩවියට එකතු කරන්න පුළුවන් මේකෙන්. ඔයාගෙ අඩවියේ තියෙන අන්තර්ගතය ක්ලික් දෙකකින් භාෂා 58කින් ඕනෙම එකකට කියවන්නාට පරිවර්තනය කරන්න පුළුවන් මේකෙන්. (සිංහල නම් ගූගල් තාම දන්නෙ නැතිලු.)
Downloads 1,215,595

මේක ඇවිල්ල e-commerce වලට තිබෙන හොඳ Web 2.0 වර්ඩ්ප්‍රෙස් ප්ලගිනයක්. ඔබේ අඩවියේ තිබෙන දේවල් විකුණන්න පුළුවන්, ෂොපිං කාට් එකක් දාගන්න පුළුවන් ප්ලගිනයක් තමා මේක.
Downloads 1,208,872

මේ ප්ලගිනය හරහා ඔබට පුළුවන්, ස්වයංක්‍රීයවම ඔබ ලිපියක් දැම්ම ගමන්ම ඔබ එකතු කරල තිබෙන social bookmarking අඩවි වලට ඒ ලිපිය එකතු කරන්න.
Downloads 1,155,054

social sharing වලට මම නම් කැමතිම ප්ලගිනය තමා මේක. මේක හරහා social sharing buttons සෙට් එකක් ඔයාගෙ ලිපි වලට එකතු කරගන්න පුළුවන්. ලස්සන පෙනුමකුත් තිබෙනව මේකට.
Downloads 1,089,436

ඔබ ලිව්ව ලිපියට relate වෙන ලිපි වල ලැයිස්තුවක් ඒ ලිපිය යටින් පෙන්වන එක තමයි මේකෙන් කරන්නෙ. tags, categories වලින් තමයි මේ ලිපි තේරිම සිදු කරන්නෙ.
Downloads 1,067,965

වර්ඩ්ප්‍රෙස් export file එකකින්, ලිපි, පිටු, අදහස්, ප්‍රවර්ග, තව ගොඩාක් දේවල් මේ ප්ලගිනය මගින් අලුත් වර්ඩ්ප්‍රෙස් බ්ලොග් එකට import කරගන්න මේක හරහා පුළුවන්.
Downloads 1,050,154

ඉතා පහසුවෙන්, ඔබගේ වර්ඩ්ප්‍රෙස් ඩේටාබේස් එක බැකප් කරගන්න මේකෙන් පුළුවන්.
Downloads 1,044,319

ඉතින් ඔබ මොකද හිතන්නෙ? මේ අඩවියත්, එකක් ඇරුනම මගෙ බ්ලොග් අඩවිත් තිබෙන්නෙ බ්ලොග්ස්පොට් වල තමයි. නමුත් මේක ප්‍රයෝජනවත් වෙන ගොඩක් අය මේ සිංහල බ්ලොගෝලයේ ඉන්නවා. ඉතින් ඔවුන්ට ප්‍රයෝජනවත් වේවි කියල හිතනවා.
අනිත් එක ඔයාලත් වර්ඩ්ප්‍රෙස් වලට මාරු වෙන්න හිතන් ඉන්නව නම් ඒක ඉතාම හොඳයි. නමුත් හොස්ට් කරන්න තැනක් ඕනෙ කරනව. ෆ්‍රී හොස්ටිං එකක කරන්න පුළුවන් පහසුවෙන්ම, ටෙස්ට් කරන්න, පරික්ෂා කරන්න, පුරුදු වෙන්න නම්. (භාවිතයට උනත් නරකම නෑ.) ඔයාලගෙ ඩොමේන් එකකම අඩවිය දාගන්න පුළුවන්නෙ. ඩොමේන් එකක් නැත්තම් ඩොට්.ටීකේ වලින් ෆ්‍රී ඩොමේන් එකක් ගන්න. හොස්ට් එකක් නැත්තම් බයිට්හොස්ට් එකෙන් ෆ්‍රී හොස්ටිං ගන්න. (මම භාවිතා කරන, මට හොඳයි කියල හිතෙන හොඳම ෆ්‍රී හොස්ටිං එක.)
වර්ඩ්ප්‍රෙස් වලින් බ්ලොග් එකක් හදන්නෙ කොහොමද කියල නම් ගොඩාක් අය කතා කරල තිබෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ කියල මම හිතනවා.


පි‍ටු පෙරලපු ගාන