මට නම් නැහැ තේරෙන්නේ

Tuesday, August 9, 2011
දස මාසෙ කුසෙ දරා
ලේ කිරිකර පෙවු නිසා
මව් සෙනහස මතු බුදු වේ
පොතේ ලියා තිබු නිසා
දොහොත් මුදුන් තබා සොදින්
ඇගෙ පා යුග අත ගසලා
අපෙ අම්මට මා වැන්දේ
මතු බුදු වන්නට පතලා.

මටම දාව දරුවන් දි..
ලේ කිරි කර ඇය පොවද්දි.
බුදු පොතේ ලියා තිබු කවියයි
මට මතක් උනේ....

කල්පයටම එක් කෙනයිලු
මෙ ලොකේ බුදුවන්නෙ.
මොන අම්මද බුදුවන්නේ
මට නම් නැහැ තේරෙන්නේ

පි‍ටු පෙරලපු ගාන