විශ්වාසය...

Monday, September 5, 2011

මට විශ්වාසයි
මාව,
ඔයාට විශ්වාසයි වගේ
ඔයාව,
මට විශ්වාස නෑ
ඔයාව,
ඔයාට විශ්වාස නෑ වගේ
මාව...,
ඉතිං
නිදහසට කරුණුවලට
තියෙනවද ඉඩක්....?

අපේ කාලයේ ආදරය

මව්බිමට නිදහස් මිනිසුන් ඕනෑ වී තිබේ.

 මේ මොහොතේ අපේ මව්බිමට, මානසික වහල් බවින් මිදුනු නිදහස් මිනිසුන් ඇවැසි වී ඇත. සියතින් ගෙල සිඳ ගනිමින් සිටින ජාතියකට නිවැරදි මග කියා දීමට හැකියවුන් ඉදිරියට ආයුතු අවධියක් නැවත පැමින ඇත. වඩාත් භයානක වන්නේ නරක මිනිසුන්ගේ ක්‍රියා නොව හොඳ මිනිසුන්ගෙ නිහඬතාවය බව දිනෙන් දින පසක් වෙමින් තිබේ. මෑත ඉතිහාසයේ අප රට ඉතා අඳුරු පරිච්ඡේද පසු කලද මෙතරම්ම ගර්හිත කල සමාජයක් තවත් තිබුනේ නැත. 89යේ භීෂනයේ කූඨප්ප්‍රාත්තියේ මහ සංහාරයෙන් පසුව තිබුනු බියෙන්,සැකයෙන් හා අවිනිශ්චිත බවින් පිරුනු ලාංකීය සමාජය තුල පවා අද තරම් නිහඬ බවක් නොවීය. වැරැද්ද නිවැරැද්ද දැකීමත් එය එලිපිට කියා පෑමත් ඉතා පහසුවෙන් මරනය කැඳවාගත හැකි කාලයේ පවා නොමැතිවූ නිහඬතාවයක්,අන්ඳභාවයක් අද මේ සමාජය වෙලාගෙන ඇත්තේ අපේ මවුබිම කාලකන්නිබවේ පතුලටම ගිලෙන්නට නියත විවරන ලබා ඇති නිසාවත්ද?
ප්‍රජාතන්ත්‍රවාදය විහිලුවක් වූ රටක, නීතිය බල්ලට ගිය රටක,පලිගැනීම රටේ දේශපාලන න්‍යාය පත්‍රයේ ඉහලින්ම ඇති රටක,වංචාව දුෂනය ආයතනගත කල රටක,පිස්සන් කුඩ්ඩන් හොරුන් මංකොල්ලකාරයින් මැති ඇමතිකම් කරන රටක මේ නිවට නිහඬ බව නියාලු දරා ගැනීම නොහොත් අනියම් එකඟතාවය කෙසේ විග්‍රහ කර ගනිමුද?
එදා මරනය ඉදිරියේ හිස නොනැමූවන් අද වරධාන ඉදිරියේ හිස පහත හෙලා ඉන්නේ කුමන කරුමයකටද? කොන්ඳ කෙලින් තියාගෙන පෑන මෙහෙයවූ පත්තරකාරයන්, නිවැරදි සමාජ දැක්මක් වෙනුවෙන් කව් ගී ලියූවන්, කියූවන්, සිනමා/නාට්‍යකරුවන්, සමාජ ප්‍රගමනයන්ට දර්ශනයක් දුන් ඇදුරන්,මහඇදුරන් අද පිටකොඳු බිඳගත් ඔල මොල නිවටුන් වී ඇත්තේ මන්ඳ?
මෙය වයසත් සමග සිදුවන පුද්ගල රූපාන්තරනයකට ලඝුකොට හැකිද? මියගියවුන් හා වයසත් සමග අවරට ගියවුන්ගේ රික්තය පුරවන්නට අංකුර බිහිනොවන්නේ මන්ඳ? අපේ රටේ හා ජනයාගේ කරුමයද? නැතහොත් දශක තුනක් තිස්සේ අප රට ගමන් ගන්නා දේශපාලන සමාජාර්ථික ගොහොරුවේ තාර්කික ප්රතිපලයක්ද?
ආත්මාර්ථය දහම කරගත් ලෝකය සිය කුටුම්බයේ ප්රමානයට කුඩාකරගත්,පොදු සමාජය, රට, අනාගත පරපුර ගැන හැඟිමක් තැකීමක් නැති මිනිසුන්ගෙන් පිරුනු සමාජයක්...... සියල්ල මුදලට යට කල සමාජයක්...... අතීතයේ සිට අප ජාතියක් ලෙස පවත්වාගෙන සාමූහිකත්වය,සහජීවනය,එකිනෙකා වෙත වූ පොදු වගකීම ඇතුලු ශුද්ධවූ සියල්ල  විනාශ කරගත් සමාජයක්............... ලෝකය විශ්ව ගම්මානයක් බව දේශනා කරමින් සිය ප්රාග්ධනය ලොව පුරා පතුරවමින් සිටින දැවැන්ත සමාගම් කිහිපයක් විසින් හසුරවන ඊනියා ලිබරල් ආර්ථික දේශපාලන න්යායපත්රය හරහා පරිධියේ කුඩා රටක් වන ශ්රී ලංකාවේ නිර්මානය කර ඇති විපරීත සමාජය එයය.  
තනිකරම මී පොරයක් වී ඇති ප්රාතමික හා ද්වීතීයක අධ්යාපනයද,ගිරා පෝතකයන් බිහිකරන විශ්ව විද්යාල පද්ධතියද,රියැලිටි ෂෝ එකක් වී ඇති රටේ තාරුණ්යද මේ අසංවේදී සමාජයේ කදිම පිලිබිඹු නොවේද?

හැරී ට්රුමන් සහ බෙස් ට්රුමන්


මෙය ඔබ සඳහා  නොව ඔබේ මුණුබුරන් මිනිබිරියන් සඳහාය. මන්ද යත් ඔවුන් මෙහි ඇති එක වගන්තියක් වත් විස්වාස නොකරන එක සිකුරු නිසාය..
හැරී ට්රුමන් කියන්න අපි දැන් කාලේ අහන්නේ වත් නැති ජාතියේ ජනාදිපති කෙනෙක් එක්සත් ජනපදයේ හිටපු. එතුමා ගත්ත තීරණ ලෝකෙට කොච්චර එදා බල පැවාද  කීවොත් ඔහුට කලින් හිටි අනික් ජනාදිපතිවරු 42 ක් ගත්ත තීරණ ඔක්කොම එකට තිබ්බත් සම කරන්න බැරි තරම්.. කෙසේ වුවත් ඔහු වයිට් හවුස් නමැති නිල නිවසෙන් පිටවෙලා යනකොට කල කී දේ වලින් අපිට ඔහුගේ ශ්රේෂ්ටත්වය ගැන බිඳක් තරම හිතාගන්න පුළුවන්..  ඔහු මියයනවිට සතුව තිබුණු එකම දේපල උනේ  මිසුරිවල ඔහුගේ බිරිඳට මවු උරුමයෙන් ලැබුණු නිවාසය  පමණයි. ජනාධිපති නිවසේ සිටි කාලය හැර මුළු ජීවිත කාලයම ඔවුන්  ජීවත් උනේ එම නිවසේයි..ඔහු විශ්රාමයනකොට 1952 දී ඔහුගේ විශ්රාම වැටුප වසරකට ඩොලර් 13507.72 කි. ඔහුගේ විශ්රාම කාලය තුලදී ලියු රාජකාරි ලිපිසඳහා පවා මුද්දර තම වියදමින් ගන්නාබව දත් කොන්ග්රසය අතීතයටද  බලපාන පරිදි ඔහුගේ විශ්රාම වැටුප වසරකට ඩොලර්  25000 තෙක් වැඩි කලාලු.   අලුත් ජනාධිපති  අයිසන්හවර් මහතා ජනාධිපතිකමේ වැඩ බාරගත් පසු හැරී සහ බෙස් දෙදෙනා පුද්ගලික මෝටර් රථය තමාම පදවා  ගෙනයි මිසුරිවලට ගියේ. ඔවුන පසුපසින් හෝ ඉදිරියෙන රහස් පොලිසියේ හෝ ආරක්ෂක හමුදාවල අය ගියේ නැහැ.. විශ්රාම ගිය  ඔහුට ලොකු පුද්ගලික ආයතනවල ලොකු තනතුරු දෙන්න කතාකලාම ඔහු කිවුවලු
"ඔබලාට ඕන කරන්නේ මාව නෙවෙයි ජනාධිපති කෙනෙකුගේ සේවයනේ..ඒක මට අයිති නැහැ ඒක අයිති ඇමෙරිකාවේ පුරවැසියන්ටයි නිසා ඒක විකුනන්න    බැහැනේ"
කියලා .. පසු කලකදී 1971 මැයි 6 වන දින ඔහුගේ 87 වෙනි උපන් දිනය වෙනුවෙන් කොන්ග්රසය ඔහුට සම්මාන මෙඩලයක් පිරිනමන්න සුදානම් උනාම ඔහු ඒක ප්රතික්ෂේප කලා..  "මම හිතන්නේ නැහැ මම මොනම සම්මාන මෙඩලයක් හරි ලබන්න  හේතුවෙන විශේෂ දෙයක්  කලයි කියල" කියල   ඔහු කිවුවලු.
ඔහු ජනාධිපති කාලේ ඔහුගේ සියලුම ගමන් වියදම සහ ආහාර වියදම් දැරුවේ ඔහුගේ මුදලින්. අද අමෙරිකාවේවත් නැහැ මේ වගේ නායකයෝ ජනතාවට බරක් නොවෙන..
හැරි ට්රුමන් වරක් කිවුවයි කියන දේ හරි
"මගේ ජීවිතේදී මට තෝරාගන්න තිබුනේ ගණිකා නිවාසයක  පියානෝ වාදකයෙක් වෙනවද නැත්නම දේශපාලනඥයෙක් වෙනවද කියන එකයි"
අදට මේ කියමන කොයිතරම් ගැලපෙනවද ?
(මවෙත ලැබුණු ඉංගිරිසි මේලයකින් උපුටාගෙන සැකසිනි)

පි‍ටු පෙරලපු ගාන