කඳු පිළිබඳව අල් කුර්ආනයෙන්

Thursday, July 7, 2011
ඳු පිළිබඳව අල් කුර්ආනයෙන්  

   Earth නැමැති ග්‍රන්ථයක් ලොව පුරා ඇති විශ්ව විද්‍යාලවල මූලික පොතක් ලෙස භාවිතා වෙයි. මහාචාර්ය එමරිටස් ෆ්‍රූන්ක් ප්‍රෙස් (Frank Press) යනු එම ග්‍රන්ථයේ කතුවරුන්ගෙන් කෙනෙකි. ඔහු හිටපු ඇමරිකානු ජනාධිපති ජිමී කාටර්(Jimmy Carter) මහතාගේ විද්‍යා උපදේශක ලෙසද කටයුතු කළේය. එසේම ඔහු වසර දොළහක් වොෂිංටනයේ ජාත්‍යන්තර විද්‍යා ඇකඩමියේ සභාපති ධූරය ද හෙබවීය. ඔහුගේ ග්‍රන්ථයේ සඳහන් වන ආකාරයට කඳු වලට යටින් පොළව තුළ ගිලුන මුල් 2 පවතන ලෙසත් මේවා ඉතා තදින් පොළව තුළට කාවැදී ඇති බැවින් කන්දකට කූංඥයක හැඩයක් ලැබී ඇති බවද සඳහන් වේ.

අපි පොළොව අතුරණයක් නොකලෙමුද? කඳු කූංඥ මෙන් නොකලෙමුද?
(අල් කුර්ආනය 78:6-7)
9 රූපය
ගැඹුරු මුල් පැවතීම හේතුවෙන් කඳුවලට කූංඥ හැඩයක් ලැබී ඇත්තේ කෙසේ දැයි පෙන්වන තවත් රූප සටහනක් (Earth,Press and Siever, පිටුව 413.)



7 රූපය
කඳුවලට පොළොවේ මතු පිට පෘෂ්ඨයෙන් යටට විහිදුන ගැඹුරු මුල් ඇත.
(Anatomy of theEarth, Cailleux,පිටුව 220.) 

8 රූපය
දික්කඩක් කූංඥ හැඩය ගත් කඳුවලට පොළොව තුළට කා වැදුණු ගැඹුරු මුල් පවතියි.(EarthScience, Tarbuck and Lutgens පිටුව 158.)



    නවීන විද්‍යාව මඟින් කඳු වලට පොළොව මතුපිට පෘෂ්ඨයෙන් යට, පොළොව තුළට ගැඹුරින් කා වැදුණු මුල් පවතින බවට සනාත කර ඇති අතර (9 රූපය) මෙම මුල්වල ගැඹුර, පොළොවෙන්1 උඩට මතු වී අපට පෙනෙන කඳුවල උස ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් විශාලය. එබැවින් මෙම තොරතුරු සැලකීමට ගන්නා විට කඳු හැඳින්වීම සඳහා "කූංඥය" යන වචනය ඉතාම උචිතය. මක්නිසාද යත් බොහෝ  විට පොළොව මත මනාව ගසන ලද කූංඥයක විශාලම කොටස පොළොව තුළ සැඟවී පවතී.

    විද්‍යාවේ ඉතිහාසය අපට පවසන්නේ, කඳුවලට යටින් ඇති ගැඹුරු මුල් පිළිබඳව සිද්ධාන්තය හදුන්වාදුන්නේ 1865 දී තාරකා විද්‍යාඥයෙකු වූ ශ්‍රීමත් ජෝර්ජ් අයිරි රෝයල්(Royal, Sir George Airy)­ විසින් බවයි.2

පොළොවේ මතුපිට සිවිය සමතුළිත තාවයේ තබාගැනීම3 සඳහා කඳුමඟින් විශාල මෙහෙයක් සිදු කෙරෙයි. කඳුමඟින් පොළොව චලනය වීම අඩු කරයි.

දෙවියන්වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආනයේ මෙසේ පවසයි.

ඔබ හා පොළොව කම්පා නොවනු පිණිස  තදින් පොළොවට සවි වූ කඳුද,
ඔබට හරි මඟ දැනගනු පිණිස  ගංගාද මංමාවත්ද එහි පිහිටෙව්වේය.
(අල් කුර්ආනය 16:15)
මෙලෙස ඉතා මෑත කාලයේදී දියුණු තාක්ෂණික  ක්‍රම(Plate Tectonics) මඟින් සොයා ගත් ආකාරයට කඳු පොළොව සමතුළනය කිරීමට විශාල කාර්‍යභාරයක් ඉටුකරයි. මෙම සොයා ගැනීම් වල මුලාරම්භය සිදුවූයේ 1960දී පමණ වූ මෑත කාලයේදීය.4

  ඇත්තටම වක්තෘ මුහම්මද් සල්ලල්ලාහු අලයිහිවසල්ලම්  තුමාගේ කාලයේ සිටින ලද කිසිකෙනෙකුට කඳුවල සැබෑ හැඩය ගැන මෙසේ වැටහීමක් තිබෙන්නට ඇත්ද? ඇත්තෙන්ම ඒ කාලයේ සිටි මිනිසෙක් තමා ඉදිරියේ පවතින විශාල, උස්වූ කන්දක් දෙස බලා මෙහි පොළොව යට මෙම කන්දට යටින් විශාල මුලක් පවතියි යැයි විද්‍යාත්මකව සිතන්නට ඇත්ද? කිසිසේත්ම නැත. හේතුව එදා මිනිසාට ඒ පිළිබඳව ඥානයක් නොතිබීමයි. කෙසේ නමුත් නවීන භූ විද්‍යාව මඟින් කුර්ආන් වැකිවල තිබූ සත්‍යතාවය අද දින වන විට ඔප්පු කර අවසානය.

ඔබට ඉස්ලාම් වෙතිනි
Footnotes:
(1) Earth, Press and Siever, p. 435.  Also see Earth Science, Tarbuck and Lutgens, p. 157.
(2) The Geological Concept of Mountains in the Quran, El-Naggar, p. 5.
(3) The Geological Concept of Mountains in the Quran, p. 5.
(4) The Geological Concept of Mountains in the Quran, pp. 44-45. 
(5) The Geological Concept of Mountains in the Quran, p. 5.

පි‍ටු පෙරලපු ගාන