අසභ්‍ය කොමෙන්‍ටු පිළිබද තිත්ත ඇත්ත

Thursday, July 21, 2011
සිතුවිලි පවුරට මා මේ ලිපිය ලියන්නෙ බොහෝමත්ම කලකිරීමෙන්.. මේ වන විටත් මා මේ කියන්නට හදන කාරණය ගැන ඔබ දන්නවා ඇති. සිතුවිලි පවුරේ සහ බ්ලොග් අවකාශයේ අනෙකුත් බ්ලොග වල අසභ්‍ය කොමෙන්‍ටු පල කිරීම පිළිබදව සම්පූර්ණ වගකීම අදාල අඩවිය(තවත් ඔහුව ප්‍රචාරණය කිරීමට අවශ්‍ය නොමැති නිසා නම සදහන් නොකරමි) භාරගත යුතුය. ඔහු තවදුරටත් සිතුවිලි පවුරේ කතුවරයෙකු වීමට සුදුසු නොවන බව සිතුවිලි පවුරේ කතුවරු සදහා පමණක් වන ෆේස්බුක් ගෲපියේදී තීරණය කොට ඇත.

එමනිසා මේ වන විටත් එම කතුවරයා සහ ඔහුගේ ලිපි සිතුවිලි පවුරෙන් ඉවත් කිරීමට සිදුවූ බව දන්වා සිටිමු

මෙහිදී ඔහු දක්වන නිදහසට කරුණ පිළිබදවද යමක් කිව යුතුය. ඔහු මෙසේ නිදහසට කරුණු පවසන්නේ සිද්ධිය සිදුවී දින කිහිපයකට පසුය. එනම් ඔහූ මේ පිළිබදව සැක කිරීමට පටන් ගත් විටය. නමුත් නියම බ්ලොග් කරුවෙකු නම් සිද්දිය සිදුවූ වහාම මේ පිළිබදව පියවරක් ගත යුතුය. කෙසේ නමුත් මොහු පෙන්වාදෙන නිදහසට කරුණ සත්‍යය වුවද මොහු සිතුවිලි පවුරේ කතුවරයෙකු වීමට සුදුසු නොවේ.. මන්දයත් තමාගේ පවුද්ගලික අඩවියේ මුර පදය සුරක්ෂිත කර ගැනීමටවත් නොහැකි කතුවරයෙක් නිසා සිතුවිලි පවුරටද සිදුවිය හැකි හානිය විශාලය.. ඒ ඔහුගේ ගිණුම හරහා සිතුවිලි පවුරේ කුමන හෝ දෙයක් ඕනෑම මොහොතක පල කල හැකි නිසාය.

තවද මාරයාගේ අඩවිය බ්ලොගයේ සිතුවිලි පවුරේ නම භාවිත කරමින් දමා ඇති කොමෙන්‍ටුව පිළිබදව අප එම බ්ලොගයේ කතුවරයා වන මාරයා සහෝදරයාගෙන් සමාව ඉල්ලා සිටිමු.

මෙම සිද්ධියේදි සිතුවිලි පවුරේ පාරිපාලකයන් පිළිබදව ප්‍රචාරය වී ඇති වැරදි මතයක් පිළිබදවද අදහස් ප්‍රකාශ කිරීමට මෙය අවස්ථාවක් කරගමි. සිතුවිලි පවුරේ ලියවුනු ලිපි වල අසභ්‍ය කොමෙන්‍ටු පලවූ විට එම අසභ්‍ය කොමෙන්‍ටු සහ ඒවාට අනතුරුව එම අසභය කොමෙන්‍ටු වලට විරෝධය පලකර දක්වා තිබූ කොමෙන්‍ටු සියල්ලම ඉවත් කිරීමට සිදුවිය. මා මෙවැනි පියවරක් ගත්තේ සිතුවිලි පවුර පලවුනු ලිපි වලට සහ සිතුව්ලි පවුරට එම කොමෙන්‍ටු වලින් ඇතිවන කලු පැල්ලම් වසා දැමීමටය. අසභ්‍ය කොමෙන්‍ටු වලට විරෝධය පල කර කොමෙන්‍ටු ඉතිරි කල විටද එය කියවන යමෙකුට අසභ්‍ය කොමෙන්‍ටු පලවී තිබුනු බව දැනගත හැකිය. අසභය කොමෙන්‍ටු වලට විරෝධය පලකර දක්වා තිබූ කොමෙන්‍ටු ඉවත් කල නිසා නිසා අසභ්‍ය කොමෙන්‍ටු පලකල අඩවියට සහය දෙනවා යැයි වරදවා තේරුම් නොගන්නා මෙන් සියලුම පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු! තවද එම අසභය කොමෙන්‍ටු වලට විරෝධය පල කර සිතුවිලි පවුරේ පාඨකයන්ට අපගේ ස්තූතිය!

සිතුවිලි පවුරේ ඉදිරියට මෙවැනි සිදුවීම් සිදු නොවීමට වග බලා ගන්නා බවත් තවදුරටත් මෙවැනි දේ සිදු නොවීමට ඇනො කොමෙන්‍ටු ඩිසේබල් කල බවත් දන්වා සිටිමු!

අවසාන වශයෙන් මෙම සිද්ධිය නිසා අපහසුතාවයට ලක්වූ සියලුම බ්ලොග් සහෘදයන්ගෙන් සිතුවිලි පවුර වෙනුවෙන් අප සමාව ඉල්ලා සිටිමු!

-සිතුවිලි පවුරේ පරිපාලක මණ්ඩලය-

28 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

පිස්සු පුසා said...

http://sithuwili-pawra.blogspot.com/2011/07/blog-post_4634.html

සහෝදරයනි මෙතන මගේ කොමෙන්‍ටුවට උඩිනුත් අසබ්‍ය කොමෙන්‍ටුවක් තියෙනවා කියලා මම දැක්කේ පස්සේ.දැන් ඒක අයින් කරලා.අයින් කරේ ඔබලාද දාපු කෙනාද දන්නේ නෑ.මොනවා උනත් ආයිත් ඒක වෙන්න දෙන්න එපා.මොනවා උනත් මම තාමත් ඔබලාගෙ පාඨකයෙක්.

මාරයාගේ හෝරාව said...

බොහෝම ස්තූතියි වගකීමෙන් කටයුතු කරනු ලැබීම පිළීබඳව...

Anonymous said...

මගෙන් අදහසක්

සිතුවිලි පවුර වගේ දැවැන්ත බ්ලොග් අඩවියක් (කතුවරු 100!) පරිපාලනය කරන එක අමාරු දෙයක් තමයි. ඒත් මෙහි ඇනෝනිමස් කොමෙන්‍ටු පහසුකම දිගටම තියන්න.. මොකද ගොඩක් පාඨකයො ඉන්නවනෙ බ්ලොග් අඩවි නැති, ගූගල් ප්‍රොෆයිල් නැති, ඒ වගේම කාර්යාලයෙ, කැෆේ එකක පරිගණකයකින් ලිපි කියවන්න එන.. එයාලට අදහස් දක්වන්න ලේසිම මඟ ඒක තමයි.. ඔබලාගේ සිතුවිලි පවුරෙ ඉහළ ජනප්‍රියත්වය නිසා ගොඩක් අය මෙය කියවන්න එනවා. කතුවරු ඔක්කොම කතා කරලා කමෙන්‍ටු පාලනය කරන ක්‍රමයක් යොදාගන්න..

ස්තූතියි
ජය වේවා!

ප.ලි - මගේ බ්ලොගයෙ නම් ඇනො අයින් කලා. මට නිතරම බ්ලොග් එක බලන්න වෙන්නෙ නැති නිසා. ඇනෝ කමෙන්‍ටු ඉඩ දීලා හිටපු කාලෙ මටත් අසැබි වදනින් බැනලා තිබුණා.

Unknown said...

කමක් නැ ඔබ තිරනයට මම එකග වෙම් ස්තුති කාලයක් හො මා සමග එකතු ව් සිට්යාට,
රෙස්ලින්.lk

sameera said...

මෙවැනි දේට සිතිවිලි පවුරේ ස්ම්භන්ධයක් නැතිවීම පිලිබද සතුටුයි , මොකද මේ සිදුවීම නිසා නිහඩ විරෝධයක් ලෙසසිතුවිලි පවුර වර්ජනය කිරීමට මා සිතා ගත්තා .
ඇනෝ කමෙන්ට් පල කිරීම නැවැත්වීම නොව කල යුතුවන්නේ ඇනෝ කමෙන්ට් පරික්ශාවකින් පසු පල කිරීමයි .
තවත් දෙයක් සිතුවිලි පවුරේ පල වූ මා සිත් ගත් " විවාහය " නම් ලිපියේ සබැදිය මාගේ මූනු පොතේ පල කලා ( උපුටා ගැනීම සිතුවිලි පවුර ලෙස දක්වන ලදී ) එය ඔබට හො කතෘ වරුන්ට ගැටලුවක් ද ?
එවැනි ලිපි " සබැදිය " සමග පල කිරීමට ඔබ අනුමැතිය දෙන්නේ ද ?

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@sameera: ඇනෝ කමෙන්ට් පල කිරීම පිළිබද සාකච්ඡා කරමින් පවතී.. සබැදිය සමග පල කලාට ගැටලුවක් නැත.

සංකල්ප said...

මේ අවස්ථාවේදි වගකීමෙන් කටයුතු කිරීම පිලිබද සිතුවිලි පවුරේ ඇඩ්මින්ට මගේ ප්‍රණාමය !!!!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

ඇනොඅ කමෙන්ට් වලට ඉඩ දෙන්න , සියලුම කමෙන්ට් ඇඩ්මින් වරයා නිර්දේශයෙන් පසු පල කරන්න වගෙ ස්ථාවරයකට ආව නම් හොඳාය කියලයි මට හිතෙන්නෙ

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@JOTHISALANKA:
ඔබ විසින් ලියා ඇති කොමෙන්‍ටුව පල කර නොහැකි බව දන්වා සිටිමු. ඔබ සිටින්නෙ සම්පූර්ණයෙන්ම වැරදි වැටහීමකය.. ඔබ මාරයාගේ බ්ලොගයෙන් උපුටා ගත් කොටසේ විස්තර වනුයේ සිතුවිලි පවුර ගැන නොවන බව පමණක් කීමට කැමැත්තෙමු. මේ පිළිබදව අවශ්‍ය නම් මාරයා අයියාගෙන් විමසීමක් කර කරුණ තහවුරු කරගන්න.

Amila Chathuranga said...

මේ වැඩෙන් සිය බ්ලොග් එක පොපියලර කරගන්නට වෙරදරන සිතුවිලි පවුරට අපේ අනුකම්පාව...

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@indi: සිතුවිලි පවුර නරක දෙයින් ජනප්‍රිය කරගැනීමට අපට ඇවසි නැත. එයට නිසි තැන නිසි ලෙස ලැබේවි! අප මේ පෝස්‍ටුව පලකලේ හුදෙක් සිදුවූ අපහසුතාවයට සමාව ඉල්ලීම සදහා කියා ඔබට නොවැටහීම පිළිබද අපගේ කණගා‍ටුව

Prasenajith said...

දිගටම අපි සිතුවිලි පවුර කියවනවා....
ස්තූතියි
ජය වේවා!

Unknown said...

මට පෙන්නෙ අර කමෙන්ට් වැඩේ සිතුවිලි පවුර අඩ්මින් හා රෙස්ලින් බුවා එකතුවෙලා මෙ පවුරෙ හිට් වැඩි කරගන්න ගත්ත පහත් පෙලේ උත්සාහයක් විදියටයි. ඒ නිසයි මෙයත් හනිකට පෝස්ට් එකට දෙකක්ම දාල වැඩෙ ෂේප් කරගන්න උත්සාහ කලේ. හරිනම් දැන් කරන්න තියෙන්නෙ මේකට සෙට් වෙලා ඉන්න අපේ අනිත් බ්ලොග්කරුවොත් මේකෙන් අයින් වෙන එක. මොකද මේ වගේ අඩවි වලට සම්භන්ද වෙන එකත් ඔවුන්ට ලැජ්ජාවක්. මොනා වුනත් කට්ටියගෙම රෙදි ගැලවුනා හැබැයි.

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@kalum: මට ඔබ ගැන බොහෝමත්ම කණගා‍ටුයි සහෝදරයා.. ඔබට අමතක උනාද දන්නෙ නෑ අසභ්‍ය කොමෙන්‍ටු දාපු පුද්ගලයා කොමෙන්‍ටු දැම්මෙ ඔහුගේ බ්ලොග් අඩවිය පිළිබද සදහන් කරමින් කියලා.. සිතුවිලි පවුරට පන පොවන කතුවරු නොවේ ලැජ්ජ විය යුත්තේ මෙවැනි අසභ්‍ය කොමෙන්‍ටුවකටත් වඩා බරපතල ඔප්පු කිරීමට කිසිදු සාක්ෂියක් නොමැති කොමෙන්‍ටුවක් දැමූ ඔබයි.. අනික ඔබ පවසන ආකාරයේ ප්‍රචාරයක් අපට ලබා ගැනීමට කිසිදු උවමනාවක් නැති බව මොන්ටිසෝරි ළමයෙක්ටත් තේරෙන කාරණයක්. මන්ද අපට දැනටමත් දවසට හිට්ස් 3000කට ආසන්න ගණනක් ලැබෙන නිසා.. ඔබගේ ඔය කුහක ගතිගුණ ප්‍රදර්ශණය කරන්නේ නැතිව කිරීමට වැඩක් නැත්තම් නිකන් ඉන්න

Ishara ( DarKneT ) said...

බොහොම සතුටු වෙනවා ඉක්මනට ක්‍රියාවක් ගත්තු එක ගැන

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

සිතුවිලි පවුරට මඩ ගැසීමට සැරසී සිටින කිහිප දෙනෙකු දිගින් දිගටම පදනම් විරහිත චෝදනා ඉදිරිපත් කරමින් සිටීම කණගා‍ටුවට කරුණක්.. කවුරුන් හෝ කියන දෙයක් ඇසීමෙන් වැළකී බුද්ධියෙන් මෙය දෙස බලා තත්වය තේරුම් ගන්නා මෙන් සියලුම සහෘද පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු. බ්ලොග් අවකාශයේ සොදුරු සිත් පලුදු කිරීමට තනන මෙවන් පුද්ගලයන්ගෙන් තවදුරටත් සිදුවන හානිය වැළැක්වීමට හා ඔවුන්ගේ කොමෙන්ට් පල කල පසු ඔවුන්ට කරුණු පැහැදිළි කිරීමට ගන්නා උත්සහයන් ගගට කපන ලද ඉනි මෙන් බැවින් මෙතැන් පටන් එවැනි කොමෙන්‍ටු පල නොකරන බව කරුණාවෙන් සලකන්න.. තම හෘද සාක්ෂියට එකගව මෙම තත්වය තේරුම් ගත් සියලුම පාඨකයන්ට අපගේ ප්‍රණාමය!

jhothishalanka said...

මුලින්ම කියන්න තියෙන්නේ මම වලිග පාගත්ත එකට සමාවෙන්න කියන එක.ඇත්තටම ආගන්තුකයා කමෙන්ට් එකේ කියල තිබුණා වගේ දෙයක් මටත් වුනා.සිතුවිලි පවුරේ ඉතා වැඩි කාලයක් තිබුණු කුණුහරුප කමෙන්ටුවකට බැන වැදී මා දැමූ කමෙන්ටුවක් ඉතාම අඩු කාලයකින් මැකී තිබුණා.(කුණුහරුප කමෙන්ටුව සමඟම)ඉතින් එහෙම වුනාම කාටත් සැක පහළ වෙනවනේ.(මගේ කමෙන්ටුව ඔයාලා වාරණය කරපු එකෙන් මගේ වැරදි වැටහීම තව වැඩිවුනා.)බූරු රැළ කියලා මාරයා කියල තියෙන්නේ ඔයාලා නොවන බව මාරයා මට ඒ වෙලාවෙම කිව්වා.එතකොට මම ඔය කමෙන්ට් එක දාලා තිබුණා.හැමෝවම අපිට වටිනවා.ඔයා ඒ ගැන කියල තිබුණ දේවල් මම පිළිගන්නවා.ඒත් මල්ලි ඔයා අර 100 බලය ගැන නොලිය හිටියානම් හොදයි.එතන කල්ලි වාදයක්, ඉදිමිච්ච කමක් නිරූපනය වෙනවා.බ්ලොග් ලියන අපි එක පවුලක් වගේ.අපි ලියන ඒවා වැඩි හරියක් බලන්නේ කියවන්නේ අපි අපිම තමයි.
මගේ අතින් වැරැද්දක් වෙලා මම ඒක පිළිගත්ත බව පේන්න මේ කමෙන්ටු පේන්න තිබුණාවේ.මේ කමෙන්ටුවෙන් මම ඒක නිවැරදි කරන්නම්.ආ මේ ඇනෝ පිස්සගෙ කමෙන්ටු පටලවා ගන්න එපා.මාරයාඒවා සුද්ද කරලා දාවී.
"සිතුවිලි පවුරට ජය"

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

මුලින්ම මමත් සහෝදරයගෙන් සමාව ඉල්ලා සිටිනවා.. මෙතන සිදුවෙලා තියෙන්නෙ වැරදි වැටහීමක්.. මගේ හිතට ගොඩක් අමාරුයි මාරයා අයියගේ පෝස්ට් එකේ දාපු කොමෙන්ට් එකි අන්තිමට මං කියල තිබ්බ ඒවා ගැන.. මට සමාව දෙන්න.. අපි හිතාගෙන හිටියෙ අයියා අපිව වට්ටන්න මෙහෙම කරනව කියලා.. ඒකයි දුකටම ඒවා ලිව්වෙ.. සමාවෙන්න නැවත වාරයක්.. අපිත් කැමති නෑ අයියා බ්ලොග් අවකාශෙ අය කල්ලි ගැහෙනවට.. අයියා මගේ ඇත්ත නම හරි බ්ලොග් එක හරි දන්නවනම් මං මේ කල්ලි ගැහෙන එකට කොච්චර විරුද්ධද කියල දැනගන්න පුලුවන්..ඒත් මට ඒක කියන්න බෑනේ.. අපිට සිතුවිලි පවුර 100කට සීමා කරන්න උනේ බ්ලොගර් වල එක බ්ලොග් එකකට ඉන්න පුලුවන් උපරිම කතුවරු ගාන 100ක් නිසා.. නැත්තම් මේ බ්ලොග් එක 100න් අපි කවදාවත් නවත්තන්නෙ නෑ.. අයියාව ගැන මට බ්ලොග් වලට ආපු දවස් වල ඉදලම ලොකු පැහැදීමක් තිබ්බ.. ඒත් මෙ උන සිද්ධි වලින් ඒක නැති වෙලා ඊට වඩා හොද පැහැදීමක් ඇති උනා.. නැවත වාරයක් සමාව ඉල්ලා සිටිනවා.. සිදුවුන දේවල් අමතක කරලා අපි හොද බ්ලොග් සහෘදයෝ වෙමු!

ඒ වගේම අයියාගෙ නිහතමානීතවයත් අනිවාර්යයෙන්ම අගය කරන්න ඕනි.. සිතුවිලි පවුරට ජය පැතුවාට අපගේ ස්තූතිය!

චතුර විජේකෝන් said...

පහුගිය දවස් වල සිද්ධ වුනු දේවල් වලට කමෙන්ටුවක් දාගන්නත් වෙලාව තිබුණේ නෑ.

මාත් පෞද්ගලිකව ඇනෝ කමෙන්ටු වලට අකමැතියි. බොහෝ වෙලාවට එහෙම කමෙන්ට් කරන්නෙ කෙලින් කතා කරන්න හයියක් නැති අය.

රටේ සමාජයේ ප්‍රශ්ණ, ඒවට විසඳුම් වගේම අපේ ප්‍රශ්ණ ගැනත් අපට අපගේ ලිපි තුලින් කතා කල හැකියි. ඇඩ්මින් මළයා කරලා තියෙන්නෙත් ඒකනේ. කොරහේ කිඹුල්ලු දකින ඇත්තොත් ඉන්නවා නොවැ.

කතුවරුන් පත්කර ගැනීමේදී මීට වඩා සැලකිලිමත් වෙන්න පුළුවන්නම් හොඳයි.
බ්ලොග් එක පටන් අරන් කොයි තරම් කල් ද?
එම බ්ලොග් එකේ ඔහු/ඇය ලියා ඇති ලිපි මොනවද? (ලිපියක යම් හරවත් බවක් තියෙන්න ඕනි කියන එකයි මගේ අදහස.)
ඔහු/ඇය යොදා ගන්නා රචනා විලාශයන් ගැනත් ටිකක් හොයලා බැලුවොත් හොඳයි.
බ්ලොග් අවකාශය තුල ඔහුගේ සාමන්‍ය හැසිරීම මොනවගේද කියලත් ටිකක් විපරම් කරන්න ඕනි.(කමෙන්ටු වල ස්වභාවය ආදිය.)

මේකෙන් නවකයන්ට අත හිත දෙන එක නවතියි කියලා මම හිතන්නේ නෑ. මොකද අවකාශයේ අවුරුදු දෙකකට ආසන්න කාලයක් ලිපි ලිව්වට මම තාම ආධුනිකයෙක්. ඕනම කෙනෙක්ට බ්ලොග් එකක් පටන් ගන්න පුළුවන්. ඊට කලින් බ්ලොග් කියවලා බ්ලොග් ලියන හැටි ගැන අදහසක් ගන්න පුළුවන්. මේ වගෙ සාමූහික බ්ලොගයක කතුවරයෙක් වෙන්න මාසයක් දෙකක් බලාන ඉන්න එක නවකයෙකුට ප්‍රශ්ණයක් වෙයි කියලා මම නම් හිතන්නෙ නෑ.
======================================================
ඕනෑම ලිපියක් දෑම්මාම අපි පුරුදු වෙලා තියෙන්නෙ "හොඳයි", "අපූරුයි" වගෙ කමෙන්ට් දාන්න. එය වෙනස් කරලා අඩුපාඩු පෙන්වලා දෙනවා නම් අප වැනි ආධුනික ලේඛකයින්ට ලොකු පිටිවහලක් වේවි.

අරමුණ යහපත් නම් ප්‍රථිඵලය ද යහපත් වනු නියතය.

සිතුවිලි පවුරේ අරමුණු යහපත් බව මගේ විශ්වාසයයි...

#sirkinna said...

අනිවාරයෙන්ම සහෝදරයා... මේක විනාශ වෙන්න ඉඩ දෙන්න බෑ...

මහේෂ් said...

අවසානයේ තවත් සොඳුරු නිමාවක් වුනා , අපි කවුරුත් අපේ අඩු පාඩු හදාගෙන නිවැරදිව මේ සිංහල බ්ලොග් අවකාශය , ඉදිරියට ගෙනයමු , මොකද සිංහල බ්ලොග් සම්පත තියෙන්නේ ශ්‍රී ලාංකීය අපි වෙනුවෙන් එය පවත්වා ගත යුත්තෙත් අපිමයි ,කිසිම විටක ඉන්දියන් ජාතිකයෙක් හරි අමෙරිකානු ජාතිකයෙක් හරි සිංහල බ්ලොග් නිර්මාණ කරන එකක් නැහැ , කළත් අතිශ්‍ය සීමිත අවස්ථාවක් වේවි , ඉතින් අපි හැමෝම සාර්ථක සිංහල බිලොග් කළාවක් නිර්මාණය කරමු , තමන්ටම වරද හදුනාගන්නට අපහසු විටකදි වෙනත් අයෙක් ඒ වරද පෙන්වා දෙත්දි අපිට පුළුවන් නම් අපේ වරද හදුනාගන්න , නිවැරදි වෙන්න , කොයි තරම් සුන්දරද ?

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@Chathura Wijekoon|චතුර විජේකෝන්: ඔබගේ වටිනා අදහස් ඉදිරිපත් කලාට බෙහෙවින් ස්තූතියි සහෝදරයා.. ඔබ යෝජනා කරන ක්‍රියා පටිපාටිය මේ වන විටත් සිතුවිලි පවුරේ කතුවරු සදහා වන ෆේස්බුක් ගෲපියට යෝජනා කලා.. ඔබත් සිතුවිලි පවුරේ කතුවරයෙකු නිසා මේ ගැන දන්නවා ඇති යැයි සිතනවා.. කොහොම නමුත් ඔබ පවසන ආකාරයට එකිනෙක්ක්ගේ අඩුපාඩු හදා ගැනීම තමා කල යුත්තේ.. නැවත වාරයක් බොහෝමත්ම ස්තූතියි!

@BlogShan: සිතුවිලි පවුර ගොඩනගන ඔබලා වගේ කතුවරු ඉන්නකන් සිතුවිලි පවුර විතරක් නෙමේ මුලු බ්ලොග් අවකාශෙම ආරක්ෂා වෙලා තිබේවි. අදහස් දැක්වූවාට ස්තූතියි සහෝදරයා!

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@Mahesh Nishantha : අනිවාර්යයෙන්ම සහෝදරයා.. සිංහල බ්ලොග් කරණය තව තවත් දියුණු වේවා යැයි අපි ඔක්කොම ප්‍රාර්ථනා කරමු! අදහස් දැක්වූවාට බෙහෙවින් ස්තූතියි!

Sandun Dissanayake said...

ගල් පාරක් නොවැදිච්ච අඹ ගහක් කොහෙද තියෙන්නේ සහෝදරයා. හැම අඹ ගහකටම කොල්ලෝ ගල් ගහනවා. හැබැයි ඒ අඹ කන්න මිසක් ගහ ගලවල දාන්න නෙවෙයි. ඕවා ඔහොම තමයි.ගෙඩි තියෙන ගස් වලටනේ ගල් ගහන්නේ. කවුරුවත් ගලක් ගැහුවා කියලා ඒ ගැහෙ අනෙක් ගෙඩි නරක වෙලා නෑනේ. හැමදාම අපි අඹ කනවනේ. මේකත් එහෙම සිද්දියක් තමයි. ගණන් ගන්න එපා සහෝදරවරුනේ. ඉස්සරහටම යමු. ජය වේවා

Unknown said...

ජෝන් සීනා උගෙ ඔලුවට ගහලා..
උගෙ ඉහ මොල සෙලවීලා..


ගිය දේ ගියාවේ.. අයෙත් අලුත් දේවල් එක්ක එක් වෙමු..! :D

Weni said...

මම මේ ප්‍රශ්නෙ ඇති වෙච්ච දවසෙ ඉඳන්ම බ්ලොග් ලෝකයට බොහෝම නවකයෙක් විදියට මොකද්ද වෙන්නෙ කියල බලා හිටිය.. මේ ප්‍රශ්නෙත් එක්කම හැමෝම මාරයා..සිතුවිලි පවුර සහ කමෙන්ට් දමාපු හැමෝම ගැන එක එක වෙලාවට එක එක දේවල් හිතුව.. අන්තිමේ ඔයගොල්ලො හැමෝම මේ ප්‍රශ්නෙ විසඳ ගත්ත ආකරය ගැන නම් මගෙ හිතේ තියෙන්නෙ..පුදුමාකාර ගෞරවයක්..මේක ආදර්ශයක් ඕනිම ප්‍රශ්නෙකදි..ආයිමත් .. ආයිමත් මේ වගෙම ප්‍රශ්න..මීටත් වඩා ලොකු ප්‍රශ්න එයි..ක්‍රමවේදය පැහැදිලියි..හොඳ විසඳුමකට යන්න

මකුළු පැංචි (මංචි) said...

ඇත්තෙන්ම මංචිත් මේ බ්ලොග් අවකාශේ වුණු කලබගෑනිය දිහා බලාගෙන හිටියෙ..මාරයියා පෝස්ට් එක දැමුවාම ඒක මුලින්ම දැක්කෙ මමද මංදා...(ඒ මොහොතෙම මම අහම්බයකින් වගේ මාරයියගෙ බ්ලොගේට ගොඩවැදුනු නිසා..)ඒත් තවම බ්ලොග් අවකාශෙට නවක වීමත් මේ සිදුවීම හා බැඳුණු පැරණි සිද්ධිදාමයක් ඇති බව දැන සිටි නිසාත් මොකුත් නොකියම ආවා...ඊට පසුව සිතුවිලි පවුරේ අදාල පුද්ගලයා විසින් දැමූ පෝස්ටුවත් මා නම් දුටුවා..එය අනික් බ්ලොග් කරුවන් දෙකේ පැංතියේ යැයි සිතාගෙන ලියන ලද්දක් වාගෙයි මටනම් පෙනුනේ..එය පල කිරීමට සිතුවිලිපවුර ඉඩ දුන්නේ ඇයිදැයි මට පුදුමත් නොහිතුනා නොවෙයි...කොහොම වුණත් සිතුවිලි පවුර මගින් මේ කරපු පැහැදිලි කිරීම වටිනවා.. ඒ වගේම මෙය ප්‍රසිද්ධිය සඳහා පල කල පෝස්ටුවක් බව කියන අය ගැන මට හරිම අනුකම්පා හිතෙනවා.. පුංචි දරුවෙකුට වුනත් වැටහෙන දෙයක් තමයි පොදු ස්ථානයක යම් වරදක් සිදුවුනු විට එය පැහැදිලි කරලා සමාව ඉල්ලීම සම්මතයක් බව..සිතුවිලි පවුර ඇඩ්මින් තුමාත් කර ඇත්තෙ එවැන්නක්...මෙවැනි වගේ විශාල කතුවරුන් ගනනක් සිටින එකතුවක ඇති වන ගැටලුවකදී ක්‍රියාකල යුතු ආකාරය ගැන නොදැන අනුන්ගේ යසස ගැන ඉරිසියාවෙන් අන්ඳව සිටීම ගැන හරිම පිළිකුලක් තමයි දැනෙන්නේ..

කොහොම වෙතත් ඉදිරියටම යෑමට සිතුවිලි පවුරටත් එහි සොඳුරු කතුවරුන්ටත් දිරි ලැබේවා....:))

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@Sandun Dissanayake:
අනිවාර්යයෙන්ම සහෝදරයා.. අපි ගල් මුල් වදින්න වදින්න තවත් ශක්තිමත් වෙමු! දිරිගැවූවාට ස්තූතියි!

@මහසෝණා මහතා:
අපි මේකෙන් අද්දැකීම ලබාගත්තා. ඒ ටික හිතේ තියාගෙන අමිහිරි සිදුවීම් අමතක කරමු. සුබ පැතුවාට ස්තූතියි!

@Weni:
ස්තූතියි සහෝදරයා.. අපි ඔක්කොම එකතු වෙලා බ්ලොග් අවකාශේ ලස්සනම ලස්සන තැනක් කරමු!

@මකුළු පැංචි:
සහෝදරිය.. සිතුවිලි පවුරේ කතුවරයෙක්ට අපි සීමාව පනවල තියෙන්නෙ කොන්දේසි කිහිපයක රාමුවක් ඇතුලේ. ඒ නිසා කතුවරයෙක්ට ඕනම අවස්ථාවක ලිපියක් පල කිරීමට හැකියාව තිබෙනවා. (ඔබ ගෲප් බ්ලොගයකට සම්බන්ධ නම් මෙය වඩාත් පහැදිළි වේවි) ඒ නිසා අර සදහන් කල පුද්ගලයාට එම ලිපිය පවුරේ කුරු‍ටු ගාන්න අවස්ථාව ලැබුනු බව කියන්නට ඕනි. එය අපි දැනගත් සැනින් ඉවත් කිරීම සිදුකලා.
කෙසේ නමුත් ඔබලා වැනි බුද්ධිමත්ව තීරණ ගන්නා බ්ලොග්කරුවන් නිසා බ්ලොග් අවකාශේ ඉස්සරහට තව තවත් දියුණු වේවි.. ස්තූතියි සුබ පැතුවාට!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන