රෙජීම වෙනසක අරුනලු: 'ඔක්යුපයින්ග් වෝල් ස්ට්රීට්' හෙවත් මනුශ්යත්වය කරා නැවතත්...........

Saturday, October 15, 2011
ලොව පුරා නිදහස් සුළං හමන්නට පටන්ගෙන ඇත. සැබෑ ප්රජාතන්ත්රවාදය....ජනතාවගේ ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් අරගල බිම් නිර්මානය වෙමින් තිබේ. ටියුනීසියවෙන්, ඊජිප්තුවෙන්,ලිබියාවෙන් සිරියාව හරහා නිව්යෝර්ක්, ලංඩන්,ඇතන්ස්, මැඩ්රිඩ් මෙල්බර්න් වෙත මේ නිදහස් සුළඟ හමා එමින් ඇත. බෙලා, මුබාරක්,සලේ, ගඩාෆි, අසාද් වැනි පුද්ගල ඒකාධිපතියන්ට එරෙහිව මෙන්ම ඊනියා ලිබරල් ආර්තික ක්රියාවලිය හරහා ලෝක ආර්ථික දේශපාලනය හසුරුවන මූල් සමාගම් ඇතුලු බහු ජාතික කොම්පැනි වල ආර්ථික ඒකාධිපතියන්ටද එරෙහිවද මිනිසුන් වීදි බැස ඇත. 'ඔක්යුපයින්ග් වෝල් ස්ට්රිට්' විරෝදතා ව්‍යාපාරයේ හරය එයයි. සියයට එකක් විසින් 99%ක් ජනතාවගේ ජීවිතය හුසුරුවන මේ ක්‍රමයට එරෙහි හඬ එයයි. විකල්පයක් වෙනුවෙන්වන බලාපොරොත්තුවේ නියෝජනය එයයි. සියලු වටිනාකම්, හර පද්ධතීන් ලාබ තීරුවට යට කල යුගය වෙනුවට නැවතත් මනුශ්‍යත්වය කරා යාමට දැනුවත් මිනිසුන් ,ගැහැනුන් තුල වන බලවත් උවමනාවේ පිලිබිඹුව එයයි.
ඉන්දියානු සමාජ ක්රියාකාරිනියක් වන වන්දනා ශිවා පවසන පරිදි "අද අප බලකර සිටින්නේ G8 වෙනුවට සමස්ථ මනුශ්යත්වය එනම් G7,000,000,000 ආදේශ කල යුතු" බවයි.
'ඔක්‍යුපයින්ග් වෝල් ස්ට්‍රීට්' ව්‍යාපාරයට සහෝදරාත්මක සහයෝගය පල කර ලොව පුරා ඔක්තෝබර් 15 එනම් අද , මහාද්වීප 6 කට අයත් රටවල් 82ක නගර 1000කට වැඩි ගනනක පැවත්වෙන විරෝධතා වෙනුවෙන්, නිකුත් කල ප්‍රකාශනය 'ඊනියා ගෝලීය ලිබරල්වාදය' නිරුවත් කල සංක්ශිප්ත වුවත් බලවත් සටහනකි. ගෝලීය වෙනසක් උදෙසා, ගෝලීය ප්රජාතන්ත්රවාදය උදෙසා, ජනතාව වෙනුවෙන්  ජනතාව විසින් ක්රියාත්මක කරන යහ පාලනයක් උදෙසා ගෝලීය එක්සත් වීමකට ඇරයුම් කරන මේ ප්රකාශණය , බ්රිතාන්යය,ඊජිප්තුව,ටියුනීසියාව,ජර්මනිය,ස්පාඥ්ඥය,ඇමරිකාව,බ්රසීලය,පලස්තීනය,ඊශ්රායලය,මෙක්සිකෝව, උරුගුවේ,ආර්ජන්ටීනාව,ඉන්දියාව හා ඕස්ට්රේලියාව වැනි රටවල සමාජ ප්රජතන්ත්රවාදී ව්යාපාර, ක්රියාධාරීන්, ජනතා එකමුතුවන් වල අදහස් උදහස් කැටි කොට ලියැවී ඇත.
මනුශ්ෂත්වය වෙනුවෙන් 'රෙජීම වෙනසක්' උදෙසා වූ ප්රකාශනය
2011 ඔක්තෝබර් 15 දින ගෝලීය වෙනසක් සඳහා එක්සත්ව, ගෝලීය ප්රජතන්ත්රවාදය හා ජනතාව විසින් ජනතාව උදෙසා වූ ගෝලීය යහ පාලනයක් අපි බලකර ඉල්ලාසිටිමු.ටියුනීසියාවේ, ඊජිප්තුවේ,ලිබියාවේ,සිරියාවේ,බහරේනයේ,නිව්යොර්ක් හි, ඊශ්රායලයේ,ග්රීසියේ,ස්පාඥ්ඥ්යයේ නැගීසිටින අප සහෝදර සහෝදරියන්ගේ සටන්කාමීත්වයේ ආශ්වාදයෙන් යුතුව අප බලකර සිටින්නේ, රෙජීම වෙනසකටය. ගෝලීය රෙජීම වෙනසකටය.
ප්රජතන්ත්රවිරෝදී ජාත්යන්තර ආයතන යනු, අපගේ ගෝලීය මුබාරක්ලාය, අපගේ ගෝලීය අසාද්ලාය, අපගේ ගෝලීය ගඩාෆිලාය. ජාත්යන්තර මූල් අරමුදල, ලෝක වෙළඳ සංවිධානය, ගෝලීය වෙලඳපොල, බහුජාතික බැංකු,G8/G20,යුරෝපියානු මධ්යම බැංකුව,එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය වැනි ආයතන මේවාට අයත්ය.
අසාද්ලා ,මුබාරක්ලා මෙන්ම ඉහත ආයතන වලටද ජනතාවගේ කැමැත්ත නොමැතිව, ඔවුන්ගේ ජීවිත හසුරුවන්නට ඉඩ දිය යුතු නැත. දුප්පත් වේවා පොහොසත් වේවා, ගැහැනු වේවා පිරිමි වේවා අප සියල්ලන්ම සමානයන් ලෙස ඉපදුනෙමු. සෑම අප්රිකානුවෙක්ම, ආසියානුවෙක්ම, යුරෝපියෙකුට, ඇමරිකානුවෙකුට සමානය. ගෝලීය ආයතන තුල මෙය පිලිබිඹු විය යුතුය. නැත් නම් ඒවා පෙරලා දැමිය යුතුය.
ඉතිහාසයේ අන් කවර දාකටත් වඩා අද දවසේ, අපේ ජීවිත හසුරුවන්නේ මේ ගෝලීය බලවේගයන්ය. අපේ රැකියාව,සෞඛ්යය, නිවාස අධ්යාපනය,විශ්රාම වැටුප යනාදී සියල්ලක්ම පාලනය කරන්නේ, ගෝලීය බැංකු, වෙළඳපොල,සංස්ථා, මූල් අර්බූද වැනි දෑය. වෙනත් මහාද්වීපයක සිදුකරන, පරිසර දූශනය නිස අපේ පරිසරය විනාශ වී යයි. අපේ ආරක්ෂාව තීරනය කරන්නේ ජාත්යන්තර යුද්ධ, ජාත්යන්තර යුධ අවි වෙළඳාම, මත්ද්රව්යය හෝ ස්වභාවික සම්පත්ය. අපේ ජීවිතවල පාලනය අප අතින් ගිලිහෙමින් පවතී. මෙය නැවතිය යුතුය. මෙය නවතනු ඇත.
අද අපි මෙක්සිකානු සැපටිස්ටාවන් සේ මෙසේ කියමු, "¡Ya basta! Aquí el pueblo manda y el gobierno obedece":'ඇති, මේ ජනතාවගේ අණයි, ගෝලීය ආයතන එය පිලිපදිනු' අද අපි ස්පාඥ්ඥ ටොමලප්ලාසාවන් සේ මෙසේ කියමු,'"Democracia Real Ya": ‘සැබෑ ගෝලීය ප්රජතන්ත්රවාදය දියවු’. අපි සියලු ලෝක පුරවැසියන්ට ආරාධනා කරමු, අපි ටහ්-රිර් චතුරස්රය ගෝලීයකරනය කරමු.පුවර්ටා ඩෙල් සෝලාව ගෝලීයකරනය කරමු.
දශක තුනහමාරකට ආසන්න කාලයක් මේ 'ඊනියා ගෝලීය ලිබරල් ආර්ථික' මඩ ගොහොරුවේ ගාටන අපේ රටටද අද ඇවැසිව ඇත්තේ මේ වෙනසයි.මනුශ්ෂත්වයයි. ලොව පුරා සෙමෙන් හමන මේ වෙනසක සුළඟ අපේ ආදරණීය මවුබිම හරහා හමන්නේ කවදාද? ගෝලීය සහෝදරවරුනි, ඔබේ ගිටාරයේ, බැලලයිකාවේ හඬට, අපේ සිතාරයේ සර මුසු කරන්නට අපි බලා සිටිමු. නිදිගැට හැර ලොව දෙස බලන්නට මගේ සහෝදරයන්ට, ආයාචනා කරමි.
රෙජීමාදිපතිගෙ මෝඩ ජෝක් අසමින්, කුරහන් තලප හපන්නට මසකට සැරයක් අරලිය මැදුරු වන්දනාවේ යන පුවත් කතුවරුන්ගේ පත්තර කඩමාලුවලින් මේවැනි මාතෘකා කථාකරවියැයි සිතීම උගහටය.  බ්ලොග් අවකාශය තුල අවම තරමින් සංවාදයක්වත් ආරම්භ කරන්නට මනුශ්ෂත්වයේ නාමයෙන්, ආදරණීය මිනිසුන්ට ආයාචනා කරමි.

පි‍ටු පෙරලපු ගාන