පොඩි මැන්ගේ : මෙලොරහක් නැ.....Part 2 by : නරක සමනල...

Monday, June 20, 2011



තට්ට තනියම ගියේ විදගෙන,
රෙද්දේ තදියම එකට හිරවුන,
යනෙන නටවන කියන තටමන,
නැගේ බිය දුටු නැටෙන සක්මන, 

පැලුණු කල සර ගියේ දුවගෙන,
සලෙලු කොල්ලෙකු දකින විලසම,
පස්ස දැක වුනු විනක හිරවුන,
බිය නැගී ගිය විලස එලෙසම,

දමා කරවා නිවා මෝලක,
රවා ගොරවා තලා කිලෙස, 
ගෙනත් දී හිද රෙද්දේ කටුවක, 
මසා දීපන් 2 කම 6 කට, 

නැතිම නං වෙන වැඩක් කරනට, 
හැන්දේ මිට ගෙන දමා මොලයට, 
ගසා මොලයේ අදුර දුරුකොට,
නිවා සනහා ගැහැනු නුවණක,

හදපානෙ නිරුවත් වානරයා 2


පලවෙනි කොටස බැලුවෙ නෑ.. එහෙනම් දුවල ගිහින් ඒක බලා එන්න.. නැත්නම් ඉතිං කතාවෙ මැදින්නෙ කියවන්න වෙන්නෙ.. මෙන්න මෙතනින් ගියානම් හරි..  

                          ඔන්න තුන්දෙනත් එක්ක උපන් ඇදුමෙන්ම ගස් වලට බඩ ගෑව... අනිත් උන් දෙන්නට වගේ නොවුනත් පවුද්ගලික අවයව වලට අවම හානි වෙන විදියට ගහට නගින්න මට ටිකක් වෙලා ගියා...ඔන්න කස්ටිය කුරුම්බ කඩ්ඩනව එකසිය ගානට... පහල එවුන් අල්ලනව... ගහේ කදේ නැවතිල ඉන්න බැරි නිසා මම නැග්ග කරටියටම. නැගල හිතේ හැටියට උපන් ඇදුමෙන් හදාපානෙ හොර කුරුම්බ කඩනව... ශා.... කවි සිතුවිලි පහල වෙන වෙලාවක්... ඒත් ඔය මගේ කවි සිතුවිලිම මට කෙලවයි කියල කවුද හත්දෙයියනේ දන්නෙ හැබෑවට.. කවි සිතුවිලි වලින් මන් මත් වෙලා ඉදපු මට මුරකාරය එනව කියල අනිත් උන්ගෙ අනතුරු ඇගවීම ඇහුනෙ කවුදෝ නිරුවත් වානරයෙක් පොල් ගහෙන් පැනලා පස්සට පෙට්ට්‍රල් ගහපු බල්ලෙක් වගෙ පන එපා කියල දුවනව යාන්තමට දැකල මොකක්ද වෙන්නෙ කියල යාන්තමට සෝදිසි කරල බලද්දියි...

                         අම්ම ගහයි බැට් එකෙන්.... වත්ත බලාගන්න ඉදිය දෙමල මුරකාරයා(පස්සෙ දැනගත් විදියට මුරකාරය මඩකලපුවෙන් පැමිනි දෙමල පෙරියදොරේ කෙනෙක් විය) සිංහල දෙමල කියල වෙනසක් නැතුව ජාතිය අමතමින් තඩි ටෝච් එකකුත් අරගෙන ටිකක් එහායින් කෙලගෙන එනව... අතේ තඩි පොල්ලකුත් තියෙනව... අහු උනොත් කනව ලෙසටම අයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ.. එහෙම කියල ගහේ ඉන්නයැ... මාත් පුලුවන් ඉක්මනට දඩි පඩි ගාල ගහෙන් බහින්න සෙට් උනා.. මම කරටියෙන් බැහැල කදට අඩිය තිබ්බ විතරයි මෙන්න බොලේ මුරකාරය ගහයට... දැන්නම් හීන් දාඩියත් එක්ක මහ දාඩියත් දාල... අත අතාඑරිල දැන් වැටෙයි දැන්වැටෙයි වගේ.... කකුල් දෙකත් ගැහෙනව... යකෝ.. ඒමදිවට අදුමුත් නෑ..... කොහොමද පොල්ලෙන් එකසියගානට කාල එලිවෙනකන් ගස් බැදල තිබුනොත් පොල් හොරා කියල බෝඩ් එකකුත්

ගහල... හත්වලාමයි.......!!! මේ අස්සෙ මේවත් මැවිල පේනව

කොච්චර මහඹබා සීන් දැම්මත් පොඩි සූටි චාන්ස් එක් හරි දෙනවාමයි.....
පෙරියදොරේ ගහ යටට ඇවිත් අම්ම මෝ නැති වෙනක්ම් කෑ ගැහුවට උඩ බැලුවෙ නෑ... ගස් දෙකකින් දෙන්නෙක් පැනල අමු නිර්වස්තරෙන් දුවනව දැකල මිනිහට මොලේ කොලොප්පන් වෙච්ච නිසාද නැත්නම් තව කවුරු හරි නෑ කියල හිතපු නිසාද මොකද මම දන්නෙ නෑ මිනිහ කොහොම හරි උඩ බැලුවෙ නෑ.. ටිකක් එහාට වෙන්න පදුරුවල හැංගිල ඉන්න උන් මට දැන් පේනව... උන් අතින් කියනව ඔහොමම ඉන්න කියල... උන් කියාවි මම එපැයි ඉන්න... තව විනාඩියක්වත් ඉන්න බෑ අත් ඇතඇරිල මම වැටෙනව මුරකාරයගෙ කකුල් දෙක මුලට අයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ බුදුශූවර්... අයෙ උඩට නගින්නත් බෑ නිකන්වත් සද්දයක් ඇහිල පොර උඩ බැලුවොත් සුං......

මරන බය යටිපතුලෙන් පටන් අරගෙන ඔලුවටම එනකොට මගේ ටිකිරි මොලේට ආව අයිඩියා එකක්... දෙන්නම් සෙල්ල ශාමි මම උඹට..... මම හිමීන් සද්දෙ නෑහෙන්න් කැඩුව හොද ලොකු පොල් ගෙඩියක්... කඩල එල්ල ගත්ත කටේ... බැස්ස තව අඩියක් දෙකක්... තාමත් මුරකාරයට මෙලෝ සිහියක් නෑ ලවක් දෙවක් නැතුව බනිනවා..


"යක්කො.. මේ ක උම්බලංගේ අම්මගෙ අප්පගෙ වශ්තුවද ? ත්ප්පිලන්ට හෝනෙ හෝනෙ වෙලාවට කාඩාගෙන යන්න... අහුඋනානම් කඩන්නවා අන්ඩු... එන්කගල් වාන්ගට්ට අලෝරුක්කුම නීන්න්ග...@$#%#$$& 56‍ය්%&#@$%^^ඌඊ?{}.."


මම හොදට ටාගට් කරල අතඇරියා පොරගෙ ඔලුවට පොල් ගෙඩිය... අඩි පාලවක් විතර උඩ ඉදල පත සයිස් කලටි ගෙඩිය වැටුන පොරගෙ ඔලුවට ඩිංංං ගාල....

"ආඩවනෙ,,,,,,,,,,,,,,!!!!"

පොර ඔලුව බදාගෙන බිමට පහත් වෙද්දි අඩියට දෙකට පුලුවන් තරම් දුර බැහපු මම එතනින් බිමට පැනල පන එපා කියල දිවුව වෙල පැත්තට... මගදි මගේ සහායක දාවකයොත් එක් උනා මාත් එක්ක.. එතනින් වෙලට පැනගනිපු අපි එක් රැස් කරගත් නිදානයත් කර තියාගෙන වෙලද නියරද නොබලා දිවුවා...
වෙල් යාය කොනට එනකම් දුවල ඇවිත් ඇලෙන් ඇගපතත් හෝදගෙන බඩගිනිත් නිවාගෙන ඇදුමුත් ඇදගෙන හොදළමයි වගේ අයෙමත් 3.30 විතර වෙනකොට මලගෙදරට ලගා උනා......


අපි කල පසු විපරමකට අනුව පෙරියදොරේ අංකල්ගෙ ඔලුව චුට්ටක් පැලිලා තිබුනා එකච්චරයි.. ඒවගේම
පවුද්ගලික අය වැය සදාහා ගැනිය නොහැකි තරම් අලාබයක් සිදුවී තිබුනා

ප.ලි

ඔන්න හිනා ගියානම් කමෙන්ට් එකක් දාන්න හොදේ.. නැත්නම් ඒත් දාන්න හිනා ගියේ නෑ කියල  ;)









පි‍ටු පෙරලපු ගාන