පූර්විකාව


කවිකම් සොඳුරු මල්කම් ලියකම් වැන්නේ...
රසවත් කතාවන් එකිනෙක මුමුණන්නේ...
දිවිමං පුරාවට මිතුදම් සුරකින්නේ...
සයිබර් සිහින එක යායක පීදෙන්නේ...

සිතුවම් ලෙසින් නෙක සිතුමන් ඇමිනෙන්නේ...
කැටපත් පවුර වී ගී මල් ලියවෙන්නේ...
දස්කම් බලා ඔබේ අප සැම සැනසෙන්නේ...
මිතුදම් පුරා එක මව් තුරුලට එන්නේ...



මී මැසි කැළක් එක්වී බඳිනා මී වදයක තිබෙන මී බිඳුවක් මෙතරම් ප්‍රනීත රසයකින් යුත්තේ කුමන හේතුවක් නිසාද යන්න ඔබ කවරදාකවත් සිතුවාදපුංචි වේයන් ‍රැළක් එක් වී බඳිනා තුඹසක් මේ තරම ශක්තිමත් වූයේ කෙලෙසදැයි ඔබ නිකමටවත් සිතුවාද?
බි‍ඳෙන් බිඳ එක් වෙන මී මැසි සේනාව සතර අත සැරි සරා ලබාගන්නා මී බිඳු වරින් වර මී වදය තුලට ගෙන එන්නේ සිය සෝවුරන්ටද ඒ මී බිඳු වල රසය ලබා දීමට වේ.. බිදෙන් බිඳ ගෙන එන පස් පිඬු එක් වී විශාල තුඹසක් බැදෙන්නේ වේ පවුලටම එක්ව ජීවත් වීමට ශක්තිමත් වූ නිවහනක් තනනු රිසියෙනි.  ඉදින් ඒ සියල්ලටම මුල් වූයේ කුමක්දඑකමුතු බවයි. එකම ජාතියක් ලෙස ඔවුන්ගේ ඇති සමගියයි.
සොඳුරු සිතැත්තන් එක් වූ කලෙක මැවෙන ලෝකය කෙතරම් සොඳුරුද?   එන්න රොද බදින්න ,මේ වෑයම විවිධ අදහස් වලින් පිරිපුන් සයිබර් යාය එකම නිවහනකට එක්තැන් කිරීමටයි.. සයිබර් අවකාශයේ නොදු‍ටු මිතුරු මිතුරියනි. අපි සියල්ලෝම එක් වී බඳිමු මනුශ්‍යත්වයේසහෝදරත්වයේ සොඳුරුතම මී වදය.පියැස්සක් වෙමු සයිබර් අවකාශය නැමති නිවහනට. සවියක් වෙමු නිරමාණශීලි හදවතකට.

-සියයක් වූ කතුවරු කුරු‍ටු ගාන සිතුවිලි පවුර-

පි‍ටු පෙරලපු ගාන