සුභ උපන් දිනයක් ..............

Sunday, July 31, 2011
අද තමා මගේ ආදරණීය තාත්තගෙ උපන් දිනේ.ඉතින් කලබල අස්සෙ වුනත් තාත්තා වෙනුවෙන් මෙහෙම ලියන්න මම හුග කාලෙක ඉදන් හිතන් හිටියා.

තාත්තා තරම් දුවෙකුට අසීමිතව ආදරේ කරන්න මොනම පිරිමියෙකුටවත් බෑ.ඒ වගේම අපිත් තාත්තට ආදරේ කරන්න ඕන නේද?තාත්තා සමහර විට අපිට අම්ම තරම් සමීප නැති වෙන්න පුලුවන්.ඒත් අම්ම වගේම තාත්තත් අපිව උස් මහත් කරන්න කොච්චර නම් කැපවීම් කරල තියෙද?සමහර දුවලට පෙම්වතෙක් ලැබුනම තාත්තා අමතකයි.ඒත් ඒ කාටවත් බෑ තාත්ත ආදරේ කරනව තරම් ආදරේ කරන්න.

හැම දේකදිම මගේ ලඟින්ම ඉන්න මගේ ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන් දිනයක් ඒ වගේම තවත් හුගක් කල් නිදුක් නිරෝගීව ඉන්න දීර්ඝායුෂ ලැබෙන්න කියලත් තාත්තගේ චූටි දෝණී ප්‍රාර්තනා කරනවා.

කාටත් හොරෙන් මගේ අතින්ම හදපු උපන් දින සුභ පැතුම් පත  තමයි මේ  ( ලස්සනයිද? )















මම මගේ පෝස්ට් එකත් තාත්තට පෙන්නන්න ඉන්නෙ.තාත්තා හුගක් සතුටු වෙයි මේක දැකලා.

ඉතින් මගේ සයිබරයේ යාලුවනේ ඔයාලත් එන්න කේක් කෑල්ලක් කාලා යන්න.

මේක තාත්තට....දෝණිගෙන්


සීතල පිණි කැට සඳ එළියෙන් නහවා
නෙක නෙක පාට මල් පෙති සුවඳින් තවරා
අමාවක අහසට සඳක්ව අඳුර මකා
පෑයූ පුරා සඳ නුඹ මගෙ දිවිය පුරා...

දුටුවත් වරද නෑ තරවටු කලෙ කිසිදාක
උකුලේ හොවා ආදරයෙන් පෙන්වා සුමග
පැතුවේ මගේ ජයයි තුන්තිස් පැයේ නුඹ
ඉටු කර දෙන්න වෙහෙසෙමි මා උදේ හවා....

ගෙවිලා බොහෝ කල් ජිවිත ගමනෙ ගෙවූ
රැදුනා ළගම නෑ කිසිදා අප දුරස් වුනූ
පොඩි දූ මමයි  තුරුලේ හුරතල් උන්නු
පතනෙමි දිගාසිරි මේ සුභ උපන් දිනේ...

14 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

jhothishalanka said...

නියමයි. හිතට වදිනවා ලියල තියෙන විදියට.තාත්තා හා දුව අතර තියෙන්නේ හරි අමුතු ආදරණීය බැදීමක්.ඒක හැම තැනම එහෙමයි.

මි හරක් පිඩියා said...

ඔයාගේ තාත්තට සුබ උපන් දිනයක් වේවා...
සුබ පැතුම් පත නම් කියලා වැඩක් නෑ.. එල...

SL Tech Express said...

"ආදරණීය අප්පච්චිට සුබම සුබ උපන් දිනයක්"

කාඩ් එක චාම්.. ලස්සනයි..

~සුළඟ~

ei - blog.electronicinside.com said...

කාලීන ලිපියක්!! දරුවන්ට දෙමව්පියන් ගැන හොයන්න බලන්නවත් වෙලාවක් නැති යුගයක, මෙවැනි ලිපි මගින් සමාජය අවධි වනවා නොඅනුමානයි. ඔබගේ පියාණන්ට සුභ උපන් දිනයක් වේවා! මගේ උණුසුම් සුභපැතුම්!!

Anonymous said...

නියම සුබ පැතුම් Card එකක්නේ.ඔයාමද හැදුවේ ? වෙන වෙන කට්ටිය හදපු Card කඩෙන් අරන් දෙනවට වඩා තමන්ම අතින් හදන ඒක තාම හොඳ. එකතමා තාම නියම ආදරේ කියන්නේ

හිම හංසි said...

ස්තුතියි සහෝ මගේ තාත්තගෙ උපන් දිනයට සුබ පතන්න එකතු වුනාට.

Yasantha Hennayake said...

තාත්තට ඉකමන් සුවය ලැබෙන්න කියල පතනවා.. තව උපන්දින ගොඩාකදි දුවගෙ අතින් හදපු සුබ පැතුම් පත් ලබන්න වාසනාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන ගමන් සුබම සුබ උපන්දිනයක් වේවා කියලත් සුබ පතනවා!

සිත් අහස said...

තාත්තට මමත් සුභ පැතුවා කියලා කියන්න නංගි..

හිම හංසි said...

මම තමයි හෑදුවෙ.ලස්සනයිද?ස්තුතියි යාලුවනේ.යසයා අය්යෙ දෑන් නම් හුගක් සනීපයි තාත්තට.

සරත් ලංකාප්‍රිය said...

ඔබේ පියාට නිදුක් නිරෝගී දිර්ගායුෂ ලැබේවා. මගේ දුවත් පුංචි කාලේදී නම් ඔහොම කඩ හැදුවා. දන ඉතින් skype විතරයි. හැබැයි ඉතින් ආදරේ මට දැනෙනවා. අම්මගේ ආදරේ උල්පත ගලනවා වගේ සද්ද්දයි පැහැදිලියි.. කාටත් පෙනෙනවා . එත් තාත්තගේ ආදරේ හුස්ම ගන්න වායුව වගෙයි අපි වටේම තියෙනවා එත් පෙනෙන්නේ දැනෙන්නේ ළඟ නැති දාටයි..

Dilanka Madhawa said...

ඔන්න අපෙනුත් සුභපැතුම්

පිස්සු පුසා said...

ඔන්න මගෙනුත් සුබපැතුම්

රතු මුහුද said...

මෙන්න මගෙනුත් සුබ පැතුම් ...

Channel FIVE5 said...

Nice blog pls help me to make my blog.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන