෴රස්තියාදුකාරයගේ ආදරය෴

Sunday, July 31, 2011




මේ නුවර නෙක මං මාවත් වල
සැරි සැරුවෙමි මම
දු‍ටුවෙමි නේක විද කුසුමියන්
පහස වින්දෙමි අභිසරු ලියන්
නමුදු නුඹ...
නොපිපුන කැකුලියකි
මගේ රලු දෝතට,..
හිරු රශ්මිය නොදැනි මා ගත
නුඹෙ ඔය එක් බැල්මකින්
දියවී වැගිරෙන අන්දම,
දනී නම් නුඹ..
නුඹෙ ලගට ඇවිදින්
දුහුවිලි වැදුන දෙතොලින්,
සිපගන්නට ඇත්නම්
ඔය සියුමැලි දෙතොල,.
මීවිතෙක රස බැලු
රතු වූ දෙනෙත් වලින්,

නුඹෙ ඔය නීල නෙත් තුල
ගිලෙන්නට ඇත්නම්,.
ඒත් මම......

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

අමා said...

රස්තියාදු ගැසුවේ නුඹ මෙතරම් කල්
ගිමන් හලක් නැති නිසාද පෙම්වත?
ගතට නොදැනුනත් අව් රශ්මිය රළු
නුඹේ සිතට දැනේ නම් බැල්මක එකලු
වස විස මුහු වුනු මීවිත වෙනුවට
ජීවන මධු යුෂ නුඹට පුදන්නම්
දෙනවානම් මට නුඹේ දුහුවිලි හදවත...

සිත් අහස said...

ස්තූතියි අමා..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන