අරුනි ශපීරෝ නිරුවතින් – (ඡායා රූප සහිතයි )

Tuesday, May 8, 2012
අරුනි ශපීරෝ යනු බ්ලොග් අවකාශයේ කාලයක පටන් ප්‍රධාන වශයෙන් මනොවිද්යාත්මක පසුබිමක් සහිත ලිපි පලකරන්නියකි. බැලූ බැල්මට ‘acadamic’ පන්නයේ බ්ලොග් එකක් වුවද එහි යටි පෙල දුෂ්ඨ අභිප්‍රායක් (sinister motive) සහිත බ්ලොග් අඩවියකි. මේ මොහොතේ ලොව පුරා දැවැන්ත අර්බූදයකට ගොස් ඇති නව ලිබරල් ධනවාදය හා එහි ස්වාමීන් වන ඇමරිකානු ප්‍රමුඛ බටහිර මූල්යාධිපතීන්ට සලු පිලි අන්දවා උත්කර්ෂයට නැංග්වීම සහ අනික් අතට ඩොලර්, පවුම් වෙනුවට මනුශ්ෂත්වය උත්කර්ශයට නංවන සමාජවාදයට ගරහමින් ,පරිබව කිරීම ඇගේ අරමුන බව සියුම්ව බලන්නෙකුට වැටහෙනවා නොඅනුමානය. අරුනි එයාගේ ‘මනෝචිකිත්සක’ අයිසිං තවරා පරිධියේ අපේ රටවල මිනිස්සුන්ට ගිල්ලවන්නට තතනන්නේ, ඇමරිකාව, යුරෝපය ඇතුලු බටහිර සුරංගනා කතාවය. මේ ‘මොල සෝදන්නිය’ගේ සැබෑ වත හෙලිදරව් කල යුතු වන්නේ එබැවිනි.

අරුනීට අනුව මිහිපිට සුරපුර ඇමරිකාවය, ශාන්තුවරුන්ට සමාන පද යනු කෙනඩිලා, නික්සන්ලා, ජොන්සන්ලා,රේගන්ලා, බුෂ් තාත්ත පුතාලා, ඔබාමලා වැනි ඇමරිකන් නායකයන්ය. කැස්ත්‍රො, චේ,මාඕ,හෝ චි මින්,ලෙනින්, කාල් මාක්ස් යනු සාතන්ට සමාන පදය. නමුත් සත්‍ය නම්, මූල්‍ය, තෙල් හා ආයුධ ජාවාරම්කාර කොම්පැනි අධිපතීන් අත්ලොස්සක් විසින් හසුරුවන අද වනවිට ගරා වැටෙන මේ ඇමරිකන් අධිරාජ්‍ය ගොඩ නගා ඇත්තේ හා පවත්වා ගෙන යන්නේ ලතින් ඇමරිකාව, ආසියාව ඇතුලු තුන් වන ලෝකයේ මිනිසුන්ගේ ලේ, කඳුලින් පෙඟුනු ඉතිහාසයක් මත බවය.

පොලොව නුහුලන සමූලඝාතන, ජන සංහාර, කොල්ල කාරී සූරාකෑම්, මහා පරිමාන පරිසර විනාශයන් ,රාජ්‍ය නායකයන් ඇතුලු පුද්ගල ඝාතන, නින්දිත කුමන්ත්‍රණ පිරුනු අධම ක්‍රියාදාමයකට සිය ස්වාමීන් ,ව්‍යාපාරික සඟයන් වෙනුවෙන් අණ දුන් ඇමරිකන් පාලකයන් සැබෑ සාතන්ලා බව වසං කිරීම අරුනිලාගේ වගකීමය.

යුධ විරෝදී, වදහිංසා විරෝදී වෙස්මුහුන පැලඳ සිටින අරුනි වධකාගාරයක් ගැන කීමට අවැසි වූ විට පුදුමාකාර ලෙස මතක් වන්නේ මීට වසර 70කට 80කට පෙර තිබූ ස්ටාලින්ගේ ගුලාග්ය. ඊටත් දශකයකට හමාරකට පසුව ඇරඹි හිට්ලර්ගේ අවුට්ස්විට්ස් මතක් වන්නේද කලාතුරකිනි, පුදුමය වන්නේ අදටද පවත්වාගෙන යන ගුවන්ටනාමො බේ වදකාගාරයද, මෑතක් වෙනතුරු තිබුන කුප්‍රකට අබු ගරිබ්, බග්‍රාම් ඇතුලු ලොව පුරා රහසිගතව පවත්වාගෙන යන ඇමරිකානු වධකාගාර, ඝාතකාගාර අරුනීට මත්ක් නොවීමය. බොහෝ බටහිර රටවලට හිසරදයක් වී ඇති රෝගයකි ‘Alzheimer’s disease’ මෙය වැලඳුන අයට දශක ගනනාවකට පෙර සිදුවූ දේවල් මතක තිබුනද, මෑතකාලීන මතකය හෝ දෛනික කටයුතු අමතක වේ. අරුනි ‘Alzheimer’ ශපීරෝද සැබෑ ලෙසම වධකාගාර විරෝදියෙක් නම් මේ සියල්ලටම එක ලෙස විරුද්ද විය යුතුය, සිය ලිපි වල වදකාගාර ගැන ලියන විට ගුලාග් මෙන්ම බග්‍රාම්ද මතක් විය යුතුය. මේ ගැන ප්‍රශ්න කල විට අරුනි දෙන්නේ………….“.ඔබාමා ආවේ ගුවන්ටනමො බේ වහන්නය..ඒත් තවමත් බැරි උනාය….ඒවයේ ඉන්න ‘අමානුශික ත්‍රස්තවාදීන්’ උන්ගේ රට වලින් භාර ගන්නෙත් නැතිය……වධ හිංසා කල අයට දඩුවම් දුන්නාය”………….වැනි හාස්‍ය ජනක දියාරු උත්තරය. හරියට නිකං යන එන මං නැති ‘අමානුශික ත්‍රස්තවාදීන්’ ගැන හිත උනු වෙච්ච ඔබාමා, සුබ සාධන මධ්‍යස්තානයක් පවත් වාගෙන යනවා වැනි ආකාරයටය. අවුරුදු 10කටත් වැඩි කාලයක් මේ වධකාගාර වල කලින් කලට රඳවා තැබූ දහස් ගනන් සිරකරුවන් ‘අමානුශික ත්‍රස්තයන්’ බව අරුනි දන්නවානම් ඔබාමාගේ නීති විශාරදයන් එය නොදැන ඉන්නට හේතුවක් නැත. එසේ නම් මේ ‘ත්‍රස්තවාදීන්’ කී දෙනෙක්ට නඩු දමා දඩුවම් කලාදැයි අරුනි පිලිතුරු දිය යුතුය.

හින්සකයින්ට බරපතල දඬුවම් දුන්නා යන්නද ඒවැනිම විහිලුවකි. මේ ඝාතකාගාර බිත්ති ඇතුලත දෛනිකව සිදුවූ අමානුශික වධ හිංසා වලින් එකක් දෙකක් එලියට නිරාවරනය වූ විට ලෝක අපවාදයෙන් බේරීමට පහලම තලයේ සෙබලුන් කීප දෙනෙක්ට මාස කීපයක සිර දඬුවමක් දීම අරුනි කියනා ‘බරපතළ’ දඬුවමය. හොඳම උදාහරනයක් නම් ඇෆ්ගනිස්තානයේ බග්‍රාම් වධකඳවුරේදී ඝාතනය කල අහිංසක ටැක්සි රියදුරෙක් වූ ඩිලාවර් ගේ කතාවය. අත් අඩංගුවට ගෙන දින 5ක් තිස්සේ දරුනු වධයට ලක් කර මරාදැමුනු ඩිලාවර්ගේ මරනය ගැන ඇමරිකන් හමුදාව ප්‍රසිද්ධියේ කීවේ එය ස්වාභාවික මරනයක් බවය. එහෙත් ඩිලාවර්ගේ මල සිරුරත් සමග මල පොතේ අකුරක් නොදත් ඔහුගේ පවුලේ උද්වියට ඉන්ග්‍රීසි භාශාවෙන් ලබාදුන් මරණ සහතිකයේ කඳවුරේ වෛද්‍ය වරයා එය මිනීමැරුමක් (homicide) බව සහතික කර ඇත. එහෙත් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍ය වේදිනියක් අතට ඉහත මරන සහතිකය පත්වීමත් සමග සිද්දිය ලොවට අනාවරනය විය. දින 5හ පුරාවටම ඩිලාවර්ට නිදාගැනීමට ඉඩ නොදී ඇති අතර අත් මංචු වලින් සිවිලිමට එල්ලා දමා තිබී ඇත. ඔහුගේ පාද වලට කෙතරම් පහර දී තිබුනේද යත් ඒවා පල්ප බවට පත් වී තිබූ බව (pulpified) පසුව සිදු කල පශ්චාත් මරන පරීක්ශනයේදී හෙලිවී තිබින. මෙය හෙලිදරව් වීමත් සමග සෙබලුන් කිහිප දෙනෙකුට මිලිටරි අධිකරනයේ නඩු දැමූ අතර, ප්‍රදාන චූදිතයාට මාස දෙකක හමුදා කඳවුරක් තුලම සිර දඬුවමක්ද,කාන්තා සෙබලියකට මසකට ඩොලර් 250 බැගින් මාස 4ක දඩයක් හා නිලයෙන් පහල දැමීමක් කල අතර ඉතිරි අය නිදහස් විය. පවුලක් නඩත්තු කල අහිංසක 23 හැවිරිදි තරුනයෙකුට දින 5ක් තිස්සේ මැරෙනතුරු පහර දුන් අයට ලැබුනු අරුනිට අනුව “බරපතල” දඩුවම් ඕවාය.

ස්ටාලින් රුසියාවේ සිදුවූ ඝාතන ගැන කිඹුල් කඳුලු හෙලන අරුනිගෙන් වියට්නාමයේ හා කාම්බෝජයේ ලක්ශ 50කට ආසන්න මිනිසුන්ගේ ඝාතනය ගැන ප්‍රශ්න කලවිටද ඇය දෙන්නේ අපූරු උත්තරයකි
———-“ලොවට ම හඬ ගා සටන් වදින්නට ගිය යුද්ධයක හා තමන්ගෙ රටේ තම ජනතාවම රහසිගතව මරනා ඝාතකයන් අතරත් වෙනස දකින්න කොහෙත් ම බැරි ද?”———–
එතකොට අරුනිට අනුව ලොවටම හඬගා ගොස් වෙනත් රටක මිනී මරන්නේ වීරයන්ය..’රැම්බො’ලාය..තමන්ගෙ රටේ මිනී මරන්නන් පමනක් ඝාතකයන්ය. මේ අරුනිගේ සැබෑ මූන එලිදරව් වෙන තැන්ය. සිය බ්ලොග් සටහන් වල පණ්ඩිතමානී වදන් වලින් දවටා මේ ‘ජඩ’ ඇමරිකන් ක්‍රමය උත්කර්ශයට නංවන්නට දැඟලුවද ඇයව ප්‍රශ්න කල විට එන්නේ ඔය වැනි ගොං පාට් උත්තරය.

ඉරාකයේ මැරෙන මිනිසුන් ගැනද අරුනිගේ උත්තර ඔයිට දෙවෙනි නැත. එය ඇගේ වචන වලින් ම හා එයට මා දුන් පිලිතුරද පහත දක් වමි.
— යුද්ධය පටන් ගන්නටත් පෙර පටන් ඇමෙරිකානුවන් ඊට විරෝධය පෑවා. ගුවන්තනමෝ ගැන අප්රසාදය ඇමෙරිකානුවෝ පෙන්නුවේ ආණ්ඩුවේ අයගේ බලයත් අහිමි කරමින්. ගුවන්තනමෝ හි සිරකරුවන්ට අමානුෂික වදහිංසා දුන් අයට බරපතල හිර දඬුවම් ලැබුණා. බුෂ් පුතාගේ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆේල්ඩ්ට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වූවා. බලයේ සිටිය දී එහෙම ජනතා විරෝධයක් පාන්නට, සිරකරුවන්ට වදහිංසා කළ අයව හිරේ දාපු, තම ආණ්ඩුවේ නියෝග පිළිපැද අයට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වීමක් ස්ටාලින් රුසියාවෙන්, හිට්ලර් ජර්මනියෙන් හෝ අද උතුරු කොරියාවෙන් ඇහෙනවා ?——

—— ඔව්..යුද්ධෙ පටන් ගන්ඩ ඉස්සෙල්ලා, පටන් ගත්තට පස්සේ, යුද්ධෙ ඇන ගන්න කොට..මේ හැම වෙලාවෙමඇමරිකානුවොවිරෝධය පානවා….වෝල් ස්ට්රීට් එකටත් විරොධය පාන්නේඇමරිකානුවො”……ඒත් සිද්ද වෙන්නේ කානුවොකියන ඒව නෙවෙයිනෙ…..ඒවට ඉන්නව රියල්කානුවොඅනික ඔයඇමරිකානුවොඅප්රසාදය පෑවෙ ආණ්ඩුව ගෙදර යවල නෙමෙයි බුෂ් පුතාව දෙවෙනි පාරටත් ජනාධිපති කරල.
ගුවන්තනමොවල, අබුගරිෆ් වල, ඇෆ්ගනිස්තානෙ බග්රාම්, වගේම තව ලෝකෙ පුරාම රහසි ගතව පවත්වාගෙන යන වධකාගාර වල සිද්දි කීපයක් එලියට ආවම..ලෝක ලජ්ජාවෙන් බේරෙන්න, මේවාට අණ දුන්නු, වධකාගාර පවත්වාගෙන ගිය, වදදීම් නීතිගත කල..ලොක්කොන්ට ප්රමෝශන් දීල බොරුවට..පහලමසෙසු නිලයන්කීප දෙනෙක් මාස කීපයකට හිරේ දාපු එකද ඔයා මේ බරපතල දඬුවම් කියන්නේ………. ඕවා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි බැන්කි මූන්ටයි. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ට ගෙදර යන්න උනේ ඔයා කියනජනතා විරොධයකටනෙමෙයි..හමුදාව තුලින් ඔහුගේ අතිශය දුර්වල යුධ නායකත්වයට හා මූලොපායික අසමත්කමට එරෙහිව නැගුනු විරොධය නිසාඅරුනි ඔයාගෙ කැත ඇමරිකන් ගැතිබව වහ ගන්න බොරු කීම වහා නවත්තන්න.”————

එයට යමක් එක්කරනවානම් කිව හැක්කේ, ඇමරිකානුවන් බුෂ් ව දෙවෙනිවතාවට තෝරා ගන්නේ යුධ විරෝදී ස්තාවරයක් ඉදිරිපත් කල සෙනෙට් සභික ජෝන් කෙරී (Senetor John Kerry) පරාජයට පත් කරමින්ය. රම්ස්ෆෙල්ඩ් සම්බන්ඳ සත්‍ය කතාවද දක්වා ඇති ලෙසම අරුනිගේ බොරුවට හාත්පසින්ම වෙනස්ය. ඔහුට ඉල්ලා අස් වන්නට සිදුවෙනුයේ ඔහුගේ අතිශය දුර්වල යුධ සැලසුම්(abysmal military planning) හා මූලොපයික අසමත්කමට (lack of strategic competence) එරෙහිව මිලිටරිය තුලින් නැගුනු ජෙනරාල්වරුන්ගේ කැරැල්ල (Generals Revoult) ලෙස හැඳින්වූ විරෝධය හේතු කොට ගෙනය. එනම් අරුනි මවා පානා ලෙස යුධ විරෝදී ඇමරිකානුවන්ගේ බලපෑමට නොව ඇත්ත වශ්යෙන්මනම් යුධකාමීන්ගේ බලපෑමටය.

දැන ,දැන මේ ගල් පැලෙන බේගල් අරුනි ඇද බාන්නේ ඇගේ දුශ්ඨ අභිප්‍රාය (Sinister Motive ) එනම් ලංකාවේ මිනිසුන්ට ‘මහා ඇමරිකානු’ සුරංගනා කථාව ගිල්ල වන්නටය.

අනෙක් අතට ලෝකයේ බිහිවූ විශිෂ්ට දාර්ශනිකයෙක් වූ, ධනවාදය තුල කොන්කර ඇති දුක් විඳින මිනිසුන්ගේ නිදහස, විමුක්තිය වෙනුවෙන් දාර්ශනික මතවාදයක් ඉදිරිපත් කල ‘කාර්ල් මාක්ස්’ (Karl Marx) අරුනීට නයාට අඳුකොල මෙන්ය. මාර්ක්ස්ට පරිබව කිරීමෙන් ඇය මහා කාලකන්නි සතුටක් ලබනවා විය යුතුය. මෙය කෙතරම් තුච්ච නින්දිත ලෙස කරනවාදැයි කීවොත්, අරුනි ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයා’ නමින් ලියන ලිපියක, ලැබූ ස්වාධීන ජයක්, පෙන් වූ කුසලතාවයක් හෝ අනුන්ට කරන ලද යහපතක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකුට’ උදාහරණ ලෙස දක්වන්නේ ‘මාර්ක්ස්’වය. මාර්ක්ස්ගේ මතවාදයන්ට වෙනස් මත දරන බුද්ධිමතුන්, දාර්ශනිකයන් පවා, මාර්ක්ස් ලොව පහල වූ විශිෂ්ඨ චින්තකයෙකු බව එක හෙලා පිලිගනියි. නූතන සමාජ විද්‍යාවේ නිර්මාතෘන් ත්‍රිත්වය ලෙස ‘Emile Durkheim’,'Max Weber’ සමග දක් වන්නේ මාර්ක්ස්වය. එන්ගලන්තයේ ‘B.B.C’ සේවාව 1999දී දෙවන සහස්‍රකයේ (millannia) බිහිවූ විශිෂ්ඨතම චින්තකයා ලෙස පාඨක චන්දයෙන් තෝරන්නේ කාර්ල් මාක්ස්වය. වසරේ මානව හිතවාදියා ලෙස වරක් තෝරාගනු ලබන ඔස්ට්‍රේලියානු දාර්ශනිකයෙක් වන ‘Peter Singer ‘ සඳහන් කරන්නේ මාර්ක්ස්ගෙන් ලෝකයට වූ බලපෑම ලොව ප්‍රදානතම ආගම් දෙකේ කතෘන් වන ජේසුස්ගෙන් හා ප්‍රොෆ්ට් මොහොමඩ්ගෙන් සිදුවූ බලපෑම සමග සැසදිය හැකි බවයි. ඇමරිකාවේ ඉහලම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන,’Harvard ‘,’ Princeton’, ‘Yale ‘ එන්ගලන්තයේ ‘Oxford’,'Cambridge’ ඇතුලු ලොව බොහෝ විශ්ව විද්‍යාල වල කාර්ල් මාක්ස්ගේ ඉගැන්වීම් සම්බන්ඳ විශයයන් සාකච්චා කරයි.

ලොව තුල මෙතෙක් පහල වූ විශිෂ්ඨයන් සුලු පිරිස අතරට ගැනෙන, සම්භාවනාවට පාත්‍ර වන කෙනෙක් , පෙන් වූ කුසලතාවයක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකු ලෙස හඳුන්වන අරුනි කොතරම් මනෝ ව්‍යාදියකින් පෙලෙන්නෙකුදැයි සිතා ගැනීම අපහසු නොවනු ඇත. මාර්ක්ස් වැනි දැවැන්තයන් හමුවේ අරුනි හෝ අරුනිගේ පොලිටිකල් ‘දෙවියා’ රොන් පෝල් මොන කැරපොත්තන්ද?

සමූහ ඝාතක අවි ඇතැයි, ලෝකයට කප්පරක් බොරු කියා සිය පුද්ගලික දේශපාලන, ආර්තික වාසි හා පුද්ගල ප්‍රතිරූපය පුම්බා ගැනීම වෙනුවෙන් ඉරාකය ආක්‍රමනය කොට එහි ලක්ශ 6කට අදික අහිංසක ජනතාවක් ඝාතනයට මග පාදාදී, තම රටේ සොල්දාදුවන් 4500 පෙට්ටියෙන් ගෙදර එන්නට සැලස්වූ, තවත් බොහෝ ගනනක් සොල්දාදුවන් පශ්චාත් ‍යුද මානසික රෝග (Post Traumatic Disorders) නිසා සියදිවි හානි කර ගැනීමට සැලස්වූ, සිය රටේ ආර්තිකයද වලපල්ලට හැරි ජොර්ජ් W. බුෂ් නම් දර්ශීය ‘ස්වානුරාගී මනෝව්යාධිකයෙකි’. මෙවැනි නාසිසිස්ටික් ලොසාලා බුරුතු පිටින් සොයාගත හැකි ඇමරිකාවෙන් උදාහරණ නොගෙන සියවස් තුනක් හරහා කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ, බුද්ධිමතුගේ සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨයෙකුට මනෝව්‍යාධියෙක් කීමේ යටි පෙල උවමනාව තේරුම් ගැනීම අමාරු නොවනු ඇත.

අරුනි සේවය කරන මේ කොල්ලකාරී නව ලිබරල් ධනවාදය ඇමරිකාවේද, යුරෝපයේද සීග්‍රයෙන් අර්බූදයේ පතුලට ඇදෙමින් පවතී. පහුගිය වසර කීපය තුලම වර්ධණය වී ඇත්තේ තරුන විරැකියාව, අසහනය ,දුප්පත්කම හා පල්ලිවල ‘සුප් කිචන්’ පෝලිම්ය. ඒවායේ ප්‍රතිපලයක් ලෙස ගෙදර යන්නට වූ 11වෙනි යුරෝපියානු රාජ්‍ය නායකයා වීමේ භාග්‍ය අද ප්‍රංශයේ Nikolai Sarkozi ලැබුවේය. මේ ගරා වැටෙන ඇමරිකන් ක්‍රමය රැක ගැනීමට ආර්තික ඝාතකයන්ද, භූගත හිවල් කණ්ඩායම්ද, ඊනියා ඇමරිකන් නිදහස් මාධ්‍යද, අරුනි ශපීරො වැනි මොල සෝදන වෘක රංචුද හරි හරියට වැඩය.

අරුනිගේ දෙබිඩි මුහුන නිර්දය ලෙස ප්‍රශ්න කල විට දුන් පිලිතුර සිහිකරන්නේ මනොචිකිත්සකයෙක් නොව හිනා නොයන විහිලුකාරයෙක් වන ටෙනිසන් කුරේ වය. එහිදී අරුනි දුමින්ද සිල්වාවද , ගෝඨාබයවද ඇදගෙන අදාල නැති විකාරයක් දොඩවයි. උත්තර දී ගත නොහැකි ප්‍රශ්නයක් මතු වූ විට රාජපෂ රෙජීම කුක්කන් දෙශද්‍රොහින්, අදිරාජ්‍යවාදීන් යයි ඇඟිල්ල දික් කරන ආකාරයටම එම කාසියේම අනෙක් පැත්ත වන අරුනි උත්තර නැතිවිට රෙජීම කුක්කෙකැයි මට ඇඟිල්ල දික් කරයි. ඇත්ත වශයෙන්ම නම් මේ දෙගොල්ලන්ම කරට අතදාගෙන සේවය කරන්නේ ලෝකය සූරාකන එකම හාම්පුතෙකුටය. ඇමරිකාව ඇතුලු බටහිරට, රාජපක්ෂ රෙජීමය සමග ඇත්තේ එක ප්‍රශ්නයකි. එනම් තමන්ට තනිව කන්නට තියෙන දෙයක් චීනය සමග බෙදාගෙන කන්නට සිදු වී තිබීමය.

කියා ගන්නට දෙයක් නැති වූ විට අරුනි මෙන්ම ‘ඇමරිකානු’වෙක් වන ගෝඨාව ඇදගෙන නන් දෙඩෙව්වද අවසන් විග්‍රහයේදී රාජපක්ෂ රෙජීම හොරුන් සමග අරුනිලා හෙලුවෙන්ය. බලන්නටත් අප්පිරියා අරුනිගේ ජුගුප්සාජනක හෙලුව , ‘මනෝචිකිත්සක’ සීතාම්බර පට සලුවෙන් වසා ගන්නට බැරි බවද කිව යුතුය.

74 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

tharu22 said...

"දැවැන්ත අර්බුදයකට ගොස් ඇති" ධනවාදයට කඩේ යන අරුණිත් හෙලුවෙන්, දැවැන්ත ඩයිනසෝරයන් වගේ ලෝකෙන්ම අතුගෑවිලා ගිය මාක්ස්/ලෙනින් වාදයට කඩේ යන උනුත් හෙලුවෙන්. කොහොමත් ඉතින් අන්තර්ජාලයේ වැඩියෙන්ම තියෙන්නෙ හෙලුවැලි පින්තූර තමා.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

// දැවැන්ත ඩයිනසෝරයන් වගේ ලෝකෙන්ම අතුගෑවිලා ගිය මාක්ස්/ලෙනින් වාදයට කඩේ යන උනුත් හෙලුවෙන්.//

:D

කතන්දර Kathandara said...

මෙහෙමයි. අරුණී ගේ පොලිටිකල් ඇජෙන්ඩා එකක් තියෙනවා අපි කොටි කාටත් වගේම. මං හිතන්නේ එයා උග්‍ර රිපබ්ලිකන් හාඩ් ලයිනර් කෙනෙක් කියායි. අරුණී ඔබාමාට කැමතියි මං හිතන්නේ නෑ ඔබ කියා තිබුණාට. මට මතක හැටියට අරුණී ඔබාමා ගේ හෙල්ත් රිෆෝම්වලට විරුද්ධයි.

ඉතිං ඔයා ඔබ ඔබේ ඇජෙන්ඩා එකට අනුව මේ බ්ලොග් එක කරගෙන යනවා. මං මගේ ඇජෙන්ඩා එක අනුව මගේ එක කරගෙන යනවා. අරුණීත් එහෙමයි.

ලෝකෙ නිකං බෝලෙ වගේ කැරකෙනවා!

කතන්දර Kathandara said...

මගේ අංකල් කෙනෙක් හිටියා පොර කොච්චර දක්‍ෂිනාංශික ද කියනවා නං ජිමී කාටර් පරදලා රොනල්ඩ් රීගන් දිනනවාට රතිඤ්ඤා පත්තු කරන්න පවා ගියා. ඒකට හේතුව රීගන් ගේ රිපබ්ලිකන් පොලිසි, ඊශ්‍රායලයට කරන උදව් වගේ ඒ දවස්වල අපේ විෂයය පඨයට දුරස්තර හේතු නිසා.

http://kathandara.blogspot.com/2009/08/blog-post_10.html

මට අරුණී ගේ ලිපි බලන කොට මතක්වෙන්නේ පොරවයි.

කතන්දර Kathandara said...

මෙන්න බලන්න මං අරුණී ෂපීරෝට පාඩමක් උගන්වපු හැටි:
http://kathandara.blogspot.com.au/2011/06/blog-post.html

!!!

Anonymous said...

මොනවද ඕයි! මම මෙතනට ආවෙ පොටෝ ටිකක් බලන්න. :P

Anonymous said...

මම මේක කාලෙක ඉදලා දැක්කා අරුණිගෙන්. අරුණි මේක දැක්කොත් හොඳයි.

ජාත්‍යන්තරය කෙසේ වෙතත් රටින් පිට වෙලා තමන්ගෙත් තමන්ගේ දරුවන්ගෙන් ආනාගතය ස්ථාවර කරගත්තට පස්සෙ තමන් හිටපු රටට දැයට වින කරන විදිහෙ කතා නොලියා ඉන්නවත් අරුණි ශිෂ්ඨසම්පන්න උනොත් කොච්චර දෙයක්ද?

ක්සැන්ඩරයා said...

ඇමරිකන් මත ගිල්ලන්න අරුණිලා ඕනේ නෑ. අද ඉතින් කී දෙනෙක් ඒ දේ දැන හෝ නොදැන කරනවද? අනිත් එක tharu22 අපුරුවට කියල තියෙන්නේ හරි කතාවම.

Anonymous said...

@ thru222 and "Buwa"

wow gentlemen you looks stunning in your immaculate Tailcoats and Top hats.....handsome guys handsome


(good if isn't empty under the top hats)

Anonymous said...

@ Kathandara,

i dont have anything against someone having his or her own political opinion or agenda but what Aruni shapiro doing is pretending as an intelectual who discuss 'psycology' or related subjects, and carryingout her sinister agenda under the cover of that....can you imagine a real intelectual calling Karl Marx a nasisitic looser no matter you agree or disagree with marx's theories.

by the way I can not go to your blog since couple of weeks ...browser get stuck...seems to be having some technical issue(may be it grown too big) check with your followers whether others getting the same issue.

Anonymous said...

Xander brother...if you do not need aruni to swallow 'american pie' and you can do it by your self ..great i salute that...

but this is for the people unwittingly falling in to 'american dream' or nightmare for that matter..by swallowing the aruni's pill coated with 'psycology' icing

සරත් ලංකාප්‍රිය said...

දෙපැත්තෙන්ම ගුටි කන්න සිදු උනත් නොලියා බැහැනේ අත කසනවා. දෙපාරක් තුන්පාරක් ඇවිත් නොලියා ගියා. මමත් ඔය අර වාද මේ වාද ගැන කෙස් පැලෙන තර්ක කරපු මිනිහෙක් තමයි ලෝකේ ඔය දෙවාදයම රජකරනවයි කියන රටවල් වල සැරි සරල ඇත්ත දැනගන්න ඉස්සර.. ඔය හැම වාදේම හොඳයි හාන්සිපුටුවල ඉඳන් තර්ක විතර්ක කරන්න. ඔක්කොම වාද යටයි මනුස්සයාගේ හිතේ සහජයෙන්ම ඇති තන්හාවටයි බල කාමයටයි.. (බල කාමයත් ඉතින් තණ්හාවේ පැති කඩක්ම තමයි.) ඔය සංගදිය තමයි ඔය සමාජවාදී කියන රටවල් වලට අත් උනේ.. සමාජ වාදේ අන්තිමට සමාජ වදයක් වෙලා තමයි ඉවර වෙන්නේ.. ඔය වාද දෙකේම තියෙන තියරි ගත්තම එවුව හරියට වැඩ කරනවා නම් මනුස්ස ලෝකේ මෙහෙම තියෙන්න බැහැනේ.. මොන වාදෙත් හරියට ප්‍රතිපල දෙන්නේ ආත්මාර්තකාමෙන් තොරව අනුන්ට සේවය කරන්න උපන් ඉතාම විරල ගනයේ මනුස්සයෝ නායකයෝ වෙලා ඉන්න කන් විතරයි ඊට පස්සේ ජලන් හුටං.. අර උතුරු කොරියාවේ පෙනෙන්නේ නැද්ද සීයාගේ හිටන් මුනුබුරා දක්වා පවුලක් රට පාලනේ කරන හැටි ? ඔය සමාජ වාදේද ? පුද්ගල තන්හාවේ ශක්තිය මත රැඳෙන ධනවාදී තරඟකාරී ආර්ථිකේ වැඩ කරන හැටි අපි දැන් දැක්කනේ ඇමෙරිකාවේ යුරෝපයේ ආර්ථික අර්බුදයෙන්.. මොන මගුල හරියට කෙරෙන්නත් ඉස්සෙල්ල මිනිස්සුන්ගේ මනස හැදෙන්න ඕන.. තන්හාව මනුස්ස මනසේ රජකරගෙන ඉන්න තාක් කල් කොයි වාදෙත් අන්තිමට වදේ වෙන එක ඉවර වෙන්නේ නැහැ.. ඒ හින්දා ඔය වාද වලට සුදු හුණු ගැන එකේ හරි කළු පාට ගැන එකේ හරි වැඩක් නැහැ සහෝ.. ඉස්සෙල්ලම අපි අධ්‍යාත්මිකව හැදෙන්න ඕනා.

Anonymous said...

සිරාවටම ඕකී පට්ට වේ**යෙක් !!!!

ශණි शनि said...

ඇත්තම කියන්න, මමත් මේ වගේ ලයින් එකක පෝස්ට් එකක් ලිව්වා “අරුණි ශපීරෝ ගෙන්“ බ්ලොග් එක ගැන. ඒත් “සැකයේ වාසිය විත්තියට“ දීලා මං ඒක පබ්ලිෂ් කළේ නැහැ.
කතන්දරකාරයා කියනවා වගේ අපි කවුරුත් අපේ බ්ලොග් පවත්වාගෙන යන්නේ අපි විශ්වාස කරන දේශපාලනික, ආගමික අදහස් වෙනුවෙන් තමයි. ඒ වුනත්, අරුණිගේ බ්ලොග් එකේ ඊට වඩා වෙනසක් තියනවා. මං ලියලා පළ නොකළ ලිපියේ හඳුන්වලා තියෙන්නේ මේ ලයින් එක සී අයි ඒ ලයින් එකක් හැටියට.
මගේ අදහස වුනේ මෙහෙස එකක්. “අරුණි ශපීරෝ මුල් කාලයේදී විද්යාඑත්මක හා මනෝවිද්යා ත්මක සාරගර්භ ලිපි මගින් පාඨක අවධානයත් ආකර්ශනයත් දිනා ගන්නවා. ඊට පස්සෙ ටික ටික අධිරාජ්යලවාදී මතවාදය පතුරවනවා. ඒ විතරක් නෙවෙයි, එයා ඉදිරිපත් කරපු සමහර තර්ක අතිශයින්ම බොළඳයි. තර්කයෙන් පැරදෙනකොට එයා නොකියා කියන්නෙ ලංකාවේ ඉන්නෙ අමන රැළක් කියල. එයාට සපෝට් කරල කමෙන්ට් දාන අතළොස්සක් දෙනාත් ඒ අතරෙ ඉන්නව.
ඒ කොහොම වුනත් ලිවීමේ නිදහස කාටත් තියනව. ලියන දේ පිළිගැනීම බුද්ධියට බාරයි.
උඩින් තියන එක් කමෙන්ට් එකක් ගැනත් කියන්න ඕනැ. “අර්බුදයකට ගිහින් තියන ධනවාදයට කඩේ යන අයත් අතුගෑවිලා ගිය මාක්ස් ලෙනින් වාදයට කඩේ යන අයත්.....“ මාක්ස් ලෙනින් වාදය කියන්නෙ මොකක්ද කියල දන්නැති අය හිතන දෙයක් තමයි සෝවියට් දේශය බිඳී යාම හරහා මාක්ස්වාදය අවලංගු වුනයි කියන එක. ඒත් ඒගොල්ල දන්නෙ නෑ සෝවියට් දේශය බිඳී ගියේ මාක්ස්වාදය පැත්තකට දාලා ස්ටාලින් විසින් අටවාගත්ත දෙවැනි ජාත්ය්න්තරයේ ම්ලේච්ඡත්වය නිසා බව.
මාක්ස්වාදය හරියටම අධ්ය්යනය කළේ ධනවාදීන් විසින්. ඔවුන්ට ඒ නිසාම පුළුවන් වුනා, ධනවාදයේ පැවැත්ම වෙනුවෙන් නිසි වෙලාවට නිසා පියවරයන් ගන්න. ඒ වගේම, බහුතරයක් ලෝක සත්වයා රවටාගෙන තමන්ගෙ පැවැත්ම හා වර්ධනය සහතික කරගන්න. ධනවාදියා ජනතාව තුළ තියෙන සෑම ප්රාතිගාමිත්වයකින්ම, දේව විශ්වාසයෙන්, අන්ධ භක්තියෙන්, මෝඩකමෙන්, කෑදරකමෙන්, උපරිම පළ නෙලාගන්නවා.

හෙලයෙකුගෙන් ලොවට said...

ඔක්කොම(ඔක්කොම කිව්වම ඔක්කොම, මතක් වෙන හැමදේම) නිකං පතෝල වගේ.. ගුණත් නෑ, රසත් නෑ. මේ ගමනේ කෙලවරක් දකින කම් හැමෝම මොනවා මොනවාහරිම කොරන්න එපායෑ...

Vimukthi said...
This comment has been removed by the author.
Vimukthi said...

සිංහල බ්ලොග් අවකාශය තුල රස්තියාදු ගහන අධිපති වාදී ජාතිවාදී නිර් දේශපාලනික නිර් සමාජවාදී කොමෙන්ට් කරුවන් සන්විදනත්මකව අසත්‍ය වපුරවමින් අන් මත ඉතා තුච්චලෙස හෙලා දකිමින් සිටී. සමාජ වාදීන්ට බ්ලොග් අවකාශය තුල සංවිදානය වීමට කාලය එලබ තිබේ. එවන් එකමුතුවකට ඉතා කැමැත්තෙන් එක්වීමට අපි බල සිටිමු.

sAm (සෑම්) said...

චේගුවේර මාකස් ලෙනින් වුනත් දැන් ත්‍රීවිල්වල පොටෝවලට සීමා වෙලා

ඇඩ් එකට විතරක් එයාලව භාවිතා කරනව වගේ. දර්ශණය නැතිකරල

Anonymous said...

කොහොම වුනත් ඇගේ මතයට විරුද්ධව කවුරු හරි පැහැදිලි කිරීමක් කලොත් එයා නිර්දය ලෙස එය විවේචනය කරනවා.ඒක හරි කියමු.

හැබැයි සිහිසටහන් ලියන චානුක වත්තේගම දවසක් අරුණිගේ පෝස්ට් එකකට කමෙන්ට් එකක් දමලා තිබුනා තමන් නොදන්නා දෙයක්, වැරදියට සුපුරුදු පරිදි තමන්ගේ පාණ්ඩිත්වය ලෝකෙට පෙන්නන්න. එතනදී චානුකගේ හෙළුව කිහිප දෙනෙක් විසින් හෙළිදරවු කෙරෙද්දී අරුණි කලේ චානුක වෙනුවෙන් කතා කිරීම.

අරුණිගේ ලිවීමේ අයිතියට ගරු කලත්, ලංකාව තුට්ටු දෙකේ රටක වෙලා තිබුනත්, අරුණිට ලංකාවේ තත්වයන් ගැන එහෙමට තේරුමක් නැහැ.

tharu22 said...

මචන් kashyapa1917, සින්හල බ්ලොග් එකට සින්හලෙන්ම කොමෙන්ට් දැම්මනම් නේද හොද? ඉන්ගිරිසියෙන් දාන්නනම් ඕනම නම් අඩුගානෙ spell check එකක්වත් පාවිච්චි කරපන්. ආ, අර ඉමැකියුලට් ටේල් කෝට්, ටොප් හැට් සෙට් එක උඹ ඉල්ල ගත්තෙ ලෙනින්ගෙන්ද බන්?
Mobileman, මාක්ස් ලෙනින් වාදය නියෙමෙට දන්න පොරවල්ට ඕක කිසිම රටක අටව ගන්න බැරි වුන එක හරි පුදුමයි නේද බන්?
මචන් Vimukthi, සන්විදානය වෙයන්, සන්විදානය වෙයන්, උඹලගෙ මනෝ රාජ්‍ය අටව ගන්න ඉන්ටර් නෙට් එක කියාපු තැන බන්.

Sujeewa Kokawala said...

:) අරුණි ගේ සංවාද කලාව ගැන ලොකු මනාපයක් නැහැ. ඒත් තමන්ගේ දේශපාලන අදහස කියන එකේ වරද මොකද්ද? අනික ඔය සමාජවාදීන් කියන කට්ටිය අරුණි තරම් වත් සංවාද කරනවාද? බණ දේශනා මිස.

අරුණිට නොබැන ඇය ගෙන එන දේශපාලන කරුණු සාකච්චාවට ගත්තනම් අගෙයි නේද? එයා වැරදි නම් ඔබ එය නිවැරදි කරන්නකෝ.

Sujeewa Kokawala said...

සරත් ලංකාප්‍රියාගේ මේ අදහස නම් රත්තරන්.

[[මමත් ඔය අර වාද මේ වාද ගැන කෙස් පැලෙන තර්ක කරපු මිනිහෙක් තමයි ලෝකේ ඔය දෙවාදයම රජකරනවයි කියන රටවල් වල සැරි සරල ඇත්ත දැනගන්න ඉස්සර.. ඔය හැම වාදේම හොඳයි හාන්සිපුටුවල ඉඳන් තර්ක විතර්ක කරන්න. ඔක්කොම වාද යටයි මනුස්සයාගේ හිතේ සහජයෙන්ම ඇති තන්හාවටයි බල කාමයටයි.. (බල කාමයත් ඉතින් තණ්හාවේ පැති කඩක්ම තමයි.) ඔය සංගදිය තමයි ඔය සමාජවාදී කියන රටවල් වලට අත් උනේ.. සමාජ වාදේ අන්තිමට සමාජ වදයක් වෙලා තමයි ඉවර වෙන්නේ.. ඔය වාද දෙකේම තියෙන තියරි ගත්තම එවුව හරියට වැඩ කරනවා නම් මනුස්ස ලෝකේ මෙහෙම තියෙන්න බැහැනේ.. මොන වාදෙත් හරියට ප්‍රතිපල දෙන්නේ ආත්මාර්තකාමෙන් තොරව අනුන්ට සේවය කරන්න උපන් ඉතාම විරල ගනයේ මනුස්සයෝ නායකයෝ වෙලා ඉන්න කන් විතරයි ඊට පස්සේ ජලන් හුටං.. අර උතුරු කොරියාවේ පෙනෙන්නේ නැද්ද සීයාගේ හිටන් මුනුබුරා දක්වා පවුලක් රට පාලනේ කරන හැටි ? ඔය සමාජ වාදේද ? පුද්ගල තන්හාවේ ශක්තිය මත රැඳෙන ධනවාදී තරඟකාරී ආර්ථිකේ වැඩ කරන හැටි අපි දැන් දැක්කනේ ඇමෙරිකාවේ යුරෝපයේ ආර්ථික අර්බුදයෙන්.. මොන මගුල හරියට කෙරෙන්නත් ඉස්සෙල්ල මිනිස්සුන්ගේ මනස හැදෙන්න ඕන.. තන්හාව මනුස්ස මනසේ රජකරගෙන ඉන්න තාක් කල් කොයි වාදෙත් අන්තිමට වදේ වෙන එක ඉවර වෙන්නේ නැහැ.. ඒ හින්දා ඔය වාද වලට සුදු හුණු ගැන එකේ හරි කළු පාට ගැන එකේ හරි වැඩක් නැහැ සහෝ.. ඉස්සෙල්ලම අපි අධ්‍යාත්මිකව හැදෙන්න ඕනා]]

පරමාදර්ශී මිනිසුන් මත යැපෙන සාම දර්ශනයක් ම හරි නොයයි. එහෙම පරමාදර්ෂින් සිටී නම් දර්ශන වෙනම උවමනා නොවේ.

බිඟූ said...

පින්තූර ටික කෝ..
හික්ස්...

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

@ලිපියේ කතෘ- ඉංග්‍රිසි පොත් කියවලම සිංහල ලියන්න කම්මැලියි වගේද ? ටොප් හැට් යට මිනිස්සුන්ගේ තත්වය කොහොම වුනත් අමුඩයක් ඇඳන් ඉන්න ගමන් දිව්‍ය සලුපිලි ඔතාගෙන ඉන්නවාය කියල හිතන ඇයින් පිරිසකුත් ඉන්නව

Sujeewa Kokawala said...

කෙසේ වෙතත් මේ සටහන සමග කිනම් මතවාදී ප්‍රතිවිරෝධතා තිබ්බත්, ඇමරිකානු ක්‍රියා කලාපය සහ ඊට ඇතැමුන් සුදු හුණු ගා ඇමරිකාව ලෝකයේ උත්තම දේශයක් බවට උස්සා තබන කඩේ යාම ගැන මේ ලියුම්කරු සමග එකඟයි. මෙය හුදෙක් අරුණි ශපීරෝ ට පමණක් ඇති රෝගාබාධයක් හෙම නොවේ.

Vimukthi said...

It is really interesting to study why people (especially people like BUWA, thru222) hate socialism. Marx, Lenin, and Engels they talk about common general people, who can’t stand against the natural selection which appears as capitalism in generally. However, people who wandering in Sinhala blog space the worst enemy is socialisms. Gentlemen you may enjoy your blogs living inside an AC room, but it does not mean that you have any connection with capital. You are still workers who gets monthly wage. Remember brothers your dreams want last long!!

චතුර විජේකෝන් said...

මම ද අරුණි අක්කාගේ ඇතැම් ලිපි සමඟ කිසි සේත් එකඟ නොවෙමි.. ඇය සිරි ලකෙන් බොහෝ දුර සිය හිතත් කයත් පවත්වා ගෙන යන්නියක් බැවු පැහැදිලිය.. එහෙත් මා එකඟ වන දෑ මෙන්ම නොවෙන දෑ ලියන්නට ඇයට අයිතියක් ඇති බැවු මතක් කරමි.. ඇය අධිරාජ්‍යවාදීන් ගේ කොන්ත්‍රාත්තුවක් කරනවාදැයි මට පැහැදිලි නැත.. එහෙත් ඇය ලංකාවේ වත්මන් හදගැස්ම නොහඳුනන බව නම් පැහැදිලිය..

ලියන්නා කෙසේ ලීවත්... කියවන්නා සිහිබුද්ධියෙන් කියවනවා නම් වැඩේ බොහෝ දුරට කම්මුතුය..

මාක්ස් වාදය ආදී වූ සමාජ වාදයේ ප්‍රතිරූපක වාදයන් තුළ තිබුණේ සැබෑ සමාජවාදය පමණකැයි මම මොහොතකටවත් නොසිතමි.. එහෙත් ඒ තුළ සමාජවාදයේ සරුසාර ලක්ෂණ ගැබ්ව තිබූ බව රහසක් නොවේ..

ලෝකයේ කියවෙන්නා වූ මහත් වූ වාදයන් අතර මිනිසුන් අතරමං වෙද්දී මිනිස්කම අපෙන් ගිලිහී ගියේය...

අප අපගේ ෆැන්ටසිය තුළම ගැලවුමක් සෙවිය යුතුය.. හැමෝම දනිති.. හැමෝම මඟ පෙන්වති.. අනුගාමිකයෝ නැත..

මම අනුගාමිකයෙක් වෙන්නට වෙර දරමි.. අනුගමනය කරන්නට දහමක් ඇත.. එය මළ කා කලු ව ගොස් ඇත... හඳුනා ගන්නට අපහසු තරම් වෙනස් වී ඇත.. පිළිසකර කර ගත යුතුය.. පිළිසකර කරන්නෝ බොහෝය.. ඔවුහු තනි තනිව උත්සාහ කරති..

ලෝභය, ද්වේශය, මෝහය ම වගා කරති..

අරුණි අක්කා ඉන් එයෙක් පමණි.. ඇයගේ පමණක් රෙදි ගැලවීම සාධරණ දැයි නොදනිමි..!

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

//ඇය ලංකාවේ වත්මන් හදගැස්ම නොහඳුනන බව නම් පැහැදිලි//

වර්ථමාන ලාංකීය හදගැස්ම හඳුනාගත්තාම දැනෙන අප්පිරියාව නිසාත් , ඇමරිකාවේ ඉන්න අරුණි ට ඒක හඳුනාගැනීමෙන් අත්වෙන ප්‍රයෝජනයක් නැති නිසාත් මම හිතන්නේ ඒක වඩා හොඳයි කියල

ලොකු පුතා said...

අරුණි ශපිරෝගේ ලිපි කීපයක් මමත් බලල තියෙනවා. අදහස් දක්වලත් තියෙනවා.
එයාගේ ලිපිවල තියෙන මම අකමැති යම් යම් කරුණු නිසා දැන් ඒ පැත්තේ යන්නෙම නැති තරම්.

Anonymous said...

තෘරු22 & සුජීව ,දනවාදී මුරගලේ බහිරව රූප දෙකට,
ල0කාව කියන රට හෝ 3වන ලෝකයට අයිතිවෙන රටවල් ඵකසියගාන අනුගමනය කරන්නේ දනවාදී ආර්තික
ක්‍රමයද සමාජවාදී අර්තික ක්‍රමයද කියලා කියන්න පුලුවන්ද?????
ඵ්තකොට ඵ් රටවල් කවදාවත් දියුනුවෙන්නෙ නෑත්තෙ ඈයි කියලා කියන්න පුලුවන්ද??????ඵ් රටවල ස්වාබාවික සම්පත් හා ශ්‍රම බලය කොහාටද යන්නෙ කියලා කියන්න පුලුවන්ද?????
ලෙනින්ලා ගෑන නන් දොඩවන නුබලට ල0කවේ JR ප්‍රේමදාස මර්වින් සිල්වා බන්දුල ගුණවර්දණ ජොන්ස්ටන් ............................ වගේ දනවාදියෝ ගෑන මොකද හිතෙන්නේ????????????

අනික උතුරු කොරියාවේ පවුල් පාලනය ගෑන බෙරිහන්දෙන රටවල් දනවාදයේ ඉදිරිගාමී හා පසුගාමී රටවල් අතිබහුතරයක තියෙන්නෙත් පවුල් පාලනයක් බව අමතකකරන්නේ ඈයි????උදාහරණ කියන්න ඔනෙ නෑනේ!!!!
අනික ඈමරිකවේ උනත් වෙනවෙන පවුල්වල උනාට ඵකමසමාජයකට අයිතිවෙන (කුප්‍රකට බර්කන්බර්ග් සමාජය )ඵකම ප්‍රතිපත්ති දරන CIA විසින්මෙහෙයවන ඵකම සමාජයකට අයිති වෙනස් මූනත්තහඩු දෙකතුනක් නේද පාලනය ගේයන්නේ???
ඈමරිකාවේ ජනතාව පවා මෙම පිරිස 1% සමාජය ලෙසත් සාමන්‍ය ජනතාව 99% සමාජය ලෙසත් දෑන් හදුන්වන පටනරන් නේද තියෙන්නේ??????????
***Arun***

prabath's blog said...

පන්ති පරතරය සහෝ. වෙන මුකුත් නෙවෙයි.

Anonymous said...

ල0කාවත් අවුරුදු 67ක් දනවාදය පස්සේ ගිහිල්ලා දෑන් නන්නත්තාර් වෙලා ඉන්නෙ..........
පාන් ගෙඩියක්ම 60ක් විතර වෙනවා(පාන් ගෙඩියක් මිස රාත්තලක් නොවේ)ෆුට්බෝලෙට පයින්ගහනවා වගේ මිනිස්සුන්ට බදු ගහනව....අන්තිම ගෑලවීම විදියට පෙනුනු තෙල් සම්පතත් ඉන්දියාවටම සින්නවෙච්චි..!!...!!!...ඔන්න දනවාදයෙන් අපිට ලෑබුනු බම්බුව.
චන්ද ටිකත් ජිල්මාට්ලු ඵ් උනාට ලෝකෙට පොජාතන්තරවදය දෙන්න යන තෘරු 22,සුජීව ලා වගේ පණ්ඩිතයෝ ඉන්නෙ ඵ් ජිල්මාට් රටේමයි.හෑබෑයි ඵ්වාට කටයි පුකයි දෙකම වහගෙන.
බොලව්නේ ලෙනින්ගෙ ප්‍රප්ජාතන්තරේ හොයන්න කලින් උබලා ඉන්න රටේ පොජාතන්තරේ තියනවාද ඵ්හෙන නෑත්නම් ඵ් වෙනුවෙන් පොජාතන්තරේ මුරගල් දෙක වන තමුනාන්සේලා ගත්ත පියවරවල් මොනවාද කියලාදෑනගන්න පුලුවන්ද?????
නෑත්තන් රම්බෝ බලලා පෝම්වෙලා කහබිලියා ගාල්වල හිටන් බල්ටිගහන මෝඩ ජෝකර්ලා කියලා තමයි උබලා ගෑන හිතගන්න වෙන්නේ!!!!!!!!

ඵ්හෙමනෑත්නම් වෑටුප්ලබන මොලශෝදකයො වෙන්නත් බෑරිනෑ!!!!!!!!මොකද අද හුගක්දෙනෙක් අනුන්ට හෙනගහලා ගියත් තමුන්ගේ අතට කුට්ටිය ඵ්නවනම් ගොඩක් දහජරාවෑඩ කරන්න දතකට මෑදගෙන බලාන ඉන්නවා නේ!!!!!!ඔක දන්න
CIA ස0විදනය හෑමරටකම මාද්යවෙදීන් බුද්දිමතුන් ආගමීක පූජකයින් වේශයෙන් මතවාද කන්දුකරවන වෘත්තීය මොලසෝදන්නන් නඩයක් නඩත්තුකරනවා.ඔවුන්තමයි USA අන් රටවල් හූරන්කනකොට නෑගෙන ජනවිරෝදය වෙනතකට යොමුකරන්න පක්කලිකම් කරන්නේ!!!!!!ඔවුන් පෙනුමෙන් අහින්සක බුද්දිමත්තු හෑබෑයි ඈතුලෙන් ඩයිනමයිට්.
නෑත්තන් කොහොමද ආතල්ඵ්කේ ඈමරිකාව තුන්වන ලෝකය හූරන්කන්නේ නේද????????

නිර්දේසපාලනිකයෑයි බෙරිහන්දෙන ඈමරිකාවේ ප්ලෙබෝයි සගරවේ සිට හෑමදෙයකම ඈත්තේ දේසපාලනයයි.ල0කාවේ ගොන්දෙපෑය ගොන් සමනලයෝ බලන ගොන්න්නුන්ට තේරෙන්නෑත්තෙත් ඔකයි.තේරෙන ඵ්කාගේ කටටත් මොකක් හරි ජරාවක් ඔබපුහාම ඌත් ඉවරයි.දනවාදී දේසපාලනයේ සාර්තකත්වය තියෙන්නේ ඔතන තමයි.හෑබෑයි වෑඩිකල් නොවෙයි කියලා හිතමු.මොකද නෑත්නම් අපේ රට අපේ සම්පත් අපේ අනාගතපරපුර ඉවරයි.
හෙට අනිද්දට අපේම රටේ තෙල් ලීටරයක් රු දෙසියපනහට විතර ඉන්දියන් ඵ්කෙන් ගහගන්නකොට ආතල් නේ!!!!!!!!!!!!!!!!!!!!!!

Vimukthi said...

It is really interesting to study why people (especially people like BUWA, thru222) hate socialism. Marx, Lenin, and Engels they talk about common general people, who can’t stand against the natural selection which appears as capitalism in generally. However, people who wandering in Sinhala blog space the worst enemy is socialisms. Gentlemen you may enjoy your blogs living inside an AC room, but it does not mean that you have any connection with capital. You are still workers who gets monthly wage. Remember brothers your dreams want last long!!

Lanka English Book Team (සිංහල ඉංග්‍රීසි වෙබ් අඩවිය) said...

good post macho

සරත් ලංකාප්‍රිය said...

හැම කෙනෙකුටම තමන් ඒ අවස්ථාවේ පිළිගන්න මතය (එහෙම කියන්නේ ඔය මත තමුන්ගේ දැනුම අත්දැකීම හා විශ්වාස වෙනස්වෙනකොට වෙනස්වෙන නිසා. හැමදේම වෙනස්වෙනවා..) ප්‍රසිද්දියේ කියන්න නිදහස තියෙන්න ඕන අපහාස නොවිඳ .. ඇයි අපේ සාමාන්‍ය මනුස්සයින්ට වැඩියෙන් ඉදිරියෙන් ඉන්නවයි කියල හිතන, එහෙම පෙන්නන්න හදන අය විරුද්ද මත ප්‍රකාශ කරන අයට මඩ ගහන්නේ පුද්ගලික අපහාස කරන්නේ ? අපි අනුන්ගේ මත ඉවසන්න වත් සුදානම් නැත්නම් අද ; හෙට කොහොමද සමාජවාදයක් කරන්නේ ? ඔය නිරුවත් වීම සහ පින්තුර සහිතයි කියල දැමීමම එක පැත්තකින් ගැහැනියකට අපහාසයක් විතරක් නෙවෙයි කුණුවල ඉහගෙන කෑමක්.. ලිංගික සුරාකෑමයි කියන එකේ තව පැත්තක්නේ ගැහැණියකගේ නිරුවත ගැන කතාකරලා පින්තුර ගැන කියල ඒ ලිපියට මිනිස්සු අද්දාගන්න එක.. අරුණිගේ ලිපිවල අන්තර්ගතය ගැන බොහෝවිට එකඟ නොවෙන්නෙක් මමත්.. එත් එයා ලියන දේ වලට එයාගේ බ්ලොග් එකේම අදහස් දාල තර්ක කරන එක වඩා උචිතයි.. හැබැයි ඉතින් පුද්ගලික මඩ ප්‍රහාර වලින් තොරව.. අනේ මන්දා සමහරු ලංකාව දාල ගිහිල්ල බටහිර දනවාදී කියන රටක පුරවැසිකමයි එකේ ආරක්ෂාවයි අරන් ලංකාවේ විප්ලව කරන්න හදනවා.

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

සරත් - ඔබේ අදහස් වලට එකඟයි , එකම වෙනස මම අරුණිගේ මතවාදයන්ට එකඟ වීම පමණයි

Anonymous said...

Mamath inne aruni ge ratey thamai,,
Matath danila thiyenawa aruni katha karanne me rata eyage kiyala.. Anunge ratey api hamadamath 2weni. Suddo hello kiyala moonata,, adi 2k gihin apita nakkaleta hina wenawa. Ehew rataka inna aruni unta kadey yanawa,,,

tharu22 said...

Anonymous නමින් කොමෙන්ට් දාපු අයියලාට...
මා ධනවාදය සර්ව සම්පූර්ණ හෝ අර්බුද වලින් තොරයැයි කිසිවිට පවසා නැත. පළමු කොමෙන්ට් එකම හරියට කියෙව්වානම් මොළයක් ඇති එකෙකුට ඒ බව වැටහෙනු ඇත.
ප්‍රේමදාස මර්වින් සිල්වා බන්දුල ගුණවර්දණ ජොන්ස්ටන් ආදී කිසිවෙකුට (අවශ්‍යනම් ඔබාමා, බුශ් ආදී නම්ද ඈදෑ ගන්න ) පු.. දී නොමැත්තෙමි. එහෙමයි කියල ලෙනින්ට, මාක්ස්ට, විජේවීරට හෝ ප්‍රේමකුමාර්ට පු.. දෙන්නට තරම් ගායක්ද නොමැත.

@Vimukthi - capitalism (අද ලෝකයේ භාවිතාවන ආකාරයට) සහ natural selection යනු සමාන පද නොවේ. ඔබ social Darwinism සහ capitalism යන දෙක පටලවා ගෙන ඇති සෙයක් පෙනේ. ඒව මේව කොහොම උනත් අනේ මචන්, එක්කො සින්හලෙන් ලියන්න ඉගෙන ගනින්, නැත්නම් හරියට ඉන්ග්‍රීසි ලියපන්. ලෝකෙ වෙනස් කරන්න කලින් අඩු ගානෙ එක බාසාවක්වත් හරියට ඉගෙන ගත්තොත් හොද නැද්ද?

Vimukthi said...

ඉංග්‍රීසි ගොඩක් හොදට දන්නා තරු විසිදෙකේ මහත්තයට, (To tharu22),
මහතයෝ මම ඔයා වගේ පරමේෂ්වර තත්වයට ඉංග්‍රීසි වත් සිංහලවත් ඉගෙන ගෙන නැත ( ඔයා කියල තියන විදියට ඔයාට ඉංග්‍රීසි වලට හා සිංහලවලට ආදී වශයෙන් PhDදෙක තුනක් තිබිය යුතුය). මට භාෂාව දැනුම ලබා ගැනීමේ හා හුවමාරු කර ගැනීමේ මද්‍යක් විනා එය හරියටම තිතටම දැනගෙන බ්ලොග් වල පඩ ෂෝ දැමීමේ ගොන්පාට් එවක් නොවේ. මම මොකාගෙන් හෝ ඉගන ගැනීමට සැදී පැහැදී සිටිමි, මගේ මවුබස ඉංග්‍රීසි නොවන නිසා එය වැරදීමට හොදටම ඉඩ ඇත. එනිසා කරුණාකර ඉහත කොමෙන්ටුවේ මගේ වැරදි නිවැරදි කරන්න. නැතම් ගොන්පාට් දැමීමෙන් වැලකි සිටින්න. ඉංග්‍රීසියෙන් කොමෙන්ටුව දැම්මේ ට්‍රාන්ස්ලිටරටරයෙන් අකුරු කෙටීමට කාලයක් නොමැති බැවිනි.
(ඔහේට මර පු... තියන පාටයි.එක කොහොමහරි මහින්ද මාමා ගෙන් බේරගන්න.)

I think you better read the comment correctly. At any point, I did not mention that, capitalism and natural selection as synonyms. I have tried to emphasize the fact that natural selection (“survival of the fittest") is reactionary ideology of capitalism. So English language genius, you should improve your skills on reading. Because you cannot understand what you have read.
Finally, we are leaning not only two but also many languages to change the world.

tharu22 said...

@ Vimukthi - මචන්, "සින්හලෙන් ලියන්න වෙලාවක් නෑ, තේරුම දැනෙනවනම් කොහොම ලිව්වම මොකද" වගේ කතා දැක්කම මට මතක් වුනේ ජිප්සීස්ලගෙ "පහසුවටත්, වාසියටත් දැන දැන වැරදි කරනවා" ගීතයයි. යම් කිසි දෙයක් ගැන හිතෙන දේ කියන්න නම් PhD එකක් තියෙන්න ඕනෙ කියන එකත් මාක්ස්/ලෙනින් වාදයෙ කෑල්ලක්ද? ඔබ යම් විවේචනයක සාධාරනබව මනින නිර්ණායකය හැටියට පාවිච්චි කරන්නෙ විවේචකයාට PhDඑකක් තිබේද යන්නද?

මගේ පැහැදිලිකිරීමෙන් පසුවත් මරාගෙ පු..ක් ගැන ලියල තියෙන එකෙන් තේරෙන්නෙ ඔබ "මේ ලෝකෙ ඉපදුනොත් කාට හෝ අනිවා පු.. දිය යුතුයි" යන මතයේ ඉන්න බවයි. මම ඒ මතයේ නොසිටිමි.

Capitalism වල ideology එක natural selection හා සමානබවක් ඇති නිසා එය ප්‍රතික්ශේප කල යුතුයි යන තර්කය මාක්ස්වාදයේ ideology එක ක්‍රිස්තියානි දහම හා සමානබවක් ඇති නිසා මාක්ස්වාදය ප්‍රතික්ශේප කල යුතුයි යන තර්කය හා සමානයි. ආර්ථික වශයෙන් දියුණු සියලු ධනවාදී රටවල ශක්තිමත් සමාජ ආරක්ශන පද්ධති (social welfare networks) පවතින බවත් "survival of the fittest" සන්කල්පය මතම යැපෙන ක්‍රමයක මෙවැන්නක් සිදුවිය නොහැකි බවත් ඔබ නොදන්නේදැයි නොදනිමි.

Anonymous said...

okkoma modayo aruniwa allagena kes palena tharka karanwa oken wenne aruni sinhala blogg eke weerawariya wela japiriya kama oyala nikamma arunita denawa













0

Anonymous said...

ඔබ ප්‍රේමදාස මර්වින්සිල්වා ලාට දුන්නායෑයි කවුරුත් චෝදනාකරලා නම් නෑ.හෑබෑයි දෑන් ඔබ කියන දෙයින් පුහුල් හොරා කරෙන් දෑනේ......... කියන පෑරණි කියමනනම් මතක්වෙනවා.

ACකාමරවල සිටිමින් අන්තර්ජාලයෙන් ලෝකය දකින සුලුපිරිසක් ඉන්නවා.ඉන් අතිබහුතරය මහපොලවට සම්බන්දයක් නෑති ඉහල පෑලෑන්තිය.උන් නම් කෑමති හෑමදාමත් පවතින පාලනයට හේත්තුවෙලා අහින්සක පොඩිමිනිහාව හූරාගෙන කන්න තමයි.
ඵ් වගේ මිනිස් වෘකයන්ට වහල් බවින් මිනිස්සුන්ව මුදාගත් ලෙනින්,කෑස්ත්‍රෝ වගේම තනිතනිව ගිහින් තනිවම රජවෙන්න තිබුනු අවස්තාව අත ඈරලා වහල්ව සිටීමට වඩා සටන්කිරීමේ, අයිතිවාසිකම් දිනාගෑනීමේ මග කියාදුන් විජේවීර ප්‍රේමකුමාර වගේ අයවත් නයාට අදුකොල වගේ පේන ඵ්කේ පුදුමයක් නෑ.

මේක හොදටම ඔප්පුවෙන්නේ ඊයෙ පෙරේදා හාම්පුතුන්ගේ සන්ගමයෙන්(මේකේ බහුතරයක් ශ්‍රම වහල්වෙලෙන්දෝ බව කියන්න ඔනේ)ඊයේ පෙරේදා ගෙනාපු අලුත් යෝජනා ටික කියෙව්වනම් දෑනගන්න පුලුවන් උනානම් තමයි.කම්කරුවන්ට සෘජු දඩුවම්දෙන්න පවා බලය ඉල්ලලා තියනවා මුන් මේකෙන්.පාලකයො වුත්තීය සමිති වි‍යාපාරය අඩපන කරවන අතරේ,ජඩමාද්ය මිනිස්සුන්ගේ මොලහෝදන අතරේ අසරණවෙන නනනත්තාරවෙන මිනිස්සුන්ගේ ශ්‍රමසම්පත තුට්ටුදෙකට හූරන්කන්න මේ ACකාමරවල ඉන්න ජාවාරම්කාර නරිබල්ලො පෙලගෑහෙන්නෙ කොහොමද කියන ඵ්ක අදුනගන්නපුලුවන්නම් ලොකු දෙයක්.
රටේ සාදාරන චන්දයක් තියාගන්න බෑරි රෙද්දේ දනවාදියෝ!!!!!!!!!!!!

tharu22 said...

"රටේ සාදාරන චන්දයක් තියාගන්න බෑරි රෙද්දේ දනවාදියෝ"... අප්පේ ඔව්. ඒක තමා තියෙන ප්‍රශ්නෙ. චන්ද සාධාරණ වුනානම් ලන්කාවේ විතරක් නෙවෙයි ලෝකෙම මෙලහකට සමාජවාදය රජ කරනව... හිකිස්

Vimukthi said...

ඉංග්‍රීසි ගොඩක් හොදට දන්නා තරු විසිදෙකේ මහත්තයට, (To tharu22),
ධනවාදයේ දෘෂ්ටිවාදය ස්වබාවික වරණය හා සමාන බව එඉතිහසිකව සනාථ කර ඇත ( ඩාවින්, හර්බට් ස්පෙන්සේර්, මාක්ස් ගේ වියමන් කියවන්න). නමුත් මර්ක්ස්වාදයේ දෘෂ්ටිවාදය ක්‍රිස්තියානි දහම හා සමානබවක් ඇතිබව සනාථ කලේ කවුද ? නලින් ද සිල්වනම් ඔයගැන මොනවදෝ දොඩව දොඩවා හිටියා මතක ඇත. හරි අපි මොහොතකට හිතමු මර්ක්ස්වාදයේ දෘෂ්ටිවාදය ක්‍රිස්තියානි දහම හා සමානබව. ඉතින් එහි ඇති වරද කුමක්ද? සමහර විට ඔබ හිතින් මාවන් ඉන්නා සිංහල බෞද්ධ සංස්කෘතියට ( පියා දුව දුෂණය කරන, ගුරුවරයා සිසුවිය දුෂණය කරන, හාමුදුරුවෝ පොඩිඋන් දුෂණය කරන, බස්නායක නිලමේ ලක්ස්හෙට දෙකට හාමුදුරුවෝ මරණ, මහරජා නිදන් හරන සිංහල බෞද්ධ සංස්කෘතිය) අභියෝග වේ යයි බයද? මාක්ස්වාදයේ දෘෂ්ටිවාද ක්‍රිස්තියානි දහම හා සමානබවක් ඇති නිසා මාක්ස්වාදය ප්‍රතික්ශේප කල යුතුයයි යන්න තර්කයක් වන්නේ කෙසේද? එය තර්කයක් නොව අන්ත ජාති වාදී ආගම වාදී ප්‍රකාශයකි.
දැවැන්ත අර්බූදයකට ගොස් ඇති නව ලිබරල් ධනවාදයේ මහ ගෙදර වන ඇමරිකාවේ ශක්තිමත් සමාජ ආරක්ශන පද්ධතියට කෙලවී විරැකියාව, දුගීබව, වැඩිවී නය වාරිකය ගෙවගන්නට බැරුව දස දහස් ගනකගේ නිවාස අහිමිවී ජිජෙක්ලා පෙරටු කරගෙන වෝල්ස් ස්ට්‍රිටයට වී සුපිරි ප්‍රජාතන්ත්‍ර වදියගේ බැටන් පොලු ප්‍රහාරයන්ට ලක්වනබව ඉංග්‍රීසි ගොඩක් හොදට දන්නා තරු විසිදෙකේ මහත්තය නොදන්නා බවනම් හිතාගන්නවත් බැරිය. සමාජ ආරක්ශන පද්ධතියක් තියා ඉස්පිරිතාලයක බෙහෙත්පෙතක් නැති ලංකාව වගේ රටවල මිනිස්සු ගැන කතා කරනවට වඩා කතා නොකර ඉන්නෙක හොදය. මහත්තයෝ ඔයා උඹබැකියල තප්පුලන්කන් ඔයා ගොනා කියල කාටවත් තේරෙන්නෑතිය. එනිසා නොදන්නා සංවාද වල මැදට පැන රෙන්න කලින් ටිකක් හෝ හදාරා එන්න. ඔයාට එසේ කරන එක මහා වීරකමක් සේ පෙනුනට බලන් ඉන්නා අයට හරිම ගුජුප්සා ජනකය, ගදය.
ඔබේ අවසන් පිළිතුරේ පළමු චේද දෙක ගැන කිවීමට ඇත්තේ, ඔබට තවමත් යමක් කියවා අවබෝධ කරගත නොහැකිබවය.

Anonymous said...

@Tharu22
මචො, කොමෙන්ට්ස් වල සිංහල ,ඉන්ග්රීසි ගැන ගොන් පාට් දෙන්න ඉස්සෙල්ලා බලපන්, උබ ඔය ලියල තියෙන වාක්ය දෙක තුනේ සිංහල ස්පෙලින් මිස්ටෙක් කීයක් තියෙනවද කියල...ඒ හින්දා මාතෘකාවට අදාලව සාරවත් දෙයක් කියපන් මෝඩ ජෝක් නොදා.....
ඔය දියුණු කියන රටවල ශක්තිමත් සමාජ ආරක්ෂණ ('ශක්තිමත්' කතාත් නිකන් අරුනිගෙ 'බරපතල දඬුවම්' වගෙ තමයි )තියෙනවනම් පවත්වාගෙන යන්නේ, පරිධියේ රටවල කල හා කරන ජඩ සූරාකෑම තුලිනුයි... අපිට ප්රශ්නෙ තියෙන්නෙ ඔය සමාජ ආරක්ෂණ වලට නෙමෙයි..ඒ වෙනුවෙන්..කෝටි ගානක් දුප්පත් රට වල මිනිස්සු දුක් විදින එකටයි.
අවුරුදු 50කට වැඩි කාලයක් තියෙන ආර්තික සම්බාදක මැද්දෙ, ස්වභාවික සම්පතුත් නැතුව, පුංචි දූපත් රාජ්යක් වන කියුබාවෙ නොමිලේ දෙන ඉහලම සෞක්ය සේවය, විතරක් නෙමෙයි, අවුරුදු 50ක් විතර අන්ත දූශිත තත්වයේ තිබෙන ලංකාවේ යන්තම් හරි තාමත් පවතින සමාජ ආරක්ෂණ ඊට වඩා වටිනව, මොකද ඒවට තව කොහෙ හරි අහිංසකයො වන්දි ගෙවන්නේ නැති හින්ද.

Anonymous said...

@Tharu22
("රටේ සාදාරන චන්දයක් තියාගන්න බෑරි රෙද්දේ දනවාදියෝ"... අප්පේ ඔව්. ඒක තමා තියෙන ප්‍රශ්නෙ. චන්ද සාධාරණ වුනානම් ලන්කාවේ විතරක් නෙවෙයි ලෝකෙම මෙලහකට සමාජවාදය රජ කරනව)

සමාජවාදය ආව හෝ නාවා සාදාරන චන්දයක් තියනඵක මෑතිවරණ ප්‍රජාතන්ත්‍රවාදය කරේතියන්යන් උන්දෑලගේ යුතුකමයි.
යම්තෑනක චන්දය දෝශසහගතයි කියන්නේ ප්‍රජාතරන්ත්‍රවාදී මූලදර්ම ඵතනින්ම ඉවරයි කියනඵකනේ.ඵතනින් පස්සේ ගොඩනෑගෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වෙස්මූහුණින් ඵන ෆෑසිස්ට්වාදයයි.
මහලොකුවට ප්‍රජාතන්ත්‍රවාදය ගෑන බයිලාගෑහුව්වට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකම මූලදර්මයක් වන සාදාරණ මෑතිවරණයක් පවා හරියට තියාගන්න උබලාට බෑ කියලයි අපි කියනේ.ජෝජ් බුශ් පෑටියගෙයි අල්ගෝර්ගෙයි අතරතිබ්බ මෑතිවරණ සෙල්ලම මතක ඈතිනේ.පොජාතන්තරේ මහගෙදරත් ඔන්න ඔහොමයි.
ල0කවේ සාදාරන චන්දයක් තිබ්බනම් සමාජවාදය කොහොමවෙතත් මිනිස්සුන්ට මෙහෙම හොම්බෙන් යාමක් යන්නවෙන්නෑ!!!!!!!
අනික චන්දවල විශ්වාසනීයත්වයක් නෑති නිසානේ දේසපාලුවො ඵලිපිටම බලුවෑඩ කරනේ.

ක්සැන්ඩරයා said...

I humbly ask you to enter to my blog and read about my political view first before enter in to a war of "PIE". :)

What I meant to say was the task which Aruni is currently doing is being done by many others (Same thing I have repeated in my comment as well) and those can be anyone from any kind, i.e. Nationality, gender, diaspora etc.. So the task will carry on.

Moreover I now telling you (which I suppose to tell you before) that the task of Aruni should be commented and argued at the spot, where she writes. Not here as a holy war. But I appreciate and admire your task as an informer who informs what is there in that particular blog for the people who haven't even checked there.

tharu22 said...

විමුක්ති, මම කිව්ව දේ ඔයා පටලෝගෙන. මම කියන්නෙත් මාක්ස්වාදයේ දෘෂ්ටිවාද ක්‍රිස්තියානි දහම හා සමානබවක් ඇති පමණින් එය ප්‍රතික්ශේප නොකල යුතු බවයි. වඩා වැදගත්වන්නේ ප්‍රායෝගික තලය තුල මිනිස් උවමනා එපා කම් ඉටු කිරීමට ඉවහල් වන්නේ කුමන අදහසද කියන එකයි.

නව ලිබරල් වාදයේ අර්බුදය "දැවැන්ත" වන්නේ එහි පසුගිය track record එක හා සසදා බැලූ විටයි. සමාජවාදී experriments වල ප්‍රතිඵල හා සසදන කල එය ඒ තරම් "දැවැන්ත" නොවන බව හැගෙන්නේ සමාජවාදී රටවල් සෙට් එකත් උජාරුවෙන් නව ලිබරල් වාදී මාවතේ යන හැටි පේන නිසයි. ලිබරල් වාදය අතීතයේදී මීට වඩා විශාල අර්බුද වලට ලක්වූ බවද (උදා. 1930ගනන් වල මහා අවපාතය ) ඒ විටත් සමාජවාදීන් දැන් වගේම උද්දාමයට පත්වූ බවද සිහි තබා ගැනීම වටී.

kashyapa1917; මචන් උබේ "මෝඩ ජෝක්" කතාවට මමත් එකගයි. ඒක මා විසින් නොකිව යුතුව තිබුන දෙයක්. ඒ ගැන මගේ කණගාටුව.

මගේ මතයේ හැටියට අන් රටවල් සූරා කෑම මනුශ්‍ය ස්වභාවයේ ප්‍රශ්නයක් මිස සමාජවාදී/ධනවාදී බෙදීමේ ප්‍රශ්නයක් නොවේ. සමාජවාදය මත පදනම් වුන අධිරාජ්‍යත් මේ සූරා කෑම හොදින් කල බව ඉතිහාසය පෙන්නුම් කරනව (දැන් කියයි, සෝවියට් රුසියාව සමාජවාදී රටකට උදාහරනයක් නොවෙයි කියල. හැබැයි ඒකෙන් වෙන්නෙ සමාජවාදය ප්‍රායෝගික නොවන යුටෝපියාවක් කියන මගේ තර්කයට පෝර දැමීමක් විතරයි. )

කියුබාව කුඩා රටක් වීම සහ ඇමරිකාවට විරුද්ධ රටවලට strategic සහ propaganda හේතු මත වැදගත් වීම එහි තත්වය බොහෝ දුරට පැහැදිලි කරන බව මගේ හැගීමයි. කියුබාව අතීතයේ රුසියාවේ පෙට්‍රොඩොලර් මත යැපුනු අතර අද වෙනිසුයුලාවේ පෙට්‍රොඩොලර් මත යැපෙමින් පවතී. කෙසේ වෙතත් කියුබානු අත්හදාබැලීමේ දිගු කාලීන සාර්ථකත්වය එම රටේ නායකත්වය දෙවන පරම්පරාවට ගිය පසු දැක ගත හැකි වනු ඇති බවයි මට හිතෙන්නෙ.

Vimukthi said...
This comment has been removed by the author.
Vimukthi said...

Tharu22,
"වඩා වැදගත්වන්නේ ප්‍රායෝගික තලය තුල මිනිස් උවමනා එපා කම් ඉටු කිරීමට ඉවහල් වන්නේ කුමන අදහසද කියන එකයි" මා එය සමාජවාදයයි සිතමි, ඔබට වෙනෙත් අදහසක් තිබිය හැක, ඔබේ අදහස මතුයම් දිනක ඔබ ලබා ගන්නා දැණුම හා අත්දැකීම් අනුව වෙනස්විය හැක. සමහර විටක මාද වෙනස්විය හැක. ඔබ සමග සංවාද කිරීම සතුටකි. මාගේ පාර්ශ්වයෙන් සංවාදය මෙතනින් නතර කරමි.

ඔබ ගැබුරක් ඇති මිනිසෙකි, ඔබට ජය!නැවත හමුවෙමු

tharu22 said...

විමුක්ති, ධනවාදයේ හා සමාජවාදයේ වඩා ප්‍රායෝගික හා යහපත් කුමක්ද පිලිබද ( නැතහොත් නරක අඩු කුමක්ද යන්න පිලිබද ) අප දෙදෙනාගේ අදහස් පරස්පර බවත් මේ සන්වාදය තුල අප දෙදෙනාගෙන් කිසිවකු හෝ එම මතාන්තර වෙනස් නොකරන බවත් පැහැදිලියි. ඔබ කිවූ පරිදි අනාගතයේදී අපගෙන් කෙනෙකු හෝ සමහර විට අප දෙදෙනාම අදහස් වෙනස් කිරීමටත් බැරි කමක් නොමැත.

මේ තරමක් දිගවූ සන්වාදය තුල යම් අවස්ථාවලදී ශීලාචාර, බුද්ධිමත් සන්වාදශීලිත්වයෙන් මිදී යන තැනට මගේ පැත්තෙන් වූ වැරදි වලට මම ඉතා කණගාටුවට හා ලැජ්ජාවට පත් වෙනව.

ඔබ සමග සන්වාදයද සතුටක්. නැවත හමු වෙමු (බොහෝ විට තවත් වාදයකදී :-) )

Anonymous said...

(නව ලිබරල් වාදයේ අර්බුදය "දැවැන්ත" වන්නේ එහි පසුගිය ට්‍රcක් රෙcඔර්ඩ් එක හා සසදා බැලූ විටයි. සමාජවාදී එxපෙර්‍රිමෙන්ට්ස් වල ප්‍රතිඵල හා සසදන කල එය ඒ තරම් "දැවැන්ත" නොවන බව හැගෙන්නේ සමාජවාදී රටවල් සෙට් එකත් උජාරුවෙන් නව ලිබරල් වාදී මාවතේ යන හැටි පේන නිසයි. ලිබරල් වාදය අතීතයේදී මීට වඩා විශාල අර්බුද වලට ලක්වූ බවද (උදා. 1930ගනන් වල මහා අවපාතය ) ඒ විටත් සමාජවාදීන් දැන් වගේම උද්දාමයට පත්වූ බවද සිහි තබා ගැනීම වටී.)
මම හිතන්නේ ඔබෙන් පලවෙන්නේ ACකාමරයක සිටිමින් බොහොම සෑහෑල්ලුවෙන් පලකරන අදහස් ටිකක් වගෙයි.
කොහොමත් දනවාදියකු වශයෙන් කෙනෙකුගෙන් මීටවඩා වෙන අදහසක් බලාපොරොත්තුවෙන්නත්බෑ..............

මාරි ඈන්ටනොයිට් බඩගිනිවූ ජනතාවට පාන් නෑත්නම් කේක් කාපල්ල කිව්වේත්,අපේ රටේ UNP කෘශිකර්ම ඈමතිවරයකු ගොවියෝ වහ බොන්නේ ජොලියට කීවේත්,අපේ හිටපු කම්කරු ඈමතිවරයගෙන් ඵතුමා හදුනාගත් වතු කම්කරුවන්ගේ ප්‍රශ්න මොනවාදෑයි ඈසූකල, දෑන් කම්කරුවන්ට කිසිම ප්‍රශ්නයක් නෑති බවත් ඔවුන් කා බී ජොලියේ ඉන්නා බව පෑවසූයේත් මහපොලවේ ප්‍රශ්න ගෑන දනවාදීන්ට ඈති උපරිම අවබෝදය විදහ දක්වමින්.
ඉතින් අපනම් කියන්නේ මේ මහපොලවෙන් ගුවන්ගතවූ දනය බලය හා වාචාලකම පමනක් තියන දනවාදීන්ගෙන් තමුන්ගේ ප්‍රශ්නවලට විසදුම් බලාපොරොත්තුවෙන යම් ජනකොටසක් ඉන්නවානම් ඵ් සමාජය මිරිගුව පසුපස දිවයන මුවරෑලක්ම වෙන්න ඔනෙ.
ඈත්තමහපොලවේ තත්වය මීටවඩා ගොඩක් බායානකයි කියනඵක ප්‍රායෝගීකව වත්මන් ජීවන යුද්දයට මූහුණදෙන ඔනකෙනෙක් පක්ශවිපක්ශ බේදයකින් තොරව පිලිගන්නවා.අනික අදදවස කෙසේහෝ ගෑටගසාගත්තත් මේ යන උද්දමන රටාවත්ඵ්ක්ක අනගතයට කොහොමද අපි මුහුනදෙන්නේ කියන ඵක කාටවත් හිතාගන්න පුලුවන්ද????
අනික දනවාදය දෑන් අර්බුදයට ගොස් ඈතිබව අව0කව කතාකරන් දනවාදියකු වශයෙන් ඔබ පිලිගෑනීම සතුටට කරුනක්.නමුත් ඔබකියන්නේ ආඩම්බරයෙන් 1930මෙන් දනවාද්යී බූවල්ලා නෑවත වලෙන් ගොඩඵනබවයි.
අපිට තියන ප්‍රශ්නය වන්නේ බූවල්ලා වලෙන් ගොඩඵ්ම නොවෙයු ඌ වලෙන් ගොඩඵන්නේ කොහොමද කියන් ඵකයි.!!!!!!!!!!!!!!!!!!
ගරාවෑටුනු ඈමරිකන් රන්දෙවොලේ මිනීමරු පූජකයින් දෑන් කරන්නේ අර්තික බූවල්ලා නෑගිටුවන්න අහි0සක පොදුජනතාව බිලීපූජවට පුදනඵකයි කියලා ඔබ දන්නවාද????????
බිදවෑටුනු දෑවෑන්ත සාමාගම් ජාලයට ඈමරිකන් ජනතාව සතු මුදලින් කොච්චර ප්‍රමානයක් දුන්නාද????ඵ් තුලින් ඈමරිකන් වෑසියන් කීදෙනෙකුට තමන්ට රජයෙන් ලෑබෙන සුබසාදනය අහිමිඋනාද??????
නිවාස වලින් කීදෙනෙකු දොට්ටදෑම්මාද????ඵකී අර්බුදය නිසා ඈමරිකන් වෑසියන් කීදෙනෙකු දිවිනසාගෑනීමට පෙලබවෙව්වාද????
කිසිම හේතුදෑක්වීමකින් තොරව හුදෙක්ම සාමගම් හිමියන් රෑකගෑනීමේ අබිප්‍රාය මත අහින්සක සේවකයන් කීදෙනෙකු හිටිඅඩියේ රෑකියාවලින් දොට්ටදෑමුනාද?????
මීට විරෝදය ඩෑක්වීමේ අරමුණෛන් ඈමරිකන් වෑසියන් ලක්ශගනනක් වෝල්ස්ට්‍රීට් හී කදවුරු බෑන්දා නොවේද????ඔවුන්ව ඈමරිකන් පොලීසිය පලවාහෑරියේ උපරිම බලය පවිච්චිකරමින් ලේ හෑලුනු ප්‍රහාරමාලාවකින් නොවේද?????
ඉතින් ඌකයි කෙටියෙන් ඈමරිකාවේ තත්වය.තමන්ගේ පුරවෑසියන්ට මෙහෙමනම් ඔවුන් විසින් සෑමදා සූරන්කන 3වන ලෝකයට බෙදන හෑන්ද ගෑන හිතාගන්න පුලුවන්නේ.

දෑන් ඉතින් උජාරු දනවාදී බූවල්ලා පුබුදන්න අපේ රටවල සම්පත් තවත් අඩුමිලට ඈමරිකාවට පූජකරන්න.අපේ ශ්‍රමසම්පත කුනුකොල්ලෙට හූරගන්න ඈමරිකාවට ඉඩදෙන්න වේවි.[(දෑනටමත් ඔලිම්පික්වලට ඈදුම්සපයන ල0වාවේ නෙක්ස්ට් කර්මාන්තශාලවේ ශ්‍රම හූරකෑමගෑන බ්ටහිර නිදහස් ජනමාද්යවේදීන් ප්‍රශ්නකරන්න පටනරන්.)වෙලදකලාපවල හූරන්කෑම ගෑන දන්නවානම් අපේ ඈදුම් අදිනවාට වඩා හෙලුවෙන් ඉන්නඵ්ක නම්බුයි කියලා උන් කියයි.]
ඉතින් මේවිදියට දනවාදය අර්බුදයෙන් ගොඩඵනවට වඩා අර්බුදය තවත් උග්‍රවෙලා තොලොන්චිවෙලා යනඵක හොද නෑද්ද??????අඩුතරමේ ඵ්තකොට අපේදරුවන්ට හරි නිදහසේ හුස්මගන්න ලෝකයක් ඉතුරුවේවි.නෑත්නම් අපේ සමාජයේ බහුතරයකට වෙලා තියනවා වගේ නියමින් හෝ අනියමින් හූරාකන කොම්පෑනිකාර බලවතුන්ට දිවා රෑ සේවයකරන දනවාදී සෙක්කුවේ උන්වත් බදින්න වේවී.

-නුවන් චාමර

Anonymous said...

අරුණි ශපීරෝ විතරක් නෙවේ...හැමෝම වැඩ කරන්නේ තමන්ගේ ඇජෙන්ඩා එකට. ඒක තමයි සත්‍යය. කාශ්‍යප 1917 ත් ඒක අදාලයි. අපි හැමෝම ඉන්නේ මොකක් හරි ඩ්‍රීම් එකක, ඒක ලාංකික දේශප්‍රෙමී, ඇමෙරිකන්, ඉංග්‍රිසි, එහෙම නැත්නම් වෙන මොනයම් හෝ ඩ්‍රීම් එකක. ඉතින් ඒකේ වැරැද්දක් නෑනේ????
-Lalith-

සරත් ලංකාප්‍රිය said...

අන්න හරි සහෝදරවරුනි.. මත ගැටුනාවේ හරි මත ඉස්සරහට යනවා ඇති ඒ අවස්ථාවේ හැටියට. ඒ හරිය කියල හිතන මත පස්සේ වැරදි කියල තෙරුනදාට අලුත් මත ඒවි..ඔබලා ගේ මේ අවසන් සටහන් අපි හැමෝටම හොඳ ආදර්ශ වේවා. එකිනෙකාගේ අදහස කීමට ඇති නිදහසට ගරු කිරීම සාමාන්‍ය මිනිස්සුන්ට වඩා ඉදිරියෙන් සිටියයුතු ඔබ වැන්නගෙන් ඉටුවෙනවා දැකීම සතුටක් .. මේ වාදය බොහොම අපුරුයි.. ඒත් එකෙන් ගන්න තියෙන ලොකුම ආදර්ශය නම් එකිනකාට පුද්ගලික මඩ ප්‍රහාර අපහාසාත්මක වදන් වලින් තොරව අපි මත පිලිබඳ විතරක් සාමයෙන් විවාද කරන්න ඕන කියන එකයි.. ලෝකේ හැමදේම වෙනස් වෙනවා .. ඒ හින්දා අපි අද පිළිගන්න මතය හෙට මිත්‍යාවක් වෙන්න පුළුවන් කියන තැන අපි ඉන්න ඕන.. අනිත් එක තමයි මොනම හේතුවක් නිසාවත් අපි ගැහැණියකගේ නිරුවත කියන වචනය මත විවාදයකදී පාවිච්චි කරන්න හොඳ නැහැ, එහෙම කිරීම අපි හෙළුවෙන් යන ගමන් අනිත් අයගේ ඇඳුම්වල හිල් ගැන හිනාවෙනවා වගේ වැඩක්..

tharu22 said...

නුවන් චාමර

"ඉතින් ඕකයි ඇමරිකාවෙ තත්වය" කියල ලිව්වට ඇමරිකාවෙ තත්වය ඔබ පුද්ගලිකව අත්විද හෝ ඒ පිලිබද ගැබුරු අධ්‍යනයක් කර නැති බවයි මට නම් හිතෙන්නෙ. "කොච්චර ප්‍රමාණයක්" "කී දෙනෙක්" "උපරිම බලයේ තරම" ආදී ලෙස ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලියට පිලිතුරු ඔබ දන්නවානම් අනුන්ට අභියෝග කරමින් නොසිට පිලිතුරත් ලියල දාන්න.

ඔබ ලියා තිබූ bank & auto bailout (බිදවෑටුනු දෑවෑන්ත සාමාගම් ජාලයට ඈමරිකන් ජනතාව සතු මුදල් දීම) සම්බන්ධ කාරනා ඒ පිලිබද ලිපියක් ලියපු අවස්ථාවක සන්වාද කිරීම වඩා උචිත බව මගේ හැගීමයි.

අර්බුදය තවත් උග්‍රවෙලා තොලොන්චිවෙලා යනවාට වඩා ඉන් ගොඩ එන එක හොද මේ මොහොත වන විට වඩා හොද විකල්පයක් නොතිබීමත් විකල්ප ලෙස යෝජනා කරන බෙහෙත් රෝගයට වඩා මාරාන්තික බව ඉතිහාසය විසින් කියා දීමත්ය.

විකල්පයක් සෙවීමට උත්සාහ නොකල යුතුයි කියල ඉන් කියවෙන්නේ නැහැ.

Anonymous said...

ජායාරූප සහිතයි කියලා මාතෘකාවේ දැම්මේ ..ආකර්ෂණය වැඩියෙන් දිනා ගන්න හිතන් වෙන්න ඇති නේද?

හැමදාමත් වගේ පණ්ඩිතයෝ ටිකක් නන් දොඩවනවා..

පණ්ඩිතයෝ කිව්වේ නක්කලේට එහෙම නෙමේ හොඳේ..

ලියලා තියෙන විස්තරේ මට නම් අන්තෝජටා බහි ජටා වගේ...එත් ඉතින් තේරෙන බහුශ්‍රුතයෝ බරගානක් ඉන්නවනේ මේ කොමන්ට් දිහා බලන් යද්දී..

ජායාරූප බලන්න ආපු මම අර එකේ ඉන්න රැවුල් මාමගේ රැවුලේ අසිරියවත් බලලා ගෙදර යනවා..

කොමන්ට් එකක් දාලම යන්න කියලා තියෙන නිසා ඔන්න කොමන්ට් එකකුත් දැම්මා

'ඔන්න ලංකාවේ මානසිකත්වයේ හැටි 'කියලා බුද්ධිමතෙක් එහෙම මට චෝදනා කරන්න එපා..

මොකද ආපු පණ්ඩිතයෝත් වැඩි හරියක් ආවේ (ජයාරූප සහිතයි ) නිසා ..හේ හේ

තව ටිකක් දවස් ගිහින් ආයිත් මොකෙක් හරි එකෙක් නිරුවතින් කියලා දාල (ජයාරූප සහිතයි ) කියලා දාන්න..

එතකොටත් මං එනවා !

ජායාරූප බලන්න

Anonymous said...

["ඉතින් ඕකයි ඇමරිකාවෙ තත්වය" කියල ලිව්වට ඇමරිකාවෙ තත්වය ඔබ පුද්ගලිකව අත්විද හෝ ඒ පිලිබද ගැබුරු අධ්‍යනයක් කර නැති බවයි මට නම් හිතෙන්නෙ. "කොච්චර ප්‍රමාණයක්" "කී දෙනෙක්" "උපරිම බලයේ තරම" ආදී ලෙස ඉදිරිපත් කර ඇති ප්‍රශ්නාවලියට පිලිතුරු ඔබ දන්නවානම් අනුන්ට අභියෝග කරමින් නොසිට පිලිතුරත් ලියල දාන්න.]
මාහාලොකුවට කොම්පෑනිකාරයන්ගේ පත්තර හෑලි ලියලා දෙන පොජාතන්තරවාදී මන්තර ජපකලාට පවතින ලෝක තත්වය හෝ ඵහිවෑසියන්ගේතත්වය ගෑන ACකාමරතුලට වෑදඉන්න දනවාදීන්ට අවබෝදයක් නෑතිතරම තමයි පේන්නේ!!!!!!!!!!!!!!
මම ඔබලාට යම් ප්‍රශ්නමාලාවක් ඉදිරිපත්කලේ පවතින දනවාදීක්‍රමයට ලෝකයේ මිනිසුන්ගේ ප්‍රශ්නවිසදන්න බෑරිබවත්,කලහෑක්කේ ආස්චරය අද නොවේ හෙට යෑයි පෙන්නමින් පාලකයන්ගේ හා උන්ගේ හිතමිතුරු ම0කොල්ලකාරයන්ගේ මඩිය තරකරගෑනීම පමනක්බවත් පෑහෑදිලිකරන්නයි.
උදාහරනයක් වශයෙන් කිව්වොත්, වර්තමාන දනවාදී ලෝකයේ ඵකදිනකට කීදෙනෙක් කුසගින්නේ මියයනබව දන්නවාද??????????????පිලිතුර, ඵ්.ජාතීන්ගේ ස0ඛ්‍යාලේඛණ වලට අනුව පමණක් 24000ක්.(මේක අඩු මිසක් වෑඩිනෑ,මොකද UNකියන්නේ ඈමරිකන් රූකඩයක් කියලා කවුරුත් දන්නවනේ)ඉතින් අප අසන්නේ මේ දනවාදී ඈමරිකාවේ තිරිගුපිටි මුහුදට හෙලද්දී දනවාදී අප්‍රිකාවේ මිනිස්සු කුසගින්නේ මියයන්නේ කොහොමද කියනඵකයි??????????මේකට පිලිතුර මේ දනවාදී ක්‍රමය තුල නෑ නේද???????????
අපනම් කියන්නේ සෑමට සමානත්මතාවයෙන් සලකන, ප්‍රබලයා විසින් දුබලයා සූරගෙනකන ක්‍රමයකින් මෙහා පවතින හොම්බෙන්යාම නෑවතියනොහෑකිබවයි.ඊයේ පෙරේදා ප්‍ර0ශ මෑතිවරනයෙනුත් වෝල් ස්ට්‍රීට් උද්ගෝශන මාලාව මේසතියේ සිට නෑවත ආරම්බවීමෙනනුත් පෙන්වන්නේ ඵයයි.(රටක යම් මෑතිවරණයකින් වාම0ශික පක්ශයක් පරාජය ලෑබුවහොත්(කේරල ප්‍රන්තමෑතිවරනයේදී කොමියුනිස්ට් පක්ශය පරාජය ලෑබූකල අරුණිලා උඩපෑන්නහෑටි මතකය ) දවස්ගනන් කෑමරා අටවාගෙන මොරදෙන ජනමාද්යවේදීන් හා දනවාදී බුද්දිමතුන් යෑයි කියාගන්න අය,ප්‍ර0ශ සමාජවාදී පක්ශයේ ජයග්‍රහනය දුටුකල ඈටිකෙහෙල් කෑ උගුඩුවන් ලෙස සිටීම දකිනකල අපිට නිතෑතින්ම නෑගෙනුයේ සිනාවකි.
දනවාදී රෝගයට පිලිතුර වූ සමාජවාදී රටවා මාරන්තිකද නෑද්ද යන්න චීනයේ දිහාබලා ඉගනගතහෑකිය.
ඈත්තෙන්ම සමාජවාදය මාරන්තික වන කොටසක් සිටිති.ඵ් මිනිසුන් සූරාකන කොම්පෑනිකාර පරපෝශිතයන්ට හා උන්ගේ දේසපාලු හිවලුන්ටය.තුට්ටුදෙකට මිනිස්සු කඩේයෑවීමගෑන කප්ගසා ඈති මොවුන් රතුපාට දුටුකල නලියන්නේ සිය හූරාකෑමේ ක්‍රමය තව්දුරටත් පවත්වාගෙනයාමට,හොරක්ම්.දූශන,නීතිය අනිසිලෙස යොදාගෑනීම් වලට මහපොලවේ විරෝදයපාන්නේ සමාජවාදීන් වන නිසාය.
ඉතින් ACකාමරවල ලගිමින් අහින්සක මිනිසුන්ගේ රුහිරු බුදින දනවාදීන් සාමනත්මතාවදී සමාජවාදී ක්‍රමයට ඵරෙහිව පච කෙලිනවා හෑර මොනවානම් කරන්නද????????
මොකද සෑමකෙනෙකුම සතුටින් ජීවත්වෙනවාට වඩා පොඩිමිනිහාව පාගාගෙන සුලු පිරිසක් උපරිම සෑප ඵහෙමත් නෑත්නම් ෆුල් ආතල් ගෑනීම දනවාදී ක්‍රමය වන බෑවිනි.මේ කතාව ඈත්තද බොරුද යන්න අපේ රටේද ඈතුලුව 3වන ලෝකයේ වත්මන් පාලන ක්‍රමයන් ගෑන අද්‍යනය කිරීමේ දෑනගතහෑකිය.

මොකද සෑමකෙනෙකුම සතුටින් ජීවත්වෙනවාට වඩා පොඩිමිනිහාව පාගාගෙන සුලු පිරිසක් උපරිම සෑප ඵහෙමත් නෑත්නම් ෆුල් ආතල් ගෑනීම දනවාදී ක්‍රමය වන බෑවිනි.මේ කතාව ඈත්තද බොරුද යන්න අපේ රටේද ඈතුලුව 3වන ලෝකයේ වත්මන් පාලන ක්‍රමයන් ගෑන අද්‍යනය කිරීමේ දෑනගතහෑකිය.

-නුවන් චාමර

tharu22 said...

@නුවන් චාමර,
ඔබ ධනවාදයට වඩා සමාජවාදය ප්‍රායෝගික තලය තුල සාර්ථකබව තර්ක කරන්නේ "චීනයේ වත්මන් ආර්ථික ක්‍රමය සමාජවාදී වේ" කියන ස්ථාවරයේ හිටගෙන නම් අපට වාද කිරීමට දෙයක් නොමැති බව මගේ හැගීමයි.

Anonymous said...

[ඔබ ධනවාදයට වඩා සමාජවාදය ප්‍රායෝගික තලය තුල සාර්ථකබව තර්ක කරන්නේ "චීනයේ වත්මන් ආර්ථික ක්‍රමය සමාජවාදී වේ" කියන ස්ථාවරයේ හිටගෙන නම් අපට වාද කිරීමට දෙයක් නොමැති බව මගේ හැගීමයි.]

කන්න උවමනාවනවිට කබරගොයා තලගොයා කිරීමද ඵපාවනවිට තලගොයා කබරගොයා කිරීමද දනවාදී ප්‍රචාරක කලාවේ ජාති ලක්ශනයයි.
චීනය වියට්නාමය වගේ සමාජවාදී රටවල් ආර්තික බලවතුන් ලෙස ඉදිරියට පෑමිනෙන විට ඵ්වා දෑන් සාමාජවාදී රටවල් නොවේ යෑයි විලාපතෑබීමද,
ඈමරිකාව ආර්තිකව හොම්බෙන් යනවිට සමාජවාදී පියවරවල්නිස මෙහෙම උනා යෑයි මොරගෑමද,
නිරුවත් දනවාදීන් විසින් කාලක සිට ඈදගෙන ඈති සීතාම්බරපටයකි.(අරුණි කාලයක් මේ ගෑන ලිපි පෙලක්ම ලීවා මතකය ).
චීනයේ ආර්තික ප්‍රතිපත්තිය ගෑන රටපුරා කර්මාන්තශාලා හා සේවා පිහිටුවා ඈති ආකාරය ගෑන,වෑටුප්තල හා ඵරට ජීවන අ0කය පිලිබදව,විශේශයෙන්ම මූල්‍ය ව0චාකරුවන්ට හා බදු හොරුන්ට ඵරෙහිව ගන්නා පියවරවල් ගෑන වගේම කොමිස් ගසා අසුවූ රාජ්‍ය නිලදාරීන්ට ඵරෙහිව ගත් පියවරයන් ගෑන සොයාබලන්න.
විශේශයෙන්ම රටේ ජාතික අදායම රටේ සාමාන්‍ය ජනයාට ලෑබෙනවාද නෑත්ද යන්න ඔබම සොයා බලන්න.ල0කාව හා සසදන්න.
ඵවිට ප්‍රජාත්‍රන්ත්‍රවාදීයෑයි මොරදෙමින් මහදවල් රටවල් ම0කොල්ලකන බටහිරයන්ට වඩා කොතරම් ප්‍රප්‍රජාත්‍රන්ත්‍රවාදී දෑයි,විනිවිදපේන සුලුදෑයි,නීතියේ සාමානත්මතාව කෙතරම් ඈත්දෑයි ඔබටවෑටහේවි. (උදාහරණ ලියන්න පුලුවන්,නමුත් අවශ්‍යනම් ඔබම සොයාබෑලුවහොත් ඔබේ දෑනුමට හොදයි )

ඉතින් තමුන්ගේ නග්න දනේශ්වර ක්‍රමය හොම්බෙන්යනවිට, සමාජවාදී චීනයේ දියුනුව තහනම් මාතෘකාවක් කරන්න හදන මානසික මෙහෙයුම් දියත්කිරීම ගෑන දනවාදීන්ට අනුකම්පා කරමු.!!!!!!!!!!!!!!!!!!!
අපට කියන්නට ඈත්තේ චීනය දියුනූවූ පමනින් ඵහි පූර්ණ ප්‍රතිලාබ ල0කාවට ලෑබෙන්නේ නෑත.ඵ් ගෑන හුරේදමා සිටීමෙන් පමනක් පලක් නෑත.(යුද සමයේ අපට කල උපකාරය අනුව චීනය සෑබෑ ජාත්‍යන්තරවාදීන් බව ක්‍රියාවෙන්ම ඔප්පුකලේය )ඵ් නිසා 1950 වනවිට අබි0 ලෝලීන්ව මිත්‍යා විශ්වාශ කරපින්නගෙන වෑඩවසම් යුගයේ සිටි සිටි,ආයු අපේක්ශාව පවා වසර 45ක් වූ, ආසියාවේ රෝගියා යන නින්දිත විරුදාවලිය ලබා සිටි චීනය අද ඈමරිකාව පරයා ආ ගමන්මගෙන් ගන්නපුලුවන් ආදර්ශයක් අපේ රටට ගමු යන්නය.

දෑන්වත් ඈමරිකන් ප්‍රචාරක ජාලය විසින් අපට පලදවා ඈති අ0 තට්ටුව(නෑවුම් කිරි පාරේ හලන රටේ, ඔවුන්ගේ සමාගම් ප්‍රචාරක ජාලය නියම යොදය සහිත ඵලකිරි කියා ඌරු තෙල් හරක් තෙල් අපිට පොවන්නට තරම් දක්ශනම්,සතගනන් වල පෑරසිටමොල් පෙත්තම රු 2.50ට විකුනන්න දක්ශනම් ඔවුන්ගේ දේශපාලන ප්‍රචාරක අ0ශය කෙතරම් සියුම්ව ඈත්දෑයි හිතගන්න පුලුවන් නේද?????? ) ගලවාදමමු.නිදහස් මනසකින් යුතුව සහෝදරත්වයෙන් ලෝකය දකිමු!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!

-චාමර

tharu22 said...

චීනයේ ආයු අපේක්ශාව වසර 45 වුනේත් ආසියාවේ රෝගියා යන නින්දිත විරුදාවලිය ලබා ගත්තේත් කුමන ආර්ථික ක්‍රමයක් අනුගමනය කල නිසාද, දැන් අලු ගසා දමනින් නැගිටින්නේ කුමන ආර්ථික ක්‍රමයක් නිසාද යන්න ඇමරිකන්කාරයන්ට කතා කිරීමට අකමැති නම් චීනෙකුගෙන් අසා දැන ගන්න.
ධනවාදය සර්ව සම්පූර්ණ හෝ උදාරයැයි මම් කිසි විට තර්ක කර නොමැති බවත් සිහි තබා ගන්න.
ඇති නැති පරතරය වැඩි වීම වැනි ධනවාදය තුල ඇති වන අසහනකාරී තත්වයන් දැන් චීනයත් අත් විදිමින් සිටින බව ඔබ නොදන්නවා විය හැක.

Anonymous said...

[චීනයේ ආයු අපේක්ශාව වසර 45 වුනේත් ආසියාවේ රෝගියා යන නින්දිත විරුදාවලිය ලබා ගත්තේත් කුමන ආර්ථික ක්‍රමයක් අනුගමනය කල නිසාද, දැන් අලු ගසා දමනින් නැගිටින්නේ කුමන ආර්ථික ක්‍රමයක් නිසාද යන්න ඇමරිකන්කාරයන්ට කතා කිරීමට අකමැති නම් චීනෙකුගෙන් අසා දැන ගන්න.]
ධනවාදය සර්ව සම්පූර්ණ හෝ උදාරයැයි මම් කිසි විට තර්ක කර නොමැති බවත් සිහි තබා ගන්න.
චීනය ගෑන චීනුන්ටත් වඩා දන්න දනවාදීන් ල0කාවේ සිටීම අපට සතුටට කරුනකි.දනවාදය G-8 හා ස්කෑන්ඩිනේවියානු යන දනවාදයේ පලමුපෙල රටවලට හෑර කිසිමරටක පොදුජනයාට ස0වර්දනයේ පූර්ණ ප්‍රතිලාබ නොලෑබේ.ඵක්කො ලෑබෙනුයේ රොඩ්ඩය.ඵය සදා දියුනුවෙමින් පවතින 3වන ලෝකයේ කප්පරක් රටවල් දිහා බල ඈත්තද නෑත්තද යන්න දෑනගත හෑකිය.
චිනය 1950 දක්වා නව යටත්විජිතවාදී ක්‍රමය තුල දනවාදී ක්‍රමය අනුගමනය කල අතර 'මවෝ' ප්‍රමුඛ රතු හමුදවා වෑඩවසම්වාදී පාලක 'චියෑ0කායි ශේක්'ගේ 'කුමි0තාඕ හමුදව' පරාජය කර මහජන චීන සමූහාන්ඩුව පිහිටුවීය.
ඉන්පසුව මහජන ආන්ඩුව ඉතා පාරදුශ්‍ය ආරතික වෑඩපිලිවලක් අනුගමනය කලේය.රටපුරා ගොවිබිම් හා කර්මාන්තශාල පිහිටුවීය.ඵ්වා නිරීක්ශනය කිරීමට රජයේ නියෝජිතයින් පත්කල අතර මෙම සමාගම් බෝහෝ ඵ්වා ජනතා සමාගම් මිස කොම්පෑනිකාර ශ්‍රම වහල් වෙලෙන්දන්ගේ වහල් බිම් නොවීය.(අපේ රට කොහොමද? )ව්‍යවසායකයන් සතුවූ සමාගම්ද සිය ආදයම අනුව රජයට අනිවාර්යෙන්ම බදු ගෙවියයුතුය.3වන ලෝකයේ රටවල මෙන් දේශපාලුවන් සමග සෙට්වී ජනතාවට අයිති බදු ව0චා කිරීම සපුරා තහනම් වූ අතර ඵ්සේ කර අසුවූ දූශිතයන්ට මරණ දඩුවමම හිමිවිය.
අපේ වෑනි රටවල ඵවෑනි හොරුන්ට සබාපතිකම් නි‍යෝජ්‍ය ඈමතිකම් වෑනි දෑඩි දඩුවම් හිමිවනබව මතක්කල යුතුය.
ඵ්මෙන්ම රටපුරා ජනතා සබා ගොඩන0ව ඈති අතර දේසපාලුවන්ට වෑදවෑටීම්වලින් තොරව ජනතා ගෑටලු රටේ ඉහලම තලයට ඉදිරිපත් කිරීමටද හෑකිය.ප්‍රදේශීය ස0වර්දනයේදී අනිවාර්‍යෙන්ම ප්‍රාදේශීය ජනතා කමිටුවිසින් මූල‍ය පාලනයට දයක වේ.අපේ වෑනි පසුගාමී දනේශ්වර රටවල මෙන් ගමේ ම0ත්‍රී හෝ ඵ්කගේ අයියා හෝ මල්ලී ටෙන්ඩර් ගන්න ක්‍රමයක් නෑත.
විශාල රටක් වන චීනයේ සෑම ප්‍රදේශයක්ම මද‍යගතව නිරීක්ශණය කල නොහෑකිනිසා ප්‍රදේශීයව නිලදාරීවාදී ලක්ශන ඈතිවිය හෑකිබව වටහාගත් චීන මහජන ආණ්ඩුව ඵය වෑලෑක්වීමට කෙතරම් වෑඩපිලිවෙලවය් යොද ඈත්ද යන්න ටිකක මහන්සිවී අන්තර්ජාලය ඈසුරෙන්ම ඔබට සොයගත හෑකිය.[මේ ක්‍රමය ජ.වි.පේ විසින් ඔවුන්ගේ තිස්සමහාරමය ප්‍රදේශය පාලනය කරන කාලයේ සාර්තකව මෙරටදී ප්‍රයෝජනයට ගත් බවත් අදාල වසර වල ල0කවේ හොදම පලාත් පාලන ආයතනය බවට ඵය පත්වූ බවත් මතක්කල යුතුය.]
විශේශයෙන්ම පසුගිය වසර නිලදාරීවාදයට ඵරෙහි වසරක් ලෙස ඉහා පුලුල් ක්‍රියාමර්ග ගනු ලෑබීය.අපේ රටේ අන්ඩුවේ කන්තෝරුවකට ගියකල කොහොමදෑයි ඔබටම හිතාගත හෑකිය.
ඉතින් මෙවන් පාලන් ක්‍රමයක් අනුගමනය කරන් චීනය දනවාදීදී දෑයි ඔනෑම තේරුම්ගෑනීමේ ශක්තියක් ඈත්තෙකුට තේර.
ඈත්තට නිදගෙනසිටින්න පහසුවෙන් ඈහෑරවියහෑකිමුත් හොරට නිදගෙන සිටින්නන් කිසිදා ඈහෑරවිය නොහෑකි මෙන් කෙතරම් ජනතාවදී වුවද මෙයාලාට චීනය දනවාදී වන්නේ දනවාදයේ නිරුවත සෑමදා වසාගන්නේ පල්බොරු මතවාදී ප්‍රචාරයෙන් වන නිසාය.
ඵකම බොරුවක් 100 පාරක් කිවවිට ඵය ඈත්තක් බවට පත්වන් බව දනවාදී ප්‍රරචාරණයේ මුල් පුරුකක් වූ ජෝසොප් ගොබෙල්ස් කීයූ පරිදිම බොරු කියනා බවත්,බොරුව ඔවුන්ගේ ගෑලවීම මේ අතරේ අප මතක්කරගතයුතුය.

-නුවන් චාමර

tharu22 said...

@නුවන් චාමර
පැහැදිලි කිරීමට ස්තුතියි. ඔබට ආර්ථික විද්‍යාව පිලිබද ගැබුරු දැනුමක් ඇති බව පෙනෙනවා. සුලු නිවැරදි කිරීම් කීපයක් පමනක් කිරීමට මට ඉඩ දෙන්න. එවිට "චීනය තුල සමාජවාදය ස්ථාපනය වී ඇත" යන ඔබේ නිගමනය තව දුරටත් නිරවුල් වෙයි.

1950 ගනන් වල බලයට ආපු මාවෝ ඇත්තටම උග්‍ර ධනවාදියෙක්. ඔහු ඉදිරිපත් කල "මහා පිම්ම" වැනි උග්‍ර ධනවාදී වැඩ පිලිවෙලවල් නිසා මිලියන ගනන් චීන්නු හාමතේ මැරෙන තරමට වැඩ සෙට් වුනා. හොද වෙලාවට චීනයේ දෙවැනි පරම්පරාවේ නායකයන්ට මේ ධනවාදයේ විනාශය පෙනුනු නිසා පසු ගිය අවුරුදු තිහ තුල ඔවුන් කෙමෙන් චීනය සැබෑ සමාජවාදය කරා ගෙන යනවා.

බලන්නකො දැන් සමාජවාදයේ ආශ්චර්යයෙන් චීනය අලු ගසල නැගිටින අපූරුව! කාල් මාක්ස් ජීවතුන් අතර හිටියනම් කොහොම සතුටු වෙයිද?

නයිකි, ගැප් වගේ සමාජවාදී ඇදුම් කර්මාන්තශාලා වලින් පටන් අරන් ඇපල්, ජෙනරල් මෝටර්ස්, මයික්‍රොසොෆ්ට් වගේ සමාජවාදී හයි-ටෙක් ආයතනත් චීනයේ මේ විප්ලවය ගැන පැහැදිලා එරට වැඩ කරන ජනතාවට සෙත සැදීමේ උවමනාවෙන් චීනය තුල රොද බැද ගෙන සිටීම කොතරම් සුන්දරද?

ලාභ ඉපයීමේ පරමාර්ථය තුට්ටුවකට මායිම් නොකර කම්කරු පන්තියේ සුභ සිද්ධියටම කැපවුනු මේ ආයතන ධනවාදීන්ට කදිම පාඩමක් උගන්වනවා නොවේද? (http://www.nytimes.com/2012/01/26/business/ieconomy-apples-ipad-and-the-human-costs-for-workers-in-china.html?pagewanted=all)

ධනවාදය තුල සිදුවන පරිධියේ සූරා කෑම ආදිය නැත්තට නැති කර චීනය ලොව පීඩිත රටවල් වලට (විශේෂයෙන් අප්‍රිකාවේ) උදව් පදව් කරන ආකාරය කොතරම් ආදර්ශමත්ද? (http://www.dailymail.co.uk/news/article-1063198/PETER-HITCHENS-How-China-created-new-slave-empire-Africa.html)

ධනවාදය නිසා ඇති වන පරිසර දූශනය වැනි ගැටලුත් චීන සමාජවාදය විසින් නැත්තට නැති කරල තියෙන අපූරුව! (http://www.chinahush.com/2009/10/21/amazing-pictures-pollution-in-china/)

චීනයේ සමාජවාදී නායකයන් කොච්චර ජන හිත කාමීද? දුශනය, පුද්ගලික ලාභ අපේක්ශා ආදියෙන් තොරව ජනතාවට සේවය කරන අපූරුව. (http://www.reuters.com/article/2012/05/18/us-china-politics-corruption-idUSBRE84H08420120518)

චින සමාජවාද්යේ පිනට මේ නායකයන්ගෙ දරුවනුත් ඉගෙන ගන්නෙ හාවඩ්, යේල් වගේ නියම සමාජවාදී සරසවි වල.

මානව හිමිකම්, පුද්ගලික නිදහස වගේ අන්ශ වලින් ධනවාදී රටවලට චීනයට අලගු තියන්නවත් බැරි නිසා ඒ ගැන කතා කරන එකත් නිශ්පලයි.

මම දැන් නුවන් චාමර එක්ක 100%ක් එකග වුන නිසා නැවතත් වාද කරන්න බලාපොරොත්තුවක් නැහැ. මගේ මෝහ අන්ධකාරය දුරු කර මාව නිසි මගට ගත්තාට ඔබට පින්!

චීන සමාජවාදය දිනේවා!

Anonymous said...

ඉතාම සාම්ප්‍රදායික,හෑමදාම අසා අපේ කන් පිරී ඈති දනවාදීන් විසින් පට්ටගසනා චීනයේ දනවාදය ගෑන,කනා අලියා ගෑන විස්තරකලා වගේ පිලිතුරුබෑදීමකි මේ.
අනික දනවාදීන් ඵෙරීඈති මතවාදී මඩගොහොරුවේ තරම් ඔබට අප පෙන්වන්නම්.

ඔබලගේ ඵ්ක කොමෙන්ටුවකට අනුව චීනය දනවාදය අනුගමනය කරන දියුනුවූ ලිබරල් රටකි.
[චීනයේ ආයු අපේක්ශාව වසර 45 වුනේත් ආසියාවේ රෝගියා යන නින්දිත විරුදාවලිය ලබා ගත්තේත් කුමන ආර්ථික ක්‍රමයක් අනුගමනය කල නිසාද, දැන් අලු ගසා දමනින් නැගිටින්නේ කුමන ආර්ථික ක්‍රමයක් නිසාද යන්න ඇමරිකන්කාරයන්ට කතා කිරීමට අකමැති නම් චීනෙකුගෙන් අසා දැන ගන්න.]

තව කොමෙන්ටුවකට අනුව සමාජවාදය අනුගමනය කර පරිසර දූශනය වූ හා මානව හිමිකම් කඩ කල රටකි.
[නවාදය නිසා ඇති වන පරිසර දූශනය වැනි ගැටලුත් චීන සමාජවාදය විසින් නැත්තට නැති කරල තියෙන අපූරුව! (http://www.chinahush.com/2009/10/21/amazing-pictures-pollution-in-china/)]

නෑවතත් තව කොමෙන්ටුවකට අනුව දනවාදී ශ්‍රමය සූරාකන රටකි.
[නයිකි, ගැප් වගේ සමාජවාදී ඇදුම් කර්මාන්තශාලා වලින් පටන් අරන් ඇපල්, ජෙනරල් මෝටර්ස්, මයික්‍රොසොෆ්ට් වගේ සමාජවාදී හයි-ටෙක් ආයතනත් චීනයේ මේ විප්ලවය ගැන පැහැදිලා එරට වැඩ කරන ජනතාවට සෙත සැදීමේ උවමනාවෙන් චීනය තුල රොද බැද ගෙන සිටීම කොතරම් සුන්දරද?]
(ඵයින්ම ඔබලා දනවාදීන් ශ්‍රම සූරකන්නන් ලෙස පිලිගෙන ඈත )

ඵකිනෙකට පරස්පර විටක කබරයා තලගොයාත්,තලගොයා කබරයාත් කරන ඵ්දාවේල ටුවර්ස් කතන්දර හෑරෙන්න,දනවාදී ක්‍රමයේ ප්‍රතිපලදායක බව ගෑන,ඔබ කියනාපරිදි සමාජවාදයෙන් මෝහාන්දකාර ගතවූ අපට පෙන්වා දී ඈතිද???????

ල0කවේ සිලුමින ITN පන්නයේ 'ඩේලි මේල්' කඩමාලු පත්තර වලින් චීනය සමාජ්වාදීද දනවාදීද යන්න තීරනය කරන්නට තරම් පිස්සුවක් අපට නෑත.!!!!!!!!!!!!!
[ඵය තීරනය කලයුත්තේ ඉතිහාසය හා වර්තමානය සන්සන්දනය කර තමතමුන්ගේ නෑන පමනින් දෑයි ඈමරිකවේ හෝ ඵන්ගලන්තයේ පත්තර බලා දෑයි සිතීම අප අපේ සහෝදර ජනතාවට බාර කරමු]
ඔබලාට ඵ්සේකරමින් සිහින දෑකදෑක සිටීමේ බාදාවක් නෑති අතර සිලුමින ITN බලමින් ආස්චර්යයේ උදාව බලාගෙන සිටින[ ඵ් අතර තෙල් ටික,නිදන් ටික,ඉල්මනයිට් ටික දනවාදීන් විසින් ම0කොල්ලකන බව (ආ ආ වෑරදුනා චීනයෙන් පරිස්සම්කරගෑනීමට අරන්යන බව ) පෑවසේ!!!!!!!!!]ල0කාවේ සමහර බයියලාත් ඩේලිමේල්,විකීපීඩියා වෑනි මොලසෝදන දනවාදී ප්‍රචාරක කොම්පෑනිවල සීනිබෝල කමින් තමරටේ සම්පත් හූරන්කන්නට ඉඩහෑර සිටින ජාත්‍යන්තර දනවාදී නුවනෑත්තන් වන් තෘත්22 වෑනි බුද්දිමතුන් අතර වෙනසක් අපට පෙනෙනේ නෑත.
ඔබේ වෙබ් අඩවිවල ලිපින සහිතව පලකර ඈති වටිනා සාක්ශි පිලිබඩ ස්තූතිවන්ත වන අතරම සියවස් 5ක් අප්‍රිකාව හා ආසියාව හූරන්කෑ(වෑරදුනා..... දනවාදී ප්‍රජාතන්තරවාදය කියාදුන් ...හොදේ !!!!!) ඵ0ගලන්තයේ ඩේලි මේල් හී ඉහත හෙලිදරව්ටික නොවන්නට තවදුරටත් අපි චීන මායම් වලට හසුවී සිටිනු ඈත.ඵ් අනුව ITN සිලුමින හරහා ල0කාව අස්චර්යට ගියාක්මෙන් ඩේලිමේල් හරහා දනවාදී ස0වර්දනයට යාමට අප ඉටාගෙන ඈත.
කෙසේ වෙතත් ඵ් සම්බන්දයෙන් පිලිතුරු බෑදීමේ අප සතු යුතුකම ඉක්මනින් ඉටුකරමු.

ඵ් අනුව සිලුමින හරහා ල0කාව අස්චර්යට ගියාක්මෙන් ඩේලිමේල් හරහා දනවාදී ස0වර්දනයට යාමට අප ඉටාගෙන ඈත.

-නුවන් චාමර

Anonymous said...

ධනවාදී උපාසක බළලුන් ගෑන දෑනගන්න පිවිසෙන්න මේ වෙබ් අඩවියට.
ධනවාදී ක්‍රමයේ අසිරිය ඈස්පනාපිටම අත්විදගන්න.

mirror.wikileaks.info

නෑත්නම් කියවන්න හිටපු ඈමරිකන් ප්‍රජාත්‍රන්ත්‍රවාදී ඵ්ජන්තත ජෝන් පර්කින්සන්ගේ ආර්තික ගාතකයකුගේ පාපොච්චරනය.ඔවා චීන්නු නොවෙයි සුද්දොම කියන ඵ්වා.
හෑබෑයි ඈමරිකාව කොච්චර පොරජාතන්තරවාදීදෑයි කියනවානම් ඈමරිකන් බලල් අත ඵ්0ගලන්තකාරයෝ විකිලීක්ස් ප්‍රදානී අසාන්ජ්ව හිරේදෑම්මේ නෑත.මාස දෙකතුනක කෑම බීම ඉදුන්හිටුම් සහිත පොඩි නිවාඩුවක් සෙට්කලා පමනි.

tharu22 said...

//ඵකිනෙකට පරස්පර විටක කබරයා තලගොයාත්,තලගොයා කබරයාත් කරන ඵ්දාවේල ටුවර්ස් කතන්දර හෑරෙන්න,දනවාදී ක්‍රමයේ ප්‍රතිපලදායක බව ගෑන,ඔබ කියනාපරිදි සමාජවාදයෙන් මෝහාන්දකාර ගතවූ අපට පෙන්වා දී ඈතිද???//

නුවන් චාමර අයිය මන් ගැන වැරදි විදියට හිතනවද මන්ද?
මිලියන ගනන් හාමතේ මැරෙන්නෙ නැතුව (මාවෝ සේතුන් කියන උග්‍ර ධනවාදියගෙ කාලෙ වගේ ) , යන්තන් ගරුත්වයක් ඇතුව චීනය වත්මන් ලෝකය තුල නැගී සිටින්නෙ සමාජවාදී ආර්ථිකයෙ අනුහසින් කියල පෙන්වල දුන්නෙ නුවන් චාමර අයියමනෙ.

මම කලේ චීනයේ මේ නැගිටීම සමාජවාදයේ ආශ්චර්යක් බව පෙන්නන්න කරුනු ටිකක් පෙන්නුව එක විතරයි. චිකේ, "ශ්‍රමය සූරෑකෑම", "පරිසර දූශනය", (ඇයි පරිධියේ රටවල් සූරා කෑම?) වගේ වචන චීනය වගේ සමාජවාදයෙන් දියුණු වෙච්ච රටක් ලගින්වත් තියන්න එපා... අයියට පවු සිද්දවෙයි.

ධනවාදය ප්‍රථිපල දායක නැති බවත්, සමාජවාදය ආශ්චර්යමත් බවත් චීනය මෙච්චර ඔප්පු කර තියෙද්දි "ධනවාදය ප්‍රථිපලදායක බව පෙන්වන්නට යාම" වගේ අන්තිම මෝඩ වැඩක් මම කරන්නෙ මොකටද?

මම ම්ගේ මෝහාන්දකාරය දුරු කිරීමට ගැන අයියට පින් දුන්න මිසක් අයිය මෝහෙන් අන්ධකාරවෙලා කියල කිව්වෙ නෑනෙ.

චීන සමාජවාදය දිනේවා!

Anonymous said...

ඔන්න මලයා දෑන් බබා උක්කු0 පාට් දානවනේ.
ඔය නිකන් කතාකරන්නේ මුකුත් නොදන්න බබෙක් වගේනේ.
ඔයා කියන විදියට හොදට කකා බිබී සෑපට හිටපු චීන්නුන්ව මාවෝ සේතුන් ඈවිල්ලා විප්ලවයක් කරලා හාමතේ මෑරුවා වගේනේ කතාකරන්නේ!!!!!!!!!!
අපි ඔන සිදුවීමක් විග්‍රහකරගන්නේ ඵ් කලේ තිබූ තත්වයට සාපේක්ශව නේද????
චීන විප්ලවය වෙන්න කලින් චීනය කොහොමද තිබුනේ කියන ඵක මුලින්ම හොයාගමු.
අබි0 වලින් මත්වෙලා.බ්‍රිතාන‍යේ පරාදීන හා ජපානයේ යටත් ප්‍රදේශ.ආයු අපේක්ශාව වසර 45යි.සක්ශරතාව 20%ක් වත් නෑ.වෑඩවසම් ක්‍රමය.රාජකරි ක්‍රමය.ස්වාබාවික විපත්.සාගත.වස0ගත.
ඔන්න ඔය තත්වය තමා විප්ලවයෙන් පස්සෙ වෙනස් උනේ.ඉතින් විප්ලවයට බයවුන ජාතිවාදී ජපන් අක්‍රමනිකයින් හා බ්‍රිතාන්‍ය අදිරාජ්යවාදීන් ලදරු සමාජාදවාදී චීනයට කෙතරම් බාදාකලාද කියා කුක්කු පෑටියා දන්නවාද????බෙහෙත් පවා චීනයට ගෙනයාමට නුදුන්බව දන්නවාද?????කියුබාවට හා ඉරාකයට බෙහෙත් සම්බාදක පනවා දනවාදීන් අහි0සක ලදරුවන් කීදාහක් මරාදෑම්මාදෑයි ඔබ දන්නවාද????????
පු0ච් උදාහරණයක් ලෙස, මේ ලිබරල් ජපාන හමුදව චීනයට පොරජාත්‍රන්තරවාදය කියදුන් හෑටීයි!!!!!!!!!!
[http://en.wikipedia.org/wiki/Japanese_war_crimes]

අතිවිශාල රටක් වන් චීනයේ 1950 සමයේ හරිහමන් මර්ගපද්දතියක් පවා නොතිබූ බවත්, තිබුනේ අදිරාජ්‍යවාදීන්ගේ බඩු ප්‍රවාහනයයට හ අබි0 ප්‍රවාහනයට යොදාගත් සීමිත මහාමර්ග හා රේල් මාර්ග කිහිපයක් පමනකි.ඵවකට චීනයේ දුරබෑහෑර ප්‍රදේශවල සිහුවූ ස්වාබාවික අනතුරු නිසා සෑලකිය යුතු පිරිසක් මියගොස් ඈත.සෑබවින්ම රාජන්ඩු සමයේ සිටම මේ තත්වය පෑවතුනි. නමුත් කිසිදු පියවරක් රාජන්ඩු හෝ අදිරාජ්‍යවාදීන් ගත්තේද නෑත.හූරාකෑම පමනක් ජයටම කලේය.
(ල0කවේ BTIරෙද්ද අස්සේ ගහගෙන ඩෙ0ගු මරණ ගෑනගෑන ඉන්නවාක් මෙන්... )
චීනයේ හොවෑ0හෝ ගග දෙපස ඉතිහාසයේ සිටම වෑසි සමයේ සිදුවන බවබෝග හා ජීවිත විනාශය ගෑනත් ඵ නිසාම හොවෑ0හෝ ගග චීනයේ ශෝකය ලෙස නම් ලබා සිටින බවත් අප උගත්තේ 7 වසරේ දී වන අතර තෲ 22 බලන්නේ ITNපමනක් බෑවින්(ඉන්ටෑර්නෑශනල් ගොස් UK සිලබස් කවර් කර ඈතිනිසා චීනය ගෑන දන්නේ ඩේලි මේල් පත්තරේ බලා වෙන්න ඈති.... )මේවා දන්නේ නෑත!!!!!!!!!!!!!!!!!!!

Anonymous said...

මේවා සාගත ලෙස ලෝකයා නොමග යවමින් බොරු ස0ඛයා ලේඛණ ඉදිරිපත් කලේ දනවාදීන්ය.මේ දනවාදීන්ගේ ස0ඛ‍යාලේඛණ සෙල්ලම් ගෑන දෑනගෑනීමට හිටපු ඈමරිකන් ඵ්ජන්ත 'ජෝන් ප්‍රකින්ස්ගේ' 'ආර්තික ඝාතකයකුගේ පාපෝච්චරණය' පොත කියවන්න.ඉන් දනවාදීන් ඈත්ත නෑත්තත් නෑත්ත ඈත්ත් කරන හෑටි අවබෝදකරගත හෑකිය.


අතිවිශාල චීනයේ සාමාජවාදී රජය බිහිකල මුල් වසර දෙක තුන තුල 100% මෙම ගෑටලු නිවෑරදි කල නොහෑකි වූ නමුත් දෑන් ඵම ස්වාබාවික විපත් කෙතරම් සිදුවුවද ඔවුන් අවම හානියකින් ඵවාට මුහුනදේන හෑටිත් ඈමරිකාවම අදාර්ශයට ගනිමින් සිටී.
ඵ කල සිදුවූ මෙම හානි මවෝගේ සාගිනි ඵ්ක්වුන්ට් ඵකට් දමමින් කිබුල්කදුලු හෙලූ දනවාදීන් දෑන් පිටි කෑ රිලවුන් සේ මුනිවත රකිමින් අතීතයේ ඵල්ලී සිටින් අතර වෑඩවසම් චීනයට ඵම ඉරනම අත්වුනේ අබි0 වස0ගතය බෝකරමින් තරගයට චීන ජනතාව ම0කොල්ල කෑ ජපාන හා ඉ0ග්‍රීසි අදිරාජ්‍යවාදීන් නිසා බව අපට සගවන්නට හදති.'මවෝ' ලා මේ තත්වය වෙනස්කර චීන ජනතාවට ස්වාදිපත්‍ය හා නි'දහස ගෙනන ආ නිසාත් ආර්තිකව චීනය හා හෑප්පීමට බෑරි නිසාත් මුවා අල්ලගෑනීමට නොහෑකිවූ විට මුවහමට තඩිබාන්නක් මෙන්' මෙම විශිශ්ට නායකයින් අපිට රකුසන්න් සේ පෙන්නීමට දතකමින් සිටී!!!!!!!!!!!!!!!!!
'මාවෝ' ලාගේ සාර්තකත්වයත් දනවදීන්ගේ කාලකන්නිකමත් අතර තවත් ඵක උදාහරණයක් ලියන්නම්.
වසර කීපයකට පෙර පොරජාත්‍රන්ත්‍රවාදී ඈමරිකාවට 'කෑත්‍රීනා' අවේය.ඊටකලින් කියුබාවට අවේය.කියුබවේ සමාජවාදී පාලනය අතිසාර්තක ලෙස 'කෑත්‍රීන කුනාටුව' පරාජය කල අතර ඈමරිකවේ 'නිව් ඔලියන්ස්' පෙදෙස් නන්නත්තාරවූ අතර ජනතව කෑම හොයගත්තේ කඩවල් ම0කොල්ලකාලය.ඵ් තරමට ඈමරිකාව පොරජාතන්තරවාදී වූ අතර 'අ0කල් සෑම්' ගේ කලිසම කඩාවෑටී මුලු ලෝකයම ඉදිරියේ නිරුවත් වූයේය.ඉතින් මේ කෑත හෙලුව අරුණිලා මෙන්ම තෲ 22 ලා තම දෑතින් වහන්නට යාම ගෑන අපට ඈත්තේ මාර හිරිකිතයකි.

අනික වඩාත් විහිලුසහගත්ම කරුන මෙයයි.
අද ලෝකයම ලිබරල් දනවාදී බව අප දන්න කරුණකි.නියමින් හෝ අනියමින් සෑමරටක්ම ඈමරිකන් න්‍යාය පත්‍රයට අනුව නෑටවෙන බව ප්‍රසිද්ද රහසකි.(මෙහිදී තෲ 22 තමා ඈමරිකන් හිතවාදියෙක් නොවනබව කියන්නට ඉඩ ඈත.නමුත් ලෝකයේ ලිබරල් දනවාදී ක්‍රමය ක්‍රියාවට නගන්නේ ඈමරිකාව විසින් මිස තෲ 22 විසින් නොවන නිසා ලිබරල් දනවාදය වෙනුවෙන් පෙනීසිටින ඔහුට ඵ්හි මහා මොලකරු ඈමරිකාව විසින් දනවාදයේ නාමයෙන් කරන බීශනයට ඈති අදහස්මය වගකීමෙන් ගෑලවිය නොහෑක. )
දෑන් චීනයට ඈත්තේ හාමත ගෑන ප්‍රශ්නය නොවෙයි.ස්තූලතාව ගෑන ගෑටලුවකි.ඵහි ඈත්තනෑත්ත නෙට්ඵකෙන්ම බලගත හෑකිය.(අපිටනම් ටිකටික ඵ් ප්‍රශ්නය මතුවීගෙන ඵනබව පෙනෙයි.)
නමුත් දනවාදී ලෝකයේ තත්වය කුමක්ද?????????
අදටත් සෑම දිනකම දනවාදය අනුගමනය කරන් 3වන ලෝකයේ රටවල අහි0සකයන් 24000ක් හාමතේ මියයයි.
ඉතින් දශක 5කට පෙර චීනයේ වූවාය කියන සාගතයක් ගෑන කිබුල් කදුලු හෙලන දනවාදියනි වර්ත්මාන ලෝකයේත් 24000ක් දිනකට හාමතේ මියයන ජරා ක්‍රමය නෑවෑත්වීමට උබලාගේ ක්‍රමයට නොහෑකිවී ඈත්තේ මන්ද?????????

දනවාදින් විසින් 3වන ලෝකයේ පරිසරය සුරකින ආකාරය ගෑන වටහාගතහෑකි සොදුරු රූපරාමු පෙලකි මේ.
environment+pollution+in+india+pics&hl=en&prmd=imvns&tbm=isch&tbo=u&source=univ&sa=X&ei=rr-5T_OhF4jtrQfmxv3IBw&ved=0CKABELAE&biw=1016&bih=540

http://www.robedwards.com/oil_pollution/

මේ අඩවියෙන් ල0කාව ඈතුලු දුප්පත් රටවලට දනවාදීන් විසින් ආලෝකය ගෙනා ආ හෑටි ඉතා හොදි වටහාගතහෑකිය.
mirror.wikileaks.info

-නුවන් චාමර

tharu22 said...

අයිය ඉතින් මගුලක් කතා කරනවනෙ... චීනයේ දැන් තියෙන්නෙ සමාජවාදී ආර්ථික ක්‍රමයක් කියලත්, ඇමරිකන් ආයෝජකයො උනත් චීනෙට එන්නෙ සමාජවාදය ගැන පැහැදිලා බවත්, සමාජවාදය පිලිනොගන්න, ලාභය උපරිම කර ගන්න බලන කිසිම කොම්පැනියකට චීනෙට පස් පාගන්නවත් නොදෙන බවත්, පහුගිය අවුරුදු විස්ස, විසිපහ ඇතුලත චීනෙ යන්තම් නැගිටින්න පටන් ගත්තෙ සමාජවාදයේ ආශ්චර්යයෙන් බවත් මම ඉස් මුදුනෙන්ම පිලිගත්තනෙ. බලන්නකො චීනෙ විප්ලවවාදී කම්කරු පන්තියේ නිෂ්පාදන ඇමරිකාවෙ වෝල්මාට් එකේ විකිනෙන අපූරුව!
ආයෙ ඉතින් මොනාට වාද කරනවද මන්ද?
චීනෙ නායක කාරකාරීන්ගෙ ළමයි ඇමරිකාවෙ ලොකු ලොකු විශ්ව විද්‍යාල වලට ඇවිල්ල ප්‍රගුන කරන්නෙත් සමාජවාදය මිස අහවල් එකක්ද?

ආසියාවෙ රටක් හැටියට චිනෙ දියුණු වෙන එකටත්, ලෝකය තුල තමන්ට නිසි තැනට එන එකටත් අපිට නම් කොහොමත් සතුටුයි. එහෙම එන්නෙ සමාජවාදී මාවතෙන් කියල අයියගෙන් අහල දැන ගත්තහම තමයි ඒ සතුට දෙගුණ තෙගුණ උනේ.

චීන සමාජවාදය දිනේවා!

සිතු. . . said...

මමනම් මේ ගැන වැඩිපුර දෙයක් කියන්න දන්නේ නැතෝ...එත් ගොඩක් දෙයක් පොස්ටුවෙන් ඉගෙන ගත්තා , කමෙන්ටු බලලා දැනුම අලුත් වුනා...නියමයි

samakayawate said...

බොහෝ දේවල් හිතට ගත්තා මෙතැනින්

Anonymous said...

තවත් අයෙකුගේ මතයකට එරෙහිව ඔබගේ යම් මතයක් ඉදිරිපත් කිරීමේ ව‍රැද්දක් මම දකින්නේ නැහැ. නමුත් කාන්තාවක් ගැන ලියැවුනු මේ පෝස්‍ටුවේ හෙඩිම ගැන කණගා‍ටුයි.

Aissa said...

i have joined your feed and look forward to seeking more of your nifty post.

www.joeydavila.net

Unknown said...


I have found your blogs to be friendly and welcoming. Thanks for making this one. I really enjoy reading and surfing it. Try to visit my site @ www.imarksweb.org

Zel

fillikir72518 said...

There are some attention-grabbing cut-off dates in this article but I don’t know if I see all of them heart to heart. There is some validity however I will take hold opinion till I look into it further. Good article , thanks and we would like extra! Added to FeedBurner as effectively online casinos

Post a Comment

පි‍ටු පෙරලපු ගාන