ලියන්නට කවියක් ගනිමි පන්හිද අතට..

Sunday, June 12, 2011
ලියන්නට කවියක් ගනිමි පන්හිද අතට
සිතන්නෙමි නුඹ ගැන නොලියනා බවට
රෑ දොලොස් පැයේ මම හිතමි ඔබ ගැනම
නොලියා ඉන්නෙ මේ කවිය මම කොහොම

ජීවිතෙ සුන්දරයි කියා දුන්නේ නුඹයි
හැර යද්දි මා තනිව දුක නැතිද සිත අසයි
නුඹ ඉන්නෙ මා ලගයි නොහිතා ඉන්නට හිතෙයි
නුඹ නොමැති බව දනියි නමුත් සිත ඔබ පතයි

ආදරේ මුල් අකුරු මිමිනුවේ නුඹ ලගයි
ජීවිතෙ පලමු පෙම පිදුවෙ නුඹ නමින්මයි
හැර ගියේ කෙලෙසින්ද කුමරුනේ දුක දැනෙයි
උරණ නෑ ඔබ සමග ආදරේ ඔබටමයි


පි‍ටු පෙරලපු ගාන