භයංකාර රාත්‍රියක් - 2

Tuesday, July 12, 2011
කලින් ලිපිය මතකයි නේ..


ඊට පස්සේ අපි අපේ ගෙවල් ලඟම තිබුනු රංජිත් අංකල්ලගේ ගෙදර ගියා. ලඟ කිව්වට මීටර් 100 - 150 ක් විතර යන්න තිබුණා. ඒත් වෙන කරන්න දෙයක් තිබුණෙ නෑ. අම්මා කියන දේට එකඟ වෙනවා ඇරෙන්න මොනවා කරනවද කියන එක තීරණය කරන්න මට වත් අක්කට වත් තේරුමක් තිබුණේ නෑ.

රංජිත් අංකල් කියන්නේ අපේ අප්පච්චිගේ සහායක නිලධාරියා. අපි එහෙට ගිහිං අංකල්වත් එක්කගෙන ෆැක්ටරිය පැත්තට යන්නයි මුලින් හිතුවේ. ඒත් මගේ අම්මා පස්සේ අංකල්ට ඉන්න කියලා අපි දෙන්නා (මායි අම්මයි) විතරක් යන්න තීරණය කළා.

අක්කව එහේ තියලා අපි දෙන්නා ඇවිදගෙන ගියා ඇට කළුවරේ....
අපි පඩිපෙල ගොඩවෙලා මහපාරට එනවත් එක්කම පාර අයිනේ අවියක් අමෝරාගෙන හිටපු කෙනෙක් කතා කළා.



"නෝනා! කොහෙද යන්නේ?" ඔහු ඇසුවා.

"මහත්තයාව ආපහු එවන්නම් කියලා එක්කගෙන ගියා. ඒත් තාම එව්වේ නෑ. ඒකයි බලන්න යන්නේ."
අම්මා කීවා.

"එවනවා කිව්වා නම් එවයි. දැන් නෝනලා ගෙදර යන්න" ඔහු කාරුණිකව අණ දුන්නා.

අම්මත් එක්ක මාත් කීකරුව අනිත් පැත්ත හැරුනේ ඔහුටවත් තුවක්කුවටවත් තිබුනු බයකට නෙවෙයි. ඇත්තටම ඔහු ලඟට දුවලා ගිහින් ඔහුගේ තුවක්කුව උදුරගෙන ඔහුටම වෙඩි තියන්න මට ආවේගයක් තිබුණා... (ඒ වුණාට එහෙම කරන්න බැරි බව දැන් තේරෙනවා)

ඒත් ඔහු කියපු විලාශයෙන් අප්පච්චිට කරදරයක් වෙන එකක් නෑ කියලා විශ්වාසයක් ඇති වුණා.

අපි ටිකෙන් ටික පහලට බැහැගෙන එද්දී අඳුර පුපුරවගෙන මහා ගිනි බෝලයක් වගේ ඇවිදින් ෆැක්ට්‍රිය ගිනිගන්න ගත්තා.

අපිට මොනවත් හිතා ගන්න බැරි වුණා.

අප්පච්චිට මොකක් වුණාද?

අපිට තිබුණ ලොකුම ප්‍රශ්ණය ඒකයි.
තව විනාඩි කීපයකින් අප්පච්චී ආවා. ඒත් ඔහු තුල තිබුණු සංවේගය මට අකුරු කරන්න අමාරුයි. ඔහුට තමන් හදාපු දරුවෙක් නැති වුණා වගේ හැඟීමක් ඇති වෙන්න ඇති. කොහොමත් ඔහු ටිකක් සංවේදී කෙනෙක්. ඒත් ඒ වගේ සංවේගයක් මං මීට කලින් අප්පච්චී ගෙන් දැකලා තිබුණේ නෑ. අපි අපේ ගෙදරට පැත්තකින් තිබුණු ගල් තලාවට ගිහිං ෆැක්ට්‍රිය දිහා බැලුවා. එහි ගිණි දැල් දැකලා මට ලොකු හැඟීමක් නම් ඇති වුණේ නෑ. ඒ වෙනකොට අප්පච්චී ගෙදර ආපු හින්දා මගේ හදවතේ තිබුණු ගැස්ම නං අඩු වෙලයි තිබුණේ. ඒත් අප්පච්චි නං පැය ගනණක් එක දිගට ඒ ෆැක්ට්‍රිය දිහා බලාගෙන ඇඬුවා. 


ඒත් එයින් මොන පලයක්ද?

ඉතිරි ටික පසුවට....

3 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

නිකම් හිත බය කරගන්න මොකටෙයි.. ඊලනග එකත් බලලම ඕන ලියන්න. ඔහ් ලිවුවා නේද !

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

බය වෙන්න තරම් ලොකු දෙයක් නං ඊට පස්සේ සිද්ධ වුණේ නෑ. ඊට පස්සේ තියෙන්නේ ගින්නෙන් පස්සේ ඇවුළුනු ගිනි... ස්තුතියි සහෝ...

හංසි said...

මේ පෝස්ට් එක මට මග ඇරිලා. අද කොහෙදි හරි තුන් වෙනි කොටසෙ ලින්ක් එක ලැබුනා. එතකොටයි දැක්කෙ දෙවනි කොටස මගඇරිලා කියලා. මම ගොඩක් ආසාවෙන් මුල් කොටස කියෙව්වා. ඇත්ත කතාවක් නිසාද මන්දා මට නම් හිතට වැදුනා.

Post a Comment

පි‍ටු පෙරලපු ගාන