ආන්දෝලනාත්මක Murder 2 චිත්‍රපටියේ විචාරය

Tuesday, August 16, 2011
සිතුවිලි පවුරට තවත් බොලිවුඩ් චිත්‍රපටියක විචාරය ඉදිරිපත් කරන්නයි මේ සුදානම් වෙන්නේ . ඒ තමයි Murder 2 චිත්‍රපටිය "බොලිවුඩ් සිංහලෙන්" අඩවියේ මීට කලින් පල කරල තිබුන මේ ලිපිය සිතුවිලි  පවුරට එකතු කරන්නේ එතනදි නොබලපු අය වෙනුවෙන්



Murder 2 චිත්‍රපටියේ DVD නිකුත් වීම පිලිබඳ තොරතුරු අපි ඔබට වෙත ඉදිරිපත් කලා බාගත කරගැනීමේ සබැඳිත් එක්කම . මෙතෙක් බාගත කරගත්තේ නැති කෙනෙකුට මෙතනින් ගිහින් ඒ සබැඳි ලබා ගන්න පුලුවන් . මේ චිත්‍රපටිය පිලිබඳ ලාංකිකයින් බොහෝ දෙන්ක් උනන්දුව පල කලේ ජැකලයින් නිරුවත් දර්ශන වලට පෙනී සිටිනවා කියල මතුවුනු කථා බහත් එක්ක . ලංකාව නොයෙකුත් මාධ්‍ය ඒ ගැන විවිධ කතා කියත්දි ඒ වෙනකොට තිබුනු සත්‍ය කතා බහ අපි ඔබට ඉදිරිපත් කලා මතක ඇති . ඒ කතාවුනු විදිහට ජැකලයින් වෙනුවෙන් නිරුවත් දර්ශන වල රඟපැවද ??? ඒ ගැනත් අපි මේ විචාරය ඇතුලෙ කථා කරමු


කථාව

අර්ජුන් කියන්නේ පොලිස් සේවයෙන් ඉවත් වෙලා ගෝව ප්‍රදේශයේ පතාලය වෙනුවෙන් වැඩ කරන , තමන්ගේ දක්ෂතා භාවිතා කරන පුද්ගලයෙක් . තමන්ගේ සමීපතමයන්ගෙ මරණයත් එක්ක දෙවියන් පිලිබඳ විශ්වාසයෙනුත් මිඳිලා ඉන්න අර්ජුන් තමන් පාතාලය වෙනුවෙන් වැඩ කරල ලබන මුදල් පවා වැය කරන්නෙ අනාථ ලමයින් වෙනුවෙන් . ඔහු තමන්ගේ පෙම්වතිය වෙනුවෙන් දක්වන්නෙත් රාගික අදහසක් විතරයි . ශාරිරික සබඳතාවයට වඩා දෙයක් ඇයගෙන් බලාපොරොත්තු නොවෙන ඔහු ගත කරන්නෙ එක්තරා ආකාරයකට විසිරුනු අතරමං වුනු ජීවිතයක්

ඔහුගේ පෙම්වතිය ප්‍රියා නම් බලාපොරොත්තු වෙන්නේ අර්ජුන් එක්ක සාර්ථක ජීවිතයක් ගත කරන්න , මොකද ඇය අවංකවම ආදරය කරන නිසා . ඇයගේ වෘත්තිය වෙන්නේ සඟරා වලට අඩ නිරුවත් රූප සඳ හා පෙනී සිටීම .

ගණිකාවන් සඳහා ගැහැනුන් සපයන පුදගල්යෙක් අර්ජුන්ගෙ උදව් බලාපොරොත්තුවෙන් පැමිනෙන්නේ මේ අතරෙදි . ඒ තමන් සපයන ගැහැණු ලමුන් අතුරුදහන් වීමක් ගැන උදව් බලාපොරොත්තුවෙන් .මේ සඳහා මැදිහත්වන අර්ජුන්ගේ උප්ක්‍රමයක් නිසා අසරණ ගැනු ලමයෙකුත් විපතට පත්වෙන බව අර්ජුන්ට දැන ගන්න ලැබෙනව . මොක්ද මේ ගැහැනු ල්මයින් අතුරු දහන් වෙන්නේ ව්කෘති පුද්ගකයෙකු විසින් මරා දාන නිසා බව අර්ජුන්ට දෑන ගන්න ලැබෙනව . එතනින් එහාට අර්ජුන් ක්‍රියා කරන්නෙ කොහොමද ? අර්ජුන්ට මුහුන දෙන්න වෙන සිදුවීම් මොනවාද ? ..... කිය්ල කථාව බලලම දැන ගන්න පුලුවන්

අපේ අදහස | Editor's Comment

  • හිංසාකාරි දර්ශන , කතා තේමාව හා සරාගි දර්ශන ආදී කාරණා නිසා මේ චිත්‍රපටිය වඩාත් යෝග්‍ය වෙන්නෙ වැඩිහිටියන්ට පමනක් බව මුලින්ම සඳහන් කරන්න ඕනි

  • කොහොම උනත් චිත්‍රපටියට කලින් සඳහන් වුනු ආකාරයේ නිරුවත් දර්ශන නම් චිත්‍රපටියේ අන්තර්ගත වෙන්නේ නැ . ඉතාම සූක්ෂම විදිහට කැමරාව මෙහෙයවපු ශෘංගාරාත්මක දර්ශන කිහිපයක් තිබුනත් ඒ චිත්‍රපටියට කලින් කථා බහට ලක්වුනු තරම් නම් නෙවෙයි . ඒ නිසා ඒ නිරුවත් දර්ශන කථාව අධ්‍යක්ෂක වරයා වෙලඳ උපක්‍රමයක් විදිහට භාවිතා කරපු දෙයක් බව තමයි කියන්න තියෙන්නේ . කොහොම උනත් Murder 2 බොලිවුඩ් සිනමාවට සාපේක්ෂව නම් සරාගී දර්ශන ඉහලින්ම අඩංගු නිර්මානයක් බවට සැකයක් නැ

  • අධ්‍යක්ෂකවරයාගෙ වෙලඳ උපක්‍රම නිසාදෝ අති සාර්ථක නිර්මානයක් බවට ආදායම් වාර්ථා තැබුවත් සඳහා ලැබුනු විචාරක ප්‍රතිචාර නම් ඒ තරම් හොඳ නැ . රංගනයේ දුර්වලතා, තිරරචනයේ හා කථාව ගොඩ නැගීමේ දුර්වලතා ඒ අතර ප්‍රධානයි . සංගීතය ඇරුණාම චිත්‍රපටියේ අනෙකුත් අංග ඒතරම් සාර්ථකත්වයක නැ .ඒ නිසා මේ වර්ගයේ චිත්‍රපටියක තියෙන්නෙ ඕනි කරන උද්යෝගය වෙනුවට කම්මැලි බවක් තමයි ප්‍රේක්ෂකයාට දැනෙන්නෙ

  • සරාගී දර්ශන රූගත කිරීමේදී ඇරුණාම අනෙකුත් අවස්ථාවල සිනමා කරන දායකත්වය ඉතාම මදි . මේ මාදිලියේ චිත්‍රපටියක රූප රාමු හා හර්හා දෙන්න පුලුවන් ගොඩක් දේ මගහැරිල තියන බවයි පේන්න තියෙන්නේ. සංගීත බාවිතාවේ තරම් හොඳ තත්වයක සිනමා කරන ලක්ෂනත් (සරාගී ජවනිකා වලදී මේ එකතුව සාර්ථකයි ) හොඳ තිර රචනයකුත් එකතු වුනා නම් නිර්මාණයේ අගය ඉතාම වැඩි වෙන්න ඉඩ තිබුනා .

  • ජනප්‍රිය වුනු තරමටම අලංකාර චිත්‍රපටියක් නොවේය කියලයි අවසන් වශයෙන් කියන්න තියෙන්නේ . සාම්ප්‍රදායික් ඉම් රාන් හැර වෙන දෙයක් ඔහුගේ දකින්න නොලැබුනත් ජැකලයින්ගේ රංගනය නම් සාර්ථකයි . කොහොම උනත් ඉතින් බොලිවුඩ් රසිකයෙක් විදිහට මේක නොබැලුවා කීමත් නිකන් අඩු වක් වගේ නිසා , බාගෙන බැලුවට නම් පාඩුවක් නැතිවෙයි

Ratings


  • Direction -1.5/5
  • Celebrities' Performance -2.5/5
  • Story - 2/5
  • Script - 1/5
  • Cinematography - 2/5 (Good in Erotic scenes )
  • Music -4/5
  • Choreography -2/5
  • Art Direction - 2/5
  • Action - N/A
  • Editing - 2/5
  • Special Effects - N/A
  • OVERALL -2.5/5


බොලිවුඩ් සිංහලෙන් අඩවිය වෙනුවෙන් සිතුවිලි පවුරට ලිපි එකතු කරන්නෙ මම කියන එක කලින් ලිපියෙදි සඳහන් කලා . ඒකට හේතුවත් එක්කම . දැන ගන්න කැමති කෙනෙකුට හෝ ඇඩ්මින් තුමාට   අවශ්‍ය නම් මේ ලිපිය අවසානයේ ඒ විස්තරය සඳහන් .


නිවේදනය - ශම්මි කපූර් කියන්නේ පැරණි බොලිවුඩ් සිනමාව ආශ්‍රය කරන කෙනෙකුට නම් සුපුරුදු චරිතයක් . එතුමා පහුගිය 14 වෙනිද අභහව්පාත්‍ර වුණා , ඔහු ගැන විස්තර දැන ගන්න මේ විකි පිටුවෙනුත් . අවමංගල්‍යයට අදාල තොරතුරු මෙතනිනුත් බලාගන්න පුලුවන්

අධිරාජ්‍යයකුගේ අන්තිම කැමැත්ත


මේ කතාවක්ද බොරුවක්ද කියන්න දන්නෙ නෑ.. මාත් නෙට් එකේ දැකපු එකක්.

ඇලෙක්සැන්ඩර්  අධිරාජ්‍යයා යුධජයග්‍රහන ගොඩකට පස්සෙ තමුන්ගෙ රටට එමින් ඉන්නකොට දරුනු විදිහට අසනීප වුනාලු.
තමුන් මරණාසන්න බව දැනෙනකොට රජුට තේරුනාලු තමුන්ගෙ මහා හමුදාව, එකතුකරපු වස්තුව, තමුන්ගෙ කීර්තිය වගේ කිසිම දේකින් වැඩක් නැතිබව.

ඔහු තමුන්ගේ කිට්ටුම හමුදාප්‍රධානීන් කැඳවල ඔහුගේ අන්තිම කැමැත්ත විදිහට ඉල්ලීම් තුනක් ඉදිරිපත් කලාලු.

පලවෙනි එක "මගේ මෘතදේහය රැගෙනයා යුත්තේ මාගේ පුද්ගලික වෙදුන් විසින්ය "
දෙවෙනි ඉල්ලීම "මගේ මෘතදේහය රැගෙන ගිය මාර්ගයේ ,මාගේ භාණ්ඩාගාරයේ ඇති රන්, රිදී, මැණික් ආදිය විසුරුවා දැමිය යුතුයි "
අවසන් ඉල්ලීම " මිනීපෙට්ටියෙන් පිටතට සිටින ලෙස මාගේ අත් තබා පෙට්ටිය වැසිය යුතුයි."

මේ අසාමාන්‍ය්ය ඉල්ලීමෙන් අවුල් උන එක සෙන්පතියෙක් ඇහුවලු ඇයි රජතුමනි ඒවගේ ඉල්ලීමක් කලේ කියල.

රජතුමා උත්තර දුන්නලු, " පළවන ඉල්ලීම - ලොව කිසිම වෙදෙකුට කිසිවෙකු මරණයෙන් බේරාගත නොහැකිබව පෙන්වීමටත්, දෙවන ඉල්ලීම - තමුන් රැස්කල කිසිවන් තමුන් සමග අවසන් ගමනට නොපැමිනෙන බව ඒත්තුගැන්වීමටත්, අවසන් ඉල්ලීම - කිසිවක් රැගෙන නොගෙන පැමිනි අප නැවත යන්නේ හිසතින්ම බව ජනතාවට මතක්කර දීමටත් “ තමුන්ගේ අවසන් කටයුතු මේ අයුරින් කලයුතු බව කිව්වලු.
එහෙම කියල රජතුමා මියගියාලු.

මේ යතාර්ථ්ය රජතුමාට වගේම අපි හැමෝටමත් අන්තිම මොහොතේ අවභෝද වෙනබවනන් මම හොඳටම දන්නව.

ඒත් ජීවත්වෙන කාළය අතරෙත් මේගැන ටිකක් හිතුවොත් කාට කාටත් මීටවඩා සතුටින් ජීවිතේ ගතකරන්න පුලුවන්වේවි.

පි‍ටු පෙරලපු ගාන