1989 අවුරුද්දෙ තවත් එක් දවසක්.... මට එතකොට අවුරුදු 12යි. දැං වයස 12 ක කොල්ලෙකුට තරම් තේරුමක් තිබ්බද කියලා මතක නෑ. කොහොම හරි මං රෑට කාලා නිදා ගත්තා.
පසු බිම කියන්න බැරි වුණානෙ....
අපේ අප්පච්චි වැඩ කළේ දැරණියගල ප්‍රදේශයේ තිබුණු රබර් කර්මාන්තශාලාවක ප්‍රධාන කර්මාන්තශාලා නිලධාරියා විදිහට. අපි ඒ වතුයායට ඇවිත් තිබුනේ මං ඉපදෙන්නත් අවුරුදු 5 කට විතර කලිං. ඒ එනකොට ඒ කර්මාන්තශාලාව ඉතාම කුඩාවට තමයි තිබිලා තියෙන්නේ. අප්පච්චි අනිත් අයවත් එකතු කරගෙන අවුරුදු 17ක් තිස්සේ මහන්සි වෙලා. මේ කර්මාන්තශාලාව ලංකාවෙ තියෙන හොඳම කර්මාන්ත ශාලාවක් බවට පත් කරගත්තා. වැටුපක් ගත්තා වුණත්, වැටුපට වඩා සේවය ගැන හිතපු කෙනෙක් අපේ අප්පච්චි. එයා ඒ වතුයායටත් කර්මාන්තශාලාවටත් හුඟාක් ආදරයෙනුයි හිටියේ.
ඔය 89 කාලෙ වෙනකොට ජවිපෙ කචල් තිබුණු බව ඔයාල දන්නවනේ. නිතරම බස් රියැදුරු ව මැරුවා, බස් එකක් ගිනි තිබ්බා, බාගෙට මැරුණු මිනිස්සු පාර අයිනේ පිච්චෙනවා. ඔය වගේ ආරංචි මයි එන්නේ. තුන්වෙනියට කියපු කාරණේ නම් මං ඇස් දෙකින්ම දැකලා තියෙනවා. ඇත්තටම ඒ වෙලාවෙ මගේ හදවත ගොඩාක් සසල වුණා.
ආයෙත් කතාවට.....
ඉතින් මං ඔහොම නිදාගෙන ඉන්නකොට මගේ අම්මා මට ඇහැරෙව්වා. දන්නවානේ පොඩි කාලෙ ඇහැරෙන්න තියෙන අමාරුව...
අප්පච්චිව *** එකෙන් එක්කගෙන ගියා...
මට හීනෙන් වගේ ඇහුණා..
ඈ... ඒ මොකටද?
මගේ හිතේ ඇති වෙච්ච තිගැස්ම ඔයාලට හිතා ගන්න පුළුවන් නේද....?
අක්කත් නැගිටලා හිටියේ. මට අවුරුදු 12යි කියන එක මට තේරුණේ නෑ. මට හිතුනේ උන්ව මරාගෙන මැරෙන්න....
ඊට පස්සේ මොකද වුණේ...
කාලෙකින් ආවේ.... එක්ක යන්න වෙන තැනකට ...
-
කාලෙකට පස්සේ නිකමට බ්ලොග් කියලා දෙයක් තිබුනානේ කියලා බලන්න ආවා..
මහේෂ් අය්යා තාම ඉස්සර වගේ සොදුරු සුව අසපුව ලියමින් දැනුම බෙදනවා.. ඉස්සර
වගේම ගොඩක් බ්ලොග් ව...
6 years ago
12 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:
oya podi wayasedi owa hithunanam umba aniwa Hitler wage porak wenna oni me wenakota...
dan mechcharada kathawa?? O.o
@දිලීප
ඒ කාලෙ අහන්න දකින්න තිබුණෙම ආයුධ ගත්තු උදවිය අහිංසක මිනිස්සුන්ව අමු අමුවේ මරලා දාන කතා නොවැ. ප්‍රේමකීර්ති, සාගරිකා ගෝමස් වගේ අයට වෙච්ච දේවල් මතකයි නොවැ. ඉතිං තමුන්ගේ අප්පච්චිව එහෙව් උදවිය අරගෙන ගියා කිව්වහම මරාගෙන මැරෙන්න හිතෙන්නෙ නැත්නම් නොවැ පුදුම. එදා අප්පච්චිට කරදරයක් වුණා නම් මං හිට්ලර් කෙනෙක් වෙන්නත් තිබුණා... නැත්නම් එදාම පරලෝ සැපත් වෙන්නත් තිබුණා.. කතාව ඉවර නෑ..
ඔක්කොම ධර්ම දෙසනා කරන අයගේ හැටි අපි ඒ කාලේ දැක්ක. මං හිටියේ අත්‍යවස්ය සේවයක් බාරව,ඉතින් මරණය ඔලුවේ තියන් තමයි ජීවත් උනේ.. කියලා වැඩක් නැහැ..
නින්දිත ක්‍රියාවන් රජයූ කාල පරාසයක ඇදුණු කතාවක් . ඒ කාලය මතක් වෙනකොට දැණුත් හිරිගඩු පිපෙන එක නම් නවත්තන්න බෑ . ඔබේ කතාන්තරය ඉදිරියටත් කුරුටුගාන්න ශක්තිය ලැබේවායි පතනවා . ජය . . .!
මටත් මගේ පුංචි හිතට තදින්ම කාවැදුන කාල වකවානූවක් ඒ කාලේ. තවමත් නොමැකෙන අසුන්දර සටහන් හදවත පාරනවා.කොහොම නමුත් කතාවෙ ඉතිරි හරිය කියවන්න ආසාවෙන් බලාහිදිනවා. . .
@සරත් ලංකාප්‍රිය
මිනිස්සු අමු අමුවේ මරණවා දකින එක කොයි තරම් දරා ගන්න අමාරුද කියන එක වචනයෙන් විස්තර කරන්න අමාරුයි. අත්‍යවශ්‍ය සේවයක හිටියනං ඒ දුකට මරණ භයත් එකතු වෙන්න ඇති නොවැ... මට මේ මෑතක් වන තුරුම ඔය ජවිපෙ ගැන තිබුණේ එල්.ටී.ටී.ඊ එක ගැන තිබුණට වඩා එච්චර වෙනස් අදහසක් නෙවෙයි. මොකද දෙගොල්ලන්ගෙම මූලික හරය එකයි. වෙනසකට තිබුණේ ජවිපෙ ම්ලේඡ්ඡත්වය ටිකක් අඩු වීම විතරයි...
@සුශාන් ප්‍රියනාත් රත්නායක
ඇත්තටම ඒ කාලය මතක් වෙද්දී හිරිගඩු පිපෙනවා.. අපේ අවාසනාවට කොයිතරම් වටින මිනිස්සු ටිකක් අපිට අහිමි කලාද මේ කාලය...
@සිතුමි ප්‍රියංගා
ඇත්තටම ඒ මතකයන් හද පාරවනවා...
අම්මො අපි ඉපදුණු අවුරුද්ද....අම්මලා තාම කියනවා කොහොමද ඒ දවස් වල හොස්පිටල් එකට ගියේ කියලා.අපේ අප්පච්චි එක පාරක් පිදුරු ගොඩක් අස්සේ හැංගිලා හිටියලු.....කොච්චර මිනිස්සු කන්දරාවක් මරලා දැම්මද...... ආයෙ නම් එහෙම කාලයක් එන්න නම් එපා.
@මකුළුවා
ඇත්තටම මගේ පැතුමත් ඒකයි. දේශප්‍රේමයේ නමින් දේශද්‍රෝහී වැඩ කරපු කාළයක් නොවැ ඒක. කොයි තරම් වටින මිනිස්සු, කොයි තරම් දේපල විනාශ වුණාද? මකුළු මල්ලිගේ අම්මලාගේ ඒ ත්‍රාසජනක කතා මේකට කමෙන්ට් එකක් විදිහට හරි අමුණන්න පුළුවන්නං අගෙයි. මොකද අද කාලෙ අය හුඟ දෙනෙක් ඔය බියකරු අතීතය දන්නෙ නෑ.
ලංකාවේ දේශපාලන පක්ෂ දෙකක් අද දවසේ මොයි තරම් මානුශීය සහ ප්‍රජාතාන්ත්‍රීය බව පෙන්වන්න හැදුවත් මට නම් ඒ බව පිලිගන්න අකැමති මේ 88-89 කාලේ සිදුවීම් නිසාම තමයි.
@දුකා
කෙලින්ම සම්බන්ධ වුනේ දේශපාලන පක්ෂ දෙකක් වුණාට අනික් ප්‍රධාන දේශපාලන පක්ෂෙත් ඕකට සම්බන්ධයි නොවැ... ඔය කවුරුවත් ප්‍රජාතන්ත්‍රවාදය රකින්නේ නෑ...
Post a Comment