ඇති තාත්තේ

Friday, July 1, 2011

මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

උඹ කියන්නහේ
"විස්ස විජ්ජාලෙට"
මම තේරුනු දවසෙ
ඇස් දෙකෙන් වැක්කෙරුනු
තාත්තකම අරන්..

මෝදර පුංචිලට
උඹව මගෙන් වෙන්කරන්න ඉඩදුන්නු
කොටහලුවට වෛරයි මං
දාල ගිය අම්මට වඩා...

හොස්ටල් එකට
එහෙමත් දාක ඇවිත්
බිම බලාන ඉඳල
දාහෙ කොලයක දෙකක
ගුලිකරල යන
උඹෙ අසරණකම
විසි කරපන් තාත්තෙ පොල්වලකට..

මැද්ද මල් සාක්කියි
දෙය්යො උඩ සාක්කියි
අපෙ කඳුලු තෙලිජ්ජට..

බාල සංදියෙ වගේ
ටීච දෝණිට සෙල්ලම් බයි උයන්න
මදුරන්කුලියට
එන්න පුලුවන්ද
මම මුතු කුමාරියෙ
උඹව බලන්න එන දාට..

පමාව . . .


හිරු
ගිලෙනවා හැමදාම
යලි එන
. . . පොරොන්දුවපිට . . .
සඳු නැඟෙනවා
හොර හොරෙන් 
හැමදාට ඉන්න මෙන්
හිරු එනකන්ම විතරක්
. . . හෙට දවසට . . .
ඒත් 
අද නැත්නම් හෙට 
කවදද ඇත්තට එන්නේ
ඔය කියන දවස
. . . නුඹ ලඟ . . .

පි‍ටු පෙරලපු ගාන