කසල ගොඩේ . . .

Wednesday, July 27, 2011
කසල ගොඩ
වටේ පිරුණු
කපුටු රැලගේ 
කරව් හඬට
නිකමට ,
අඩියට දෙකට
ලංවන විට
දැණුනු ,
කිරිකැටි සුවඳට . . .


පිරිලා ඉතිරිලා
දැණුනු හැඟුමට
දිටින් ,
රෙදි කඩින් එතුනු
අහිංසක ,
බිළිඳු රුව . . .


සොයමි ,
තෝරමි ලහි ලහියේ
හැඟුම් . . .


සාප දෙන්නද
වැදූ එකාලට
නුඹ මෙහි දමා
අතැර ගිය පව්කාර . . .


නැහැ ,
ඉගෙනගන් පුතේ 
නුඹවත්
නොකරන්න කිසි දිනෙක
මෙලෙසකින් කිසිවිටෙක
ඉගෙන ගන්නට 
නුඹෙන් පාඩම්
වැදූ මව්පියනට
මෙළොව . . .


හිතෙන දේ කොමෙන්ටුවක අමුණන්න දිරියක් වෙන්න හැමදාමත් මෙන් . " පන්හිඳට " යන්න මෙතන ක්ලික් කරන්න

0 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Post a Comment

පි‍ටු පෙරලපු ගාන