නංගියේ............................

Tuesday, September 13, 2011
වරම් දෙකකින් එකම කුසකින්
බිහිවුනා අපි බිහිවුනා
උනුසුමෙන් සිත් නහව නහවා
හිනැහුනා අපි හිනැහුනා
එකම බත් පත බෙදා කා
ඇතිවුනා අපි දැඩිවුනා
‍වෙනම මොහොතක ඇයි ගියේ නුඹ
හැරදමා මා තනි වුනා

අසුරු සැනකින් හැර ගියා නුඹ
නැත අපට එය වැටහුනේ
සිහිනයක් යැයි සිතා උන්නත්
සිසිල දැනිලයි ඇහැරුනේ
කදුලු සලනට වරම් ඇති අද
වියළි වුනු ඇස් බොද වුනේ
පතිනියක වන ඔබව සරසන
සිහිනයයි ඒ බොදවුනේ

ජන්මයෙන් ජන්මය පතා ආ
සොයුරු පෙම අද ඉතිරුනේ
මගේ නැගනිය සිහින දෙව්දුව
මගේ සිහිනය හැඩ කලේ
මතුව උපදින සෑම භවයම
ඔබේ නමටයි වෙන් වුනේ
ඉතින් යන්නට අවසරයි අද
සදාදර මගෙ නංගි‍යේ.....!

පි‍ටු පෙරලපු ගාන