අවසන් මොහොත

Friday, July 29, 2011

රිදුම් දෙයි ගත සිතද පෙලමින්
දුවයි මා සිත අතීතය වෙත


කරයි දෛවය මා සමග සරදම්
වාරු නැති කර මගේ ගත මට


වැතිර සිට උඩුකුරුව සයනයේ
බැලු කල මා කවුළුවෙන් පිටත


බලා හිදිනා රුවක් දු‍ටුවෙමි
කෑදරෙන් නෙත් යොමා මාදෙස


වසනු මැන කවුලුව අගුළු ලා
මාරයා පැමිනේවි මා ළගට

Murder 2 චිත්‍රපටියේ සංගීත විවරණය | Music Review - Murder 2

සිතුවිලි පවුර වෙනුවෙන්ම සුවිශේෂී ලිපියක් තමයි මේ එකතු කරන්නේ ඒ තමයි  Muder 2 චිත්‍රපටියේ Music Review එක හෙවත් සංගීත විවරණය . බොලිවුඩ් තොරතුරු ලියවෙන වෙබ් අඩවියකට අනිවාර්ය අංගයක් වුන Music Reviews එකක්වත් තාම අපිට නම් ඉදිරිපත් කරන්න අවස්ථාව ලැබුනේ නැ . ඒ වගේම වෙනත් කිසිම ශ්‍රි ලාංකීය මාධ්‍යක බොලිවුඩ් චිත්‍රපටයක Music Reviews පල වෙලා තියනවත් අපි දැකල නැ . ඒ නිසා මේ ලිපිය ටිකක් විතර විශේෂයි . සාමාන්‍යයෙන් චිත්‍රපටියක Music Reviewa පල වෙන්නේ චිත්‍රපටිය තිරගත වෙන්නත් කලින් නමුත් දැනට අති සාර්ථකව තිරගත වෙන Murder 2  චිත්‍රපටියම අපි තෝරගත්තේ  ඒ සංගීතයේ කථා කල යුතු යමක් තිබෙන නිසා වගෙම චිත්‍රපටිය පිලිබඳ  ශ්‍රි ලාංකිකයින් දක්වන උනන්දුව නිසා

මොනවද මේ Music Reviews සහ ඇයි ඒවා වැදගත් වෙන්නේ කියල මුලින්ම බලමු


චිත්‍රපටි සංගීතය සම්බන්ධයෙන් බොලිවුඩ් සිනමාවට තියෙන්නේ අනෙන්‍ය ප්‍රතිරූපයක් . ලෝකය පුරා ඕනැම සිනමා නිර්මාණයක අඩංගු වෙන පසුබිම් සංගීත කණ්ඩ , තේමා සංගීත කණ්ඩ ඇරුණාම චිත්‍රපටිය වෙනුවෙන්ම සැකසූ ගීත අංග හා නර්ථනයන් දකින්න ලැබෙන්නෙ බොලිවුඩ් සිනමාවේ (ඇත්තටම කිව්වොත් සමස්ථ ඉන්දියානු සිනමාවෙම ) . කාලයත් එක්ක බොලිවුඩ් සිනමාවේ හැඩහුරු කම් කොතරම් වෙනස් වුනත්  නිකුත් වෙන සැම චිත්‍රපටියක් වෙනුවෙන්ම ගීත එකතුවක් නිර්මාණය වෙන එක නම් වෙනස් වෙලා නැහැ . සමහර වෙලාවට චිත්‍රපටියේ ගීත අඩංගු වෙන්නේ දෙකතුනක් වුනත් අඩුම තරමේ ගීත 6ක් වත් අඩංගු ගිත එකතුවක් සැම බොලිවුඩ් නිර්මාණයක් වෙනුවෙන්ම අදටත්  නිකුත් වෙනවා . විශේෂයෙන්ම මේ ගීත වාණිජ වශයෙන් වෙනම අලවි  කරන නිසාත් , ගීත වල ජනප්‍රියතාවය චිත්‍රපටියේ සාර්ථකත්වයට බලපානා නිසාත් සාමාන්‍යයෙන්  චිත්‍රපටියක් තිරගත වෙන්න මාසයකට කලින් වත් ගීත එකතුව නිකුත් වෙනව . ගීත විවරණ හෙවත්  Music Reviews නිකුත් වෙන්නෙත් ඒ කාලයේදීම තමයි . වාණිජ වශයෙන් විකිණෙන ගීත ඇල්බම වල අලවිය සඳහා වගේම චිත්‍රපටිය පිලිබඳ ප්‍රේක්ෂක බලාපොරොත්තු සඳහාත් ගීත විවරන සැහෙන්න බලපානවා . පහුගියදා වාර්ථා වුනු විදිහට  Krrish  දෙවන කොටසේ සංගිත අයිතිය T- series සමාගම මිලදී අරගෙන තියෙන්නෙ කෝටි 6ක මුදලකට . ඉතින් මේ වගේ විශාල  මුදලක් සංසරණය වන ඉන්දියානු සිනමා සංගීතය පිලිබඳ චිත්‍රපටියෙන් චිත්‍රපටියට විචාර ලියැවීම පුදුමයක් නෙවෙයි නෙ !!

Murder 2 සංගීත විවරණය

සංගීත විවරණයක් කියෙව්වාට වැඩක් නැහැනේ ගීත ටික අහන්නෙ නැතුව , ඒ නිසා අහපු නැති අය මෙතනින් අපේ අඩවියට ගිහින් දීල තියන සබැඳියෙන් ගීත ඇල්බමය බා ගන්න . වාණිජ ඇල්බම නොමිලේ බාගත කිරීම නිති විරෝධී නිසා අපි සිතුවිලි පවුරේ ඒ සබැඳි පලකරන්න කැමති නැ ඇඩ්මින් තුමාගෙ අවසර නැතුව .

චිත්‍රපටිය අයත්  වෙන්නේ මූලිකවම ත්‍රිලර් වර්ගයට නිසා ඒ හා බැඳුනු සංගීත රටාවක් තමයි දකින්න ලැබෙන්නෙ. මේ අතරින් ඉතා විශේෂ ගීත දෙකක් තමයි මූලිකවම කථා බහට ලක් කරන්න තියෙන්නෙ .

පලමු ගීතය සුනිදි චව්හාන් ගායනා කරන Aa Zaraa  ගීතය . බටහිර සංගීත  S ශෛලීන්ට අනුව නිර්මාණය වෙලා තියන මේ ගිතය ඉතාම ඉහල ස්වර පරාස වල තමයි ගායනා කෙරෙන්නේ . ඒ වගේම ගීතයේ සහ චිත්‍රපටියේ තේමාවට අනුව ඉතාම සරාගී කටහඬක් තමයි ගීතය  පුරාවටම පවත්වා ගන්නේ . ගීතයේ සමහර තැන් වලදී මේ සරාගී බව ඉතාම හොඳින් ඉස්මතු වෙන  ගායන /හඬ උපක්‍රම භාවිතා කරල තියනව . ඇතැම් වෙලාවට චිත්‍රපටියේ නර්ථනයක් තියනවා නම් ඊට අදාලව වෙන්න පුලුවන් ඒ අවස්ථා මතු වෙන්නේ . කොහොම උනත් ගායන  ඒ ගායනා විලාසයත්  කඬ හඩ කලමණා කරගන්න විදිහත් එක්ක මේ ගීතය ලබන වසරේදී සම්මානයට පාත්‍ර වීමට අඩුම තරමින් යෝජනා වීමට  ඉඩ කඩ තියනවා . ගීතය ගායනා කරන සුනිදි ගැන අපි කලින් ලිපියක් පල කරල තියනව අපේ බ්ලොග් අඩවියේ කැමති අයට මෙතනින් ගිහින් බලන්න පුලුවන්   .මේ ගීතයේ රීමික්ස් වර්ශන් එකකුත් ගීත ඇල්බමයේ අඩංගුයි . ටෙක්නෝ තාලයකට මුසු කරල තියන ඒ ගීතයේ තියෙන්නෙ මුල් ගීතයට වඩා වෙනස් රසයක්


ඊලඟ ගීතය හර්ශිත් සක්සේනා ගායනා කරන Hare Dil ගීතය . කලින් කිව්ව ගීතය වගේම ඉතාම ජනප්‍රිය වුනු මේ ගීතය ඉම් රාන් හසිම් රඟපාන චිත්‍රපටි වල සාමාන්‍යයෙන් දකින්න ලැබෙන සම්ප්‍රදායේ ගීතයක් . ඒ කියන්නේ  ටිකක් කැ ගහල වගෙ කියන ආදර ගීතයක් . Murder, Gangster වගේ චිත්‍රපටි වල ගීත මතක අයට  මේ කාරනය වැටහෙනවා ඇති . මේ ගීතය සංගීත සම්ප්‍රදායන් කිහිපයක සම්මිශ්‍රණයක් වුනු ඉතාම ලස්සන ආදර ගීතයක් . ගීත ඇල්බමයේ දකින්න ලැබෙන මේ ගීතයේ Acoustic Version  එක  මුල් ගීතයටත් වඩා ලස්සන්යි කියල උනත් කෙනෙකුට හිතෙන්න ඉඩ තියනවා . මම කලින්  ගීත බාගන්න යන්න කිව්ව පිටුවේ මේ ගීතයට අදාල විඩියෝ පට කොටසක් තියනව . මේ ගීතයේ සම්පූර්ණ විඩියෝ පටය මාධ්‍යට දුන්නේ  සාමාන්‍ය ප්‍රේක්ශක යාට ගැලපෙන විදිහට සංස්කරණය කරල

Aye Khuda කියන ගීතයත් අපුරු ගීතයක් විරහ වේදනාත්මක  ගතියක් දැනෙන ගීතයක් .ගායනා කරන්නේ ගායකයින් තුන් දෙනෙක් . මේ අතර ඉන්න එක් ගායකයෙක් සතු අස්ෆ් අස්ලාම් ගේ හඬට සමාන සරාගී ගැඹුරු හඬ ගීතයට එකතු කරන්නෙ අපුරු අලංකාරයක් . මේ ගීතයෙත් රීමික්ස් වර්ශන් එකක් තියනව , හැබැයි ඒක ගීතයේ සැබැ ස්වාභායට ගැලපෙන්නෙ නම් නැ . කොහොම උනත්  ඩිජේ කිරීමකට එහෙම යොදා ගන්න පුලුවන්


Phir Mohabbath කියන ගීතයත් බොහොම අඩු රිද්මයක යන ලස්සන ආදර ගීතයක් . නිවි සැනසිල්ලෙ  සින්දු අහන්න කැමති අයට  ගොඩක් ගැලපෙන ගීතයක් .

 චිත්‍රපටියේ අඩංගු අනික් ගීතය තමයි එතරම් හොඳ තත්වයක නැ කියල  කියන තත්වයක තියෙන්නෙ


එහෙනම් ඉතින් ගීත එකතුව භාගත කරගෙන , අහල ඔබේ අදහසත් කියන්නකො . මේ ගීත එකතුව බාගත කරගන්න යන දත්ත ප්‍රමාණය හෝ කාලය අපතේ යන එකක් නැ ගීත එකතුවෙන් එක ගීතයක් ඇර ඉතිරිවා සියල්ලම  ලස්සන නිසා . හැකියාවක් තියනව නම් 320 kbps ප්‍රමාණයෙන් බාගත කරගෙන හොඳ නාද උපකරන වලින්ම ගීත ටික අහන්න ඒවායෙ නියම රසය විඳින්න හැකියාව ලැබෙයි

පි‍ටු පෙරලපු ගාන