මම හිතාගෙන හිටියේ මගේ බ්ලොග් එක එච්චර කට්ටිය එන්නේ නැති පාලු තැනක් කියල. එහෙව් තැනකත් අද(08) අන්න කුණුහරප ලියපු කොමෙන්ට් එකක් දාල. ඇනො කෙනෙක්. අනේ මන් දන්නේ නෑ මේ පිස්සන්ට මොනවාද කරන්න ඕනේ කියන එක. මගේ බ්ලොග් එක බලන්නේ ටික දෙනෙක් උනාට ඒකට සහෝදරියන් කීපදෙනෙක් එනවා. බොහෝ වැදගත් මහත්වරු එනවා. තව ෆලෝ නොකර බලන අය ගැන මම දන්නේ නෑ. ඒ අයගේ වයස තරාතිරම මම දන්නෙත් නෑ. ඉතින් මේ පාඨක ප්‍රජාව වෙනුවෙන් මගේ බ්ලොග් ඒක පිළිවෙලට පිරිසිදුව තියාගන්න ඒක මගේ වගකීමක්.
කොහෙවත් යන පිස්සෙක් අද මගේ බ්ලොග් එකට රිංගල මගේ පොස්ට් එකක් කියවල මට බැනල ගිහින්. මගේ බ්ලොග් එකේ මම ලියන්නේ මට හිතෙන දේවල්. ඒක හරි නැතිනම් සභ්‍ය විදියට කියන්න තිබ්බ නේද? සිංහල බ්ලොග් වලට මම අලුත් උනාට මම බ්ලොග් ලියන්නේ 2009 විතර ඉඳල. ඒ කාලේ ඉඳල අද වෙනකම් මට ආව පලවෙනි කුණුහරුප කොමෙන්ට් එක තම අද මේ ආවේ. මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන්න මම දන්නේ නා එත් මම ඔහොම ඒවාට සැලෙන්නේත් නා. අනෝ ඔයාට මම කියන්නේ ප්‍රවේසම් වෙන්න, මොකද කොට්ටෝරුව කොටුවෙන්නේ කෙහෙල්ගහට කොටපු දාට..


