එන්න ඔබත් සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන්න

අපි මේ පටන් ගන්න හදන්නේ අලුත්ම විදියේ වැඩක්... ඒ ගැන පොඩි හැදින්වීමක් කරොත් මෙහෙමයි... මේ වෙනකන් අපි ගෲප් බ්ලොග් කියලා දැකලා තියෙන්නේ සාමාජිකයො සීමිත පිරිසක් සහභාගී වුන බ්ලොග් නේ. ඉතින් අපි හිතුවා පොඩි වෙනසක් කරන්න. බ්ලොගර් වල තියෙන රෙගුලාසි වලට අනුව බ්ලොග් එකකට ඉන්න පුළුවන් උපරිම කතුවරු සංඛ්‍යාව සියයක්.  ඉතින් අපි හිතුවා සිතුවිලි පවුර කුරු‍ටු ගාන්න කතුවරු සියයක් එකතු කරගෙන අපේ ගමන යන්න. 

මෙමගින් අපි බලාපොරොත්තු වෙන්නේ විවිධ අදහස් තියෙන පිරිසක් එකම බ්ලොග් එකකට එකතු කරගැනීමක් කරන්න. ඒ තුලින් ආධුනික බ්ලොග් ලියන්නන්ට අත්වැලක් වෙන්නත් අපි බලාපොරොත්තු වෙනවා. ඒ වාගේම අපගේ ගෞරවනීය අරාධනයෙන් බ්ලොග් අවකාශයේ සුපිරි තරු දහයකුත් සිතුවිලි පවුරෙ කුරු‍ටු ගාව්.. 

සිතුවිලි පවුර වෙනුවෙන් වෙනමම ෆේස්බුක් පි‍ටුවක් විවෘත කරල තියෙනවා.. එමගින් ඔබට ෆේස්බුක් හරහාම සිතුවිලි පවුරේ අලුත් විත්ති දැනගන්නට පුලුවන්.. ඒ වගේම කතුවරු සිය දෙනා වෙනුවෙන් වෙනුවෙන් නිර්මාණය වුනු විශේෂ ෆේස්බුක් ගෲපිය මාර්ගයෙන් කතුවරු සියදෙනාට පහසුවෙන් සන්නිවේදනය කිරීමේ හැකියාව ලැබෙනවා..

සිතුවිලි පවුරට කුරු‍ටු ගාන්න එන ඔබ හුදෙක් සිතුවිලි පවුරේ රදාපැවැත්ම සදහා වන පහත කොන්දේසි මාලාවට එකග වෙන්න ඕනි.. මෙන්න මෙහෙමයි කොන්දේසි ටික..

1. මසකට ඕනෑ තරම් ලිපි පල කල හැකි අතර එක් ලිපියක් වත් පල කිරීම අනිවාර්යය වේ.
2. ලිපි වල අන්තර්ගතය තුල සමාජ් විරෝධී, අසභ්‍යය හෝ කිසිවෙකුගේ  ප්‍රතිරූපයට හානි වන කරුණු කිසිවක් අඩංගු නොවිය යුතුය.
3. ලිපිය සදහා ලේබල එකක් හෝ කිහිපයක් යෙදීම අනිවාර්යය වන අතර එම ලේබල සදහා යෙදිය හැක්කේ පහත සදහන් ඒවා පමණි
+ ආගමික
+ අධ්‍යාපනික
+ පුද්ගලික
+ විද්‍යා/තාක්ශණ
+ විනෝදාස්වාද
+ සමාජයීය
        + පුවත්
+ කෙටි කතා
        + නව කතා
+ පද්‍ය රටා
+ දේශපාලනික

4. සිතුවිලි පවුර පිලිබද ගන්නා මොනයම් තීරණයක් වුවද කතුවරු සදහා වන විශේෂ ගෲපියේදි සාකච්චා කොට බහුතර මතයෙන් ගත යුතුය.. 

5. ඉහත කොන්දේසි කඩ කරනා සාමාජිකයන් පිලිබද තීරණද එම ගෲපියේදීම සාකච්චා කරන අතර, ඒහිදි කොන්දේසි කඩ කල තැනැත්තා පිලිබද සෙස්සන් විසින් ගන්නා තීරණයට ඔහු හෝ ඇය එකග විය යුතුය


6. තමා විසින් ලියන ලද (තමාගේ බ්ලොග් වල දැනටමත් පබ්ලිශ් කර ඇති හෝ නැති) ඉහත කොන්දේසි හා එකග වන ඕනම දෙයක් පලකල හැක.. වෙනත් අයගේ ලිපි උපුටාගෙන පල කිරීම සපුරා තහනම්.





බ්ලොග් කලාවේ සිව්වන පරම්පාරාවේ සංඛේතය වන සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන සියය අතරට එකතු වෙන්න ඔබට කෙරෙන ආරාධනයයි මේ..

සැ.යු.: කතුවරු සිය දෙනාගෙන් දහයක් ආරාධිත ප්‍රවීන කතුවරු සදහා වෙන් වන බැවින් මෙම අයදුම් පත්‍රය හරහා අවස්ථාව ලැබෙන්නෙ 90 දෙනෙකුට පමණි. අයදුම් පත්‍ර ලැබෙන ප්‍රමුඛතාවය මත එම 90 දෙනා තොරාගනු ලැබේ..  එසේම එම 90 දෙනා සම්පූර්ණ වූ පසුවද ඔබට සිතුවිලි පවුර සදහා ඉල්ලුම් කර හැකි අතර ඉහත කොන්දේසි පිලි නොපැදීම නිසා හෝ ස්වෙච්චාවෙන් ඉවත් වීම නිසා සාමාජික කප්පාදුවක් සිදුවූ සැනින් අයදුම් කල ලැයිස්තුවේ මීලගට සිටින තැනැත්තාට/තැනැත්තන්ට අවස්ථාව හිමිවනු ඇත.. 



පි‍ටු පෙරලපු ගාන