නියම සිංහලයෙක්ද ? නියම ශ්‍රී ලාංකීක දමිල හිතවතෙක්ද ?

Thursday, June 23, 2011

උඹ නියම සිංහලෙක්ද ? උඹ නියම දෙමලෙක්ද ? එහෙනම් තවත් අත් දෙක බැඳගෙන කාලකන්නි වගේ ගිල ගිල ඉන්නේ නැතුව නැගිටපං. සුද්දා ඇවිත් උගේ පස්ස අපේ මූනේ අතුල්ලනකල් කට ඇරන් බලන් ඉන්නවද ? ඇඳුම් අඳින්නේ හෙලුව වහගන්නද ? නැත්නම් හැමෝම අඳින නිසාද ? නොදකිං… යකෝ එක එකාට තමන්ගේ කටට චූ කරන්න ඉඩ දෙන්න එපා. උඹලා මොන පක්ශෙට හුරේ දැම්මත් කමක් නෑ. තමන්ගේ රට ගැන කතා කරද්දි පක්ෂෙට හෙන ගැහුවත් රට වෙනුවෙන් වැඩ කරපල්ලා. පක්ෂ ඕන තරම් ආයේ හදන්න පුලුවන්. ඒත් රටක් නැති උනොත් නැති උනාමයි. මොකෝ පස් ගොඩ කරලා ආයේ වෙන තැනක එකක් හදාගන්නද ? ඔලුව තියන්නේ ඔන ඕවා කල්පනා කරන්න.
එහෙන් අර මූන් කාරයා මගුලක් හදාගෙන දඟලනවා. අපේ කාලකන්නිත් දෙපැත්තකට බෙදිලා ඒ වාර්තාවේ අරක හරි. මේක වැරදියි කිය කිය පක්ෂ වලට බෙදිලා පොරවල් වෙන්න දඟලනවා. මමත් දවසක් අහගෙන හිටියේ අලි පක්ෂේ ගම්පහ ඵැත්තට කිට්ටුවේ මන්ත්‍රී කෙනෙක් තවත් එතුමාගේ හිතවතෙක් එක්ක කතා කරනවා ඒ වාර්තාවේ අරව හරි මෙවා හරි කිය කිය. මමත් එතන එහා පුටුවේ ඒ කතාවට සම්බන්ධ වෙලා උන්නු නිසා මමත් බය නැතුව කියන්නේ. අර පොඩි පොඩි වැරදි නිසා උන් මූන් ට විරුද්ධව කතා කරන්නේ නැහැ ලු. ඔන්න අපේ රටේ සිංහල මිනිස්සු.
රටට මොන රෙද්ද උනත් කමක් නෑ. කොතනින් හරි තමන්ට වාසියක් වෙනවා නම් එච්චරයි. ඒ වාර්තාව ගැන කතා කරලා ඒකෙනුත් ආණ්ඩුව පෙරලෙන එක ගැන තමයි කතාව. ආණ්ඩුව පෙරලගත්තම ඔක්කොම හරි යයි. ආණ්ඩු එකක් නෙමෙයි සීයක් උනත් පෙරලන්න පුලුවන් අපිට අපේ කියලා රටක් ඉතුරු උනොත්. මේ වගේ කාලකන්නිත් අපේ රටේ මැති ඇමති වරු කරවන එවුන්ටයි ගහලා මරන්න ඕන.එහෙන් අර චැනල් 4 තව අලුත් සෙල්ලමක් පටන් අරගෙන. දැන් අපේ ලොකු ලොක්කොත් ඒකෙන් ආතල් ගන්නවා. ආණ්ඩුව කියනවා ඒක බොරුවක් කියලා (හැබැයි එච්චරම තමයි.. ප්‍රතික්ෂේප කරනවා මිසක් ඒවා බොරු කියලා ඔප්පු කරන්න ඕන කමක් නෑ). ප්‍රධාන විපක්ශ දෙක ආණ්ඩුවට වැරදි කියනවා. ඒ අස්සේ අපේ මී හරක් ටිකත් ඒ දෙකට හුරේ දදා ඉන්නවා. නොදකින් මෙහෙමත් මෝඩයෝ රැලක්. රටට හෙන ගැහුවත් ලොක්කොන්ට ඉන්න තැන් ඕන තරම් තියනවා. ඒත් තොපිටයි යන එන මං නැති වෙන්නේ.
මහා ලොකුවට තොරතුරු සන්නේවේදන තාක්ශණය පාසල් විෂය ධාරාවට ඇතුල් කරාට ඔය ලොකු පුටු වල ඉන්න එකෙවත් එල්.ටී.ටී.ඊ එවුන් තරම් වත් මේ තාක්ශ්ණෙන් ප්‍රයෝජන අරගත්තේ නෑ. ඒ අතින් කොටි අපිට වඩා දක්ශයි. අපේ මිනිස්සු එකතු වෙලා යූ ටියුබ් අර ටියුබ් මේ ටියුබ් අපේ ලමයින්ගේ මනස වනසනවා එවා තහනම් කරන්න ඕන කියලා කෑ ගහන්න විතරයි දන්නේ. ෆේස්බුක් මාරයා ලු. ට්වීටරේ තවත් මාරයෙක්ලු. ඔච්චර තමයි දන්නේ. මහ ලොකු සිංහලයා. අරුන් හොඳට ඒ තුන පාවිච්චි කරලා ලංකාව ගැන කරන්න පුලුවන් බොරු ප්‍රචාර සේරම කරනකොට අපේ එල හරක් ඒවා බ්ලොක් කරන්න කතා කරනවා.
ඒකත් නිකං අහක ඉන්න එකෙකුට කතා කරලා මගේ කටට චූ කරපන් කිව්ව වගේ. තවත් ඔය ලොකු පුටුවල ඉන්න අපේ එවුන්ට බැරි උනා එවායෙන් හරි ප්‍රයෝජනයක් ගන්න. උන්ට බැරි දේ අපිවත් කරමු. කරලා පෙන්නමු. මම දන්නවා ඕන තරම් අපේ කොල්ලෝ කෙල්ලෝ ඉන්නවා වීඩියෝ සංස්කරණය කරන්න දන්න. මේ අවස්තාව උඹලගේ. ඉගෙන ගත්ත දෙවල් වලින් රටට වැඩක් කරපන්. සල්ලි හම්බ වෙන්නේ නෑ මේවා කරාට. ඒත් අත පය දිග ඇරලා ඉන්න රටක් හම්බ වෙයි. උඹට නැතත් උඹගේ අනාගත පරපුරටවත්. වරෙන් එකතු වෙයන්. අපි පෙන්නපු මේ පුංචි රටේ ඉන්න යුධ අපරාධ කාරයෝ කියලා හංවඩු ගැහිච්ච රටේ මිනිස්සුන්ගේ වැඩ. සිංහල වෙච්ච අපි ඇත්තටම අපි ගැන ලැජ්ජ වෙන්න ඕන. දෙමල මිනිස්සු කවදාවත් අපි වගේ ගොං වැඩ කරන්නේ නෑ. අපිට උන්ගෙන් ඉගෙන ගන්න වෙනවා.

මල්ලි කිව්ව බොරැල්ල යටි මගේ කතාව...

ඉතිං කොහොමද යාලුවනේ...?? ඔන්න මාත් අද පටන් සිතිවිලි පවුරට එකතු වුණා. නමෝ විත්තියෙං  සිතිවිලි පවුරෙ  කුරුටු ගාන පළමුවෙනි පෝස්ට් එකනෙ.... අලුත් දෙයක් ලියන්න හිතුවට අද නම් වෙලාවක් නැති වෙයි. ඒ හන්ද මම කලින් ලියල තිබුණු ඒත් අපේ යාලුවන්ට වැදගත් වෙයි කියල හිතුණ දෙයක් කියන්නයි මේ සූදානම...ඔයාල මගේ  ජනූගෙ සටහන් බ්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉන්නව නම් එකේදි මේක දැකලත් ඇති...
වැල් වටාරම් ඇති දැන්... නියම කතාවට එමුකො....
 කෝ බලන්ඩ.... බොරැල්ලෙ උමං පදික මාරුව ඇතුලෙදි පාර වැරදුන අය එහෙම ඉන්නවද මෙතන???
ලැජ්ජා වෙන්නෙ මොකටද මම නම් කැම්පස් ආව මුල් කාලෙ ඔය උමගෙ දෙතුන් පාරක් වැරදිලා පඩිපෙල නැගල බැහැල තියෙනව...
උදේ හවස කලබලේට  බොරැල්ල පසුකරන මගී ජනතාව ඔය යටිමගේ පාරවල් වැරදිලා ආයෙමත් එහා මෙහා ඇවිදින හැටි මම දැකල තියෙනව..
ඇත්තටම මෙහෙම වෙන්නෙ ඇයි??
ඔතනදි සම්බන්ධ වෙන්නෙ පාරවල් පහක් වුණත් අපි පාරවල නමින් මතක තියාගෙන නැහැනෙ...
ඒ වුණාට අපි  යායුතු පාර සහ හැරෙන්ඩ ඕ නෙ කොහෙටද කියල උමගට බහින්ඩ කලින් අපි දන්නව...
අපිව අතරමං වෙන්නෙ උමග ඇතුලෙදි පාරවල් අඳුනගන්ඩ ගියාම නෙ...
දවසක්දා මල්ලියි මමයි ඔය උමග ඇතුලෙන් යන්ඩ යනව...
ඔයා කවදාවත්ම මේක ඇතුලෙ පාර වැරදිලා ගිහින් වෙන තැන්වලින් මතු වෙලා නැද්ද???
මං ඇහුව
ගියා එක දවසක්.. ආයෙ නං වරදින්නෙ නෑ...
මල්ලි හිනා වුණා
ඇයි ආයෙ වරදින්නෙ නැත්තෙ??
එදා මං නැවතිලා හොඳට බැලුව
උමග පාවිච්චි කරන හැමෝටම කියවන්ඩ කතා කරන්ඩ බෑ නෙ....ඉතිං මොකක් හරි විදියක් කියෙන්ඩ ඕනෙ නෙ ඒ වගේ ආබාධිත අයට..මං ඒ විදිය හෙව්ව
එතකොට මං හොයාගත්ත විදිය....
ඒ මොකද්ද ඒ??? මං ඇහුවෙ පුදුම වෙලා
මෙහෙමනෙ... අර බලන්ඩ පේනවද ඔය උමං කට ට වහලයක් තියෙනව... හොඳට බලන්ඩ ඔය හැම වහලයකම ගාල තියෙන්නෙ වෙන වෙන පාටවල්....
ඇත්ත නේන්නම්... කහ, මෙරුන්,නිල්, කොළ කලු.... පාට පහයි
දැන් ඔයා උමගට බහින්ඩ කලින් බලාගන්ඩ ඔයා යන්ඩ ඕනෙ පාරෙ වහලෙ ගාල තියෙන පාට මොකද්ද කියල...
දැන් අපි යන්නෙ 154 බස් එකක් ගන්ඩ බොරැල්ලෙ වෙළඳ සංකීර්ණෙ ලඟටනෙ... බලන්ඩ ඒ වහලෙ මෙරුන් පාටයි නෙ...
දැන් බහිමු පහලට...
පඩි පෙළ බැහැල අපි උමග ඇතුලට ගියා...
දැන් බලන්ඩකො ඔයාට පේනවද උමගෙ ටයිල් බිත්තිවල පාට ටයිල් තීරුවක් තියෙනව...
ඔවු.........!
ඒ ඒ වහලෙ පාටට  තමයි ඒ ඒ පාරට අයත් උමං  බිත්තිවල ටයිල් අල්ලල තියෙන්නෙ...
දැන් ඔයාට තියෙන්නෙ මෙරුන් පාට ටයිල් අල්ලල තියෙන බිත්ති හොයාගෙන ඒ දිගේ යන එකනෙ
යනකොට උමග ඇතුලෙ පඩි පෙළ ඉවර වෙලා එළියට එන තැන බිත්තියෙ ඇති ඒ ඒ පාටට අදාල ටයිල් මියුරල් එකකුත් තියෙනව පෙනේවි...
ශා නියමයිනෙ...මම දැනගෙන හිටියෙ නෑ ඒ ගැන... අනික කලබලේ දුවන කොට ඒව බලන්ඩ මතක් වෙනවයැ
දවසක් මම බස් එකේ බොරැල්ල හන්දිය පහු කරන ගමන් මේ සිද්ධිය මතක් වෙලා හිනාවක් ගියා. ඒ එක්කම හිතුන මේ ගැන මගෙ සයිබර් යාලුවො එක්කත් බෙදාගත්ත නං හොඳයි නේද කියල. මේ ගැන බ්ලොග් එකේ ලියන්ඩ හිතිල නං දැං ටික දවසක්.. ඒත් මට හොයා ගන්ඩ බැරි වුණා මේ ගැන කිසිම තොරතුරක් වෙබ් අවකාශෙං...
අඩුම ගානෙ පින්තූරයක්වත් මේක පැහැදිලි කරන්ඩ උදව් වෙන....!
ඒ පාර තමයි ගූගල් අර්ත්  මගෙ පිහිටට එන්නෙ...මේ තියෙන්නෙ බොරැල්ලෙ යටි මග සම්බන්ධ වෙන පාරවල් ගුවනේ ඉඳල පේන හැටි...
මේකත් බලන්ඩකො??  නිල් පාට වහලෙ නම් හඳුනා ගන්ඩ පුලුවන් වෙයි...
ඔන්න අද ඔයාල ගෙදර යන්නෙ බොරැල්ල පහු කරල නං මේ ගැන ටිකක් විමසිලිමත් වෙන්ඩ අමතක කරන්ඩ එපා..
ඒත් ඉතිං වහලෙ පාට බලා ගන්ඩ නං ටිකක් මහන්සි වෙන්ඩ වෙයි... ටෙලි නාට්‍ය වල  මූණු තියෙන මහ විසාල බෝඩ්වලින් මේ හැම වහලයක්ම වගෙ වැහිල නෙ...මේ රවුම් ටික ඇන්දම තමයි තේරුණේ ටිකක් හුරු පුරුදු පාටවල් ටිකක් නෙ කියල
මේ බලන්ඩකො....!!!!
එහෙනම් ඔයාල හැමෝටම සුබ ගමන්!!!!!!!
විශේෂ ස්තූතිය අපේ මල්ලිට!!!
පින්තූර හොයා ගත්තෙ
viviankc.blogspot.com
හා Google Earth

රිටි පන්නේ


මාලුනේ....
අනේ පින්සිද්ද වෙයි
පිලිගනින් මේ ඇම
සුද්දිගෙ
මේ පොටෝ එකට විතරක්
පොඩි එකීගෙ
ටියුසන් පීස් ගැන හිතලවත්...

පි‍ටු පෙරලපු ගාන