ඔබේ බ්ලොග්/වෙබ් අඩවිය ලොඩ් විමේ වේගය මැන ගන්න අඩවියක්

Monday, July 25, 2011
මමත් (Nadun) සිතුවිලි පවුර සමග සම්බන්ධ උනා. ඔයාලා හැමෝම දන්නවනේ සමහර බ්ලොග් අඩවි තියෙනවා ලෝඩ් වෙන්න ගොඩක් වෙලා යනවා. සමහර අඩවි වේගවත්. ඉතින් මෙහෙම අඩවි වේගවත් බව අඩු වෙන්නේ ඔබ යොදන පින්තුර ගැජට් නිසයි. ඔබට පුලුවන් මේ අඩවියේ ගිහිල්ලා ඔබේ අඩවිය ලෝඩ් වෙන්න යන වේගය දැන ගන්න. http://www.iwebtool.com/speed_test අපි හිතමු ඔබේ අඩවිය ලෝඩ් වෙන්න තත්පර 40 යනවා කියලා. මේ අඩවියෙන් බැලුවාම. ඉතින් ඔයාගේ බ්ලොගයට ගිහිල්ලා එකේ තියෙන ගැජට් එකක් දෙකක් ඉවත් කරලා අය ඒ අඩවියට ගිහිල්ලා බලන්න තත්පර කියකින් ලෝඩ් වෙනවද කියලා. එතකොට තත්පර 20 විතර අඩු වෙලා තියෙයි. ඔය විදියට කරලා ඔයාගේ බ්ලොගය ඉක්මනින් ලෝඩ් වෙන්න හදාගන්න.

පංති භේද


එහා ඉවුරෙ ඉඳන්
අත වනනවා හැමදාම
මටයි කියන්නෙ
එන්න කියල ඔහේට
පේන්නැද්ද
හැඩපාර
ඉවුරත් උසයි
ඔය පැත්තෙ
හොඳ නැද්ද
ඔයා ආවොත් මෙහෙට

මේඛලා

සඳරු අයියේ එන්න යමු අන්න අරහේ කට්ටිය සෙල්ලම් කරන්න හදන්නේ"

" මට බෑ පොඩ්ඩියේ ඔයාලා යන්න මම මෙහෙම ඉන්නම්"

"මොනාද අයියා ඔයා තාමත් හූල්ලනවා අර වහන්තරාව වෙන කෙනෙක්ව බැඳගෙන සතුටින් ඉන්නවා අමතක කරනවා හලෝ ඔය ගෑනිව"

චටාස්......

" තමුසෙගේ කට කඩනවා මම මේඛලාට ආයේ ඔහොම කතා කලොත් එකි මගේ හැමදාටම මගේ දැනගන්නවා හැමෝටම පේන්න මම මේඛලාව මනමාලියෙක් කරලා අපේ ගෙදරට ගේනවා තමුසෙගෙ නෑනා කරනවා , දැන් යනවා මෙතනින් මගෙන් ගුටි නොකා"

"ඉන්නවා මම අම්මාට කියන්න ඔයා මට ගැහුවා කියලා කොහෙවත් යන ගෑණියෙක් නිසා අම්මා............ මේ අයියා මට ගැහුවා"

"ඉතින් යනවා ගිහින් කියනවා ඔකොම එකයි කවුරුත් මාව තේරුම් ගන්නේ නෑ"

මම දෑතින්ම හිස බදාගෙන ඉකි ගෑසුවේය. මට මේ මොකක්ද උනේ අනේ රත්තරං මේ සේරම ඔයාට බනිනවා ඔයා වැරදි නෑනේද මගේ කෙල්ලේ කියන්න

"මොනාද ලොකු පුතේ මේ වෙලා තියෙන්නේ ඇයි මේ අහිංසක කෙල්ලව මරන් කන්න හදන්නේ "



" නෑ අම්මේ මේකි, මේකි  මගේ මේඛලාට බැන්නා මම මේකිව මරනවා මගේ කෙල්ලට ආයෙම එහෙම කතා කලොත්"

ඇත්ත තේරුම් ගන්න පුතේ මේඛලා ඔයාව දාලා ගියා එයා ගියා දැන් ඔයා ඔයාගේ ජීවිතේ හදාගන්න මයේ රත්තරනේ"

"මේඛලා මාව දාලා ගියා ඇයි එයා මට එහෙම කලේ මේඛලා...................................."
 
 
 

පි‍ටු පෙරලපු ගාන