අරුනි ශපීරෝ නිරුවතින් – (ඡායා රූප සහිතයි )

Tuesday, May 8, 2012
අරුනි ශපීරෝ යනු බ්ලොග් අවකාශයේ කාලයක පටන් ප්‍රධාන වශයෙන් මනොවිද්යාත්මක පසුබිමක් සහිත ලිපි පලකරන්නියකි. බැලූ බැල්මට ‘acadamic’ පන්නයේ බ්ලොග් එකක් වුවද එහි යටි පෙල දුෂ්ඨ අභිප්‍රායක් (sinister motive) සහිත බ්ලොග් අඩවියකි. මේ මොහොතේ ලොව පුරා දැවැන්ත අර්බූදයකට ගොස් ඇති නව ලිබරල් ධනවාදය හා එහි ස්වාමීන් වන ඇමරිකානු ප්‍රමුඛ බටහිර මූල්යාධිපතීන්ට සලු පිලි අන්දවා උත්කර්ෂයට නැංග්වීම සහ අනික් අතට ඩොලර්, පවුම් වෙනුවට මනුශ්ෂත්වය උත්කර්ශයට නංවන සමාජවාදයට ගරහමින් ,පරිබව කිරීම ඇගේ අරමුන බව සියුම්ව බලන්නෙකුට වැටහෙනවා නොඅනුමානය. අරුනි එයාගේ ‘මනෝචිකිත්සක’ අයිසිං තවරා පරිධියේ අපේ රටවල මිනිස්සුන්ට ගිල්ලවන්නට තතනන්නේ, ඇමරිකාව, යුරෝපය ඇතුලු බටහිර සුරංගනා කතාවය. මේ ‘මොල සෝදන්නිය’ගේ සැබෑ වත හෙලිදරව් කල යුතු වන්නේ එබැවිනි.

අරුනීට අනුව මිහිපිට සුරපුර ඇමරිකාවය, ශාන්තුවරුන්ට සමාන පද යනු කෙනඩිලා, නික්සන්ලා, ජොන්සන්ලා,රේගන්ලා, බුෂ් තාත්ත පුතාලා, ඔබාමලා වැනි ඇමරිකන් නායකයන්ය. කැස්ත්‍රො, චේ,මාඕ,හෝ චි මින්,ලෙනින්, කාල් මාක්ස් යනු සාතන්ට සමාන පදය. නමුත් සත්‍ය නම්, මූල්‍ය, තෙල් හා ආයුධ ජාවාරම්කාර කොම්පැනි අධිපතීන් අත්ලොස්සක් විසින් හසුරුවන අද වනවිට ගරා වැටෙන මේ ඇමරිකන් අධිරාජ්‍ය ගොඩ නගා ඇත්තේ හා පවත්වා ගෙන යන්නේ ලතින් ඇමරිකාව, ආසියාව ඇතුලු තුන් වන ලෝකයේ මිනිසුන්ගේ ලේ, කඳුලින් පෙඟුනු ඉතිහාසයක් මත බවය.

පොලොව නුහුලන සමූලඝාතන, ජන සංහාර, කොල්ල කාරී සූරාකෑම්, මහා පරිමාන පරිසර විනාශයන් ,රාජ්‍ය නායකයන් ඇතුලු පුද්ගල ඝාතන, නින්දිත කුමන්ත්‍රණ පිරුනු අධම ක්‍රියාදාමයකට සිය ස්වාමීන් ,ව්‍යාපාරික සඟයන් වෙනුවෙන් අණ දුන් ඇමරිකන් පාලකයන් සැබෑ සාතන්ලා බව වසං කිරීම අරුනිලාගේ වගකීමය.

යුධ විරෝදී, වදහිංසා විරෝදී වෙස්මුහුන පැලඳ සිටින අරුනි වධකාගාරයක් ගැන කීමට අවැසි වූ විට පුදුමාකාර ලෙස මතක් වන්නේ මීට වසර 70කට 80කට පෙර තිබූ ස්ටාලින්ගේ ගුලාග්ය. ඊටත් දශකයකට හමාරකට පසුව ඇරඹි හිට්ලර්ගේ අවුට්ස්විට්ස් මතක් වන්නේද කලාතුරකිනි, පුදුමය වන්නේ අදටද පවත්වාගෙන යන ගුවන්ටනාමො බේ වදකාගාරයද, මෑතක් වෙනතුරු තිබුන කුප්‍රකට අබු ගරිබ්, බග්‍රාම් ඇතුලු ලොව පුරා රහසිගතව පවත්වාගෙන යන ඇමරිකානු වධකාගාර, ඝාතකාගාර අරුනීට මත්ක් නොවීමය. බොහෝ බටහිර රටවලට හිසරදයක් වී ඇති රෝගයකි ‘Alzheimer’s disease’ මෙය වැලඳුන අයට දශක ගනනාවකට පෙර සිදුවූ දේවල් මතක තිබුනද, මෑතකාලීන මතකය හෝ දෛනික කටයුතු අමතක වේ. අරුනි ‘Alzheimer’ ශපීරෝද සැබෑ ලෙසම වධකාගාර විරෝදියෙක් නම් මේ සියල්ලටම එක ලෙස විරුද්ද විය යුතුය, සිය ලිපි වල වදකාගාර ගැන ලියන විට ගුලාග් මෙන්ම බග්‍රාම්ද මතක් විය යුතුය. මේ ගැන ප්‍රශ්න කල විට අරුනි දෙන්නේ………….“.ඔබාමා ආවේ ගුවන්ටනමො බේ වහන්නය..ඒත් තවමත් බැරි උනාය….ඒවයේ ඉන්න ‘අමානුශික ත්‍රස්තවාදීන්’ උන්ගේ රට වලින් භාර ගන්නෙත් නැතිය……වධ හිංසා කල අයට දඩුවම් දුන්නාය”………….වැනි හාස්‍ය ජනක දියාරු උත්තරය. හරියට නිකං යන එන මං නැති ‘අමානුශික ත්‍රස්තවාදීන්’ ගැන හිත උනු වෙච්ච ඔබාමා, සුබ සාධන මධ්‍යස්තානයක් පවත් වාගෙන යනවා වැනි ආකාරයටය. අවුරුදු 10කටත් වැඩි කාලයක් මේ වධකාගාර වල කලින් කලට රඳවා තැබූ දහස් ගනන් සිරකරුවන් ‘අමානුශික ත්‍රස්තයන්’ බව අරුනි දන්නවානම් ඔබාමාගේ නීති විශාරදයන් එය නොදැන ඉන්නට හේතුවක් නැත. එසේ නම් මේ ‘ත්‍රස්තවාදීන්’ කී දෙනෙක්ට නඩු දමා දඩුවම් කලාදැයි අරුනි පිලිතුරු දිය යුතුය.

හින්සකයින්ට බරපතල දඬුවම් දුන්නා යන්නද ඒවැනිම විහිලුවකි. මේ ඝාතකාගාර බිත්ති ඇතුලත දෛනිකව සිදුවූ අමානුශික වධ හිංසා වලින් එකක් දෙකක් එලියට නිරාවරනය වූ විට ලෝක අපවාදයෙන් බේරීමට පහලම තලයේ සෙබලුන් කීප දෙනෙක්ට මාස කීපයක සිර දඬුවමක් දීම අරුනි කියනා ‘බරපතළ’ දඬුවමය. හොඳම උදාහරනයක් නම් ඇෆ්ගනිස්තානයේ බග්‍රාම් වධකඳවුරේදී ඝාතනය කල අහිංසක ටැක්සි රියදුරෙක් වූ ඩිලාවර් ගේ කතාවය. අත් අඩංගුවට ගෙන දින 5ක් තිස්සේ දරුනු වධයට ලක් කර මරාදැමුනු ඩිලාවර්ගේ මරනය ගැන ඇමරිකන් හමුදාව ප්‍රසිද්ධියේ කීවේ එය ස්වාභාවික මරනයක් බවය. එහෙත් ඩිලාවර්ගේ මල සිරුරත් සමග මල පොතේ අකුරක් නොදත් ඔහුගේ පවුලේ උද්වියට ඉන්ග්‍රීසි භාශාවෙන් ලබාදුන් මරණ සහතිකයේ කඳවුරේ වෛද්‍ය වරයා එය මිනීමැරුමක් (homicide) බව සහතික කර ඇත. එහෙත් බ්‍රිතාන්‍ය ජාතික මාධ්‍ය වේදිනියක් අතට ඉහත මරන සහතිකය පත්වීමත් සමග සිද්දිය ලොවට අනාවරනය විය. දින 5හ පුරාවටම ඩිලාවර්ට නිදාගැනීමට ඉඩ නොදී ඇති අතර අත් මංචු වලින් සිවිලිමට එල්ලා දමා තිබී ඇත. ඔහුගේ පාද වලට කෙතරම් පහර දී තිබුනේද යත් ඒවා පල්ප බවට පත් වී තිබූ බව (pulpified) පසුව සිදු කල පශ්චාත් මරන පරීක්ශනයේදී හෙලිවී තිබින. මෙය හෙලිදරව් වීමත් සමග සෙබලුන් කිහිප දෙනෙකුට මිලිටරි අධිකරනයේ නඩු දැමූ අතර, ප්‍රදාන චූදිතයාට මාස දෙකක හමුදා කඳවුරක් තුලම සිර දඬුවමක්ද,කාන්තා සෙබලියකට මසකට ඩොලර් 250 බැගින් මාස 4ක දඩයක් හා නිලයෙන් පහල දැමීමක් කල අතර ඉතිරි අය නිදහස් විය. පවුලක් නඩත්තු කල අහිංසක 23 හැවිරිදි තරුනයෙකුට දින 5ක් තිස්සේ මැරෙනතුරු පහර දුන් අයට ලැබුනු අරුනිට අනුව “බරපතල” දඩුවම් ඕවාය.

ස්ටාලින් රුසියාවේ සිදුවූ ඝාතන ගැන කිඹුල් කඳුලු හෙලන අරුනිගෙන් වියට්නාමයේ හා කාම්බෝජයේ ලක්ශ 50කට ආසන්න මිනිසුන්ගේ ඝාතනය ගැන ප්‍රශ්න කලවිටද ඇය දෙන්නේ අපූරු උත්තරයකි
———-“ලොවට ම හඬ ගා සටන් වදින්නට ගිය යුද්ධයක හා තමන්ගෙ රටේ තම ජනතාවම රහසිගතව මරනා ඝාතකයන් අතරත් වෙනස දකින්න කොහෙත් ම බැරි ද?”———–
එතකොට අරුනිට අනුව ලොවටම හඬගා ගොස් වෙනත් රටක මිනී මරන්නේ වීරයන්ය..’රැම්බො’ලාය..තමන්ගෙ රටේ මිනී මරන්නන් පමනක් ඝාතකයන්ය. මේ අරුනිගේ සැබෑ මූන එලිදරව් වෙන තැන්ය. සිය බ්ලොග් සටහන් වල පණ්ඩිතමානී වදන් වලින් දවටා මේ ‘ජඩ’ ඇමරිකන් ක්‍රමය උත්කර්ශයට නංවන්නට දැඟලුවද ඇයව ප්‍රශ්න කල විට එන්නේ ඔය වැනි ගොං පාට් උත්තරය.

ඉරාකයේ මැරෙන මිනිසුන් ගැනද අරුනිගේ උත්තර ඔයිට දෙවෙනි නැත. එය ඇගේ වචන වලින් ම හා එයට මා දුන් පිලිතුරද පහත දක් වමි.
— යුද්ධය පටන් ගන්නටත් පෙර පටන් ඇමෙරිකානුවන් ඊට විරෝධය පෑවා. ගුවන්තනමෝ ගැන අප්රසාදය ඇමෙරිකානුවෝ පෙන්නුවේ ආණ්ඩුවේ අයගේ බලයත් අහිමි කරමින්. ගුවන්තනමෝ හි සිරකරුවන්ට අමානුෂික වදහිංසා දුන් අයට බරපතල හිර දඬුවම් ලැබුණා. බුෂ් පුතාගේ ආරක්ෂක ලේකම් ඩොනල්ඩ් රම්ස්ෆේල්ඩ්ට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වූවා. බලයේ සිටිය දී එහෙම ජනතා විරෝධයක් පාන්නට, සිරකරුවන්ට වදහිංසා කළ අයව හිරේ දාපු, තම ආණ්ඩුවේ නියෝග පිළිපැද අයට ඉල්ලා අස්වෙන්නට සිද්ධ වීමක් ස්ටාලින් රුසියාවෙන්, හිට්ලර් ජර්මනියෙන් හෝ අද උතුරු කොරියාවෙන් ඇහෙනවා ?——

—— ඔව්..යුද්ධෙ පටන් ගන්ඩ ඉස්සෙල්ලා, පටන් ගත්තට පස්සේ, යුද්ධෙ ඇන ගන්න කොට..මේ හැම වෙලාවෙමඇමරිකානුවොවිරෝධය පානවා….වෝල් ස්ට්රීට් එකටත් විරොධය පාන්නේඇමරිකානුවො”……ඒත් සිද්ද වෙන්නේ කානුවොකියන ඒව නෙවෙයිනෙ…..ඒවට ඉන්නව රියල්කානුවොඅනික ඔයඇමරිකානුවොඅප්රසාදය පෑවෙ ආණ්ඩුව ගෙදර යවල නෙමෙයි බුෂ් පුතාව දෙවෙනි පාරටත් ජනාධිපති කරල.
ගුවන්තනමොවල, අබුගරිෆ් වල, ඇෆ්ගනිස්තානෙ බග්රාම්, වගේම තව ලෝකෙ පුරාම රහසි ගතව පවත්වාගෙන යන වධකාගාර වල සිද්දි කීපයක් එලියට ආවම..ලෝක ලජ්ජාවෙන් බේරෙන්න, මේවාට අණ දුන්නු, වධකාගාර පවත්වාගෙන ගිය, වදදීම් නීතිගත කල..ලොක්කොන්ට ප්රමෝශන් දීල බොරුවට..පහලමසෙසු නිලයන්කීප දෙනෙක් මාස කීපයකට හිරේ දාපු එකද ඔයා මේ බරපතල දඬුවම් කියන්නේ………. ඕවා හොඳයි කොන්ඩෙ බැඳපු චීන්නුන්ටයි බැන්කි මූන්ටයි. ඩොනල්ඩ් රම්ස්ෆෙල්ඩ්ට ගෙදර යන්න උනේ ඔයා කියනජනතා විරොධයකටනෙමෙයි..හමුදාව තුලින් ඔහුගේ අතිශය දුර්වල යුධ නායකත්වයට හා මූලොපායික අසමත්කමට එරෙහිව නැගුනු විරොධය නිසාඅරුනි ඔයාගෙ කැත ඇමරිකන් ගැතිබව වහ ගන්න බොරු කීම වහා නවත්තන්න.”————

එයට යමක් එක්කරනවානම් කිව හැක්කේ, ඇමරිකානුවන් බුෂ් ව දෙවෙනිවතාවට තෝරා ගන්නේ යුධ විරෝදී ස්තාවරයක් ඉදිරිපත් කල සෙනෙට් සභික ජෝන් කෙරී (Senetor John Kerry) පරාජයට පත් කරමින්ය. රම්ස්ෆෙල්ඩ් සම්බන්ඳ සත්‍ය කතාවද දක්වා ඇති ලෙසම අරුනිගේ බොරුවට හාත්පසින්ම වෙනස්ය. ඔහුට ඉල්ලා අස් වන්නට සිදුවෙනුයේ ඔහුගේ අතිශය දුර්වල යුධ සැලසුම්(abysmal military planning) හා මූලොපයික අසමත්කමට (lack of strategic competence) එරෙහිව මිලිටරිය තුලින් නැගුනු ජෙනරාල්වරුන්ගේ කැරැල්ල (Generals Revoult) ලෙස හැඳින්වූ විරෝධය හේතු කොට ගෙනය. එනම් අරුනි මවා පානා ලෙස යුධ විරෝදී ඇමරිකානුවන්ගේ බලපෑමට නොව ඇත්ත වශ්යෙන්මනම් යුධකාමීන්ගේ බලපෑමටය.

දැන ,දැන මේ ගල් පැලෙන බේගල් අරුනි ඇද බාන්නේ ඇගේ දුශ්ඨ අභිප්‍රාය (Sinister Motive ) එනම් ලංකාවේ මිනිසුන්ට ‘මහා ඇමරිකානු’ සුරංගනා කථාව ගිල්ල වන්නටය.

අනෙක් අතට ලෝකයේ බිහිවූ විශිෂ්ට දාර්ශනිකයෙක් වූ, ධනවාදය තුල කොන්කර ඇති දුක් විඳින මිනිසුන්ගේ නිදහස, විමුක්තිය වෙනුවෙන් දාර්ශනික මතවාදයක් ඉදිරිපත් කල ‘කාර්ල් මාක්ස්’ (Karl Marx) අරුනීට නයාට අඳුකොල මෙන්ය. මාර්ක්ස්ට පරිබව කිරීමෙන් ඇය මහා කාලකන්නි සතුටක් ලබනවා විය යුතුය. මෙය කෙතරම් තුච්ච නින්දිත ලෙස කරනවාදැයි කීවොත්, අරුනි ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයා’ නමින් ලියන ලිපියක, ලැබූ ස්වාධීන ජයක්, පෙන් වූ කුසලතාවයක් හෝ අනුන්ට කරන ලද යහපතක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකුට’ උදාහරණ ලෙස දක්වන්නේ ‘මාර්ක්ස්’වය. මාර්ක්ස්ගේ මතවාදයන්ට වෙනස් මත දරන බුද්ධිමතුන්, දාර්ශනිකයන් පවා, මාර්ක්ස් ලොව පහල වූ විශිෂ්ඨ චින්තකයෙකු බව එක හෙලා පිලිගනියි. නූතන සමාජ විද්‍යාවේ නිර්මාතෘන් ත්‍රිත්වය ලෙස ‘Emile Durkheim’,'Max Weber’ සමග දක් වන්නේ මාර්ක්ස්වය. එන්ගලන්තයේ ‘B.B.C’ සේවාව 1999දී දෙවන සහස්‍රකයේ (millannia) බිහිවූ විශිෂ්ඨතම චින්තකයා ලෙස පාඨක චන්දයෙන් තෝරන්නේ කාර්ල් මාක්ස්වය. වසරේ මානව හිතවාදියා ලෙස වරක් තෝරාගනු ලබන ඔස්ට්‍රේලියානු දාර්ශනිකයෙක් වන ‘Peter Singer ‘ සඳහන් කරන්නේ මාර්ක්ස්ගෙන් ලෝකයට වූ බලපෑම ලොව ප්‍රදානතම ආගම් දෙකේ කතෘන් වන ජේසුස්ගෙන් හා ප්‍රොෆ්ට් මොහොමඩ්ගෙන් සිදුවූ බලපෑම සමග සැසදිය හැකි බවයි. ඇමරිකාවේ ඉහලම විශ්ව විද්‍යාල ලෙස සැලකෙන,’Harvard ‘,’ Princeton’, ‘Yale ‘ එන්ගලන්තයේ ‘Oxford’,'Cambridge’ ඇතුලු ලොව බොහෝ විශ්ව විද්‍යාල වල කාර්ල් මාක්ස්ගේ ඉගැන්වීම් සම්බන්ඳ විශයයන් සාකච්චා කරයි.

ලොව තුල මෙතෙක් පහල වූ විශිෂ්ඨයන් සුලු පිරිස අතරට ගැනෙන, සම්භාවනාවට පාත්‍ර වන කෙනෙක් , පෙන් වූ කුසලතාවයක් නැති ‘ස්වානුරාගී මනෝව්‍යාධිකයෙකු ලෙස හඳුන්වන අරුනි කොතරම් මනෝ ව්‍යාදියකින් පෙලෙන්නෙකුදැයි සිතා ගැනීම අපහසු නොවනු ඇත. මාර්ක්ස් වැනි දැවැන්තයන් හමුවේ අරුනි හෝ අරුනිගේ පොලිටිකල් ‘දෙවියා’ රොන් පෝල් මොන කැරපොත්තන්ද?

සමූහ ඝාතක අවි ඇතැයි, ලෝකයට කප්පරක් බොරු කියා සිය පුද්ගලික දේශපාලන, ආර්තික වාසි හා පුද්ගල ප්‍රතිරූපය පුම්බා ගැනීම වෙනුවෙන් ඉරාකය ආක්‍රමනය කොට එහි ලක්ශ 6කට අදික අහිංසක ජනතාවක් ඝාතනයට මග පාදාදී, තම රටේ සොල්දාදුවන් 4500 පෙට්ටියෙන් ගෙදර එන්නට සැලස්වූ, තවත් බොහෝ ගනනක් සොල්දාදුවන් පශ්චාත් ‍යුද මානසික රෝග (Post Traumatic Disorders) නිසා සියදිවි හානි කර ගැනීමට සැලස්වූ, සිය රටේ ආර්තිකයද වලපල්ලට හැරි ජොර්ජ් W. බුෂ් නම් දර්ශීය ‘ස්වානුරාගී මනෝව්යාධිකයෙකි’. මෙවැනි නාසිසිස්ටික් ලොසාලා බුරුතු පිටින් සොයාගත හැකි ඇමරිකාවෙන් උදාහරණ නොගෙන සියවස් තුනක් හරහා කෝටි සංඛ්‍යාත මිනිසුන්ගේ, බුද්ධිමතුගේ සම්භාවනාවට පාත්‍ර වූ ශ්‍රේෂ්ඨයෙකුට මනෝව්‍යාධියෙක් කීමේ යටි පෙල උවමනාව තේරුම් ගැනීම අමාරු නොවනු ඇත.

අරුනි සේවය කරන මේ කොල්ලකාරී නව ලිබරල් ධනවාදය ඇමරිකාවේද, යුරෝපයේද සීග්‍රයෙන් අර්බූදයේ පතුලට ඇදෙමින් පවතී. පහුගිය වසර කීපය තුලම වර්ධණය වී ඇත්තේ තරුන විරැකියාව, අසහනය ,දුප්පත්කම හා පල්ලිවල ‘සුප් කිචන්’ පෝලිම්ය. ඒවායේ ප්‍රතිපලයක් ලෙස ගෙදර යන්නට වූ 11වෙනි යුරෝපියානු රාජ්‍ය නායකයා වීමේ භාග්‍ය අද ප්‍රංශයේ Nikolai Sarkozi ලැබුවේය. මේ ගරා වැටෙන ඇමරිකන් ක්‍රමය රැක ගැනීමට ආර්තික ඝාතකයන්ද, භූගත හිවල් කණ්ඩායම්ද, ඊනියා ඇමරිකන් නිදහස් මාධ්‍යද, අරුනි ශපීරො වැනි මොල සෝදන වෘක රංචුද හරි හරියට වැඩය.

අරුනිගේ දෙබිඩි මුහුන නිර්දය ලෙස ප්‍රශ්න කල විට දුන් පිලිතුර සිහිකරන්නේ මනොචිකිත්සකයෙක් නොව හිනා නොයන විහිලුකාරයෙක් වන ටෙනිසන් කුරේ වය. එහිදී අරුනි දුමින්ද සිල්වාවද , ගෝඨාබයවද ඇදගෙන අදාල නැති විකාරයක් දොඩවයි. උත්තර දී ගත නොහැකි ප්‍රශ්නයක් මතු වූ විට රාජපෂ රෙජීම කුක්කන් දෙශද්‍රොහින්, අදිරාජ්‍යවාදීන් යයි ඇඟිල්ල දික් කරන ආකාරයටම එම කාසියේම අනෙක් පැත්ත වන අරුනි උත්තර නැතිවිට රෙජීම කුක්කෙකැයි මට ඇඟිල්ල දික් කරයි. ඇත්ත වශයෙන්ම නම් මේ දෙගොල්ලන්ම කරට අතදාගෙන සේවය කරන්නේ ලෝකය සූරාකන එකම හාම්පුතෙකුටය. ඇමරිකාව ඇතුලු බටහිරට, රාජපක්ෂ රෙජීමය සමග ඇත්තේ එක ප්‍රශ්නයකි. එනම් තමන්ට තනිව කන්නට තියෙන දෙයක් චීනය සමග බෙදාගෙන කන්නට සිදු වී තිබීමය.

කියා ගන්නට දෙයක් නැති වූ විට අරුනි මෙන්ම ‘ඇමරිකානු’වෙක් වන ගෝඨාව ඇදගෙන නන් දෙඩෙව්වද අවසන් විග්‍රහයේදී රාජපක්ෂ රෙජීම හොරුන් සමග අරුනිලා හෙලුවෙන්ය. බලන්නටත් අප්පිරියා අරුනිගේ ජුගුප්සාජනක හෙලුව , ‘මනෝචිකිත්සක’ සීතාම්බර පට සලුවෙන් වසා ගන්නට බැරි බවද කිව යුතුය.

පි‍ටු පෙරලපු ගාන