ආයෝජනය කරන්න කලින් හිතන්න යමක්

Friday, November 25, 2011
පහුගිය ලිපිය සමහර අයට හරියට තේරිලා නැහැ වගේ. එකේදී මම උත්සාහ කලේ මුල්‍ය ප්‍රකාශන විශ්ලේෂණය කරන හැටි කියන්න කලින් ගිණුම්කරණය කියන්නේ මොකක්ද කියන එක ගැන මුලික දැනීමක් ලබා දෙන්න. ඒ ගැන තවත් සරලව ලියපු පොස්ට් එකක් ලගදීම දාන්න බලාපොරොත්තු වෙනවා.
මේ පොස්ට් එක දාන්න හිතුවේ අලුත් පාඩමක් කරන්න නම් නෙවෙයි. මට මේ ආයෝජනය කිරීම ගැන කියන බ්ලොග් එක කරගන යනකොට දැනුන දෙයක් ලියන්න.
 ගොඩාක් දෙනා හිතාගන ඉන්නේ කොටස් වෙලදපොලේ ගනුදෙනු කරනවා කියන්නේ අමුතුම දෙයක් කියලා. ඒ සිතුවිල්ල නිසාම මෙතැනදී ගොඩාක් අය පාඩු කර ගන්නවා. උදාහරණයක් විදියට මෙහෙම හිතමු.

වෙලදපොලේ හාල් කිලෝ එකක් රු 60 ක් නම් අපේ ව්‍යාපාරය හාල් විකිණීම නම්
අපිට වෙලදපොලේ රු 60 ට හාල් විකුනලා ලාබයක් ලබාගැනීමට උවමනාවකුත් තියෙනවා නම්
අපි වෙළදපොලෙන් හාල් මිලට ගන්න ඕන රු 60 කට වඩා අඩු මුදලකට කියලා ඕන කෙනෙක් දන්නවා.
අපිට රු 55 ට හාල් මිලට ගන්න පුළුවන් උනොත් කිලෝ එක 60 ගානේ විකුනලා එක කිලෝ එකකින් රු 5 ක ලාබයක් ලබා ගන්න පුළුවන්.

අපි කොටස් වෙළද පොළ ගැන හිතන්න ඕනත් ඔය අනිත් බිස්නස්  විදියටම තමයි. කොටස් අඩු මිලකට ගනුදෙනු වෙනකොට මිලට අරගන මිල වැඩි වෙන කොට විකිණීමයි සිද්ද වෙන්න ඕන. එත් අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙන වෙලාවක් බලලා මේක මාර විදියට නගිනවා කියලා කොටස් මිලට අරන් බලාගන ඉන්නවා. එත් එයා කොටස් ගත්ත දවසේ ඉදන් සිද්ද වෙන්නේ කොටසේ මිල පහල යන එක. ඊට පස්සේ කොටස් වෙලදපලටයි බ්‍රෝකර් මහත්තුරුන්ටයි බැන බැන ඉන්නවා. එක නිසා කොටස් වෙළදපොල ගැන උනන්දු වෙන හැමෝම අතේ තියෙන කොටස් වල මිල ඉහල යනකොට ඒවා විකුනන්නත් පහල යන කොට විකුනන්නත් ඕන කියන දේ ගැන ආයෙත් හිතුවොත් හොදයි

2 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Madhawa Habarakada said...

හරියටම හරි. ගොඩක් අය ඕක කරනව. මමත් සමහරක් වෙලාවට හොයන්නෙ බලන්නෙ නැතිව ඔහොම කරල කෙල කරගෙන තිබෙනව. වෙලඳපළ ඉහළ යනකොට කොටස් මිලට ගන්න ඕනෙ පරිස්සමින්. තවත් ඉහළ යාවි කියල හොඳින්ම පෙනෙන ඒව.
කොටස් මිල පහළ යද්දිත් පරිස්සම් වෙන්න ඕනෙ, මොකද තවත් පහළ ගියොත් තවත් අලාභ වෙන්න ඉඩ තිබෙන නිසා. ගාණට හොඳ තැනක් බලල තමයි ගන්න ඕනෙ. Pivot points වලින් යම් අදහසක් ගන්න පුළුවන්. නැත්තම් MACD වලින්.

sAm (සෑම්) said...

//අපේ අය කරන්නේ ඉතිහාසයේ වැඩිම මිලකට කොටස් අලවි වෙන වෙලාවක් බලලා මේක මාර විදියට නගිනවා කියලා කොටස් මිලට අරන් බලාගන ඉන්නවා.//
බ්‍රෝකර්ලා වැඩක් නැහැ අපි ටච් එකේ ඉන්න ඕනේ..

මේ ලගදි ඩවුන් වුණා පළු යන්න. එතකොට ටිකක් දාගන්න බැරි වුනා. දාගත්තනම් ගොඩ.. (දැනටමත් ටිකක් වැඩි වෙලා)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන