පිටසක්වල ජීවය.. පුරාතනයේ සිට පැවතුනාද?

Saturday, November 5, 2011
පිටසක්වල ජීවය.. මේක ඉතාමත් විවාදාත්මක මාතෘකාවක්.. අද මං කතා කරන්න යන්නේ මේ බ්ලොගේ කවදාවත්ම කතා නොකරපු එත් මගේ හිතට ගොඩක් වැදුන මාතෘකාවක්. මේ ලෝකයේ පිටසක්වල ජීවයක් තිබුනද? එහෙනම් ඒවාට සාක්ෂි මොනවාද? තිබුනානම් ඒවා කොහේද? කියන දේ ගැන මම කොටස් වශයෙන් කතා කරන්නයි මේ සුදානම. මේ කතා බහේදී ආගම ගැන වගේම විවිධ පුද්ගලයන් ගැන කතා නොකරම බෑ. ඒ නිසා කතාව පටන් ගන්න කලින්ම මම ඒ සම්බන්ධව යම් කෙනෙක්ගේ හිත රිදෙනවනම් සමාව ඉල්ලනවා.


පිටසක්වල ජීවය කියන දේ එහෙමත් නැතිනම් අද්භූත ආගන්තුකයන් ගැන පුරාතනයේ ඉඳල පැමිණෙන සටහන් අපේ අතරේ තියනවා. එකම දේ අපි ඒ දේවල් බොහෝ විටම සාමාන්‍ය විදියට කියවන දකින නිසා මගහැරිලා යනවා. ඉතිහාසයේ විවිධ කාල වකවානු වලදී අපේ මුතුන්මිත්තන් විවිධාකාරයේ චිත්‍ර පිළිම ඒ වගේම සටහන් මගින් මේ අද්භූත අමුත්තන් ගැන කියල තියනවා.. ලෝකේ ගොඩක් ආගම් මේ දේ කියනවා. බය්බල් දේශනා වල, බුද්ධදේශන වල සක්වල ජීවයක් ගැන සඳහන් වෙනවා. ග්‍රීක් පුරාවෘත්ත වගේම මායන් ඉන්කන් ඊජිප්තු වගේම අපේ සිංහල ඉතිහාසෙත් මේ වගේ දේවල්වල සලකුණු තියනවා. එත් අපි මේ දේවල් සාමාන්‍ය ලෙස දකින්නේ ඒවා අපි නිතරම කියවන, නැවත නැවත පැහැදිලි කරන දේවල් උනත් ඒවාට මේ අර්ථ කතන නොදීම නිසා.. ඒ කියන්නේ අපි ඒ දේවල් මේ මාතෘකාව සම්බන්ධ කරගෙන කතා නොකරන නිසාවෙන්.

සක්වල ජීවින් දසදහසක් දෙනා අහන්න ආව සුත්‍ර පිටක බුද්ධ දේශනාවල පැහැදිලිව සඳහන් වෙනවා.. බුද්ධ දේශනා අහන්න එන දෙවිවරු අහස බබුළුවමින් ජේතවනාරාමයට ගොඩබැස්ස වග ග්‍රන්ථ වල සඳහන් වෙනවා. මහා මංගල සුත්‍රයේ මේ බව පැහැදිලිවම තියනවා. එවං මෙසුතන් ඒකන් සමයන් භගවා සවත්තියන් විහරති ජේතවනේ අනාථ පිණ්ඩිකස්ස ආරාමේ අතකෝ අඟඥතරා දේවතා අභිඛන්ඨාය රත්තියා අභිඛන් වන්නන් කේවලකප්පන් ඔභාසෙත්වා යනුවෙන් කියන්නේ මෙවැන්නක් නොවේද? ඒ පාලි පිටකයේ තේරුම ගත්විට එය මෙසේ වේ. එක්තරා සමයක මා විසින් අසන ලදී, භාග්‍යවතුන් වහන්සේ ජේතවන විහාරයේ අනේපිඬු ආරාමේ වැඩවසන එක කාලයක එකවිටම රාත්‍රී අහස විවිධ වර්ණයෙන් ඒකාලෝක කරමින් විවිධ වර්ණයන්ගෙන් බබුලමින් දේවතාවෙක් කෛලාසකුටයේ සිට පැමිණියා . මේ කියන්නේ විවිධ වර්ණ විහිදුවන යානයක නැගී විවිධ වර්ණයේ සඥ්යා එලි දෙන නුතන ගගනගාමි ඇඳුමක් වගේ දෙයක්  ඇඳගත් කෙනෙක් මවු යානයේ සිට හෝ තමන්ගේ ග්‍රහවස්තුවේ සිට මෙහි පැමිණි බවක් නොවේද?

බයිබලේ සඳහන් වෙනවා දෙවියන් වහන්සේ ගිනි ජාලාවක් මැදින් එන බව..අහස ගිගුරුම් කවන සද්ද එක්ක ඇස අන්ධ කරවන එලි ගැන.. මේ මොනවාද? මේ අහස ගිගුම් දෙනා ශබ්ද එක්ක ආව ගිනි ජාලාවන් ආකාශ වස්තුවක් පහත් කරන දර්ශනයක් වෙන්න බැරිද? දෙවියන් වහන්සේ දශපනත දෙන්න මෝසස් සිනායි කන්ද මුදුනට අඬගහන වෙලාවේදී කියන්නේ කන්ද වටේට වැටක් බැඳලා ජනතාව එයට ලංවෙන එක වලක්වන්න කියල. බයිබලයේ එක්සොදස් 12:19 මෙහෙම කියනවා.. කන්දට පිවිසෙන අයට සීමා පනවන්න. එසේම ඔවුන්ට මෙලෙස කියන්න කන්ද තුලට නොඑන්න. අඩියක් හෝ නොතබන්න. සීමා පසුකරගෙන එන කවරෙකු හෝ වේවා.. ක්ෂණික මරණයට පත්වනු ඇත,.. ඒ ලෙස කියන්නේ ඇයි? අභ්‍යවකාශ යාන පහත් කරන විට ඇතිවන පොලව දෙදරීම, ගෑස් එන්ජින් වල දුම සහ ගිනි සමග එන අධික ශබ්ද මේ ආදී කල්පිත මිනිස්සු පුදුමයටත් භීතියටත් පත්කරන දේවල්. ඉතින් ඒ දේවල් වලින් උන්ව පුදුම කරව උන්ට දෙන්න යන මහාර්ඝ දේ ගන්නටවත් නොසිට පලා ගියොත්? එහෙමනම් මදක් සිතින් මවාගන්න.. මේ අපි අද දකින සයිෆයි සිනමා දර්ශන ඒ කාලයේ ඒ මිනිස්සුන්ට පෙන්නුවොත් ඔවුන් ඒවාට මොනවා කියාවිද?

ආගම ගැන එහෙම කියද්දී, නොකියම බැරි තවත් දෙයක් මගේ මතකයට එනවා. ඒ තම රාම රාවණ යුද්ධය.. මේ යුද්ධයට සම්බන්ධ දෙයක් අදටත් ගාල්ල රූමස්සල තියනවා. ඒ තමා රූමස්සල කන්ද. රාම කුමාරයාගේ පිරිස යුද්ධයෙන් තුවාල වෙද්දී ඔවුන්ට බෙහෙත් කරන්න මේ රූමස්සල පර්වතය හිමාලයේ ඉඳන් ගෙන ආව බව තමා අදටත් ජනප්‍රවාදයේ එන්නේ. ඒ වගේම රාම රාවණ කතාවලත් සඳහන් වෙන්නේ. පුදුමයකට වගේ මේ රූමස්සල වැවෙන සමහර පැල ලංකාවේ ඒ අවට කොතනකවත් නැති බවක් තමයි දැනගන්නට තියෙන්නේ. එත් ඒ පැල හිමාලයේ වාර්තා වෙලා තියනවා. එහෙමනම් මේ රූමස්සල ඇත්තෙන්ම ගලවාගෙන ආව ඔසු උයනක්ද ? එහෙමනම් ඒ කොහොමද? රාම රාවණා කතාව ගැන කියද්දී තව එක දෙයක් කියන්න වෙනවා. ඒ දඬු මොනර යානයෙන් ගමන් බිමන් ගිය රජකෙනෙක් විදියට රාවණ රජු ඉතිහාසයේ සඳහන් වෙනවා. එහෙනම් සමකාලින රාම සතුවත් මේ තාක්ෂණය නොතිබෙන්න හේතුවක් නෑ.. 

ග්‍රීක කතාවල එන ඔලිම්පස් කන්ද ගැන ඔයාල හැමදෙනෙක්ම අහල ඇති.. ග්‍රීක් කතාවලට අනුව ඔලිම්පස් කන්ද මුදුන දෙවියන්ගේ වාසස්ථානය වෙලා තියනවා. නායක සියුස් දෙවියන් ප්‍රමුඛ දේවතාවුන් මේ කන්දේ ඉඳන් ලෝකය පාලනය කරලා තියනවා. ග්‍රීක කතා වල සමහර තැනක කියනවා ඔලිම්පස් කන්ද මුදුන සමහර විටක ගිගුරුම් අකුණු එක්ක අහසට එසැවිලා යනවා කියන එක.. ඒ එක්කම ඒ පළාතම වලාකුලින් වැහෙනවා කියලත්.. මේ කියන්නේ ඔලිම්පස් කඳු මුදුන උඩ අභ්‍යවකාශ යානාවක් තිබුන එකක්ද? එක ගුවන්ගත් වෙන වෙලාවට එන ගෑස් දුම් ආදී දේවල්ද? ඒ එක්කම ඇපලෝ දෙවියා ගැන ග්‍රීක් කතා වල වගේම රෝම කතා වල එකම නමින් කියන්නේ ඔහු ගිනි සිළු විහිදුවන වාහනයෙන් අහස පුරාම ඇවිද්ද බව. ඒ ඇපලෝ දෙවියන් කියන්නේ ජෙට් යානයක් වැනි දෙයක් ගෙනියන නියමුවෙක්ද?

එහෙමනම් මේ පහත පින්තුර ටික බලන්න.. අපේ මුතුන් මිත්තන් එදා ඒ දක්කාවූ දේ ඔවුන්ට තේරුම් ගතහැකි ලෙස සටහන් තබා ඇති හැටි.. මේ පින්තුර සම්බන්දයෙන් වැඩි විස්තර අපි ඊලග ලිපි එක්ක කතා කරමු...

මේ ඇන්ටිකතියරා මැෂින් නමින් හඳුන්වන වසර 2000 පමණ පැරණි පරිගණකය  


පැරණි ගගනගාමි පිළිමයක්.. මේ පිළිම දෙකේම හෙල්මට පලන්දාගන ඉන්න බව පේනවා නේද? ඒ වගේම එකක ගගනගාමියගේ ඇඳුම සම්පුර්ණයෙන්ම නුතන ගගනගාමී ඇඳුමට අතිශය සමානයි.. එහෙනම් මේ වසර 2000 කට එහා අපේ මුතුන් මිත්තන් මේ පිළිම අඹන්නේ හිතලුවකින්ද? බලන්න සම්පුර්ණ පිළිමයේ ගගනගාමියගේ හිසවටා ඇති විදුලි ආලෝක පද්ධතිය?  






දකුණු ඇමරිකාවෙන් සොයාගන්න ලද මේ රන්මුවා ආකෘතිය නුතන ජෙට් යානාවක් වගේ නේද? එහෙමනම් මේත් හිතලුවක්ද? මේ ආකෘතියේ 10 ගුණයක් විශාල අනු ආකෘතියක් පියාසර කර අත්හදා බලා තියනවා. එහිදී හොයාගෙන තියෙන්නේ මේ ආකෘතියට සම්පුර්ණ පියාසර හැකියාව තියන බවක්.. ඉතින්, මේවා දකින්නේ නැතිව ඔවුන් මේ නිර්මාණ කරන්නේ කොහොමද? එහෙමනම් එදා අදට වඩා දියුණු තත්වයක් තිබුණාද?

(මෙය ක්සැන්ඩරයාගේ කොලමේද පලවන ලිපි පෙළකි..)

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Lanka said...

හොද මතෘකාවක් ගැන තමයි සහෝ කථාබහ කරන්න අරගෙන තියෙන්නේ...
ඩිගටම ලියන්න... මමත් මේ සබ්ජෙක්ට් එක ගැන ගොඩාක් උනන්දුයි.

Detective said...

aththatama watina post akak . mamath hena aasa suject akak thamai

Detective said...

aththatama watina post akak.. mamath aasa subject akak

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

ඔය ඇන්ටිකිතෙරා යන්ත්‍රයයි, අන්තිමට තිබුණු ගුවන් යානා ආකෘතියයි දෙකම ගැන මම කාලෙකට කලින් සෑහෙන්න කරුණු එකතු කරන් කියෙව්වා. හරිම පුදුම අවස්ථා දෙකක්...! මට හිතෙන්නේ මිනිස් ශිෂ්ඨාචාරය සරල රේඛාවක් නෙවේ. චක්‍රාකාර එකක් කියලා !

Anonymous said...

niyama wadak

Shaggy said...

මමත් ගොඩක් ආස විශයක් මේ. තව අලුත් තොරතුරු දැන ගන්න කැමතියි.... මම හිතන්නෙත් මේ හැම දේම ඉස්සරත් තිබුනා කියලයි. මිනිස්සු ලොව මවිත කරන නිර්මාණ කරල තියෙන්නෙ පිරමීඩ වගේ දියුනු තාක්ෂනයක පිහිටෙන් වෙන්නම ඔන.

ක්සැන්ඩරයා said...

@ Lanka ; @ Sanoj
මේ ලිපි පෙළක පලවෙනි ලිපිය.. හඳුන්වාදීමක් විදියට ගන්න පුළුවන්. දිගටම ලියනවා, රැඳිලා ඉන්න මගෙත් එක්ක.

@ Chathuranga Perera
ස්තුති ඔබට.. මේ මාතෘකාව ගැන කතා කරන්න වෙන්නේ හෙමින්. මොකද ඒක පොඩි අතපසු වීමක් ලොකු වරදක් වෙන්න තියන ඉඩ වැඩි. ඒක නිසා හෙමින් හෙමින් ලියනවා.. බලමු සරල රේඛාවක් විදියට යාවිද කියල..

@ShagsZone
ඇත්තෙන්ම මේ හැමදෙයක්ම ඉස්සර තිබිල තියනවා. එත් ඒ දේවල් වලින් විනාශයක් විතරක් වෙලා තියන අවස්ථා වැඩි. අද අපි යන්නේ අයෙත් ඒ මාර්ගයේද කියල මට සැකයි..

දිනුක said...

Ancient aliens කියන ඩොචුමෙන්ට්‍රි ටික හොයාගෙන බලන්න.ගොඩක් විස්තර ඒකෙ තියෙනවා.මමත් සෑහෙන ආසාවකිං බලපු එකක් ඒක.

ක්සැන්ඩරයා said...

@ දිනුක ජයකොඩි
ස්තුතියි මිත්‍රයා, මන් ඒ ඔක්කොම වගේ බලල තියනවා. අලුත් සීසන් 3 විතරයි බලන්න තියෙන්නේ. ඒ එක්කම එරිච් වොන් ඩනිකන්ගේ තියරි තියන වීඩියෝ එහෙමත් මම බලල තියනවා. මේ ඒ සේරගෙන්ම ගත්ත දේවල් එක්ක මගේ විශ්ලේෂණ එක්ක ලියන ලිපි පෙළක්.

Anonymous said...

නියමයි... එක්ස්ෆයිල් සීරිස් එ‍කේ ඇත්ම් කතා ඇත්ත කියල මට හි‍තෙන්‍නේ ඇයි කියල දැන් ‍තේරුම් ගන්න මටම පුලුවන්...

ඔබ නොදු‍ටු ලොවක්..... said...

මේවා ගැන හිතන්න ගියොත් පිස්සු හැදිලා ආයිත් හැදෙනවා.....

Anonymous said...

මමත් මේ සබ්ජෙක්ට් එක ගැන තරමක් උනන්දුයි. මේ ගැන ගොඩක් විස්තර තියන සින්හල සයිට් ටිකක බුක්මර්ක් ටිකක් තිබ්බ. මැෂින් එක ෆොර්මැට් කරපු නිසා ඒ ටික ගියා. හෙල යුගය වගේ දාල සර්ච් කලා වගේ තමයි මතක. ආයේ හම්බ උනොත් කමෙන්ට් එකක් දාන්නම්. මට එක දේකට එකඟ වෙන්න බෑ. අර රාම සතුවත් ඒ වගේ තාක්ෂණයක් තියන්න ඇති කියපු එක. එහෙම තිබ්බ නම් කථාවෙ කියන විදියට මුහුද හරහා පාලම් හදාගෙන එන්න ඕන නෑ නේද . හැබයි ඔය රූමස්සල කේස් එක නම් මමත් අහල තියනව විශේෂ ගස් වැල් තියන තැනක් කියලා.තව ඔය වගේ ස්ථානයක් මට මතක හැටියට "තුන්ගුස්කා" කියන්නේ. එතනත් අතීතයේ සිදු වූ හඳුනා නොගත් පිපිරීමකට පස්සේ ඔය වගේ අසාමාන්‍ය භූ ලක්ෂණ දකින්න ලැබෙනවලු.
…ඒකත් පිටසක්වල යානවක් පුපුරා ගිය අවස්ථාවක් කියලයි කියන්නේ.මමත් හිතන්නේ නම් අතීතයේදි දැනට වඩා ගොඩක් දියුණු තක්ෂණයක් තිබුනා කියලයි. විශේෂයෙන් වර්තමාන ආසියානු කලාපයේ.

Unknown said...

විද්‍යා හා තාක්ෂණ රැකියා දැන් http://www.jobvacancies.lk හී

Post a Comment

පි‍ටු පෙරලපු ගාන