මෙලෝ රහක් නෑ

Sunday, June 19, 2011


                               තට්ට තනියම ගියත් විදගෙන
                               රෙද්ද තද වී ඇති හෙයින්
                               යනෙන උඩ යට නටන තට්ටම
                               තද කරයි කරු දෙක මුලින්

                               පැලුන දෙකොනම අතින් වහගෙන
                               සලෙලු කොල්ලෝ ඇති හෙයින්
                               ගස්ස ගස්සා දුවන ලඳකගෙ
                               පස්ස දැක්කා යන්තමින්

28 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සිත් අහස said...

තට්ට තනියම යන්න බය නැති
වුනේ ඒ ලෙස හැඩ වෙමින්
ලැජ්ජ බය නැති නිසාවෙන් වෙද
අඟපසග සැම පෙන්වමින්,.

තට්ටමක් තරමටම මොලයක්
තිබුනෙ නම් ඒ හිස යටින්,
ලැජ්ජ නැති ලෙස පාරේ යාවිද
ගස්ස ගස්සා පස්ස දැන්,..

Observer said...

මෙන්න කවි (නිසඳැස්)

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

කට්ට පිත්තල කේල්ලො ජති
දැක්ක ගමන් මා සිත් දස අතේ
නොවේයි මුහුනින් වටහා ගන්නට
පහල උන් නැත මේ ලොවේ

˙·٠•●♥ හිරු එළිය ♥●•٠·˙ said...

පස්ස තිබුනිද වැඩ නොගන්නා ගැහැණු දැන මේ අතවටේ
පස්ස නැතිවම දුක්විදියි ඈ පිනක් කරමින මේ බවේ
තියන පිනේනුත් ගන්න දන්නැති ගැහැණු සිටිතියි මේ බවේ
පස්ස ටම එය දාගේනම ඈය යන්න දන්නැහැ විදියේ
පස්ස කම්නැහැ වැඩක් ගත්තොත් පිරිමියේකුට එය පිරිනෑමේ

පොඩි මෑන් said...

@ ප්‍රාර්ථනා :- ප්‍රාර්ථනත් මාර කතානෙ කියන්නෙ... තට්ටමක් තරමට මොලේ කොහොම තියෙන්නද... අර ඔලුගෙඩිය ඇතුලෙ... බාගයක්වත් තියෙන්න බෑ.. පොඩි සයිස් එක

@ Observer :- ස්තූතියි..

@ ඳගයා :- අනිවා ඳගයෝ...

pavithra weerapperuma said...

හැක් හැක්... අහකබලන් ඉදින්...

පොඩි මෑන් said...

@ සුළඟිල්ල :- අහක බලන් තමයි ඉදියෙ.. ඒකනෙ යන්තන් දැක්කෙ.. ;)

පොඩි මෑන් said...

@ ඳගයගෙ දෙවෙනි කමෙන්ට් එක දැක්කෙ දැන්නෙ... පට්ටයි.. හික් හික්

Yasantha Hennayake said...

පද්ද පද්ද ගස්ස ගස්ස යාම
ගැණු මායමකි..
එහෙත් එම මෝඩ මායම නිසා
අනතුරේ වැටෙන්නේද
ගැහැණියමය..

මාර දේවල්නෙ පොඩි මෑන්ටත් පේන්නෙ..

නෙතුපිය said...

තට්ට තනියම ගමන් යනවිට
ඇන්ඳ සායේ හිර නිසා
පසඟ පෙනිලා බැන්ඳ පදයේ
රසය ගෙන ආවයි සිනා

හෙටත් මේ ලෙස ගමන් යාවිද
ලැජ්ජ බය දෙක නැති නිසා
අතින් වහගෙන කුමට යනවද
අසුන් ගිය ඉස්තල වසා

පොඩි මෑන් said...

@ නෙතුපිය :- අස්සය ගියාට පස්සෙ ඉස්තාලෙ වහන්නෙ ඇග බේරගන්න ... :D කවිදෙක මරු හොදේ.

@ චතූ :- ඕක මායමකට වඩා ගැහැනියකගෙ ශරීරෙ හැඩේ නිසා ඉබේ වෙන එකක්.. ඕකට වැඩි කැටයම් දාන්නෙ ඉතින් වැඩි ඇටෙන්ශන් එකටනෙ.. නොපෙන්නා පෙන්න පෙන්න යන්නෙත් ඒකටම තමයි.. ඒකට්ත් එක්තරා විදියක මෝඩ කමක් තමයි

Anonymous said...

තට්ට තනියම ගියේ විදගෙන,
රෙද්දේ තදියම එකට හිරවුන,
යනෙන නටවන කියන තටමන,
නැගේ බිය දුටු නැටෙන සක්මන,

පැලුණු කල සර ගියේ දුවගෙන,
සලෙලු කොල්ලෙකු දකින විලසම,
පස්ස දැක වුනු විනක හිරවුන,
බිය නැගී ගිය විලස එලෙසම,

දමා කරවා නිවා මෝලක,
රවා ගොරවා තලා කිලෙස,
ගෙනත් දී හිද රෙද්දේ කටුවක,
මසා දීපන් 2 කම 6 කට,

නැතිම නං වෙන වැඩක් කරනට,
හැන්දේ මිට ගෙන දමා මොලයට,
ගසා මොලයේ අදුර දුරුකොට,
නිවා සනහා ගැහැනු නුවණක,

පොඩි මෑන් said...

සමනලයා පට්ටියි හොදේ..... ඕක උඹට පෝස්ට් එකක් විදියට දාන්න තිබුනෙ

Anonymous said...

හිටු මාත් දාන්න...

Sabith said...

මේවගේ ටොපික් එකක් දැක්කම මුන්ගේ පද්්‍ය සාහිත්්‍යය කොහෙන් එනවද නෑ!

පොඩි මෑන් said...

@ සබීත.. :D :D

Hishan de Silva said...

පටිට සීන් එක...

Anonymous said...

hikz

kasun said...

හික්...

පොඩි මෑන් said...

කමෙන්ට් කරපු ඔක්කෝටම ස්තූතියි.... :)

Asanka said...

පට්ට මචන්

D_C_M said...

බලාගෙන ගියාම ඔක්කොම කස්ටිය නියම කවිරාලලා තමයි.......කොහොම උනත් පට්ට කවි ටික.......ඒ වගේ පෝස්ට් එකේ තියෙන පින්තූරයත් මරු...

ප්‍රේමෙ said...

මරු නෙවේ මරේ මරු !! මල් 7යි ආ... පිනතූරයයි කොමෙන්ටුයි ඔක්කොම එළ!

කෝඩුකාරයා said...

අපෝ........මමනම් මේ පැත්තට ආවෙත් නෑ,මේ එක කියෙවුව්ත් නෑ.අපි හොඳ ළමයිනේ......

බිඟූ said...

මොකාද යකෝ මෙලෝ රහක් නැ කියලා කිව්වේ...

HACKNAREN said...

uba nam mara buwek thamai

සිතුවිලි පවුර.. said...

මේ අහංකාර නගරේ
සුරඟනක් ද
ඔබ ලඳුනේ
ඉඟක් බොහොම ඇති
ලැමත් ඇති
දිවෙස් හෙලන ලදුනේ.........
පට්ටයි ඈ නියමයි තවත් ලියන්ට

පවනි said...

ඇඳගෙන යන කෙනාටත් වඩා අපිටද මන්ද ප්‍රශ්නෙ....
අනේ මන්දා... :ඩී

Post a Comment

පි‍ටු පෙරලපු ගාන