නිවැරදිව ටොරන්ට් එකක් බාගන්න හැටි

Saturday, November 26, 2011
ඔන්න ගොඩකාලෙකට පස්සේ සිතුවිලි පවුරට ලිපියක් ලියනවා. ගොඩදෙනෙක් දන්නවා ඇතිනේ ටොරන්ට් ගැන. ඒ අතර නොදන්න අයත් ඇති. මේ ඒ අය වෙනුවෙන් මගේ බ්ලොග් අඩවියේ පලවෙච්ච ලිපියක්. වැදගත් වෙයි කියලා හිතිච්ච නිසා සිතුවිලි පවුරෙත් මේ ගැන කුරුටු ගාන්න හිතුනා. නොදන්න අය බලන්නකෝ.
                                                 ටොරන්ට් එකක් කියන්නේ කුඩා ගොනුවක්. මේ ගොනුවේ සඳහන් වෙන්නේ කොහෙන්ද අදාල ෆයිල් එක බාගත යුත්තේ වැනි කුඩා තොරතුරු ප්‍රමාණයක් පමණයි. ටොරන්ට් ෆයිල් එකේ ඇත්තේ pc to pc ක්‍රමය. එහෙමත් නැත්නම් පරිගණකයකින් තවත් පරිගණකයකට ෆයිල් හුවමාරු කරන ක්‍රමය. චිත්‍රපටි , පරිගණක ක්‍රීඩා වැනි ප්‍රමාණයෙන් විශාල ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ලේසිම ක්‍රමය තමා ටොරන්ට් මගින් බාගැනීම. මොකද ටොරන්ට් හරහා ඉතා අඩු වේගයක් සහිත ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින් උනත් ගොඩක් ලොකු ෆයිල්ස් ඉතා ඉක්මණින් ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන් නිසා.
                                              මුලින්ම අපි බලමු කොහොමද ටොරන්ට් එකක් බාගන්නේ කියලා. මුලින්ම අපිට ටොරන්ට් ක්ලයන්ට් මෘදුකාංගයක් අවශ්‍ය වෙනවා. මමනම් නිර්දේශ කරන්නේ. BitTorrent විතරයි. මොකද ඒකේ කරදර ගොඩක් අඩුයි. ඔන්න ඕක මෙතන ඔබලා ඩවුන්ලෝඩ් කරගන්නකෝ. ඊටපස්සේ ඒක ඉන්ස්ටෝල් කරගන්න.
                                                    ඔන්න එහෙනම් ටොරන්ට් බාගන්න කරන්න තියන මූලික කොටස ඉවරයි. දැන් අපි බලමු කොහොමද ටොරන්ට් ෆයිල් එකක් බාගන්නේ කියලා.
                                                   මුලින්ම අපි ටොරන්ට් තියන අඩවියකට යන්න ඕනේ. මම මීට කලින් හොඳම ටොරන්ට් සහිත අඩවි ගැන විස්තරයක් දුන්නනේ. මෙන්න මෙතන ඔබලා ඒ පෝස්ට් එකට යන්නකෝ. දැන් ඕකේ තියන අඩවි වලින් කැමති අඩවියකට යන්න. දැන් තමන් කැමති ටොරන්ට් එකක් තෝරගෙන බාගන්න තමා තියෙන්නේ.
                                                   හැබැයි ඩවුන්ලෝඩ් කරන්න කලින් බලන්න ඒ ටොරන්ට් එකේ හොඳට සීඩර්ස්ලා ඉන්නවද කියලා. ටොරන්ට් එකට ඉස්සරහා SE හා LE කියලා කොටස් දෙකක් ඇති. මෙතන්න SE කියන්නේ සීඩර්ස්ලා. එහෙමත් ටොරන්ට් එක බාලා ඉවරවෙලා ඒක අප්ලෝඩ් කරන කස්ටිය. LE කියන්නේ ටොරන්ට් එක බාන කස්ටිය.
                                                   ඕං ඒකත් ඉවරයි. මම කියපු දේවල් වල මොකක් හරි නොතේරෙන තැනක් තියනව නම් ඔය පහල වීඩියෝ එක බලලා තේරුම් ගන්නකෝ.

13 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Anonymous said...

thanks

Anonymous said...

BAWANTHA please give your email, we need o contact you, thanx

වර්ණා said...

හ්ම්ම් මමත් ඔය ක්‍රමයට තමයි ඩවුන්ලොඅඩ් කරන්නේ :)))

Hasitha Gunasinghe said...

thanx :)

Anonymous said...

LE කියන්නේ ලීචර්ස් හෙවත් කූඩැල්ල වගේ ටොරන්ට් එක බාගෙන ( කූඩැල්ලා ලේ බොනවා වගේ උරාබීගෙන) අනික් අයට උපකාරයක් වශයෙන් සීඩ් නොකරන එකා නේද?

Anonymous said...

අඩේ මම මෙච්චර කල් වැරදියටනෙ ටොරන්ට් බාලා තියෙන්නෙ.
අද ඉඳන් නිවැරදිව ටොරන්ට් එකක් බානවා.Thank you

dream boy said...

ඇයි u torrent හොද නැද්ද ??

ලහිරු said...

නියමයි සහෝ... ප්‍රයෝජනවත් ලිපියක්!

Madhawa Habarakada said...

ලිපිය හොඳා. තව ටිකක් එකතු කරන්න පුළුවන් නම් හොඳයි.

මම නම් රෙකමෙන්ඩ් කරන්නෙ uTorrent. මොකද ඒකෙ backend එක භාවිතා කරල තමා BitTorrent හදල තියෙන්නෙ.
Seederල වැඩි ටොරන්ට් තෝරාගන්න ඕනෙ.
අපිත් එක්ක ටොරන්ට් එක බාන කට්ටියට කියන්නෙ Peersල කියල.
Leechers කියන්නෙ අර උඩ කමෙන්ට් එකේ කියල තියෙනව වගේ තමුන් වැඩේ කරගෙන අනුන්ට උදව් නොකරන කට්ටියට. :) (අපේ හුඟක් අය ඉතින් මේ වගේනෙ. :( )

ටොරන්ට් එකක ඉන්න සීඩර්ස්ල ප්‍රමාණය අඩු නම්, හොයාගන්න තියෙන ඕනෙ කරනම ටොරන්ට් එක ඒක නම්, කරන්න තියෙන්නෙ, trackers හොයල දාගෙන ටොරන්ට් එකට ඉන්න සීඩර්ස්ල වැඩි කරගන්න ට්‍රයි කරන එකයි.
trackers කියන්නෙ,ඒ ටොරන්ට් එකට අදාල සීඩර්ස්ලගෙ ලිස්ට් එකක් තියෙන වෙබ් පිටුවක් වගේ එකක්.

Miyuru said...

බොහොම ස්තුතියි මේ ලිපියට.........

Motivator said...

ටොරන්ට් ගැන අපේ අය දැනගන්න ඇතිනේ.. එහෙනම් අන්තර්ජාලයෙන් මුදල් හොයන හැටිත් දැනගන්න...

http://www.e-mudal.blogspot.com/

Anonymous said...

emoney බොරු වලට රැවටෙන්නෙපා. :D

Nishan de siva said...

හැන්ඩ් ෆෝන් එකෙනුත් පුළුවන් ටොරන්ට්ස් බාන්න

Post a Comment

පි‍ටු පෙරලපු ගාන