අඹ ගෙඩිය

Friday, November 25, 2011

නෙලා ගන්නට මා සිතා .............සිටි
ලේන සියොතුන් ඉඳුල් කළ ...සැටි
ගසේ බඩගා නෙලා ගත් ..........සැටි
සත්තු කාලැයි වීසි කළ ...........සැටි

ඒත් නිතරම මතක් වුණු ...........හැටි
තවත් අඹ ඇති කියා සිතු .....හැටි
විටෙක උනනා මුත් කඳුළු ....කැටි
මවමි පිවිතුරු අඹය හරි .......හැටි

4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

බට්ටි said...

අහම්බෙන් වුන දෙයක්. මං මේක කියවුවෙත් අඹයක් කනගමන්.හැබැයී හුගක් ඇඹුලයී.

sanju said...

lassanai machan
excellent

Weni said...

සත්තු කාපු නැති, නොඉඳුල් අඹ හොයන්න අමාරුයි මේ කාලෙ !

චතුර විජේකෝන් said...

@බට්ටි
හික්ස්.. පස්සේ රහ දැනෙයි කියලා කට ඇඹුල් කරගෙන කන එකයි ඇත්තේ.. තුති.

@සංජු
තුති මචං

@වෙනි
අමාරුයි කියන්නේ බෑ ම වගේ තමයි.. (almost impossible)

ඒත් හිත නොයිඳුල් අඹේකට මයි.. තුති.. වෙනී..

Post a Comment

පි‍ටු පෙරලපු ගාන