ආදරය උරැමනම් විරහවත් උරැමයි!!! (සත්‍ය කතාවකි)

Sunday, July 17, 2011
ඔයාට මතකද ඔයාගෙන් මම කැමතිද අහන්න ඉස්සෙල්ලා මම ඔයාගෙන් ඕක අහන්න කොච්චර දැගලුවාද කියලා.. මුලින්ම මම ඔයාව බස් එකේදී දැක්කා. මතකද මම එදා ඔයා දිහා කොච්චර බැලුවද කියලා. ඇයි ඔයාට එක සැරයක් මාට්ටු උනේ මම ඔයා දිහා බලනවා. ඊට පස්සේ ඔයා අනිත් පැත්ත හැරැනේ මම දිහා ඔරවගෙන කන්න වගේ බලාන. ඔයා බස් එකෙන් බැහැල යද්දී මම පිටිපස්සෙ ෂීට් එකේ ඉඳං ඔයා ගෙදරට යනවා බලාන හිටියා මතකද? ඔයා ඒක දැකලත් නොදැක්කා වගේ ගස්සලා ගියා. අනේ සඳුඳා ඉස්කෝලෙ ගිහිල්ලා උදේ පන්සිල් ගන්න පිට්ටනියට එද්දී ඔයා පිට්ටනියේ. මම කවදාක්වත් දැකල නෑ ඔයා අපෙ ඉස්කෝලෙ ඉන්නවා. ඒත් අද දැක්කා. සමහර විට ඒ මඟේ පිනක් වෙන්න ඇති කියලත් හිතුනා.
මතකද ඔයාට මම එදා පන්සිල් ගද්දී මම ඔයා දිහා හොරෙන් බලාන ඉදලා විදුහල්පති ස්වාමීණ්වහන්සේට අහුවෙලා මුලු ලමයි ගොඩම ඉස්සරහා මාව ගෙන්නවලා රැස්වීම ඉස්සරහා මට ගැහුවා. ඒත් මම ගුටිකාගෙන උනත් බලං හිටියේ ඔයා දිහා. මම දැක්කා ඔයාගෙ ලස්සනට තිබුනනු ඇස්, ඒ මූණ එක පාරටම කලු වෙලා යනවා. ඒ ඔයාගෙ ඇස් වලින් කඳුලු වැටෙනවා මම දැක්කෙ නෑ කියලා ඔයා හිතුවද? මම ඒව දැක්කා. මොකද මම ගුටිකෑවත් බලාන හිටියේ ඔයා දිහා හන්දා. මට ගහලා මම දනගස්සවලා තිබ්බා මතකද? ඒත් මම ඔයා දිහාම බලාන හිටියා. ඔයත් මම දිහා හොරෙන් හොරෙන් බලන්න ගත්තා. රැස්වීම ඉවරවෙනකම්ම මම පිට්ටනියේ දනගහං හිටියා. කට්ටිය යද්දී ඔයා මම ඉස්සරහින් ගියා. හැබැයි ඔයාගෙ දෙයක් මට ඒ වෙලේ දීල ගියා මතකද? ඔයා කිව්වේ අයියේ ඔයා මේකෙන් කඳුලු පිහදගෙන ඔය දූවිලිත් පිහදගන්න කියලලා ඔයාගේ ඔය ලෙන්සුව දුන්නා මතකද? අදටත් මම ගාව ඔයාගේ ලේන්සුව තියෙනවා ආරක්ෂිතව!!
ඊට පස්සේ අපි පාරෙදී හම්බවුනා. පංතියේදී, චිත්‍රපටි හෝල් වලදී හම්බවුනා මතකද? අපි දෙන්නා කොච්චර සතුටින්ද කාලය ගෙව්වේ. මතකද එක දවසක් ඔයා දුන්නු ලියුමක් අපෙ අම්මට මාට්ටු වෙලා මම තාත්තගෙන් කොච්චර ගුටි කෑවද කියලා. ඒක ඔයාගෙ අයියට කිව්වට පස්සේ අයියා මට හොඳටම ගැහුවා මතකද? මම ඒ සේරම ඉවසුවේ කවදා හරි ඔයා මට ලැබෙයි කියන බලාපොරොත්තුවෙන්.............

ඒත්..................
ඇයි ඔයා එකපාරටම වෙනස් උනා. මාත් එක්ක හරියට කතා කරන්නෙවත් නැතිව ගියා..... මම ඔයාව හමුබවෙන්න ආවත් ඉස්සර වගේ ඔයා හිටියෙ නෑ. විනාඩියයි දෙකයි. අඩුම ගානෙ මැසේජ්වත් නෑ. අඩුම ගානේ ෆේස්බුක් එකෙන් මාව අන්ෆෙරෙන්ඩ් කරා. මම ඒක දැනගත්තේ වෙන එකවුන්ට් එකකින් ගිහිල්ලා ඔයාව බලද්දියි. අන්ෆ්රෙන්ඩ් විතරක් නෙමේ. ඔයා මාව බ්ලොක් කරලම දාල. ඒ වෙලාවේම ඔයාට කෝල් එකක් ගත්තා. ප්‍රතිචාරයක් නෑ කිව්වා. ආය විනාඩි පහකින් ගත්තා. ඒත් ප්‍රතිචාරයක් නෑ කිව්වා. එස්එම්එස් යැව්වා තිහක් හතලිහක් විතර. ඒත් වැඩක් නෑ. දැං මාසයකට උඩින් ගත්තා. එතකොට ඔබ ඇමතූ අංකය වැරදියි කියනවා. ඒත් අද දැක්ක දේනම් මගේ හිතතට වාවන්නෙ නෑ. ඔයා තවත් අපේ ඉස්කෝලෙම කොල්ලෙක් එක්ක කාර් එකක ඉස්සරහා ෂීට් එකේ ඉඳං ගියා. කහඉර ගාවදී වාහනේ නැවැත්තුවා. මම ඇතුල බලද්දියි ඔයයි මගෙ යාලුවයි. මමට ඉන්න තැන අමතක වෙලා කහඉර මැදම හිටගෙන හිටියා ඔයාට මතකද? පොලිස් කාරයා මාව එහා පැත්තට තල්ලු කරා මතකද? මම ඒත් ඔයා දිහාමයි බලං හිටියේ. ඔයා මේ සිද්ධි ඔක්කොමත් දැකලා ඔයා නොදැක්කා වගේ ගියා. මම කාර් එක පස්සේ දිව්වා. බැරිම තැන ලඟ තිබ්බ ගලකින් ගැහුවා. මගේ යාලුවා මට ගැහුවා. ඒත් මම ඉවසං හිටියා මොකද ඔයා හිටපු හින්දා. ඒත් ඔයා කාර් එකෙන් බැහැල ඇවිල්ලා පැත්ත ගත්තේ එයාගෙ පැත්ත. මෙච්චර ඔයා වෙනුවෙන් දුක් විදපු , ගුටි කාපු, ආදරේ කරපු ඔයා ගත්තේ මේ ලඟදී හම්බවුනු කෙනාගේ පැත්ත. කමක් නෑ. හැබැයි මට එක දෙයක් හිතට වාවගන්න බෑ.ඒ තමයි..........
 තමුසෙට පිස්සුද බූරැවෝ කියලා ඔයා මගේ කම්මුලට ගහපු එක........

ලිව්වේ කිනා....

27 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Unknown said...

ඔහොම තමයි සහෝ ජීවිතේ.ඕවා අතීතයට භාර කරන්න

කිනා said...

ජීවිතේනම් ඔහොම තමා.. ඒත් මුලු හදවතින්ම ආදරේ කරපු එකී මෙහෙම කොරපුවහම වාවන්න පුලුවන්ද?

Nipuna said...

dukai thama banz. but kello ohoma thama. monawak arannada!

Anonymous said...

ඔයා එයාට කොච්චර ආදරේ කරත්, එයාගේ ආදරේ තරම තේරුම් ගත්ත නේද? හ්ම්ම්ම්, හිත හදාගන්න උත්සහ කරන්න, වෙන මොනවා කරන්නද, " අපිටත් දවසක ඉර පායයි" ;)

රතු මුහුද said...

මේ 1time නේ.ගනං ගන්න එපා....

Saji said...

හැමදාම ජීවිතේ සතුට පවතින්නෙත් නෑ,දුක පවතින්නෙත් නෑ.ඔයා අද දුක් උනාට දවසක සතුටු වෙයි.එදාට හිතෙයි මම මොනාටද එදා මාව එපා කියල ගිය කෙල්ලෙක් වෙනුවෙන් එච්චර දුක් උනේ කියල.හිත හදාගන්න අමාරුයි තමයි,ඒත් අමතක කරන්න එපා එක දොරක් වැහෙන්නෙ තවත් දොරවල් ගනනාවක් ඇරෙද්දි.අපි අර වැහුනු දොර දිහාම බලන් ඉන්න හින්දා ඇරිච්ච දොරවල් දකින්නෙ නෑ.ගිය කෙනාට යන්න අරින්න.අමාරුවෙන් උනත් නොහිත ඉන්න.අද හෙටම නොවුනත් දවසක ඔයා සතුටුවෙයි ඔයාව එයා දාල ගිය එක ගැන.

Unknown said...

සහෝ ඔයා සතුටු වෙන්න ඔයාට මෙහෙම දෙයක් නොවුනට,කියවලාම බලන්නකෝ
http://bloggadol.blogspot.com/2011/02/12.html

සිත් අහස said...

හ්ම්... ආදරේ හැටි තමයි.. සල්ලි වලට, රූපෙට ගොඩාක් අයගේ ආදරේ යට වෙනවා..

සාතන් said...

ඔව්ව ඔහොම තමයි යාලු...

කිනා said...

Nipuna said...

ඔව් සහෝ. කෙල්ලො ජාතිය විස්වාසනම් කරන්න කොහොමත්ම බෑ.

කිනා said...

dishanrajapaksha said...

ඒකනම් ඇත්ත.. මම දැං එයාගැන ගොඩක් දේවල් දැනගත්තා.. එයා ආදරේ කරන්නේ මට නෙවෙයි. සල්ලි වලට කියලා තේරැම් ගත්තා.... දැං ඉතිං මොනව කරන්නද??

කිනා said...

Red Sea said...

පලවෙනි පාරනම් තමයි. ඒත් මේ වගේ දුකක් ජීවිතේටම දැනිල නැති එකයි තියෙන අවුල

කිනා said...

Saji said...

ඔව් සහෝදරයා. දැං කරන්න තියෙන්නේ ඇරෙන දොරවල් වලින් ජීවිතේ එලිය කරගන්න එකයි. එයාට හොඳ පාඩමක් ඉගෙනගන්න මම හොඳ සල්ලි කාරයෙක් වෙලා එයා ඉස්සරහින් යද්දී.. අනේ මට මෙතන මෙහෙම කියන්න අමාරැයි

කිනා said...

rmpmcreation said...

ඔව් සහෝදරයා.. මට ඔය වගේ දෙයක්නම් වෙලා නෑ.. හැබැයි ඔය වගේ දෙයක් වෙන්නත් පුලුවන් කියන එක මතක තියාගන්න

කිනා said...

ප්‍රාර්ථනා said...

ඔව්... හැබැයි ගොඩක් අය එහෙමයි. සමහරක් අය එහෙම නෑ.. ඒත් මෙයා ගොඩක්ම ආදරේ කරල තියෙන්නේ සල්ලි වලට. ඇයි අපි වගේ දුප්පතුන්ට ආදරේ කරන්න බැරි.. අපිට ආදරේ අහිමිද??

sinethc said...

maxxa kathawa machan......kello chapalai ban...

දිනුක said...

දුප්පතුන්ට ආදරේ කරන්න පුළුවං.ඒ පොත්වලයි නවකතාවලයි තමා.මේ ධනපතිවාදේ රජකරන ලෝකයක් මචං තාම.ඔක්කොටම මුළිං තියෙන්නෙ සල්ලි.සල්ලිවලට හැමදේම විකුණද්දි ආදරේ ගැන කවර කතා ද?

කිනා said...

sinethc said...

බොහොම ස්තූතියි යාලුවා.. ඔයා හරියටම හරි.. කෙල්ලෝ චපලයි

කිනා said...

දිනුක ජයකොඩි said...

මටත් හිතෙනවා ඔයාගේ ඒ වචනවල තේරැමක් තියෙනවා කියලා.. මොකද ඇත්තම කිව්වොත් මේ ධනවාදී සමාජය ගැන කතා කරන්න ගියොත් වෙනම පෝස්ටුවක් දාන්නම වෙනවා. ඒත් එක දෙයක්. දැං කාලෙ කෙල්ලෝනම් ගන්න දෙයක් නෑ. උන්ට ඕනි මරල හරි සල්ලි හොයන්න.......

pandukabaya said...

මේ කතාව කියවලා මම ගොඩක් දුක් උනා. මොකද මටත් මේ වගේ දෙයක් සිද්ධ වුනු නිසා. මම අන්තිමට හිත හදාගත්තා. කොහොම උනත් ආයේ මම කවදාවක් ආදරයක් නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. පාලුව තනිකම මට සැපයි

කිනා said...

pandukabaya said...

අනේ මට සමාවෙන්න. ඔයාගෙ හිත රිදෙව්වනම්. හැබැයි එක දෙයක්. ඔයා කිව්ව වගේම මාත් ආය ආදරයක්නම් බලාපොරොත්තු වෙන්නෙ නෑ. හැබැයි එයාට මම එක අවස්ථාවක් තවමත් දීල තියෙනවා මම ගාවට එන්න

Unknown said...

තම පපුවෙන් කුලුදුලේ ඈති වෙන..........බලාපොරොත්තු බිඳ හෙලන්න තරම්..........ඔබේ හිත දරුනු බව නොදන්නෙමි...........අනන්තවත් බෑදීම් ලග.............සම්මත බෑදීමකින්........අප හමු වෙන්න ඈති........වෙන් වෙන බව දෑන ගෙනම....අප අතර මතකයන් අඩුවෙන් තියා ගත්තා නම්........අද මේ සා දුකක් ලග........හිත නොහඩනු ඈත.........හිරුත් ඔබ විය සඳුත් ඔබ විය........හිරු සදු නොමෑතිව මගෙ ලොව අදුරුය.........

Unknown said...

: තම පපුවෙන් කුලුදුලේ ඈති වෙන..........බලාපොරොත්තු බිඳ හෙලන්න තරම්..........ඔබේ හිත දරුනු බව නොදන්නෙමි...........අනන්තවත් බෑදීම් ලග.............සම්මත බෑදීමකින්........අප හමු වෙන්න ඈති........වෙන් වෙන බව දෑන ගෙනම....අප අතර මතකයන් අඩුවෙන් තියා ගත්තා නම්........අද මේ සා දුකක් ලග........හිත නොහඩනු ඈත.........හිරුත් ඔබ විය සඳුත් ඔබ විය........හිරු සදු නොමෑතිව මගෙ ලොව අදුරුය.........

shamal said...

duka thamai macho...
api adaraya karana kella apita adare nee,
apita adaraya karana kellata api adare nee.
it`s our fate..

#sirkinna said...

Geetha said...

ඔයා මොනව කිව්වත් දැං වෙන්න ඕනි දේ වෙලා ඉවරයි



shamal said...
අනිවාරයෙන්ම.. ඒකනම් ඇත්තම ඇත්ත

Maleth Kushan said...

කිනා වර ඔන්ලයින්,, පොඩි කතාවක් කියන්න තියනවා!

#sirkinna said...

මලියා said...

හරි එන්නම්

Post a Comment

පි‍ටු පෙරලපු ගාන