ගංජා කවි

Friday, December 9, 2011
හිරු අවරට යද්දි......
ගොම්මන් කලුවර ගලා හැලෙද්දී.....
තනිකමයි පාලුවයි.....
දස අතේ පැතිරිලා.....

අදුර නැතිවෙන්නටම පහන් දැල්වෙන පැයේ..
සද ඇවිත් හිනාවෙයි පොල් අතු පීරගෙන..
සුවද දස අත දිදි සමන් මල් පිදෙද්දි...
මල් සුවද හොයාලා යන්න සිත කියාවි..


මල් පැනි රොදක රස බලන්නට කාසි නැත..
කාන්සිය මකා ගන්න වෙනයම්ද දෙයක් නැත..
සිතා දස අත මට වැටුහුනා ක්‍රමයක්ද..
සොයා දස අත ලැබුනි ඉතිරි වු කාසි..


නැග්ගෙ පාගලෙ අරන් පියඹුවා හන්දියට..
"ඇබා" ඇතිදැයි සොයා රින්ගුවා පොට් එකට..
දීලා අත ඇති කාසි ඇබා හට මුමුණලා..
දාගත්තා කැල්ල වට පිටත් බලාලා..

කළුවරේ හද එළියෙ රිංගුවා ඇල ලගට
ඔතාලා ගත්ත මම ඇබා දුන් කැල්ල..
කැලැ ගිනි ගන්න ගද දස අතම පැතිරෙද්දී
පියඹුවා සුර ලොවට මාද හිමි හිමිහිටම...

පදම ගානට ගත්තු සැප දේවි චුට්ටකින්
වරෙන් මගෙ සයිකලේ ගෙදර යන්නට අපි..
අම්මගෙන් ප්ලෙන්ටිය ඉල්ලා හදාගෙන
ආම්ස්ට්‍රොන් ලගෙ ගමන යමුද අපි මෙ රැයේ..

ප්ලේන්ටිය සිනී වැඩි තියාලා පටපිලෙන්
දාගත්තා බුරු ඇද පලුව මිදුලෙ මැදින්
සිනී වැඩි ප්ලේන්ටිය තොලා ගාන අතර මැද
සද ඇවිත් මා ලගට එනවදැයි අහනවා..

මට හිතයි යන්න එහෙ මට බයයි ඒත් දැන්
අපි ඉමුද මෙ දුරින් මට මෙහෙම හරි සොමිය
උබෙ සියුමැලි සිනා දැක්කම සද කොමලි
මට හිනා යනව දැන් නවත්තන්නට බැරුව

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාතන් said...

ජොයින්ට් එකක් දාලම ලියපු එකක්ද කොහෙද... කාරණා ටික නම් ලෙසටම ලියල තියෙනව මැවිල පේන්න...

එල කවි පන්තිය කියල නම් කියන්නෙ නෑ. මොකද කවි වලට අරක්ගත්තු සාහිත්‍යධරයන්ගෙන් බැනුම් අහන්න වුනොත්... ඒව ගැන තර්ක කරන්න සාතන් කවි ගැන දන්න එකක්යැයි ;)

ramesha said...

ගංජා ආතල් ..ඒ උනත් ඔය ඒ හැගීම් පෙන්නලා තියන විදිය එක්ක මම සෙට් නෑ. පොඩි සිල්ලර ගතියක් මට තේරෙනවා

amila said...

mala gahala inna kotamada Cow sithuvili pahala uneth?
ehenam arinepa menna apenuth mallll

Champath said...

එල එල එල

දයානන්ද රත්නායක said...

මේ කවිය දැක්ක ගමන් මතක් වුණේ නිහාල් නෙල්සන් ගෙ ගුණෙ අයියගෙ බජව් දාන කාමරේ .. මොකද ඒකෙත් ප්ලේන්ටියට වඩා මස්කට් පැණි බූන්දි තිබුණනේ

නරකයා ...!! said...

මාත් ලිව්වා එකක් ඔ්ං බලාපං එකේ හැටි...
http://arunadeepa.blogspot.com/2009/10/blog-post_11.html

Lahiru Lakmal said...

මනෝ චලිතය
හැගුමි පුබුදිත
සුවද ඖෂධ
මිහිරෙනා...

සිතට නිදහස්
වතට සැනසුමි
ලන්දු රූ සිරි
වැඩි වෙනා...

වින්ද මන කල්
ලන්ද පීරා
රැන්දු සුව
හස රැල් ගෙනා...

මන්ද රස මන්නත්
කරන ලද
සොදුරු ශාකය
තනි වෙලා...

Post a Comment

පි‍ටු පෙරලපු ගාන