සිංහල බ්ලොග් අවකාශයේ නැගී එන බ්ලොග්කරණය

Tuesday, July 12, 2011
දිනය: 2011-06-12
වේලාව : පස්වරු 8.30


මොකක්ද මේ දවසකුයි වෙලාවකුයි දාල තියෙන්නෙ.. ආ...........
මේ කියන්න යන්නෙ ඔයාල හැමෝම දන්න බ්ලොග් එකක් ගැන
ඒ තමයි සිතුවිලි පවුර
සිතුවිලි පවුර පටන් ගත්තෙ ඔන්න ඔය උඩ දාලා තියෙන දවසෙ උඩ දාල තියෙන වෙලාවට..
බොලේ... ඒ කියන්නෙ සිතුවිලි පවුරට මාසයක් සම්පුර්ණයි නේ..
සිතුවිලි පවුරට මාසයක් සම්පූර්ණ වෙන මොහොතෙ අපි හදන්නෙ ආපු ගමන් මග දිහා ආපහු හැරිලා බලන්න



මාසයක කාලයක් ඇතුලත සිතුවිලි පවුර අත් කරගත්ත ජනප්‍රියත්වයෙන්ම වැඩේ පටන් ගමුකෝ..
සිතුවිලි පවුරේ ට්‍රැ‍ෆික් දත්ත

පලවී ඇති පෝස්‍ටු ගනණ : 100


මුළු හිට්ස් ගණන : 8937


මුළු කොමෙන්‍ටු ගණන : 392


ෆලෝවර්ස්ලා ගණන : 67


වැඩිම කොමෙන්‍ටු ලැබුන පෝස්‍ටුව: පොඩි මෑන්ගේ මෙලෝ රහක් නෑ කොමෙන්‍ටු 21යි


ජනප්‍රියම පෝස්‍ටු 10 සහ ඒවායේ කතුවරු :
ජනප්‍රියම පෝස්‍ටු 10

1) පොඩි මෑන්ගේ මෙලෝ රහක් නෑ
2) පොඩි මෑන්ගේ ප්‍රීති-යෙන් මිනී මැරීම
3) දිනුක ජයකොඩිගේ රමණයත් අහිමි හිමි
4) Chathura Wijekoon|චතුර විජේකෝන්ගේ භයංකාර රාත්‍රියක් - 1
5) සිතුවිලි පවුරේ ඇඩ්මින්ගේ ඔබ ලැප්ටොප් පරිගණකයක් ගන්න හිතන් ඉන්නවද?
6) චතූගේ වල් අදහස් නැති අයට..
7) Sandamalගේ ලෝකයෙන් වසන් කලත්..
8) දිනුක ජයකොඩිගේ ආශ්චර්යයේ දිවයින 2
9) පොඩි මෑන්ගේ හදපානෙ නිරුවත් වානරයා
10) චතුමිතුගේ ඔබ වෙයි හපනා...

සිතුවිලි පවුර පාඨකයා අතරට ගෙනයාමට සහය වන වෙබ් අඩවි
සිතුවිලි පවුර පාඨකයා අතරට ගෙනයාමට අපට බෙහෙවින් උදව් කල සින්ඩිකේටර සහ "මම සිතුවිලි පවුරේ කතුවරයෙක්මි" යන බැජ් එක තමන්ගේ පවුද්ගලික බ්ලොග වලට ඇතුලත් කර සහය ලබා දුන් කතුවරුද මෙහිදී මතක් කල යුතුමයි. වැඩිම පාඨක ජනතාවක් සිතුවිලි පවුරට ගලාවිත් ඇති සින්ඩිය වන්නේ කොත්තු සින්ඩිය. ඒවාගේම වැඩිම පාඨක ජනතාවක් සිතුවිලි පවුරට පැමිණි පවුද්ගලික බ්ලොගය වන්නෙ ප්‍රාර්ථනාගේ සහෝදරියගේ සිත් අහස


සිතුවිලි පවුර ගොඩනැගීමට තමන්ගේ වටිනා සිතුවිලි කුරු‍ටු ගෑ කතුවරු සියල්ලටමත් අප හා නිරතුවරුව ‍රැදෙමින් අපගේ කතුවරු දිරිගන්වන පාඨකයනටත් අපගේ හදපිරි ස්තූතිය.. සිතුවිලි පවුර දිනෙන් දින ලබන සියලු ජයග්‍රහණ ඔබ අප සැමටම උරුමයි!


සිතුවිලි පවුර පැමිණි මාසයක ගමන් මග එසේ සටහන් වෙද්දී මේ කියන්න යන්නෙ සිතුවිලි පවුරේ වර්ථමාන තත්වය ගැන
සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන කතුවරු ගණන 52ක්.. තවත් 38කට පමණක් සිතුවිලි පවුරේ කතුවරු වන්නට අවස්ථා තිබෙන බවත් මතක් කරන්න ඕනි.. ඔබත් සිතුවිලි පවුරේ කතුවරයෙක් වන්නට කැමති නම් තවල් බල බලා ඉන්නෙ නැතුව මෙතනට ගිහින් අයදුම්පත පුරුවලා අපිත් එක්ක එකතු වෙන්න. අපි කතුවරු 90 සම්පූර්ණ කරගත්ත ගමන් ප්‍රවීන කතුවරු 10 ‍තෝරාගැනීම සදහා බ්ලොග් අවකාශය තුල චන්දයක් පවත්වනවා..දන්න විදියට බ්ලොග් අවකාශේ ඉස්සෙල්ලම ඡන්දේ නේද.. ? එයත් සියලු සිංහල බ්ලොග්කරුවන්ට නැවුම් අද්දැකීමක් වේවියයි අපි විශ්වාස කරනවා..


ඊලගට සිතුවිලි පවුරෙ අනාගත ඉලක්ක ගැන..
+ කතුවරු 100 සම්පූර්ණ කරගැනීම තමයි උඩින්ම තියෙන්නෙ..
+ ඒ වගේම සිතුවිලි පවුරේ කතුවරු වෙනුවෙන් චාරිකාවක් සංවිධානය කිරීම
+ සිතුවිලි පවුරේ බ්ලොග් මැරතන් තරගාවලියක් සංවිධානය කිරීම
+ ඒ වගේම වසරක් සම්පූර්ණ වන විට එය සැමරීම සදහා උත්සවයක් සංවිධානය කිරීම සහ විශේෂයෙන් දක්ෂතා දක්වන කතුවරුන්ට සහ සියලුම කතුවරුන්ට සහතික පත්‍ර ප්‍රධානය කිරීම




ඔන්න කිහිපයක් ගැන කිව්වා.. ඔක්කොම කීවොත් ඒවාගේ තියෙන රසය නැතිවෙනවා..


ප්‍රවීනයන්, ආධුනිකයක් එකට එක්ව හරි හරියට කුරු‍ටු ගාන්න නියමිත සිතුවිලි පවුරට ඔබත් එකතු වෙන්න.. සිව්වන පරම්පරාවේ බ්ලොග්කරණයේ ආරම්භය සනි‍ටුහන් කල සිතුවිලි පවුරේ කතුවරයෙක් වෙන්න.. සොදුරු සිතැති සිංහල බ්ලොග් කරුවන්ගේ සොදුරු නවාතැන.. සිතුවිලි පවුර.. හැමදාම හැමමොහොතකම අලුත් දෙයක් සමග ඔබ හමුවට...

30 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

බුවාගේ සිතුවිලි ! | Buwage Sithuvili ! said...

මම නම් ඉතින් හැංගිල ඉන්න එකා නිසා අර කිව්ව අනාගත ඉසව් වලට සෙට් නොවෙන්න ඉඩ තියෙයි (බ්ලොග් මැරතන් නම් කොහොමත් මම අකමැති කොන්සෙප්ට් එකක් ) . කොහොම උනත් උඹ පටන් ගත්ත වැඩෙ එල කිරි කියල නම් කියනම ඕනි . සිතුවිලි පවුරට ජයවේවා . පවුර තව තවත් ශක්තිමත් වේවා . ඇඩ්මින් තුමාට තව දුරටත් නව අයිඩියාම ඇතිවේවා කියල ප්‍රාර්ථනා කරනව

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@buwa: බොහෝමත්ම ස්තූතියි.. ඇඩ්මින් තුමාට විතරක් නෙමේ කතුවරු හැමෝටම පහල වන නව අදහස් වලට සිතුවිලි පවුරේ අඩ වෙන් කරලයි තියෙන්නෙ.. මේක දැන් අපි හැමෝගෙම බ්ලොග් එක.. ඒක නෙමේ හැංගිල ඉන්නෙ නැතුව එලියට එන්න... අපිටත් buwa කවුද කියලා බලාගන්න.. සුබ පැතුමට ස්තූතියි.. සිතුවිලි පවුරට ජයවේවා!

Unknown said...

ela ela...digatama sithuwili pawra radewa kiyala math eka sithinma orarthana karanawa...

පන්සල් හංදිය said...

මගෙනුත් සුබ පැතුම් ..........

නොහික්මුණු ඇස said...

අහ්හ්.., නියමයි නියමයි.., මම නම් අනිවා එනවා.., හැබැයි, නම මොකක්ද , ඔයාගේ බ්ලොග් එක මොකක්ද නම් අහන්න එපා...., හික්ස්...

මකුළුවා..... said...

සුභ පැතුම් සුභ පැතුම්...මම ළඟදී ඉදන් තමා කියවන්න පටන් ගත්තේ....නියම රහක් තියෙනවා.......

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@දිලීප, පන්සල් හන්දිය: සුබ පැතුම් වලට ගොඩක් ස්තූතියි.. ඔබලා සිතුවිලි පවුර සමග ‍රැදෙන තාක් සිතුවිලි පවුර මේ බ්ලොග් අවකාශයේ ඉහලම තැනක හැමදාමත් ‍රැදිල තියේවි!

@නොහික්මුණු ඇස: අනිවා අනිවා.. අපේ බ**(සම්පූර්ණ වචනය දන්නෝ දනිති) ආවේ නැත්තම් කිසි ගතියකුත් නෑනේ.. නම නම් ගොඩක් අය අහාවි.. ලස්සන කොල්ලෙක්නෙ

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@මකුළුවා : ස්තූතියි සුබ පැතුමට වගේම සිතුවිලි පවුර ගැන අදහසට

නොහික්මුණු ඇස said...

හික්ස්.., ඕකට තමයි කියන්නේ එළිපිට මඩ ගහනවා කියල, මට ඇවිත් බෙල්ල මිරිකන්නත් කීප දෙනෙක් ඉන්නවා.., ඉඩහල්ලකෝ..., :දිව

දිනුක said...

යකඩෝ ජනප්‍රියම පෝස්ට් දහයෙ මගෙ එව්වත් දෙකක්ම තියෙනවා නොවැ.අපි වගේ හාල්කෑලිවලට අත දෙන මේ සිතුවිලි පවුරට දෙයියොම බලන්ඩ ඕනැ.(නාථ ට නම් මේ දවස්වල ආසනික් ප්‍රශ්නෙ නිසා වෙලාවක් නැතුව ඇති.කතරගමත් මේ දවස්වල ගජ රාමෙට වැඩ නිසා වෙන ඉතිං පත්තිනි හරි විෂ්ණු හරි බලයි නෙ.)

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@නොහික්මුණු ඇස: ඕකට තමා කියන්නෙ පාවෙන තොප්පි පැනලා දාගන්නවා කියලා

@දිනුක ජයකොඩි: දෙයියෝ බලන්න ඕනේ නෑ සහෝදරයා... අපිට උබලා හිටියොත් මුලු බ්ලොග් අවකාශෙම හොල්ලන්න උනත් පුලුවන්..

සරත් ලංකාප්‍රිය said...

මන් නම් අන්තිමටයි ආවේ ලියන්න. ලංකාවේ නැති හින්ද එකතුවට එන්න වේය්ද මන්දා. දෙසැම්බර් දිහාට නම් පුළුවන් ඕන එකක්.. වෙනම බ්ලොග් ලියන අතරේ අපි මේ විදිහට එකතුවෙලා ලියන එක හොඳයි .. එතකොට මේ බ්ලොග් එක සියලු අදහස් සපිරි බ්ලොගක් වෙයි.. මගේ සුබ පැතුම් සහෝ !!

අනූ said...

සුබ පැතුම් මගෙනුත්

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@සරත් ලංකාප්‍රිය, කඩේ හාමිනේ : ස්තූතියි ඔබලාගේ සුබ පැතුම් වලට

චතුර විජේකෝන් said...

තවම ආරම්භක අවධියක තියෙන සමූහ බ්ලොගයක ජනප්‍රියම ලිපි දහය අතරේ මගේ ලිපියකුත් තියෙන එක ඒ හැටි ආඩම්බර වෙන්න දෙයක් නෙවෙයි. මොකද ඒ ලිපිය ඒ වගේ ස්ථානයක් ලබන්න සුදුසු නැති නිසා. භයංකාර කියන වචනේ යෙදුවට රටේ සිද්ධ වෙලා තියෙන භයංකාර දේවල් එක්ක ඒක ඒ හැටි භයංකාර දෙයක් නෙවෙයි. මට අවශ්‍ය වුණේ මගේ ඒ මතකය තුලින් එදා වුණු සිද්ධි දාමය පොඩ්ඩක් ආපහු මතක් කරවන්නයි, ඒ පිළිබඳ සංවාදයක් ඇති කරන්නයි. ඒ අතින් බලනකොට ලිපියේ සාර්ථකත්වය 5%ක් වගේ..

ඒත් අපි අපට හැකි පමණින් විවිධ අගයන් තියෙන ගුණාත්මක, තුලනාත්මක ලිපි මේ පවුර තුල දැම්මොත් අපට තවත් සාර්ථක වෙන්න පුළුවන්.

මසක් ඇතුලත අප දිනා ඇති ආකර්ෂණය ඉතා ඉහලයි. ඒ පිළිබඳ ඇත්තෙන්ම සතුටුයි.
මේ කතුවරු 100 බ්ලොග් සංකල්පය ඉතා හොඳ සංකල්පයක්. ඒ තුලින් අපිට විවිධ අදහස්, රුචිකත්වයන් ඇති විවිධ රසිකයන් ආමන්ත්‍රණය කරන්න පුළුවන්. එයට මුල් වුණු ඇඩ්මින් ඇතුළු සියලු දෙනාට මගේ ප්‍රණාමය...

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@Chathura Wijekoon|චතුර විජේකෝන්: ඔබගේ ලිපිය එසේ අවතක්සේරුවට ලක්කර කතා කිරීම පිලිබද නම් අපි අකමැතියි.. ඒ ලිපිය ඉතාමත් වැදගත් ලිපියක්.. උන දේවල් ඉක්මනට අමතක කරලා රෑ වැ‍ටුන වලේ දවල් වැටෙන සිංගලයට මෙවැනි ලිපි ලියවෙන්නම ඕනි.. ඔබගේ ලිපියට අදහස් අඩු වීමට හේතුව වන්නේ තවමත් සිතුවිලි පවුර ආරම්භ කර මසක් පමණක් වීම.. විශාල සංවාදයක් ඇති කිරීමට තරම් අපට සිටින පාඨක ජනතාව තවමත් ප්‍රමාණවත් මදි.. කෙසේ උවත් ඔබගේ ලිපියේ වටිනාකම එයින් නැති වෙන්නේ නෑ..

ඔබගේ වටිනා අදහසටත් ස්තූතියි.. ඒ වාගේම සුබ පැතුමටත් ස්තූතියි!

දේව් ගේ අඩවිය said...

කතුවරු 90ක් නරකම නැ... (එලම තමා) ඔන්න මාත් සුභ පතනවා... ආසයි එකතු වෙන්න එත් මේ දවස් වල නම් වැඩ ගොඩ ගැහිලා.... ඉතින් කොහොමහරි එකතු වෙන්න බලන්නම්කෝ....
ජය....

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@දේවා ගේ අඩවිය: අනිවාර්යයෙන්ම එකතු වෙන්න.. මොකද ලියන්න ඕනි මාසෙකට එක් ලිපියක් නිසා.. සුබ පැතුවට බොහෝමත්ම ස්තූතියි!

චතුරංග පෙරේරා [චතූගේ කථා] said...

මගෙනුත් සුභ පැතුම් යසන්ත මල්ලියෝ... වැඩේ දිගටම කරගෙන යන්න කතුවරු හැමෝටම වගේම ඔයාටත් ශක්තිය ධෛර්යය පහළ වේවා !!! මේ වගේ අළුත් වැඩ කරන අළුත් පරම්පරාව හින්දා තමයි අපේ සිංහල බ්ලොග්කරණය ඉදිරියට යන්නේ. ඒ ගැන නම් සෑහෙන්න ආඩම්බරයි. ජයවේවා !!!

Anonymous said...

ela ela

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@චතුරංග පෙරේරා | chathuranga Perera: මේක යසන්ත මල්ලිගේ වැඩක් විතරක් නම් නෙමේ චතුරංග අයියෝ.. මේක සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන, සිතුවිලි පවුර කියවන, ලිපි වලට අදහස් දක්වන අපි හැමෝගෙම වැඩක්.. ඒ හැමෝම නිසා තමයි සිතුවිලි පවුර දියුණු වෙන්නෙ.. ඉතින් අපි ඒ හැමෝටම සුබ පතමු.. සිතුවිලි පවුරේ කුරු‍ටු ගාන්න ඇවිත් මේ කාර්යයට උර දෙනවට ගොඩාක් ස්තූතියි.. අපි ඔක්කොම එකතු වෙලා සිංහල බ්ලොග්කරණයේ අලුත් පි‍ටුවල් පෙරලමු! සුබ පැතුමටත් බොහෝමත්ම ස්තූතියි!

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@නරක සමනලයා: මේ පැත්තට ඇවිත් අදහස් දක්වලා ගියාට තැන්කූ වේවා! නරක සමනළයත් හොද සමනළය වගේ අපිත් එක්ක දිගටම ‍රැදිල ඉදීවි නේද??

ඔබට ඉස්ලාම් said...

මගෙන් සිතුවිලි පවුරට සුබ පැතුම්

චතුර විජේකෝන් said...

@සිතිවිලි පවුරේ ඇඩ්මින්
නෑ මං මගේ ලිපිය අවතක්සේරු කළා නෙවෙයි. මං කිව්වේ ඒ ලිපියට මෙයිට වැඩිය රසිකයන් ඉන්න තැනක නං ඔය තැන (4 වෙනි ස්ථානය) හිමි වෙන්නේ නෑ කියන එක. ඒ කියන්නේ මේකට හිමි වෙන්න ඕන බොහොම සාමාන්‍ය ප්‍රතිචාර මට්ටමක්. ඒත් තවම අපේ රසික ප්‍රමාණය අඩු හිංදාත් කමෙන්ටු වැටෙන ප්‍රමාණය තාම අඩු හිංදාත් 12ත් ලොකු ගාණක් වෙලා. ඒකයි මං කිව්වේ.. එනික ඒ 12න් 5 ක් ම කමෙන්ටු දාලා තියෙන්නේ මං ම නොවැ...

මාසයක් ඇතුලත අපි ලබපු ප්‍රගතිය ගැන සතුටු වෙලා, අනාගත ඉලක්ක සපුරන්න උත්සාහ කරමු. ඔය දත්ත නං ඒ තරම් වැදගත් නෑ... ඒත් ඒ තුල ඒවා ලියපු අයට පොඩි ගැම්මක් එනවනේ... ඒක හොඳ දෙයක්.

ස්තුතියි ඇඩ්මින් මලයාගේ ප්‍රතිචාරයට...

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@ඔබට ඉස්ලාම්: සුබ පැතුමට ස්තූතියි සහෝදරයා..

@Chathura Wijekoon|චතුර විජේකෝන්: අනිවාර්යයෙන්ම.. අපි දන්නවා මාසයක් ඇතුලත කිසිම සිංහල බ්ලොග් එකක් මෙච්චර මට්ටමක ඇවිත් නෑ කියලා.. අපි හැමෝම ඒ දේ මතක් කරන් තව තවත් දිරිමත් වන්නට ඕනි.. මොකද අපි දන්නවා අප වටා පොඩ්ඩ පොඩ්ඩ හරි පාඨක ජනතාව එකතු වන බව.. අපිට සිතුව්ලි පවුරේ කුරු‍ටු ගාන එක අකුරත් වටිනවා.. ස්තූතියි අයියා..

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

" සිතුවිලි පවුරට " එක හිතින්ම සුභ පතනවා . චිරත් කල්හී වැජඹෙන්න ශක්තිය , ධෛර්ය වගේම වාසනාව ලැබේවා කියලා ඇඩ්මින්ටත් සියළුම කුරුටුගාන ඇත්තන්ටත් පතනවා . ආයුබෝ වේවා . . .!

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@ බොහොමත්ම ස්තූතියි සහෝදරයා.. ඔබලා අපි එකතු වෙලා සිතුවිලි පවුර බ්ලොග් අවකාශේ බැබලෙන තරුවක් කරමු! සුබ පැතුමට නැවත වාරයක් ස්තූතියි!

සිත් අහස said...

මාත් ආවා... මේ දවස් වල මගේ නෙට් පටලැවිලා හරිම අවුල්.. ඒ වුනත් සිතුවිලි පවුරට සුභ පතන්නේ නැතුව ඉන්නෙ කොහොමද? ඔන්න මගෙනුත් සුභ පැතුම්... ජය වේවා...

Yasantha Hennayake said...

සිතුවිලි පවුර චිරාත් කාලයක් බ්ලොග් අවකාශේ බැබලේවා කියල හඩවතින්ම ප්‍රාර්ථනා කරනවා.. සියලුම කතුවරුන්ට තව තවත් හොද දේ දෙන්න වාසනාව ශක්තිය ධෛර්යය ලැබේවා

සිතුවිලි පවුරේ ඇඩ්මින් said...

@ප්‍රාර්ථනා, චතූ: සුබ පැතුමට ගොඩාක් ස්තූතියි! සිතුවිලි පවුරට ජයවේවා!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන