හ්ම්ම් ලස්සනයි ලස්සනයි.. හැබැයි..

Wednesday, May 16, 2012
රෙදි හෝදනවා රින්සෝ දාල... කුණු යන්නේ නැහැනේ. දාමු බ්ලීච් ටිකක්. .  ඔය තියෙන්නේ ගින්දර වගේ සුදට.. 
නොදකින් අර හොල්මන පද්ද පද්ද යනහැටි.. ඊරිසියාවේ බෑ තුක්  විතරක්.. 
ගෙදර යකා නටලා.. අතුගාන්න ඕන.. ඔන්න දැන් ඉතින් නියම පිරිසිදුයි  .. 
 වැඩක් නෑ ඉතින් ..හපොයි මේ යකාට ගේ හැඩි නොකර ඉන්න බැරි හැටි.. මමත් ඉඳල ඉඳලා හොයාගත්තා මිනිහෙක්.. චික්..
අල්මාරිය අස්පස් කරලා දැම්මොත් හොඳයි වගේ .. ඔන්න එකත් හරි .. 
ශික් එතකොටයි මතක් උනේ.. ඇඳුම් තිබ්බට ඇති වැඩේ මොකක්ද ? මු මාව හරි හමන් ගමනක් එක්ක ගිය කාලයක් මතක නැහැනේ..  
අම්මෝ දාඩිය.. මුළු ඇඟම ගඳයි.. යන්න ඕන නාගන්න.. හ්ම්ම්  දැන් හරි සනීපයි  ඉතින් ඇඟ පිරිසිදු උනානේ.. 
චික්.. මේ ජරා සබන්වල කිසි සුවඳක් නෑ.. මෙවුව හදන උන් හැඳි ගෑවිලා යන්න ඕන.. 
මේ ගවුම හොඳද  ? නෑ.  මේක හොඳයි..  ම්ම්  මං තාම හැඩයිනේ.
කෝ අපේ බුරුවට පෙනෙයිද මගේ ලස්සන ?  වෙන ගෑනියක් නම් ලස්සනට පෙනෙයි..  තුක්.. 
දාගන්න ඕනා සෙන්ට් ටිකක්..  ම්ම් නියමයි ..
කොච්චර පරණද මේ සෙන්ට් ඒක ? අරන් දුන්නේ කවද්ද කියල මතකත් නැහැ. මේ යකාට දැන් මං ගැන ගානක්වත් නෑනේ..  ෂුවර් එකකට හොර ගෑනියෙක්වත්  ඇති.. 
 වරෙන්කො අද ගෙදර.. දෙන්නම් .. 

රෙදිත් පිරිසිදුයි
ගේත් පිරිසිදුයි පිළිවෙලයි 
අල්මාරිය නීට් 
ඇඟත් පිරිසිදුයි  
පෙනුමත් බොහොම හැඩයි..
සුවඳත් එක්ක ම්ම්  .. අද නම්...ම්ම් .හ්ම්ම් .. ඕන නෑ.. අදත් බුම්මගෙන ඉන්නවා  .. පාඩමක් උගන්නන්න 

ඒත් හිතනම් බොහොම අපිරිසිදු වෙලා නේද ? ඒක පොඩ්ඩක් හේදුවොත් හොඳ නැද්ද ?

17 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

Sumith Niriella said...

ඒකට ඉතින් බ්‍රේන් වොෂ් එකක්ම දාන්න වෙනවා....

meegodaya said...

අපිට සලකන විදියට තමා අපිත් සලකන්නේ වගේ වෙයි කියල හිතුනේ.... (කැත හිතමනේ තියෙන්නේ)

හරි අමාරු වැඩක් තමා හිත පිරිසිදු කරන එක...

දිනුක said...

හිත අපිරිසිඳු වෙන්ඩ හේතුවක් නැත්තෙමත් නෑ නේද?

නජාත් අක්‍රම් said...

හිත පිරිසිඳු නැත්නම් ඉතින් මොකක් පිරිසිඳු වුණත් වැඩක් නෑ...
ජය!

ප්‍රදී said...

කොච්චර කලත් තමන්ගේ හිත පිරිසිදු කර ගන්න මොන වතුරෙන් හේදුවත්,මොන සබන් ගැවවත් බෑ කියලා තමන්ම තේරුම් අරන් වැඩ කරන්න ඕන...හුගක් අද සමාජෙට වැදගත් පණිවිඩයක්...:)

Kushan said...

අනේ මන්දා ..... මොනව පිරිසිඳු කරත් හිත පිරිසිඳු කරන දෙයක් තාම හොයාගත්තෙ නැහැ නේ...ඔය කතාව ඇත්ත තමා

සරත් ලංකාප්‍රිය said...

මං කියන්න හදන එක තේරුනාද මන්දා. අපි මුළු දවස පුරාම හැමදේම පිරිසිදු කරනවා අපිත් පිරිසිදු වෙනවා. එත් මනස නිකම්ම අපිරිසිදුවෙනවා ඒ කුණු එකතුවෙනවා දිගටම.. මනස පිරිසිදු නොකලොත් ඉඳහිටවත්.. ජීවිතේ හබක්..

Sindu said...

සුවඳ තිබුණට මදි, හිනා වෙලා ඉන්නත් ඕනා. නැත්නම් "බූරුවා" ට බලන්න හිතෙන්නෙ නෑ තමයි හැඩකාරි දිහා. නියම අදහසක් ලංකාප්‍රිය අයියෙ

Kenji @ Japan said...

Bathroom eka ? Eka hariyata nathnam serama HABAK.

Nishan de siva said...

කොච්චර උත්සහා කරත් මං නම් හිතන්නේ නැහැ පුළුවන් වෙයි කියලා.

යසිරු said...

නියමයි මචෝ මම හැමදාම එනව බලන්න

Unknown said...

සාම්ප්‍රදායික ගැහැනියක්ද මන්දා. ජය...!

දයානන්ද රත්නායක said...

නෝනත් ලස්සනයි ගේත් ලස්සනයි... ඒත් තීන්ත තමයි ප්‍රශ්නේ..

නිදහසේ නවාතැන said...

නියම කතාව අයියා..
…මොන දේ පිලිවලට පිරිසිදුවට ලස්සනට තිබුනත් හිත ලස්සන නැති තාක් කල් ජීවිතේ පිලිවෙල වෙන්නෙ නෑ.

චතුර විජේකෝන් said...

හික්.. හික්..

සරත් ලංකාප්‍රිය said...

ඇත්තටම දවසකට එක වතාවක් හරි හිත පිරිසිදු කිරීමේ ව්‍යායාමය කරන එක හොඳයි.. එහෙම කරන්නේ වෙන්නේ සිතිවිලි එන්නේ අපිට කියලවත් අපිට ඕන හින්දවත් නෙවෙන හින්දයි.. ඒ උනත් ඕනෑම නම් පුළුවන් ඔය හිතිවිලි එනකොටම ඒවා ලේබල් කරලා විකාර කියලා විසිකරලා දාන්න .. භාවනා කරනවා කියන්නේ එක පිළිවෙලකට දිගටම කිරීම විතරයි.. අමාරුයි තමයි එත් හිත පිරිසිදු කරන එක නොකලොත් ඔලුවේ අසුචි තියන් ඉන්න ඉස්සා වගේ වෙනවා. ඒ හින්දා අර වගේ හිත දුෂණය කරන එවුව එනකොට ඒවාගේ අනිත් පැත්තත් මෙහෙම හිතන්න ඕන. අහ්.. එක මොතන කියල දැම්මොත් මන් ඊළඟට ලියන්නේ මොනවද ?හික්.. අන්න අන්න ආත්මාර්ථකාමී සිතුවිල්ලක් ආවා. ඕකනේ කියන්නේ.. අනුන්ට බන කියන එක ලේසියි.. පිළිපදින එක තමයි අමාරු !!

වීපොකුරෙ වීයා said...

//සුවඳත් එක්ක ම්ම් .. අද නම්...ම්ම්// හි...හි.. නියමයි...!

Post a Comment

පි‍ටු පෙරලපු ගාන