රමණයත් අහිමි හිමි

Monday, July 4, 2011


දවසම කුරුටු ගාලත්
බෑ ගන්න 
ෆයිල් මිටිය
නාහෙ මට්ටමටවත්
ඉර තීරණේ කළාම
බැහැල යන්ඩ
දුවගෙන ඇවිත් 
නඟින බස් එකෙත්
දාඩිය ගඳ
වැලමිටි පාරවල්
බෑග් මලු
තඩි ගෑනු
ඇඟේ ඉතුරු වෙන 
සොච්චං හයියත්
මිට මොළවං උඹ වෙනුවෙන්
ගෙට ගොඩවෙද්දි
වගක්වත් නෑ උඹට
ඔය ඉලව්ව වහල දාල
එනවද ඉක්මනට
නැත්තං
නින්ද යයි මට

7 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සරත් ලංකාප්‍රිය said...

ඉතින් ගිහින්
එයා ලඟින් ඉඳන්
ඕක ටිකක් බලලා
බලන අතරේ ටික ටික ....

Chathura Wijekoon|චතුර විජේකෝන් said...

අඩ නින්දෙන් කොරාන කෙරුම්
රහයි නොවෙද හැමට උඩින්.....

සුශාන් ප්‍රියනාත් රත්නායක said...

අද බොහොමයක් කුටුම්භ වල දිගැරෙන අවුලක් ඕක . ගැහැනිය හෝ පිරිමියා , දෙදෙනාගෙන් එක්කෙනෙක් හෝ දෙදෙනාටම පොදු කතාවක් . මෙගා නාට්‍ය වල ජීවත්වෙන උදවිය නැගිටින්නෙත් , නිදියන්නෙත් ඒ තුළමයි . ඉතින් කොහිද ඕවට ඉඩ . . . ගෑනු ගෑනුන්ගේ ලෝකවල . පිරිමි පිරිමින්ගේ ලෝකවල . ළමයි සීසීකඩ .

දිනුක ජයකොඩි said...
This comment has been removed by the author.
දිනුක ජයකොඩි said...

@සරත් ලංකාප්‍රිය: ඔන්න ඕතෙන්දි තමා ලොකුම වලිය යන්නෙ.ටිකක් ඉන්නවකො ඕයි මේක ඉවර වෙනකං.තමුසෙට මාර තදියමක්නෙ තියෙන්නෙ කිව්වම ඉතිං #@%*##!!

@චතුර විජේකෝන්: අවදි වෙලා ෆුල් සිහියෙන්
කොරල බලපු කෙනා තමයි
අඳුනන්නේ නියම රසය

@සුශාන් ප්‍රියශාන් රත්නායක: ඒක තමයි.මගේ මතය 1886 මැයි 1 වෙනිදා දවසෙ වැඩ මුරය පැය 8ක් කළානං දැං තියෙන තාක්ෂණෙත් එක්ක ඒක පැය 5කටවත් අඩු වෙන්න ඕනෙ.අන්න එතකොට මිනිස්සුන්ට පුළුවං එකට නාට්‍යයත් බලලා...................................

සරත් ලංකාප්‍රිය said...

ගෙට ගොඩවෙන අතරවාරේ
ගලවාපන් ඇන්ටෙනාව
එතකොට පුළුවන් හෙමිහිට
සැලසුමකට වැඩ කරන්න

දිනුක ජයකොඩි said...

අන්න මරු..ඒත් ඉතිං පස්සෙ මිනිහවම තමා එලියට යවන්නෙ ඕක හදෝගන්න...හිහ් හිහ් හී....

Post a Comment

පි‍ටු පෙරලපු ගාන