අවවාදයයි : මෝල් වීමට කලියෙන් පර්ස් එකේ සල්ලි ඇත්දැයි බලන්න (18 + ද මන්දා )

Friday, January 13, 2012

අපි කනවා බොනවා ජොලි කරනවා තමයි. ඒත් ඒ හැම දේකම මොකක් හරි සීමාවක් තියෙන්න ඕනේ. කතාව කියවලා ඔයාලට මොනවා හරි හිතෙන දෙයක් ලියල යන්න. (ආයෙමත් කියන්නේ මේක ලිව්වේ කට්ටිය ආතල් ගන්නවට විරුද්ද වෙන්න හිතල නම් නෙවෙයි ) සල්ලි තියනවනම් කාපල්ලා බීපල්ලා ආතල් ගනිල්ලා අපට 
මොකෝ...............  




මේක පහු ගිය මාසේ මට සිද්ද උන ඇත්තම සිද්දියක්. මේ සිද්දියට අදාළ පුද්ගලයන්ගේ අහල පහල දන්නා කියන අය වත් සිංහල බ්ලොග් කියල ජාතියක් තියන බව වත් දන්නේ නැ කියල මට විස්වාස හින්ද නම් ගම් එක්කම ඉස්ටෝරිය ලියල දානවා.
මේකේ ප්‍රධාන චරිතයේ නම තමා මයුර කියන්නේ . මගෙත් පරණ ෆිට් එකක්. ගම දබුල්ල පැත්තේ උනාට ඉන්නේ මැද පෙරදිග රටක. මේ කියන දවස් වල පොර  අවුරුදු ගානකින් ලංකාවට ගොඩ බැහැලා ආතල් ගන්නවා. මෙන්න හිටපු ගමන් මගේ 4 න්  එකට එනවා නොදන්නා නම්බරෙකින් කෝල් එකක්.  
"හලෝ ඔය අ......නේද? , මාව  අදුනන්න පුලුවන්ද?"
මම: "කටහඩ නම් පුරුදුයි, ඒත් හරියට මීටර් නැ , කව්ද බන් ඔය?" 
"මයුරයා බන් දබුල්ලේ මතක නැද්ද?"
මම: "අම්මට උඩු, මයුරයා කවදද බන් ගොඩ බැස්සේ ? දැන් කොහෙද උඹ ඉන්නේ?"
"යාලුව්ක් හම්බවෙන්න කොළඹ ආව බන්. හෙට ඒජන්සියට යන්නත් ඕන  දැන් අපි ඉන්නේ කඩවත. උඹ මේ පැත්තේ ගැවසෙන බව දන්නා හින්දයි කෝල් කලේ .. කොහෙද ඉන්නේ පොඩ්ඩක් සෙට් වෙමුද?"
මම: "හරි මචන් මම දැන් ගනේමුල්ලේ. උඹ කැන්ඩි එක පිටිපස්සේ පොට්‌ එකේ උඩ තට්ටුවට පලයන් විනාඩි දහයෙන් මම ඔතන".
ඔන්න ඉතින් ගනේමුල්ලේ කර කර හිටපු වැඩෙත් මග තියලා මේ රෙපත් විනාඩි දහයෙන් කඩවත අදාළ ස්ථානයේ...
මයුරයයි උගේ කඩවත අනිත් යාළුවයි ඒ වෙනකොටත් වැඩ පටන් අරගනයි තිබුනේ. දැන් ඉතින් රෙපත් සෙට් වෙලා තුන් දෙනාත් එක්කම වැඩ... බලන් යනකොට මයුරයාගේ යාලුවා ඒ පැත්තේ ආණ්ඩුවේ දේශපාලකතුමෙක්ගේ ලග ඉන්න ගෝල බාලයෙක්ලු. 
බෝතලේ පටන් ගන්නකොට පටන් ගත්ත සරත් ෆොන්සේකා නිදහස් කිරීමේ කතාව පතුල පේනකොට රටේ දල ජාතික ආදායමේ වැඩිවීම දක්වාම කතාව ඇදිල ගිහිල්ලයි තිබුනේ.. 
"මල්ලි බිල ගේනවා" 
වේටර් මල්ලිට කතා කරපු මයුරයා 2000?=  කොලයක් ඇදල අරන් මෙසේ උඩට දැම්මා
"ඉතුරු සල්ලි තියා ගනින් මල්ලි"  කියපු මයුරයා වේටර් මල්ලි සල්ලි අරන් ගියාට පස්සේ  ආයෙමත් කට ඇරියා 
"මචන් මම රට ඉදල ආව එකා. ඉතින් දැන් අපි බෝතල් ආතල් ගත්තා ඇතී. මට බඩුවක් සෙට් කරලා දියන්කෝ ගහන්න",
පුහ් !!! මල මගුලයි මේ හදිසියේ වෙරි මර ගාතේ දැන් හොයපන්කෝ මුට ගහන්න බඩු. 
දැන් මොකැ කරන්නේ ?
"පොඩ්ඩක් හිටපන් බන් අපේ ලොක්කා පාවිච්චි කරන භාණ්ඩයක් තියනවා. කෝල් කරලා බලමු." එහෙම කියපු මයුරයාගේ කොළඹ යාලුවා ටිකක් එහාට ගිහින් ගත්තා කාටද කෝල් එකක්.
"හරි මචන් බඩු තියනවා, හැබැයි ටිකක් ගාන සැරයි . ඒත් බඩු කොලිටියි මොකද කියන්නේ" පොර ඇහුවා 
"බඩු කොලිටි නම් ගාන ප්‍රශ්නයක් නැ" මයුරයා කියපි.  බුවා ආයෙත් මොනවද කියලා අපේ ලගට ආවා  
"තව විනාඩි 10 කින් ඉන්ද්‍රා හෝල් එක ගාවට ත්‍රිවිල් එකකින් එන්නම් කිව්වා. සුපිරි කෑල්ල උබලත් දන්නා කියන එකක් බලපල්ලකෝ ආවාම. එහෙනම් අපි අතනට යමුද?" 
ඔන්න ඉතින් මගේ බයිසිකලෙත් එතනම තියලා තුන් දෙනාම පයින්ම ඉන්ද්‍රා එක ලගට ආවා  
රතු පාට ත්‍රිවිල් එකක් ආවා අපේ බුවාට කෝල් එකකුත් ආවා. 
"හරි මචන් අන්න අර ත්‍රිවිල් එකේ බඩු ඉන්නවා. මම 9 කණුවේ පොට්‌ එකත් සෙට් කළා උඹ මේකේ නැගලා පලයන්." තුන් දෙනාම ත්‍රිවිලේ ලගට ගියා ඒක ඇතුලෙ හිටියේ ඉදල හිටලා ටි වී එකේ එහෙම දැකල පුරුදු මුණක්. (කව්ද කියලා අහන්න එපා එයාගේ නම නම් මතක නැ )
මයුරයව ත්‍රිවිල් එකට නග්ගලා මමයි අනිත් බුවයි බයික් එක දාල තිබුන තැනට ඇවිත් රාගම පාරේ අපේ බෝඩිමට ආවා. ටික වෙලාවක් බෝඩිමට වෙලා කයියක් ගහගන ඉදලා එයා යන්න ගියා. ඇදට වැටුන මටත් එහෙමම නින්ද ගියා    
රෑ 7 ට විතර මම ඇහැරුනේ කෝල් එකක් ආව නිසා
කතා කලේ මයුරයා, 
"හලෝ මයුරයා මොකද කරගත්තේ "?
"මචන් පොඩි හදිසියක්".
 ඇයි මොකක් හරි ප්‍රශ්නයක්ද ?
"4 න් එකෙන් ඔව්ව කියන්න බෑ බන්  ඉක්මනට කොමර්ෂල් ඒක ලගට වරෙන්, 
මොනා කරන්නද  මමත් ඉතින් එතනට ගියා. මෙන්න බුවා ඉන්නවා ෆුල් සෑඩ් මුඩ් එකේ සුපිරි ස්වීට් ඉස්සරහ 
මොකද බන් උනේ ?
මචන් සල්ලි ගන්න ගිහින් කාර්ඩ් එක හිර උනා බන්, දැන් අතේ සතේ නැ 
එතකොට අරක?
මම ඇහුවා 
"පර්ස් එකම හුරලා ඒකිට දීලා යැව්වා. දැන් මට ගෙදර යන්නවත් සල්ලි නැ. හෙට උදේ ඒජන්සියට රුපියල් 30000 ?= ක් බදින්න ඕනේ. දැන් රෑ වෙලා නිසා මාලේ වත් උකස් තියන්න කඩයක්වත් නැ.  දන්නා කෙනෙක් ඉන්නව නම් කියපන් බන් ලොකු උදව්වක්....
 මම එහෙම්මම ගත්තා කෝල් එකක් අදුනන මුදලාලියෙකුට මිනිහ පොත් ගැන දැනගත්තත් රත්තරන් ගැන දන්නේ නැ. එත් ඉතින් මාව ඇපේට අරන් අරුගේ මාලෙට සල්ලි දෙන්න මුදලාලිය කැමති උනා
මයුරයවත් බයිසිකලේ තියාගන ගියා රාගම මුදලාලිගේ ගෙදර
"මල්ලි මේකට මම උපරිම 35000 /=  ක් දෙන්නම්," 
"අනේ තව කියක් හරි දෙන්න මහත්තයෝ මේක පවුම් 1 1/2 ක් විතර තියනවා. දැන් මයුරයා අඩනවා." 
 මට දෙන්න පුළුවන් ගැන තමයි කිව්වේ . අනිත් එක මම මේවා ගැන  දන්නෙත් නැ. මේ අ...... මල්ලිට බෑ කියන්න බැරි හින්දයි මේ උදව්ව වත් කරන්නේ.
කොහොමින් හරි මුදලාලිගෙන් සල්ලිත් අරගන රාගම ටවුමට ආවා 
"මචන් ඔහොම පොඩ්ඩක් නතර කරපංකෝ "
බයික් එක නතර කළා විතරයි මෙන්න මේ යකා දුවගෙන ගිහින් බියර් ටින් දෙකක් උස්සගෙන ආවා. 
"ඇයි හු@#@$ උඹට මෙච්චර දෙයක් වෙලත් ඇතී වෙන්නේ නැද්ද?"
 මම ඇහුවේ මු එක්ක අම්බානක තද වෙලා  
 "මම අද රෑම දබුලු යනවා උබ කට වහගන මාව පුළුවන් නම් මාව කඩවත ටවුමින් බස්සපන්"
"එතකොට හෙට ඒජන්සියට සල්ලි බදින්නේ නැද්ද? "
"රට යන්න නම් කවද බැරිද?  මේ ඉන්න ටිකේ ආතල් එකේ ඉන්න ඕනේ"
පිස්සොත් එක්ක කතා කරලා වැඩක් නැති නිසා මම ඌව කඩවත ටව්මට දාල ඇවිත් නිදා ගත්තා. ඊට පස්සේ මම කෝල් කලත් මිනිහගේ 4 න් එකත් වැඩ නොකරන නිසා මොනවා කර ගත්තද  රට ගියාද තාමත් මෙහේද කියන්න නම් දන්නේ නැ.  

22 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

සාතන් said...

කාල වරෙන්කො... ඔය වගේ මගුල් සෙට්වෙන්න ඉඩ තියෙන නිසා තමයි සාතන් තමන්ගෙ ගජයො 3න් දෙනා එක්ක විතරක් බොන්නෙ.. වෙන තැන්වල කොච්චර තිබ්බත් කටේ තියන්නෙ නෑ.. වෙලාවට පොඩි කුණක් සෙට්වෙලා තියෙන්නෙ.. :)

පෙදරේරුවා නොහොත් මේසන් බාස් said...

හපෝයි.... ඇති ඔයින් ගියා.

චතුර විජේකෝන් said...

අනේ කාලේ... වනේ වාසේ..

Unknown said...

මාලෙ බාල එකක් උනානම් උඹට තමා ටොපිය......ඔයින් ගියා මදැයි...

Anonymous said...

යකෝ..ඔය මාලෙ ඇත්ත රත්තරන් කියලා ශුවර්ද? ... නැත්නම් තොට තමයි මුදලාලියට සල්ලි ගෙවන්න වෙන්නෙ........

Janaranga Dewasurendra said...

අපොයි රෙපි මහත්තයා වල් කොල්ලෙක් වෙලානේ..වල්පයිස් ලියන්න පටන් ගත්තද එපාර

The තරුවා said...

හිකිස්......

නාට්‍යකාරයා said...

#අයියෝ සැලරි ..................................... පිස්සු පීකුදු නේ..........

kumaraya said...

අරකිට කීයක් ද ගෙව්වේ කියල දැනගන්න බැරි වෙයිද ..? හැක .. හැක ... [වෛවර්ණ ගෙ හිනාව]

නාකියා said...

රෙපාට ෂුවර්ද මාලේ නියම රත්තරන් කියලා. නැත්තන් අරූ නෙමෙයි අන්තිමට බඩු ගහලා තියෙන්නේ උඹ වෙයි. :පී..

පවනි said...

අර මාලෙ රත්තරං කියල සුවර් නේද????

ඔයින් ගියා මදැයි......
බොන්ට ඕන... හැබැයි බොන්ට කලින් පුද්ගලයො අඳුරගෙන.....

අරුණ හෙට්ටිආරච්චි said...

@ හැමෝටම : මාලේ රත්තරන් එකක් නොවුන නම් මුදලාලියා මෙලහකට මාව කාල ගොඩාක් කල්. මම හිතන්නේ බිස්නස් එකෙන් පොරට පට්ට ලාභයි. උගෙන් විකුනපු බඩුවකට හරි චෙක් එකක් ගන්න කන්න ඕන පරිප්පුව දන්නේ මමනේ. මයුර කියන්නේ හොරෙක් නෙවෙයි. ඌ මාලේ විකුන්නෙත් ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති කමට. අනිත් එක මම මේක ලිව්වේ වල් කතාවක් ලියන අදහසින් නම් නෙවෙයි. මේක කියවන කෙනෙකුටහරි පාඩමක් වෙන්න. මේ වගේ හරක් ආශ්‍රය නොකරන්න

අනූ said...

හලේ... මොකක්ද මේ සිද්ද වෙලා තියෙන සන්තෑසිය... "කරන කලට පව් මීරිය මී සේ - විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ..."

Unknown said...

හප්පේ මාර පොරක්නේ...ඒකනෙමේ අර ගෝලයගේ ෆෝන් නම්බර් එක ලඟ නැද්ද.....

බන්දුගෙ ලෝකය said...

හැබෑටම අර කෑල්ල කවුද කියලා මතක් උනොත් නම දාන්න (නම නැති එක ‍පෝස්ට් එකකට ලොකු අ‍ඩුවක්)

මුතූ.... said...

ඔය රාගම කෙනෙක්ද...එහෙනම් ඉතින් අහන්න දෙයක් න...හබඉ මමත් ඊට අල්ලපු ගමක ඉන්නෙ...

Love for all said...

හපොයි මෙහෙමත් වැඩ.. මිනිස්සු අදුරගෙන බොන්ට එපැයි.. ඔයින් ගියා මදෑ..

අලුත් කොල්ලා | The New Guy said...

රෙපෝ උඹ කඩවතද ඉන්නෙ?

දඩබ්බරයා said...

ලියනවා නම් යාළුවො ගැන ලියතැකි කන්දක් තරම් දේවල්.එල කතාව රෙපා..

රොබින් said...

අපෙත් ඉන්නවා රෙපෝ ඔය මොඩල් එකේම ඇවුන්...

තරියා said...

හම්මටසිරි...
මාලේ බොරු එකක් උනානං සොරිම තමා...

නාඩියා නාඩිරත්න said...

මේ යක්සයටත් වෙන වැඩ! ;)

Post a Comment

පි‍ටු පෙරලපු ගාන