හදපානෙ නිරුවත් වානරයා

Thursday, June 16, 2011


මේක  මම මගේ බ්ලොග් එකේ පලවෙනි කතාව විදියට දාපු කතාව.. වැඩිදෙනෙක්ට කියවල තිබුනෙ නෑ.. සිතුවිලි පවුරට එන අයට කියවන්න ඔන්න මම දාන්ව මේකෙත් ඒ ලියපු විදියටම..


  යකෝ මැරිච්ච එකා මැරුණා.. ඒ වෙනුවෙන් ආපු එවුනුත් දැන් මැරෙන්න යනව මේ ගෙදර එකාලන්ට ගානක් නැති හැටි.. දැන් 12 ත් පහුවෙලා තාම එකෙක් කිවුවද ඔය ළමයිත් බත් ඩිංගක් කන්න කියල.. අපිටත් ඉතිං හොද පාඩන් .. මල ගෙදරක් කිවුවොත් අපි එතන.. ආයෙ ඉතිං හෝදන්න දෙයක් නෑ ඒකෙ.... මැරිච්ච් එකා සුදුද කලුද කියලවත් අපි දකින්නෙ නෑ සමහර වෙලාවට.. මේකත් ඉතිං ඒ කැටගරියෙම එකක් තමයි...අපෙ එකෙක් හවස දුවගෙන ඇවිල්ල කියනව මලගෙදරක් කියල... තව එකෙක්ගෙ බාප්ප කෙනෙක්ලු....ඉතින් අපිත් කෙලගෙන ආව.. බාපාද පුංචි අම්මද වැඩක් නෑනෙ මැරුනෙ. කවුරු හරි මැරිලනෙ... කොහොම හරි කොහොම හරි පැය 2ක් විතර බස් හුචක්කුවකත් ඇවිත් මලගෙදරට ඇවිල්ලත් පැය දෙකකට වැඩියි... හප්පා... උහුලන්න බෑ බඩේ ගින්දර..ඇවිල්ල කන්න නැතිවෙන කොට තමයි මලගෙදර වෙච්ච එකාගෙයි මැරිච්ච එකාගෙයි පතුරු යන්නෙ
"යකෝ පැංචෝ... උබලයි බාප්පා කිවුව නේ ද මැරිල ඉන්නෙ... පුංචි අම්මත් ඊට කලින්ම ටිකට් කපාගෙනද... බත් ඩිංගක් කන්න එන්න කියන්න එකෙක් නැත්ත යකෝ...."
"මේ උඹවත් ගිහින් බලපන්කො.. උඹලගෙනෙ යකෝ නෑදෑයො මලගෙදරට ආපු එවුන්ට ඔහොමද සලකන්නෙ..."
අනේ බං පැංචො මාර බඩගිනි මොනව හරි කරපන්කො"
පැංචගෙ තමයි බාප්පද කවුද මැරිල තියෙන්නෙ.. සෙට් එකේ හැම එකාම පැංචට බර බරේ දාන්න ගත්තෙ බඩගිනි වැඩි කමටමයි
"නෑදෑයො කිවුවට ටිකක් දුරින් බං... මෙහෙ අය මම එච්චර අදුනන්නෙ නෑ..."
අපෙ එවුන්ගෙ කෙලවරක් නැති අවලාද හමුවෙ මෙච්චර වෙලා නිහඩව ඉදපු පැංචා කට ඇරියා..
"මොන .............. මෙ කියන්නෙ ? දැන් තොපේ බාපා කිවුව නේ ද මැරුනෙ..??"
ඌ කියපු කතාවට මටත් මල පැන්නා... හොද වෙලාවට මම කට අරින්න කලින් අභිඳර්ම පාටෙකුත් එක්කම අමිලය ප්‍රස්නෙ අහුවා..
නැත්නම් ඉතිං මගෙන්නම් දෙක තුනක්වත් කියවෙනව.. ඒ තරමට බඩගිණි.. ඇස් දෙක පේන්නෙත් නෑ වගෙ. වචනත් ගොත ගැහෙනව..
"බාප්ප කෙනෙක් තමයි බං..."
"කෙනෙක්..?"
"බාප්ප කිවුවට අපෙ බාපාගෙ මස්සිනා ඉන්නවනෙ ඒ කියන්නෙ පුංචි අම්මගෙ මල්ලි... අන්න පොර බැදපු එක්කෙනාගෙ ලොකු තාත්තගෙ පුතෙක්කද කොහෙදො...."
ඔන්න නෑද කම.....
"තොගෙ @$%%^%#@@$#%^&^*&(**&%^%$#@....." තොට පිස්ස්සුද මූකල් බස්සො.. තො එහෙනම් අපිට කිවුවෙ බාප්පා කියල..#$^#%^$%
තෝවත් දන්නෙ නැති ගන් කබරයො මැරුනාම අපි මලගෙවල් වල ඇදගෙන එන්න.... ආ ඒක කමක් නෑ කියමුකො වතුර උගුරක් බිවුවද ආවට පස්සෙ...කියපං මට "
කෑදරටත් හොදටම මල පැනල.. පොරට කෑදර කියන්නෙ නිකන් නෙවෙයි.. ඌට බඩගිනි වැඩි වේගෙන එනකොට මොලේට ලේ යන නහරෙ වැහෙනව... ඊට පස්සෙ කට සහ සරීරෙ විතරයි වැඩ කරන්නෙ මොලේ නෑ... මම බයේ ඉදියෙ කෑදර ඒ තත්වෙට මොන වෙලාවෙ පත් වෙයිද කියල .... එහෙම උනොත් පැංචගෙ මල ගෙදරත් අපිට නයිටක් ගහන්න වෙනව ආයෙ ඒකෙ හෝදන්න දෙයක් නෑ ... ඒක නිස මම බබාට ඌව ඇහෙන් පෙන්නුවා.. මොන හරි උනොත් අල්ලගන්නෙ නැතෑ.. කෝකටත් සූදානම් සරීරෙ හොදයිනෙ..
"මම පොඩි මල්ලිට කිවුවෙ බාප්ප කෙනෙක් කියල බං... ඌනෙ ඇවිත් කියල තියෙන්නෙ බාප්ප කියල මම මොනව කරන්නද..."
පැංචත් අපේ එවුන්ගෙ රැවුම් ගෙරවුම් වලින් බේරෙන්න නිදහසට කරුනු කියනව... දැන් ඉතිං මුන් දෙන්නගෙම බඩමාලු කෑවත් මදිනෙ මොනව කරන්නද...ශිකේ ශිකේ.... කෑවයින් කෑවෙ නෑ මෙහෙම කට්ටක්.... නොදකින් විතරක්....
"මෙ මේ මගුල හරියන්නෙ නෑ යමන් කුරුම්බයක්වත් බාමු නැත්නම් ඉතිං බඩගින්නෙ මැරෙනව..."
ඔය තියෙන්නෙ අප්ප ටිංකිරි අදහස්... බඩගිනි වැඩි වෙනකොට තමයි අපේ උන්ගෙ ටිකිරි මොල ටික වැඩ කරන්නෙ කෑදරයගෙ ඇර..
චූටිය කියපු කතාවට කවුරුත් එක පයින් කැමති උනා... ඒ ත් ඉතින් පුරුදු ප්‍රාන්තෙත් නෙවෙයි.. එහෙම කියල පුලුවන්ද කැලේ මාරු උනාට කොටියගෙ අර මොක්ද එක මාරු වෙන්නෙ නෑ කියනවනෙ..
කස්ටියම එකා දෙන්න පල්ලම් බැස්ස... මල ගෙදර ඉස්සරහම තියෙන්නෙ ලොකු වෙල් යායක්. ඒ අයිනෙන්ම පාර... හද එලියට සෑහෙන්න දුර පේනව මාරම ලස්සනයි... ඒ උනාට අපෙ රසවින්දර හැකියාවත් යටපත් කරගෙන බඩගින්න ඔලුවටම ගහලයි තිබුනෙ.. අපි ටික දෙනා හිමීට වෙල අයින දිගේ වැටිල තියෙන පාර දිගේ ඇවිතගෙන යනව...මිශන් ඔෆ් බඩගිනි මානුසික මෙහෙයුම උදෙසා...
ලබල තිබුන ග්‍රහය ඒ තරම් නරක නෑ වගේ.. වෙල් යාය ඉවරවෙන තැනම තියෙනව ලොකු පොල් වත්තක්ම.. ඔන්න දැන් සෙට් එකේම මූනෙ හිනා ඉරවල් මතුවෙනවා...
"මෙ තියෙන්නෙ බඩු.. හැබැයි ගස් තමයි උස..."
චූටිය ඉනට අත් දෙකත් ගහගෙන පොල් වත්ත දිහා බලාගෙනඉන්නෙ නිකන් කාලෙකින් තමන්ගෙ වත්ත බලන්න ආව අයිති කාරය වගේ
"එහෙනම් උඹ කොට ගස් හොයපං.. හරියට මූ නගිනව වගේ.. "
නතා දැම්ම චූටියට උදැල්ල.. නාත තමයි අපෙ සෙට් එකේ සුපර්ම ෆ්යිලට... ගහක් කොච්චර උසද පොරට ගානක් නෑ...
"නෑ ඉතිං උබලගෙ හොදටනෙ බං කිවුවෙ.." චූටියත් ශේප් උනා... පාර අයින දිගට එකසියගානට කටු කම්බි ගහල නිසා ඇතුලට යන්න ටිකක් අමාරුයි.. අපි වත්ත් මායිම දිගේ ගිහින් වෙලේ නියරට ඇවිත් එතනින් වත්ත් ඇතුලට ආව... තැන තැන පොඩි පදුරු ටිකක් ඇරුනාම වෙන මොනවත් ගස් නෑ තනිකරම පොල් විතරයි.. අපි වෙල පැත්තෙන් ආව නිසා පාර පේන්නෙත් යන්තමට.. අනිත් දෙපැත්තෙම වෙල එහාපැත්තෙ පේන තෙක් මානෙ වෙනකම් පොල්වත්ත.. කවුරු දකින්නද..
ඔන්න කස්ටිය සෙට් උනා ගස් නගින්න...
නාතා අමිලයය දෙන්නට තමයි හොදටම ගස් නගින්න පුලුවන්.... මටත් ඔය ලාවට ගහකට බඩගාගන්න පුලුවන්... ලාවට හරි නැගගත්තොත් ඉතිං බඩටනෙ.. ඔන්න මම නාත අමිල සෙට් උනා නගින්න.. ඒ ත් ඉතිං පොඩි කොස්සක්... පින්නට ගස් තෙමිලයි තියෙන්නෙ නැග්ගොත් හැමතැනම දියසෙවෙල්... උදේ පාන්දර මේව ඇදගෙන බස් එකෙත් යන්න ඕනෙනෙ තුන්දෙනාම සියලු වස්ත්‍ර උනා තැබුවා.. හරියට දියකෙලියට ආව දුටුගැමුණු කුමාරයා හා පිරිස වගේ.. කවුරු දකින්නද මෑ මහ රෑ....




දිග වැඩිවෙනව නේ... ඊලග කොටස වෙන පෝස්ට් එකකින් දාන්නම්...





4 ක් අදහස් පළකරලා. ඔයත් මොනා හරි කියලම යන්න:

ප්‍රාර්ථනා said...

හික්ස්.. සත්‍ය සිද්ධියක්ද පොඩි මෑන්..

චතූ said...

මරුනේ.. මට පේන්නෙ සත්‍යය සිද්ධියක් වගෙ.. ඉක්මනට ඉතිරු කොටහා දාපන්.. මට නම් ඉවසිල්ලක් නෑ දැනගන්නකන්

පොඩි මෑන් said...

95% සත්‍ය. අනිත් 5% සංස්කරණය කරන්න උනා... නැත්නම් මාව මේකෙන් එලවල දාවි....ඒ තරම් සීලාචාර කොටස් තිබුනෙ.. ඉතුරු කොටසෙ තමයි විසිල් බල්ටි තියෙන්නෙ.. දාන්නම් දාන්නම්... :) ප්‍රර්ත්නානම් ඔය කතාවෙ එක චරිතයක් හොදට දන්නවා... :D

ප්‍රාර්ථනා said...

හී හී.. හපොයි ඔව්, දන්නවා නේන්නම්, එක්කෙනෙක් නෙවෙයි දෙතුන් දෙනෙක්වම දන්නවා... :P

Post a Comment

පි‍ටු පෙරලපු ගාන